Saturday, December 29, 2012

කාලය


කාලය අපිට ජිවිතයේදි ගොඩක් දේවල් හිමි කරනවා වගෙම සමහර දෙවල් ජිවිතයේන් සදහටම අහිමි කරනවා.
සිහිනෙකෙන් වත් නොසිතන කිසි විටකත් බලාපොරොත්තු විරහිත වූත් සිදුවිම් දාමයක් දම් වැලක පුරුක් වගේ එකි
නෙක සම්බන්ද වෙලා කිසි දිනක නොපැතු කඩයිම් කරා රැගෙන යනවා මොහොතකට ආපස්සට හැරිලා බලනකොට
සමහර පුන්චි සිදුවිමක් අපිව කොච්චර නම් ඈතකට වෙනසකට ජිවිතයෙ රැගෙන යන්නට සමත් වෙලා තියනවද.
කාලය විසින් ගොඩ නගන මිතු දම් කාලය විසින්ම සුන්දර මතකයක් සදාතනිකව හදවතේ කොනක තැන්පත් කරලා
නොපෙනෙන ඉමකට ගිහිල්ලා .


"සුලගෙ ලෙලෙනා මල් සේ දගපා
අප පාසැල් ගිය කාලයෙ
යාලුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමෙ"

ලස්සනට ගලා ගෙන යන ගංගාවක් කාලෙකදි වෙලිලා ඉරි තැලිලා යන්නාක් මෙන් ජිවිතය
තුල හමුවෙන යාලුවො ,නැදැයො, නන්නාදුනන, අයත් කාලයෙ තාලයට වෙනස් වෙලා යන්නෙ අපිට එ ගැන හිතන්නවත්
ඉඩක් නොදි.  එත් මතකයන් අපෙ හදවත් පතුලටම කිදා බැහැලා තියනවා කියලා අපිට තෙරෙන්නෙ අයෙත් කාලයකට පස්සෙ එ
පරන යාලුවො මග තොටදි අහම්බෙන් උස්සවයකදි, එහෙමත් නැත්නම් ඉස්සර නිතරම ආපු ගියපු තැනකට පරන පුරුද්දට
ගිය වෙලාවක හම්බුනාම එත් එතකොට පරන කතන්දර මතක් කරලා හින වෙනවා දුක් වෙනව ඇරෙන්න අලුත් මතකයක්
නම් එකතු වෙන්නෙම නැති තරම්. රොස මල් වල තියන ලස්සන බලලා හිනා වෙන පුන්චි සිගිත්තන් වගෙ අතිත මතක සුවද
එක්ක හිනා වෙලා වෙන් වෙනවා ඇරෙන්න ජිවිතය අපිට වෙන ඉඩක් දිලාම නැති තරම්.. එ අතර තුර ජිවිත වලින් සදහටම සමු අරන්
කාලයක් අපි ලගින්ම හිටපු අපෙම අය සදාතනික මතකයන් ගොඩක් එක්ක වෙන් වෙලා යන හැටි..
ජිවිතය..............
නොනවැති ගලන ජිවිතය........
කිසිදා හමු නොවන ඉමක් සොයා ඇදෙන අපුරුව..

මතකයන් වගෙම තවත් බොහෝ සිදුවිම් ජිවිතයේ සිද්ද වෙනවා නෙතගට කදුලක් වැටෙන වාරයක් වාරයක් පාසා
හිතට සිය දහස් ගුනයකින් ශක්තියක් අරගෙන ආඅහු නැගිටින්න පුලුවන්නම් කවදා හරි දවසක ආපහු අතිතය දිහාවට
හැරිලා බලනකොට අපිටම තෙරෙවී ඒ වැටුනු කදුලු වලට වටිනාකමක් ලැබිලා කියලා එදාට අපිට කියන්න පුලුවන් අපි
සාර්තකයි කියලා හැමදාම මුවෙ තියන හිනාවකට වඩා කදුලු අතරින් නැගෙන සිනාවකට තියන වටිනාකම මිල කරන්න
බැ....

පසු වදන - අවුරුදක් ගෙවිලා ගිහිලා අලුත් අවුරුද්දක කඩයිමක ඉන්න මොහෙතෙ මට මෙ ටික අකුරු කරන්න හිතුනා
අලුත් විදිහට හිතන්න අලුත් බලාපොරොත්තු ජිවිතයට එකතු කර ගන්න හිතට සිය දහස් ගුනයකින් ශක්තිය අරන්
නැගිටින්න වැරදිම් නිවරදි කරන්න ලැබෙන හොදම අවස්තවක් තමයි මේ මෙ අවුරුද්ද පුරාවටම මාත් එක්ක හිටපු ඔයාලා
හැමොටම ගොඩක් සිතුතියි..  හැමොටම සුබ නව වසරක් වේවා.......

Read more »

Saturday, December 22, 2012

නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ?


සංනිවේදනය එහෙමත් නැතිනම් අදහස් හොවමාරු කර ගැනිම මානව සංහතිය අනිකුත් ජිවින් අතරින් ඉදිරියට 
ගෙන එමට විශාල දායකත්වයක් සැපයු බව නොරහසක්. හියකීන් පණිවිඩ යවමින් විද්යුත් හීය දක්වා නවීකරනය වී
එතනින්ද නොනවති ඉදිරියට ගමන් කරන මානව සංනිවේදනය අද වන විට විශ්වය කරාද පණිවිඩ රැගෙන යැමට
තරම් දියුණුවක් අත් පත් කොට ගෙන ඇති නමුත් එය විදිමත් නිවරදිව භාවිතා කල යුත්තක් . අතීතයේ සිටම සංනිවේදනයෙදි
සිදු වු විවිද අඩු පාඩු කම් නිසා නොමෙකෙන කැලැල් ඉතිහසයේ පිටු පුරා ලියවී තිබේ. ප්‍රෙමය ප්‍රකාශ කරන අදරණිය 
හදවතකට වුව එය නිවරදිව ප්‍රකාශ කොට ගැනීමට නොහැකි විමෙන් එය අහීමි වී යැම වුව සිදුවිය හැකිය.
කලු කපුටෙකු මතට වමනය කොට කලු කපුටන් 7 වමනය කිරිම දක්ව දිව ගිය අපේ ජන කතාව වැරදි සංනීවේදනය ගැන
සියුම් උපහාසයක් මතු කලත් එහී ගැඹූරු අරුතක් පවතී. කට කතා ,බොරු ප්‍රචාර ලොකය උඩු යටි කුරු කල අවස්තාද නැතුවම 
නෙමෙ එමේන්ම විහිලු දුර දිග යැමේන් සිදු වූ මරණයන් ගැන පවා අපට අසන්නට ලැබේ.. අන්තර්ජාලය හරහා සිදුවන චරිත
ගාතන වැනි සිදුවීම්ද සංනීවෙදනයෙ අනිසි භාවිතයන්ය.. කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතු 
යැයි කියමනක් තිබුනත් කියන්නා හටත් එහි වගකීමක් පවතින බව මාගෙ හැගීමයි..
...................................................
සංනීවේදනය පිලිබදව කියන්නට යන පහත කතා බලන්න එහි හාසයයක් තිබුනත් එහි පවතින යටි අරුත නිවරදිව 
සංනිවේදනය සිදු නොවීමේ ආදීනව මොනවට කියා පායි...


01
මෙ සිද්දිය වෙලා තියෙන්නෙ වෙඩින් වල ෆොටො ගන්න මනුස්සෙයෙකුට .. මිනිහා ලගදී ගත්තු වෙඩිමක ෆොටො 
බැදපු ජොඩුවට දෙන්න හිතා ගෙන පොර අපෙ පොදු ප්‍රවාහන සෙවයට ගොඩ වුනාලු. දන්නවනෙ ඉතින් පොදු ප්‍රවාහන 
සෙවය ගැන පාරත් එච්චරම හොද නැලු කොහොමෙන් කොහොම හරි අපෙ කතා නායකයට චුට්ටක් විතර නින්ද ගිහින් බස්
එකෙම..  ඩයිවර් අයියා ගහපු බ්‍රෙක් පාරකට අපෙ බුවා ලග ලියුම් කවරෙක දාලා තිබුනු ෆොටො ඔක්කොම බස් එකෙ බිම
වැටිලා... දැන් මිනිහා ෆොටො ටික ටක් ටක් ගාලා එකතු කරනවලු ඔකොම එකතු කරලා ගනන් කරලා බලනකොට 
එකක් අඩු හින්දා අයෙමත් බස් එකෙ බිම බලනකොට ඉස්සරහා සීටි එකෙ කොටට ඇදගෙන අඩි උස සපත්තු 2 ක් දාලා
ඉදගෙන හිටපු අවුරුදු  30 ක විතර නොණා ගෙ කකුලට ෆොටො එක පැගිලා.
හත්වලාමෙට ගහපු කලාබෙරෙ කිව්වලු ,
දැන් මොනා කරන්නද අපෙ පොරට ෆොටො එක ගන්නත් ඔනී ගන්න විදිහකුත් නැ ඕනාම හින්දා මිනිහා අර නොණා 
ගාව පොඩ්ඩක් නැමිලා මෙහෙම කිව්වලු.. "නොණා කකුල පොඩ්ඩක් උස්සනවද ? " රවලා බලපු නොණා ටිකක් සද්දෙන්
මෙහෙම ඇහුවලු "ඒ මොකටඩ මිනිහො " දැන් බස් එකෙ හිටපු මිනිස්සුත් අපෙ පොර දිහා බලන් ඉන්නවලු මිනිහා
බය වුනු පාරට මෙහෙම කිව්වලු ".......ෆො ෆො ෆොටො එකක් ගන්න  "  නොණා "!@#!$$@!@#"  ෆොටො එක කෙසෙ 
වෙතත් හොද කම්මුල් පාරක් එක්ක බස් එකෙන් බහින්න වෙලා තියෙන්නෙ මිනිහට ....





02 
ඔන්න අපෙ යාලුවො 2න් නෙක් පොඩි පාටියකට ගිහින් පොඩි අඩියක් එහෙම ගහලා එන ගමන් රැ 12ට විතර බයික් එකෙ
රොදෙක හුලන් ගියාලු. පැත්තත් ටිකක් පාලු පැත්තක් හින්දා ගෙඩරටත් 30 ක්ම් විතර දුර හින්දා 2න්නා කොහෙ හරි 
නවතින්න කියලා හිතගෙන ලග පාත ගෙදරකට ගිහින් පොඩි තට්ටුවක් දැම්මලු.. "අපිට පොඩි කරදරයක් වුනා බයික් එකෙ
 හුලන්ගියා අද රැට මෙහෙ නවතින්න දෙන්න පුලුවන්ද ?" "අනේ මහත්තයො මෙහෙ ගැනු ලමයෙක් ඉන්නවා එ හින්දා 
මෙහෙ නම් බැ" යාලුවො 2න්නට පොඩ්ඩක් වෙරිත් හින්දා තව ගෙදරකට ගිහින් මෙහෙම ඇහුවලු '' මහත්තයා මේ ගෙදර 
ගැනු ලමයෙක් ඉන්නවද ? " ගෙදර අයිතිකාරයාට මල පැනලා මෙ මහ රැ ගැනු ලමයෙක් අහනවා "එ මොකටද මිනිහො ?"
පැනපු ගමන් අපෙ යාලුවා කියාපි "නිදාගන්න මිසක් වෙන මොකටද ?




" !@!#$$%@@!" අන්තිමට 2න්නට ඔලුත් 
පලාගන්න තමයි වුනෙ .................. 


ප.ලි- මෙ දවස් වල බ්ලොග් බලන්න වගෙම ලියන්නත් වෙලාවක් තිබුන් නැ අයෙත් ඉක්මනට හැමොගෙම බ්ලොග් කියවන්න මම
එනවා හොදෙ...........






Read more »

Thursday, November 29, 2012

සාරධා පෙම් බැදි දුටු ගැමුනු....



තම පියාණන්ට ස්ත්‍රි පලදනා  යැවිමෙන් උරණ වු පිය රජ තුමාගෙන් බෙරිම සදහා පලා ගිය ගැමුනු ගීලි මලයට පැමින 
වසරකුත් ඉක්ම යැමට ආසන්නව තිබින..  මෙ වන විට දක්ශ ගොවියෙකු හා ගොපල්ලෙකු ලෙස ගම පුරා ප්‍රචලිතව සිටි
ඔහු ට නවාතැන් සැපයු මහා ගමරාලගෙ බාල දියණීය වන රන් මැනිකෙ පිලිබදව බලවත් සෙනෙහසක් රහසෙම
හද තුල මොදු වෙමින් පැවතුනි..  මැති අමාතය වරුන්ගෙ දියනියන් රාජ කුමරියන්ට වඩා මෙ ගැමි කත ගැමුණූ කුමාරයාගෙ 
සිත තුල වැජබෙන්නට විය. 
මෙසෙ ගෙවි යන කාලය තුල කාවන්තිස්ස රජු අනාගතයෙ අරාම්භ විමට නියමිත යුද්ධය සදහා
සෙනා ආයුද හා සැලසුම් සකසන්නටත් අටු කොටු පුරවන්නටත් විය නමුත් තමා දැන් මහලු වුවා වැඩි බැවින් සිය පුතුනුවන්
 සදහා මෙ සියල්ල ඉටු කොට සතුටුන් මිය යැමට කාවන්තිස්ස රජු සුදානම්ව සිටියෙය.. විටින් විට ඔහුට පිඩා ගෙන දුන් කැස්ස
දිනෙන් දින උග්‍ර  වු බැවින් තම ආයු කාලය අවසන් විමට අවසාන බැව් ඔහුට දැනෙමින් පැවතිනි.

එලාර රජු ගෙ චර පුරශ සෙවාව  පැවතුනෙ දිගාභය සෙනවි යටතෙය හෙතෙම සටන් කලාවෙ මෙන්ප උපාය දක්ශයෙක් විය එමෙන්ම 
එළාර වෙනුවෙන් සටන් කිහිපයක්ම මෙහෙයවා ජය ලැබුවෙකි එ නිසාම එළාර රජුගෙ ඇමතින් අතර  ප්‍රබල තැනක් 

කුමරු හට හිමි විය..  දුටු ගැමුණු රජ මාලිගාවෙන් පලා ගිය බැව් දැනගත් ඔහු දුටු ගැමුණු සොයා ගැනිමට රහසෙම
චර පුරුශයන් යොදවන්නට විය.  නමුත් දිගාභය නොදත් එක් කාරනාවක් විය දිගාභය යනු කාවන්තිස්ස රජු ප්‍රතම බිසවගෙ 
පුතෙකු විය එනම් ගැමුණු ගෙ සහොදරයෙකි ඒ හෙතු නිසාම දිගාභයට එරෙහිව නිරන්තර ගතු කිමට සොලි සෙන්පති වරුන් 
නිරන්තරයෙන් කටයුතු කරන්නට විය ඔහුන් දිගාභය කවන්තිස්ස ගෙ පුත්‍රයෙක් වුවාටත් වඩා ඔහු සින්හලයන්ට ලෙන්ගතු 
විම හා රාජ සභාවෙ ඉහල තැනක් හෙබ විම නොරිස්සන්නට විය..  දිගාභය එළාර රජු හා එකතු වුයෙ තම පියානන් තම මව 
අතැර විහර මහා දෙවිය සරණ පාව ගත් බැවින් ඔහු තුල තිබු සිත් තැවුල කරන කොට ගෙනය නමුත් ඔහු තුල පැවති
සිංහල ලෙ තම ජාතියට සිදු වන අසාධාරන කම් වලින් කුපිතව පැවතිනි.. සොලි සෙන්පති වරුන් දිගාභය සාරධා කුමරිය
කෙරෙහි සිතක් පහල කොට ගෙන ඇති බවට මුසා පැවසමින් එළාර ඔහු කෙරෙ මදක් කිපිතව සිටියෙය..
සාරදා යනු එළාරගෙ එකම දියනියයි ඇගෙ මාතෘ භුමිය මියත් මෙ ලක් පොලවයි ඈය සැබවින්ම රුමත් කුමරියක වුවා
මෙන්ම සාධාරන බව අගයන බුදු දහමට ලැදි විනා වායනයෙහි දක්ශ වුවාය... 

එළාර ගෙ ගති පැවතුම් වලින් සහමුලින්ම
වෙනස් ගති පැවතුම් වලින් හෙබි වු ඇය එකල අනුරාධපුරයෙ ඇතුලු පව්ව තුල සිටි රුමත්ම කත බැව් ලංකද්වීපය පුරා
ප්‍රචලිතව පැවතිනි ගම් දනවි සිසාරා ඇගෙ යහපත් කම පිලිබදව කතා බස් ඇති විය සිංහලුන් ගෙ සිත් දිනා ගත් සාරධා 
කුමරිය සොලි කුමරියක් බැව් පිලිගන්නට සිංහලයන්ගෙ සිත් අකමැති විය...

එළාර දිනක් සොලි සෙන්පති දිගජන්තු පැවසු මුසාවකට කිපි දිගාභය කුමරු සිර ගත කරන්නට තිරනය කිරිමත් සමග දිගාභය
පලා ගියෙ සොලින් හා ඔවුනගෙ සැලසුම් මාලිගාව පිලිබදව සියලු තතු සිය හදවත තුල රුවා ගනිමිනි අනාගතයෙ සිදු වන 
යුද්දයෙදි තම සහොදර කුමරු දුටු ගැමුනුට දිගාභය සතු මෙ දැනුම ප්‍රයොජනයක් වෙවි යැයි එළාර මොහොතකටවත් 
නොසිතුවෙය...

සාරධා කුමරියගෙ ප්‍රියතම සෙවිකාව නාලිකා නම් වුවාය හෙතම සිංහල කතක් විය දුටු ගැමුනු කුමරුන් පිලිබදව නිතර සරදා
සමග දොඩමලු විය එ නිසාම දුටු ගැමුණු ගෙ ළමා කලය පිලිබදව සරදා බොහො කරුනු දැන උන්නාය. සැබැවිනම ඇය
නාලිනිගෙන් එවා අසා දැන ගැනිමට අසා කලාය.. රහසෙම ඈ හද තුල ගැමුණු කෙරෙහෙ සෙනහසක් මොදු වෙමින් 
පැවතුණී........................................

(තවත් එකම එක කොටසක් බලා පොරොත්තු වන්න...............)
Read more »

Wednesday, November 21, 2012

නුපුබුදු තැබිලි මල්


නුපුබුදු තැබිලි මල්
ඇගෙ දන යුගට මන කල්
පැරද සැගවුනු තුල්
කොලපු ඇතුලට පිවිස හැම කල්.......................

කාවයය ගිත මිනිසාගෙ බාවාත්මක හැගිම් අපුර්වතම ආකාරයක ඉදිරිපත් කරන සනනිදන මාද්දයක් ලෙස
ඇත අතිතයෙ සිටම පැවත ආවක් එහි ආරම්බය කවදා කොතනක කොහොම සිදු වුවත් අද වන විට එය ජන සමජය
තුල විශාල වෙනසක් කිරිමට සමත් කම් දක්වනවා කාලයට අනුරුප ලෙස එහි ඇති ගුනාත්මක බවත් වචන රටවත් විවිදාකර
වෙනස් කම් වලට බාජනය වුවා මෙ උත්සහය මා දකින ගිත හ කවි පිලිබදව මගෙ මතය ඔබ හමුවෙ ගෙන එමට දරන
අහින්සක වැයමක්...

ඉහත දැක්වෙන කවිය අතිත නිර්නාමික කවියෙකුගෙ අතින් කියවුවක් සෘංගාරයෙන් රාගය පිලිබදව ලියවි ඇති මෙම
කවිය තුල රාග රසය ඉස්මතු නොවන ආකරයට ලියවි තියනවා. එහි කියවෙන්නෙ
තවමත් පිපිච්චි නැති තැබිලි මල් ඇය නමින් මෙහි අරුත් ගැන්වෙන රුමත් යුවතියකගෙ දන මඩලෙ ඇති රසය එහෙමත්
නැත්නම් ලස්සනට පැරදිලා පිපෙන්නට ලැජ්ජාවෙන් කොලපු ඇතුලට පිවිස සිටින බවයි...

ගිත මව් ගුන ගිත පිය ගුන ගිත දෙශාභිමාන ගිත ආදි කොට ගත් විවිද මතෘකා ඔස්සෙ ලියවි තිබුනත් මම අද බලාපොරොත්තු
වෙන්නෙ සෘංගාරයෙන් රාගය මුල් කර ගත් ගිතයන් ගැන පිලිසදරක යෙදිමටයි...


රාත්‍රියෙ දකින ලදකගෙන් මෙසෙ විමසන තරුනයෙක්

එක අතකින් දෙතන වසා සිටින්නෙ ඇයිද නගො
අඩක් නෙරිය  ඔසවා ගෙන යන්නෙ ඇයිද නගො
හිමියන් නොමැති රැ ගමන් කිමද නගො
අම්බලමෙ නැවති යමුද නගො.....

ඇය නගර ශොබිනියකැයි සිතා අම්බලමෙ නවතින්නට යොජනා කරන තරුනයා හට ඇයගෙන් මෙසෙ පිලිතුරු ලැබෙනවා


එක අතකින් දෙතන වසා බිලිදුගෙ කිරි හින්දා
අඩක් නෙරිය ඔසවා මඩ ගැවෙන හින්දා
රැ යාමෙ බිය නැති ගමන්
හිමියන් පසු පස එන හින්දා......

ඇය එම ආරදනාව ප්‍රතික්ශෙප කරන ආකාරය අපුරුයි නෙද..

දැන් නුතන ගිත දෙසට හැරෙමු

ඔබෙ සුවද පිරුනු පුන්චි කාමරෙ
රතු රොස මලක පෙති හැලි ගියෙ
මට නපුරු වෙනෙ ඇයි දයාවියෙ මෙ කදුලු බින්දු ප්‍රතම ප්‍රෙමයෙ...

සම්පුර්න ගිතයම මෙහි ලිය නොවුනත් මෙහි තෙරුම කෙටියෙන් කියන්නම් අහලා නැත්නම් youtube 
එකෙන් බලන්න මෙහි කියවෙන්නෙ විවාහා දිවියට එලැබ යුවතියකගෙ කන්යා බාවය නැති විම නැමැති සෘංගාරයෙ උච්ච්තම
අවස්තාවට එලැබ ගිය නිදන කාමරයෙදිම පසු කාලින ඇති වු රන්ඩු හා එහි ප්‍රති විපක ගැන..

රාගය පිලිබදව අපුර්වතම ආකාරයක රාග හැගිම් ජනිත නොවන ලෙස ලියවි ඇති මෙවැනි ගිතයන් අතරම ලද බොලද ගිත
බොහොමයක් ජනිප්‍රියත්වයට පත් වි තිබෙනවා නමුත් එවැනි ගිතයන් මෙහි දි යොදා ගෙන කිසිවෙකුටත් අපහසුවකට 
ලක් නොකිරිමට මා සිතුවා.....

වික සිත පෙම් පොකුරු පියුම්
නුබෙ පයට පොඩි වි ගියා දෙන්
පති කුලයට අද මට පිටු පා යන
මගෙ සොදුරු ලදුනෙ

මෙකත් ලස්සන තෙරුමක් සහිත ගිතයක් මෙහි තෙරුම ගිතය රස විදින කල වැටහෙවි....

හදෙ කොතනක හො සිටි නුබ
නිදා නොනිදා මෙන්
බලා අවසර................
http://www.youtube.com/watch?v=2ilQoudHSnU

තම පෙම්වතියගෙ මතකයෙන් එක්ක ජිවත් වෙන තරුනයෙකුගෙ හදවතෙ රාවය මෙම ගිතය තුල මොනවට ඔප් 
නැං වි තියනවා

සද කඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දෙදුනු ලැගුම් ගනි
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවි


ස්තිර යැයි සිතා සිටි ප්‍රෙමයෙ අස්තිර බව ගැන කියවෙන මෙම ගිතයත් ඉතමත් හොද තෙරුම්ක් සහිතයි FACEBOOK 
හි මෙම ගිතයෙ සම්පුර්න තෙරුම PAGE  එකක තිබුනු බැවින් එහි තෙරුම ඔබ දන්නවා යැයි සිතමි..

මෙවන් ගිතයන් බොහොමයක් ඇති බැවින් අදට මෙතනින් නවතිමි
අවසාන වසයෙන් මෙවැනි ගිත තුල ඇති සැගවුනු අරුත් බොහොමයක් තියනවා රැල්ලෙන් දුරස් වෙලා නියම ගිතයක
සැබැ අරුත් සොයා යන්නට උස්සහ ගන්න ඔබට ජයෙන් ජය යන ගමන් මෙ ගිතයත් රස විදින්න...


Read more »

Tuesday, November 13, 2012

මාත් අම්මා කෙනෙක් (ගණීකාවක් කියයි)


ලයිමෙ තිබු නිවාස අතුරින් තවමත් නියොන් අලොකයක් දැල්වෙමින් පවතින එකම නිවස ඇගෙ නිවස්නයයි.
නිවසක් යන පරිසමාප්ත්‍ර අර්තයෙන් බොහො ඈත් වු ඇගෙ කුටිරය තුල වු එකම එක වා කවුලුව තුලින්
චන්ද්‍රරා ලොකයට නැහැවි තිබු එකම එක  රතු රොස මල දෙස ඇගෙ දෙනෙත් යොමුව තිබෙ.
අඩවන් දෙනෙත් තුල පවතින අලොකය තාරුණ්යයෙ ජව සම්පන්න බව කියාපායි ඈතින් හමා එන
සුලන් රැල්ල රතු රොස මල තාලයට නලවමින් ඇගෙ අකිකරු කෙස් කලඹ සමග පෙම් බදී.
විටින් විට ඇසෙන බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් බිදි ඇයගෙ යන සිතුවිලි මාත්‍රනය මුවින් පිට වන සුසුමකින්
පිටවි යන්නෙ කිසිවෙකුත් නොදකින කිසිවෙකුට නොඇසෙන රහසක් සගවා ගනිමින්ය.

ජිවිතය..............................
ඇයට සරදම් කලෙ යන්තමින් වයස 12 සපිරුනු අවදියෙදිම ඇගෙ මව සදාතනික මතකයක් ඉතිරි කොට
ඇය මෙලොව තනි කරමිනි මවත් සමග ජිවතයෙ ගෙවු ඇය  මෙලොව තනි වුවාය.. එතැන් පටන් අද දක්වා 
ගෙවි ගිය කාලය යලි යලිත් වේගයෙන් සිත තුල චිත්‍රනය වුයෙ දෙනෙත් කදුලින් නහවමිනි.
යන්තාම වයස 12 වන විටම ඇය ජිවිතය ජිවත් කරවිම අරබයා සිය ගත ලයිමෙ පිරිමින් කිහිප දෙනෙකුටම
පුද දි අවසානය.. එතනින් අරැබි ජිවිතය තාරුණ්යයෙ ජවය සමග අත් වැල් බැද ගෙන අංක එකෙ ගණීකාව
බවට උසස්විමක් ඇයට දායද කොට ඇත.. තවමත් කෙලි ලොල් බව පහව නොගිය ඇගෙ තණ මත වැතිරෙන
නග්න කය තුලට සිය ජිවිතය උගස් කරන්නෙ ජිවිතය ජිවත් කරවිම සදහා පවතින එකම විකල්පය බැවිනි.


සෙමින් ඇද වැටෙන වැහි බින්දු රතු රොස මලෙ පෙති දොවනය කොට මහ පොලව සිප ගන්නෙ ලොව සදාතනික දහමක්
යලි යලි ප්‍රතිනිර්මානය කරන්නාක් මෙන් යැයි කවියෙකුට කවි සිතිවිලි පහල වුවත් ඇය එ පිලිබදව අංශු මාත්‍ර වු වත් 
සැලකිලිමත් බවක් නොදක්වමින් නිරුවත් ඇගෙ උදරය සිය අතින් පිරිමදින්නට විය.
කපරාදු නොකල ගෙ බිම ඇගෙ දෙපතුල් සිප ගත්තෙ සෙනහසිනි මහා දන සිටු වරුන් ඇ පාමුල දනින් වැටි 
රාගය ඉල්ලන කල්හි රාගයෙ දෙවගන මෙන් ඇගෙ දන යුග මතින් ඔවුන් බව්තිස්ම කල අතිතයෙ 
තත්පර ගනනකට විනඩි ගණනකට ඔවුන් ඇගෙ බැතිමතින් වු බව ඇගෙ හ්‍රර්දය දනි නමුත් දැන් එ කිසිවකින් පලක් නැත..



ඇගෙ කුස තුල ජිවයක් පවති පියෙක් නැති අවජාතක ජිවයක් නමුත් මිනිසත් බවෙ උත්තරිතර බව පසක් කොටමින් ජිවිතයට 
ජිවිතය දෙන්නට ඇය තිරනය කල රත්‍රිය ගෙවි යමින් පවති... වෙශාවක් බඩුවක් ගනිකාවක් ලෙසින් හන්වඩු ගැහුනු ඇගෙ 
ජිවිතය තුල පවතින තිරසාට වු මිනිසත් බව හදුනන හදවතක් සෙවිම මිරිගුවක් පසුපස යන්නක් බැව් ඇ දැනන් උන්නාය
ඇගෙ මුව මත සිනා රැල්ලක සෙයා සනිටුවහන් වි තිබෙනු නියොන් ආලොකයට පෙනෙ එ ඇය ආදරයක් නොලබා
මව් පදවිය ලැබිමෙ කදුලු සිනාවක සෙයාය..  අගමක් නොදත් ඇය ජිවිතයක වටිනා කම කටවත් නොදකින ඇගෙ
කාමරය තුල උපරිම ලන්සුවට තබමින් මව් පදවියට සුදානම් විය.. කොහෙන්දො හමා ආ සුලන් රැල්ල රතු රොස මල
සුනු විසුනු කොට මහ පොලව මත වැටුනු බැව් ඇ නොදත්තාය.....



සිතල හැගුමන් 
හදවත පිපිදිලා 
නොපිදුනු සිතුවිලි 
හිමිහිට පිපිදිලා 
සයනයේ රැගුමන් 
යලි යලි සිහිවෙලා 
අහිමිද ප්‍රේමය 
කදුලැලි  වියැකිලා ..............
නැති මුත් දෙන්නට 
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම 
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට 
කෙලසුනි මගේ ගත  
අහිමිද මට පෙම 
නැතිදෝ  හිමි සඳ ..............
දෙන්නම් කම් සැප 
මට හුරු පරිදිම 
ඉන්නම් නුබ ලග 
දාසිය විලසින..............


දහසක් සිතුවිලි 
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු 
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම 
සිහිවෙලා 
රහසින් මගේ හිත 
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු 
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය 
සදාකල් මා හට ...............
නුබෙ මතකය
සිතෙ රදවා
ඉපදුනි 
මා පුතු
පියෙක් නැතුවම..............

Read more »

Friday, November 9, 2012

~~~50~~~


අහම්බෙන් වගෙ සිද්ද වුනු සිද්දියක් හින්දා පටන් ගත්තු වසන්තයෙ 50වැනි ලිපියයි මෙ .. 
ඉතින් මෙ වසන්තයට ආරාදනා කරන වසන්තයෙ ආරම්බය ගැනයි.

මම කියන කෙනා දක්ශ ලෙඛකයෙක් නෙම එත් මම දන්න කියන විදිහට මම පුන්චි කාලෙ

ඉදන්ම පොත් පත් කියවන්න හුරු වෙලා ඉදලා තියනවා තාමත් කාමරෙ පැත්තක ගොඩ ගහලා තියන පොත් ටික 
දැක්කම හැම වෙලාවකම අයෙමත් මට මගෙ පුන්චි කාලෙ මතක් වෙනවා. මගෙ තාත්තා කාලකාරයෙක් නෙමෙ
එත් කලාත්මක හිතක් තිබුනු අව්යාජ මනුශ්ශයෙක් මට මුලින්ම අකුරු කියලා දුන්නෙ මගෙ තාත්තා ඉතින් ඒ
මගෙ අද දවස වෙනුවෙන් පලවෙනි ගව්රවය මගෙ තාත්තට පුද කරන්න ගත්තු තිරනය හරි කියලා හිතනවා.ඊටත් පස්සෙ 
අම්මා පොඩි කාලෙ ඉදලා 5 වසර වෙනකන් මගෙ පන්ති බාර මිස් විදිහට හිටියෙ මගෙ අම්මා එ හින්දා සිද්ද වුනු රසවත් 
සිද්දිත් තියනවා මම මිට කලින් ලියල ඇති එවා නම් බලපු නැති අය මෙතනින් බලන්නකො  පුන්චි කාලෙ මන්...
අම්මා තමයි තාත්තා ගෙන් ඉගෙන ගත්තු කැටයම් නොවුනු අකුරු ඔප මට්ටම් කරන්න ඉගැන්නුවෙ..
ඔහොම කාලය ගෙවිලා යනවා එ අතර තුරු ගුරුවරුන් ගොඩක් හම්බෙනවා එ හැමොටම පින් එ අතර අදටත් අමතක 
කරන්න බැරි චරිත කිහිපයක් හම්බෙනවා එ මට ගොඩක් සමිප වුනු කිහිප දෙනෙක් 10/11 වසරෙදි හම්බුනු
සිංහල මිස් මට අලුත් ජිවයක් දුන්නා කියලා මම හිතනවා මිස් කියපු විදිහට නම් මට තියෙන්නෙ සිංහල වෙදෙක්ගෙ
අත් අකුරු :D මගෙ අත් අකුරු ඒ තරම්ම කැතයි දවසක පෙන්නන්නම්කො :P කොල කැලි වල යාලුවන්ගෙ පොත් වල
පිටිපස්සෙ කුරුටු ගාපු නිසදැස්  මාව මෙ තරම් දුරක් අරන් එවි කියලා මම හිතුවෙ නැ..  කොහොමටත් මට කලාකාරයෙක් 
වෙන්න උවමනාවක් තිබුන් නැ අදටත් නැ දුක සතුට හැමදෙටම ලියලා පුදුමා කාර  විදිහට කාටවත්ම නොතෙරෙන
තරමටම මං සතුටල් ලබනවා.... හ්ම්ම් ඉටත් පස්සෙ මම nibm එකට එනවා ඔන්න ඔතනෙදි මලිත් කියලා යාලුවෙක් 
තමා මට බ්ලොග් ගැන කියලා දෙන්නෙ එ වෙනකොටත් 
මම බ්ලොග් ගැන මුකුත්ම දන්නෙ නැ... එ මිතුදමින් ගොඩ නැගුනු වසන්තයට ආරාදනාවක් තමයි අද මෙච්චර දුරක් 
ඇවිල්ලා තියෙන්නෙ....   මිට මාස කිහිපයකට උඩදි පැල කරපු පුන්චි බිජය දැන් පුන්චි පැලයක් වෙලා ලස්සන 
මලකුත් පිපිලා එ මල් සුවදට හැමදාමත් වසන්තයට එකතු වුනු ඔයාලට බොහොමත්ම ස්තුතියි එ හැමොම වෙනුවෙන්
මකුලු පැන්චිගෙ වියමන ලියන අක්කව මතක් කරන්නම් ඒ අක්කා තමයි වසන්තයෙ 1 වෙනි සාමාජිකයා...
මට ෆෙස් බුක් එක හරහා සුබ පතපු අවවාද දුන්නු ඔයලා හැමොටමත් ස්තුතියි... ඉතින් වසන්තයෙ ජිවය කියවන
ඔබයි මෙ තුති මල් මිට වසන්තයෙ පිපිච්ච පලවෙනි මල් පොකුරෙන් .....


මෙ මම ලියපු ලිපි 50න් මම ගොඩක්ම ආසා කරන ලිපි  කියවලා බලන්න .......

1.සිහිනයකි ජිවිතෙ
(මම සිහිනය හා යතාර්තය අතර දොලනය වෙමි.. අලොකයෙහි  මරනිය අන්දකාරයෙ සුසුම විද ගනිමි.
හිත තුල පැවති සතුට හිත තුලම ගුලි කරගෙන කදුලු දෙනෙතින් සගවන අසරනයෙකි.
ඇයත් මමත් අතර සිතිවිලි අතර තව තවත් තනි වුනෙමි. ආදරය සහ ජිවිතය අතර මිනුම් දඩු තුල
තව තවත් ඇය සොයන්නට නිරර්තක උස්සහයක යෙදෙමින් සිටිමි. මා වරදකරුද නිවරදිකරුද?,
පිස්සෙක් උන්මන්තකයෙක්, මෙ සිහිනයෙ යතා අවබොදය තෙරුම් ගැනිමට තරම් හැකියවක් මා සිත තුල නැත.
මම අසරන වීමී. කිසිවෙකුත් මගෙන් මෙ ගෙවි යන සිතුවිලි පිලිබදව විමසා සිටියහොත් මා සතුව පිලිතුරක් නැ )

2.ගණීකාවකගෙ ප්‍රෙමය
(Red Riding HoodSeptember 1, 2012 8:18 AM
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ....
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...

හොඳ තේමාවක් සහෝ..ලැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ....
කුහුඹුවෙකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...
හොඳ තේමාවක් සහෝ..)

3.නිරුවත
 හමා ආ සුළග ඇගේ කේශ කලාපය සමග සෙල්ලම් කරද්දී ඇගේ මුව වස ගත් අව්‍යාජ සිනහව ඇගේ හදවත 
තුල පැවති සොම්නස් කියා පෑවේ මුළු හදවතම ලෝකයට නිරුවත් කරමින් ඒ නිරුවත  සැනෙකින් වසන්නට ඇගේ වත වසා සිටි
රස දුන් සමත් වුවා ඒ නිසාමදෝ  නිරුවත් ඇගේ හිත දිහා බලන්න කවරුවත් හිටියේ නැ. වටිනාකමක් තිබුනේ නිරුවත්
ඇගේ රුප ශෝබාවට විතරමයි .



අපෙ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් ලොකු ටැන්කියක් තියනවා ඔකෙ වතුර පුරවලා බැහැලා නාන්න තරම් එක
 ටිකක් ලොකුයි ඉතින් සතියට දවසක් 2 ක් ගොඩක් වෙලාවට සෙනසුරාදට වගෙ ඕකට වතුර පුරවලා බැහැලා නාන්න 
තාත්තයි මායි හරිම ආසයි ගොඩක් වෙලාවට අපෙ බල්ලාවත් නාවනවා ඒ ගමන්ම ඒ හින්දා බල්ලට ගාන සබන් කැල්ලකුයි
ඌව පිහන තුවායයි 2 කම එතනම තමයි තියලා තිබුනෙත්...



...............................................
කළු පාට බූට් සපත්තු වල පාර පපුව පුරා රිදුම් දුන්නා. ජීප් එක පුරා ගලා ගියා රුධිරය මරණය
තෝරා ගනිං කිව්වට අන්තිම හුස්ම වා තලයට මුසු වෙනකන් අරගලය අත අරින්න එපා කියලා
හර්ද ශාක්ෂිය කැ ගහනවා මට මතක එච්චරයි .........................................


6.වාසනාවටත් වඩා යමක්...


අදින් වසර ගනනාවක් පිටුපසට කාලය ඔස්සෙ ගමන් කල විට............................... රජ මාලිගාවක් හා එ අසල පවතින
වෙලද පොලක දර්ශනයක් පෙනෙ... අදික කාර්යබහුල බව වෙගයෙන් එහා මෙහා ඇදි යන කරත්ත කියා පායි.
එ අතර වෙලද සැලක් ඉදිරිපිට මැදි විය පසු කරමින් සිටින ගැහැණූ දෙදනෙක් කසු කුසුවක යෙදෙයි..

ඉතින් එහෙනම් ජයෙන් ජය වසන්තය ඔබත් සමගින් ඉදිරියට නමක් සදහන් නොකලා කියලා අමනාප වෙන් එපා හොදෙ..
වසන්තයට ඔබට අරාදනා කරන මම සචි (සචිත්)................

Read more »

Sunday, November 4, 2012

ප්‍රමාදය ......................


ඔහු..............................
සිතුවිලි පව්වක කුරුටු ගාමින් තව තවත් ඔහුගෙ සිත යතාර්තය හා ඇය අතර දොලනය වන්නට විය.
නොකැපු හිස කෙස් කිහිප වරක්ම සිය අතින් ඇද දැමිමෙ නිරර්තක වුත් අසාර්තක වුත් වැයමක හෙතෙම 
නිරතුරුව යෙදෙමින් සිටි. පසෙකින් තිබු කිරි විදුරුවට වැටි සිටි මැස්සෙකු එය බොහො වෙලාවක සිටම ඒතන 
තිබු බව සනිටුහන් කරවයි... විටක දැස ජනෙල් තිරයෙන් එහා අරමුණකින් තොරව දිව යයි නැවතත් කාමරය පුරා
දිව යයි වරක් දෙවරක් නොව ගතවු කාලය තුල සිය දහස් වාරයක් එකම ක්‍රියාවලිය යලි යලිත් ප්‍රතිනිර්මනය
වුයේ දෙපසට වැනෙනෙ ඔරොලොසු බට්ටෙකුගෙ ක්‍රියාවලිය සිහිපත් කරවමින්ය..   
කල්පනා සයුරක ගිලි සිටි ඔහුගෙ අඩවන් දැස එහි ගැබුරු පත්ලටම කිමිදි ඇති බව කියා පායි...
ඔහු.................................
බොහො වෙලාවකට පසු මොන මොනවදො තමාටම මුමුනා ගනුමින් අසල තිබු මෙසය මත තිබු කොලයක
යමක් කුරුටු ගාන්නට විය වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම සිය හිස මෙසය මත තදින් ගැසු ඔහු 
අඩක් ඉවරව තිබු අරක්කු බොතලයෙන් උගුරක් පානය කලෙ බොතලය සිය මුව මත රදවා ගනිමින්ය..
සිය ඇදුම් වලට නවාතැන් සපැයු කුඩා අල්මාරිය විවර කොට ඒ තුල තිබු ඇදුම් විසි කර දමමින් යමක් සොයන්නට විය.
ඔහුට අවසානයෙදි එය හමුවිය එය අගනා පිලිමයකි එහි දනගසා ගත් පිරිමි රුවක් සහ එ අසල සිටි ගැහැනියකගෙ පිලිමයකි
පිරිමි රුව අතින් මලක් ගෙන එය ගැහැනිය වෙත් දිගු කර සිටියි.. නමුත් එය සොයා ගත් ප්‍රිතිය ඔහු වෙතින් පිලිබිබු 
 නොවුන අතර තව දුරටත් මලානික බව ඔහු තුලින් දිස් විය, ගත වුයෙ නිමෙශයකි ඔහුගෙ දෙපා අසල
පිලිමය සී සී කඩ කැඩි විසි විය ඔහු නැවතත් අරක්කු බොතලයෙ සරන පැතීය..



ඇය..........................
තව දුරටත් අඩන්නට කදුලැලි ඇගෙ දැස් මත නැත ඇය යමක් තිරනය කොට ඇති බව ඇගෙ මුහුනින් පිලිබිබු විය
දුරකතනය අතට ගෙන යමක් එහි සනිටුහන් කලාය ....................... එය කෙටි පනිවුඩයකි

ඔහු........................
හිස් වු බොතලය පසෙකින් තැබු ඔහු අසල තිබු නිදි පෙති අහුරක් මුව තුල රුවා ගත්තෙ දෙවරක් නොසිතමිනි.
අසල පැවැති සියල්ලක්ම කැරකෙන්නාක් මෙන් ඔහුට දැනුනි ඔහු ඇද මත ඇලවෙනවාත් සමගම සිය දුරකතනයෙ
සටහන් වු කෙටි පනිවිඩය දෙස නෙත් යොමු කරන්නට විය දැස් පිය වෙනවාත් සමගම ඔහුගෙ මුව මත සිනා 
රැල්ලක් සනිටුවහන් වි තිබිනි.....  ජන්ගම දුරකත්නයෙ මෙසෙ සටහන් විය....... mama oyata adarei ane
mata samawenna raththaran mata oyawa oni... නමුත් ඒ ව්න විටත් ඔහුගෙ 
දෙනෙත් සදහටම පියවි අවසානය........... 

ප.ලි (මෙ මගෙ 49 වෙනි පොස්ටුව උඩ අලුතින් බොඩ් කැල්ලක් එල්ලුවා පොඩි වෙනසකටත් එක්ක 50 වෙනි පොස්ටුවෙන් 
නැවත හමුවෙන තුරු ඔබට ජය 50න් මම බ්ලොග් එක පටන් ගත්තු හැටි ලියන්න හිතන් ඉන්නවා)


Read more »

Saturday, October 27, 2012

කාලගෝල සීයා...


නැදැයො, යාලුවො, හිතවත්තු, එහෙම කාලෙන් කාලෙට ඒ හිතවත් කම් යාලූ කම් අලුත් කර ගන්න වෙලාවක් තිබුනොත්
නැයන්ගෙ හිත්වතුන්ගෙ යාලුවන්ගෙ ගෙවල් දොරවල් පැත්තෙ යනවනේ. ඔන්න එහෙම අපේ ගෙදර ආපු කට්ටියකට වුනු
අපුරු වැඩක් තමයි මම අද කියන්න යන්නෙ...  මෙ සිද්දිය වෙලා නම් දැන් අව්රුදු කිහිපයක් ගත වෙලා.
මට අවුරුද්ද නම් හරියටම මතක නැ හැබැයි.  කොහොම හරි ඒ කාලේ තාත්තා වැඩ කරෙ ලංකාවෙ ටිකක් දුශ්කර පැත්තක
ආණමඩුවෙ .. එ පැත්තෙ මිනිස්සු හරිම අහින්සකයි ගොඩක් අය කුඹූරු තමයි කරන්නෙ ඒ වගෙම හිත් වල මනුස්ස කම් 
පිරිලා තියනවා.. 

 ඉතින් ආණමඩුවට ගිහින් office එකෙ වැඩට අලුතින් අක්කා කෙනෙක්ව වැඩට ගත්තා තාත්තා 
ඒ කාලෙ මම ටිකක් විතර පුන්චියි .... ඉතින් ඒ අක්කට රස්සාවක් හම්බුනු සතුටට එයාගෙ තාත්තා කුඹූරු ගොවි තැනින් 
ගත්තු හාල් මිටියක් අපෙ ගෙදරට එවන්න පුරුදු වෙලා හිටියා..  ඔහොම ටික කාලයක් ගියාම අලුත් අව්රුද්දත් උදා වුනා...
ඉතින් මේ සීයාට අපෙ ගෙදර අව්රුද්දට එන්න ඔනා වුනා අව්රුදු කතා කරන්න..  මමත් මේ සීයාව තාත්තත් එක්ක ආණමඩු 
ගියපු වෙලාවට දැකලා තියනවා හැඩරුවින් කලුම කලුයි මිටියි තරමක් ඒ හින්දම කාලගොලයා කියලා නමකුත් පට බැදලා
තිබුනෙ මායි තාත්තයි... ඔන්න ඉතින් කාලගොල සීයයි කාලගොල ආච්චියි 2 න් නම සිංහල අවිරුද්දට පස්සෙ දවසෙ අපෙ
ගෙදර ආවා.කැව්ම් කොකිස් කැවිලි පෙවිලි පුරවලා පෙට්ටියක් අරන් ඔලුවෙ තියන් ආපු හැටි මට තාමත් මතකයි..

අපෙ ගෙදර පිටිපස්සට වෙන්න ටිකක් ලොකු ටැන්කියක් තියනවා ඔකෙ වතුර පුරවලා බැහැලා නාන්න තරම් එක
 ටිකක් ලොකුයි ඉතින් සතියට දවසක් 2 ක් ගොඩක් වෙලාවට සෙනසුරාදට වගෙ ඕකට වතුර පුරවලා බැහැලා නාන්න 
තාත්තයි මායි හරිම ආසයි ගොඩක් වෙලාවට අපෙ බල්ලාවත් නාවනවා ඒ ගමන්ම ඒ හින්දා බල්ලට ගාන සබන් කැල්ලකුයි
ඌව පිහන තුවායයි 2 කම එතනම තමයි තියලා තිබුනෙත්...

දැන් කාලගොල සීයා බුලත් විටක් එහෙම හපලා  මුන කට ටිකක් හොදා ගන්න ලක ලැස්ති වුනා. bathroom එක
පෙන්නුවට එකට යන්න බැ කියපු සියා එලියෙ ටැන්කිය හොදයි කියලා එලියට ආවා. තාත්තා අලුත් සබන් කැල්ලකුයි 
තුවයකුයි සියාට දුන්නා..  දැන් සීයා නාලා එහෙම ඇවිත් කියනවා මෙහෙම  "මහත්තයා එතන සබනුයි තුවයකුයි 
තියෙද්දිනෙ  මට අලුතින් දුන්නෙ මම තිබුනු ඒවාම ගත්තා" :D හිනාව බොහොම අමාරුවෙන් මම තද කරන් හිටියෙ සියගෙ 
මුණේ තැනින් තැන බලු මයිල් තියනවා මම දැක්කා.. කොහොම හරි කාල ගොලසීයා බලු සබනුයි බලු තුවායයි තමයි
අරගෙන තියෙන්නෙ :P

ප:ලි - මෙ සිද්දිය වෙලා දැන් හුගක් කල් තාත්තා නැති වෙලා දැන් අව්රුදු 2කටත් ලගයි එත් කාලගොල සීයයි අච්චියි අක්කයි
තාමත් අපෙ ගෙදරට අවිරුදු කතා කරන්න එනවා එකම තමයි ඒ මිනිස්සු ගාව තියන මනුස්සකම.. ඒ වගෙම තාත්තාගෙ නැයෙක්
සහොදරයෙක් නොවුනු ඒ මිනිස්සු පියානන්ගෙ නිසල දෙහය මිහිදන් කරන වෙලාවෙ පොලවෙ හැපි හැපි අඩපු හැටි 
මට තාමත් පෙනවා. මෙ ටැන්කියට දැන් නම් වතුර පුරවන්නෙම නැති තරම් එත් ඉදලා හිටලා වතුර පුරවන හැම දවසකම
මට මෙ සිද්දි දාමය මතක් වෙනවා.. ඒ ලග තිබුනු ලොකු උණ ගහත් වෙලිලා ගිහින් හරියට මතක විතරක් ඉතුර කරලා
යන මනුස්ස ජිවිත වගෙම....



Read more »

Thursday, October 25, 2012

ලියන්නන් වාලෙ ....


එලියෙ හොදටම වැස්ස ඒත් ඒ වැස්සත් එක්ක සිහින ලොකයක තනි වෙන්න තරම්
බොඩිම් කාමරෙ පුන්චි වැඩියි කියලා මට හිතුනු පලවෙනි වතාව නම් මෙක නෙමෙ , 
අවසාන වතාවත් මේ නෙමෙ කියලා මම දැනන් හිටියට ඒ ගැන තව තවත් හිතන්නට හිතට ඉඩ දෙන්න 
මම සුදානම් වුනෙ නැ.
ඊය ගත්තු වතුර බොතලෙ තාමත් මෙසෙ උඩ වෙලාවකට එලියෙ තියෙන ටැප් එකෙන් එන වතුර අමුර්තයටත්
වඩා රසයි කියලා දැන ගත්තෙ කවරුවත් උගන්වලා නෙමෙ කාලය විසින් හිතාමතාම හො නොසිතාම එ බව හිත තුලට
කාන්දු කරලා. 


දහසක් හින දකින ඒ හිනම අයෙමත් තැලිලා පොඩි වෙලා යන කොහු මෙට්ටෙ ඇදුම් ගොඩ ගැහිලා තිබුනට
මටත් වඩා (අපිටත් වඩා) ඒ හින කොහු මෙට්ටෙ තුල හැන්ගිලා තියනවා කියලා වචනෙකින් වත් දොඩමලු වෙන්න
 පුලුවන්නම් අපිටම අයෙම ඒ හින මතක් කරලා දෙවි..  හැමදාම කඩෙන් ගෙන බත් එකෙ (නී)රස බඩගින්න නිවා 
දමන්නෙ කටුක වුත් සුන්දරම වුත් බොඩිම් ජිවිතෙ දයාදයක් මෙන්.. ඉදලා හිටිලා මත් වෙන බොතල් කාමරෙ පැත්තකට 
වෙලා කියන කතාව කවරුවත් නොදකින නොසිතන ජිවිත යතාර්තයක්  කියා පානවා කියලා කවරුවත් දන්නේ නැතුව
ඇති එහෙමත් නැත්නම් පිස්සන් කාලකන්නින් විදිහට සරල හැදින් විමක යෙදෙනු ඇත. තමත් අතු ගාපු නැති බත් ඇට
 වලට ආපු කලු කුඹී බිත්ති දිගෙ නගින්නෙ සරදම් කරන්නාක් මෙන්..
හීන පුබුදන්න උදව් දෙන වෙවැල් කැඩුනු පුටුව අපෙ හින පුබුදන්න දෙන ශක්තිය ගැන කියන්න වචන මදිද කියලා 
වෙලාවකට හිතෙනවා..


දුකට සැපට දෙකටම හිනා වෙන්න පුරුදු කරපු සිද්දි දාමයක් එක දම් වැලෙ පුරුක් වගෙ ජිවිතෙත් එක්ක නොබිදෙන 
සම්බන්දයක් ගොඩ නැගුවෙ අනාගතෙ දවසක දුකෙදිත් හිනා වෙල ඉන්න කියලා මට හිතුනෙ නිකමට නෙමෙ.
චිත්‍රපටි දර්ශන වගෙ වෙගයෙන් මරු වෙන හැගිම් ජාලවක් එක්ක ජිවිතෙ දුවන්නත් කාලයම මට රුකුල් දිලා.
දහසකුත් බලපොරොත්තු මැද්දෙ පැතුම් මල් පුදින්නට මෙ දරන වැයමෙ දහසකුත් රස බර සිද්දි මෙහි ගොඩ නැගුනු මිතු දම
වගෙම හිත තුල නොමැකෙන මතකයක් විදිහට දවසක ඉතුරු වෙවි ඉදාටත් මෙ වගෙම වැස්සොත් සිහින ලොකයක 
තනි වෙන්න මෙ මතකය ඉඩ දෙවි එදාට මෙ කාමරෙ සුවද අයෙමත් දැනෙනවා සත්තයි...


ප.ලි... ඔන්න අයෙමත් වසන්තය උදා වුනා.. මෙන්න වසන්තය නිමා වුනු හැටි  http://wasanthayata-aradhanawak.blogspot.com/2012/10/blog-post_14.html
Read more »

Sunday, October 14, 2012

වසන්තය නිමා වෙලා.....


වසන්තයෙ පිපුනු මල් එක දෙක බිම වැටිලා ගී ගයපු කුරුල්ලො කොහොදො හැන්ගිලා
සිතුවිලි ගගුලම වියැකිලා ඉරි තැලිලා  වසන්තය හිතුවටත් කලින් නිමා වෙලා.
වෙනදා රන්චු පිටින් ඉගිලුනු සමනලුන් හිරු දුටු පිනි බින්දු සේම ඇත ඉගිලිලා..
පෙම්වතුනට සිසිල දුන්නු මහ වෘක්ශයන් කොල සෙරම බිම දාලා නිමා වු වසන්තයට හැමොටම
කලින් සුදානම් වෙලා. අඩන මහා පොලව අහස දිහා බලන්  හුල්ලන සද්දෙට දුවිලි රන්චු පිටින් 
ඉගිල්ලිලා එහෙ මෙහෙ අත දුවනවා වියලි සුලග මහා පොලව සිප ගන්නෙ වෙනදා වගෙ ආදරෙකින් නෙමේ.


සිත් යාය හමා ගිය සුවද පිරුනු සිතුවිලි ගගුල දුක් කදුලු වලින් වියැකිලා ගිහින් කොහෙන්දො ආපු 
කාර්යබහුල බවක් පුදින මල් දිහා බලන් ඉන්නෙ පුන්චි පොහොට්ටුව කාලෙදිම මල් සුවද අරන් නොපිපුනු
සිතුවිල්ලක් සේ මල කටුක මහ පොලොව මත සතපවන්න බලාගෙන..
කටුක වුත් නිරර්තක නොවුත් බලාපොරොත්තු විරහිත වුත් යාතාර්තය නම් වු මහා පොදු සාදකය යලි යලිත් සනාත
කරමින් වසන්තය නිමා වෙලා. වෙනදටත් කලින් ඉඩොරය සතුටු සිතින් නිමා වු වසන්තයෙ භුමිය අත් පත් කරගෙන.
තබන පියවර වලකන්නට පෙර මං බලා සිටි ඇනෙන උල් කටු ජයග්‍රහනයෙ ප්‍රිතිය ඉඩොරය එක්කම 
සිනා වෙනවා..
කිසිවෙකුත් නොදකින නොසිතන මහ පොලව යට ඇති මුල බිජයන් අහසින් වැටෙන අසැනි වැස්ස බලගෙන ඉන්නෙ 
අලුත් මල් පොහොට්ටු පුපුදුවන්න හිතාගෙන. නියගලා මලෙහි වු සුන්දරත්වය අත් විදිමින් සිටි සොදුරු හදවත් වලට
අලුත් නියගලා මල් පොහොට්ටු එකක් දෙකක් නෙමෙ දස දහස් ගුනයක් එකතු කරන්න හිතාගෙන..
රොස මල් ගස් වල කටු විතරක් ඉතුරු වෙලා බලන් ඉන්නෙ රතුම රතු මල් පොහොට්ටුවක් හිමින් සැරෙ අයෙමත්
සුවද බෙදා දෙනකන්..


අහස් කුස මහා පොලව දිහා බලාගෙන මොන මොනවද මුමුනනවා ඒ ඉවසපං පමා වෙලා එන වසන්තය වෙනදටත්
වඩා ලස්සනයි කියන්නාක් මෙන්..
දවසක ඉඩොරය නිමා වෙලා අයෙමත් වසන්තය උදා වෙවි . වසන්තය එනතුරා පෙර මං බලා සිටි සමනලුන්
අයෙමත් රන්චු පිටින් ඇවිත් ගී ගයාවි.. වසන්තයෙ අරාදනාවත් අරගෙන අසැනි වරුශාව මහ පොලොව සිප ගන්නකන්
මහා පොලොව බලන් ඉන්නවා.. සිතුවිලි යටපත් කරන් හිටපු හැම පොදු සාදකයක්ම එ වරුශාවෙ දිය වෙලා 
යාවී.. ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා...
අලුත් මල් සුවදක් අරන් අලුත් දිය දොතක් එක්ක නැවුම් සුලගක වසන්තයෙ පෙර මං සනිටුවහන් වෙවි...


වහින තුරු අසැනි වරුශාව ඉඩොරයට ඉඩ හසර ලබා දෙමින් වසන්තය නිමා වෙනවා..
ඒත් ලගදිම ඉඩොරය නිමා වෙලා වසන්තය උදා වෙනවා සත්තයි...  ගි ගයා නටන්නට සමනලුනට අරාදනාවක්
මල් සුවද එක්ක එවනවා සත්තයි............
ස්තුතියි..................................................................

Read more »

Wednesday, October 10, 2012

කොහොමද චන්ඩි වැඩ


පුන්චි කාලෙ මං ටිකක් විතර දගයිලු මගෙ මල්ලියා එ කාලෙ ඉපදිලත් නැ එ හින්දම පව්ලෙ හැමොගෙම
හුරතලෙට තමයි මං හැදිලා තියෙන්නෙ අනිත් එක තමයි පොඩි කොල්ලෙක්ට පව්ලෙ හිටියෙත් මම විතරයි
අක්කලා 2 නෙක් හිටියා අම්මගෙ අක්කගෙ දුවලා එතින් කොල්ලෙක්ට හිටියෙ මං විතරක් හින්දා මට එ හැමොගෙම
ආදරෙත් ගොඩක් හම්බුවෙන්න තරම් මම වාසනාවන්ත වුනා....   අම්මා ස්කොලෙ මිස් කෙනෙක් ගමෙ තිබුනු පොඩි ස්කොලෙක
තාමත් අම්මා උගන්වනවා එහෙ එත් මම බොඩිම් කාමරෙකට වෙලා තාමත් ඉගෙන ගන්නවා වෙලවකට ජිවිතය
මහා පුදුම දෙවල් තමයි මට සමිප කරලා තියෙන්නෙ එ ගැන තව ඉස්සරහට කියන්නම් ලියන්න නම් දෙවල් ගොඩක් තියනවා
ඔක්කොම එක පාර ලියන්නත් බැනෙ...
ඔන්න මම අයෙත් කියන්න ගිය කතාව කියන්නම්කො..
අම්මත් එක්කම හුරතලෙට හැදුනු මට ස්කොලෙ යන්න කල වයස උදා වෙනකොට අම්මා මට තිබුනු අදරෙ හින්දම 1 වසර උගන්වන්න
ගත්තලු එ කාතාව හුග කලෙකට පස්සෙ තමයි මට දැන ගන්න හම්බුනෙ කොහොමෙන් කොහොම හරි ඔන්න අම්මගෙ පන්තියෙම
මම 1 වසර පටන් ගත්තා අනිත් ලමයින්ට හබම්බවෙන්නෙ නැති අවස්තාවක් මට හම්බුනා ඉතින් එ හින්දමද කොහෙද ස්කොලෙ ගියාම
ලොකු අය්යලා අක්කලාගෙන් බෙරිල්ලක් නැ මට මුන් ටික මාව වට කරගෙන එක එක කොලම් කරනවා.
මම එ දවස් වල අකමැතිම අක්කලා ඇවිල්ල කම්මුලයි මුනයි අත ගාන එක තමයි :P


ස්කොලෙ හිටපු මිස්ලා සර් ලත් මට අදරෙයි එ හින්දම ගුරු කාමරෙටත් මම යනවා එනවා එකට මට තහනමක් තිබුන් නැ.
1 වසරෙ ලමයින්ට ස්කොලෙ 12 ට අරිනවා එත් අම්මත් එක්කම ගෙදර යන්න පුරුදු වෙලා හිටපු මම 2 විතර වෙනකන්ම සෙල්ලම් කරනවා.
මෙ සිද්දිය වුනු දවසත් එහෙම ස්කොලෙ සෙල්ලම් කර කර හිටපු දවසක්. 
ඔන්න එතින් ඔහොම නට නටා ඉන්න වෙලාවක වතුර තිබහක් හැදිලා මම අම්මා ගාවට ගියා අම්මගෙ බොතලෙන් වතුර බොන්න.
මෙ වෙලාවෙම ස්කොලෙ ලොකු සර් (ප්‍රින්සිපල්) අම්මත් එක්ක කතාවක් . ලොකු සර් ගෙ වැඩෙම මාව අහු වුනාම අව්ස්සන එක තමයි.
අම්මා අහුවා මගෙන් ඇයි කියලා මම වතුර බොන්න ආවෙ කිව්වා. මෙන්න දැන් ලොකු සර් මට බනින්න පටන් ගත්තා ලොකු
ළමයි අම්මලා ගාවට ඇවිත්ද වතුර බොන්නෙ අරකද මෙකද කියලා.. මට දැන් කදුලුත් පැනලා අඩන්න ඔන්න මෙන්න එ අස්සෙ
එතන හිටපු අනිත් ගුරුවරුත් මට හිනා වෙනාවා තද කරගෙන හිටපු කදුලු ඔක්කොම අඩාගෙන මම එලියට දැම්මා ඔන්න එතකොට
අම්මා වතුර බොතලෙ මට දුන්නා..  වතුර බොතලෙ ගත්තු මම ලොකු සර් ට වතුර බොතලෙන් ගහගෙන ගහගෙන ගියාලු.
බොහොම අමරුවෙන් තමයි මාව අයින් කරලා තියෙන්න කොහොමද චන්ඩියගෙ වැඩ!!!  ලංකාවෙ ස්කොලෙට ලොකු සර් ට ගහපු
කෙනෙක්ට ඉන්නෙ මම විතරයි :D පස්සෙ ඉතින් දොස් මුරයයි මට එදා රැ තාත්තා අපු ගමන් අම්මා තාත්තටත් සිද්දිය කිව්වා..
මම හොදටම බය වෙලා හිටියෙ දැන් තාත්තා මට ගහයි කියලා නැ තාත්තා මොනාවත් කිව්වෙ නැ. එත් එදා රැම ලොකු සර්ලගෙ ගෙදර 
බුලත් අතකුත් අරන් ගිහින් වදින්න වුනා මට .. එ සර්  දැන් නම් එ ස්කොලෙ නැ එත් තාමත් අපෙ පව්ල්2 කෙ හිතවත් කම තියනවා
ගමනක් බිමනක් ට්‍රිප් එකක් යනකොට ඔක්කොමලා එකාතු වෙලා මෙ සිද්දිය කියලා හිනා වෙනාවා එත්කොට නම් එ කාලෙ චන්ඩියා වුනාට
පොලව පලන් යන්න හිතෙනවා. :-(  කොහොමද චන්ඩි වැඩ :P
මෙ තියෙන්න A/L කාලෙ කරපු දග වැඩක්... click here

Read more »

Saturday, October 6, 2012

මිහිබට කිරුල


මා මිය යැමට අසන්නව සිටිමි  එයට පෙර කෙදිනක හො විශ්වයෙ ඉතිරිව සිටින  මනුශ්ය වර්ගයාගෙන් අයෙකු ,
සිය මුතුන් මිත්තන්ගෙ ලොකය සොයා පැමිනියහොත් ඔවුන්ගෙ දැන ගැනිම පිනිස පෘතුවියෙ අවසාන පුරුක ලෙස මම 
මෙසෙ ඛේත ගත කරමි.............................




අද තරු වර්ශ 5670 වැන්නෙ 167 වැනි දිනයයි.... 
මා ඔබ අදින් වර්ශ ගනණාවක අතිතයට රැගෙන යමි... 
මෙ අදින් වර්ශ 7000000 කට පෙර කාලයයි අනාගත ලොකයක ජිවත් වෙන මනුශ්ය වර්ගයා වෙනුවෙන් පෘතුවිය
තුල මහා වෙනසක් සිදු වෙමින් පැවතිනි.. මෙ වන විට අප වානර අවදියක් ගත කරමින් ඉතාම ප්‍රතමික අව්දියක සිටියෙමු.
පෘතුවි තලය පුරාවටම සිය අනසක පතුරව මින් සිටියෙ ඩයිනොසරයන් නමින් හැදින් වුනු විශල සත්ව විශෙශයකි නමුත් 
අනාගතයෙ අනසක පතුරවන්නට මග බලමින් සිටි වානරයන්ට මග හසර සලසමින් එක පිට එක නැගුනු තරු කඩා වැටිම්
මෙතෙක් කල් මෙහි කිරුල දැරු ඩයිනොසරයන් සමුල ගාතනය කරන්නට විය..  කාලය ක්‍රමක් ක්‍රමයෙන් ගෙවි යන්නට විය
ගසින් බිමට බට වානරයන් සතුව පැවති කුතුහලය ඔහු බොහො දුර රැගෙන එන්නට සමත් විය. මිහි  බට කිරුල
ක්‍රම ක්‍රමයෙන් හොමො සෙපියන් නැමති අපෙ මිතුන් මිත්තන් අතට පත් විය.... එතැන් පටන් ඔහු මෙ මිහි මත කිරුල පමනක්
නොව මුලු සක්වල පුරාම සිය අන සක පතුරවන්නට විය එයට අනගතයෙ නැවත අප සොයා එන නුබලා එයට සක්ශි දරනු
ඇත. ගල් යුගය ගොවි යුගය  පසු කරමින් රජ්යයන් පිහිටුවමින් අප ආ මගෙ විශ්වය තුල ජනා වාස පිහිටුවිම තෙක්
 සවිස්තර විස්තරයක් මෙ අසල ඇති රොබො හිස තුල තැන්පත් කොට ඇත. 


තරු වර්ශ 3678
එ ඔබෙ මුතුන් මිත්තන් පෘතුවියෙන් පිටත් වු වර්ශයයි මෙ වන විට පරම්පර කිහිපයක් පසු වි ඇති බව අද දිනය දෙස බලන 
කල මට අවබොද වෙ. මෙ වන විට අපට වඩා අලොක වර්ශ බිලියනයක් පමන දුරින් වු  YJBK 2877 මත සර්තක ලෙස 
ජනාවස වි ඇති බව මගෙ විශ්වාසයයි.. සමහරක් විට ඔබ විසින් අප අමතනු ලැබුවත් අපගෙන් ප්‍රතිචාරයක් නොමැතිව දින
කාල වකවනු ගෙවි ගිය බව මාගෙ විශ්වාසයයි.. එකල නිල් පැහැයෙන් දිදිලපු පෘතුවිය නුබලා එන කල රත් පැති ගොලයක් 
ලෙස දිස් වනු ඇත මා සතුව ඇති අවසාන මිනිත්තු කිහිපය තුල එයට හෙතු පාදක වු කාරනා කෙටියෙන්
 මෙසෙ ගොනු කරමි. අප විසින් ක්‍රියත්මක කෙරුනු DNA දාම වෙනස් කොට නව ජිවි ප්‍රෙබෙද නිර්මානය කිරිම තුල 
අප විසින් විසාල වු ජයග්‍රහනයන් ලබ ගත්තෙමු එයට හොදම උදාහරනය ඔබලා සමග YJBK 2877 වෙත යවන ලද 
පියාපත් සහිත බල්ලාය. එහි අරුමයක් ඔබ සතු නොවුවත් සැබැවින්ම බල්ලන් සතුව මුල් කාලිනව පියාපත් නොතිබුනි.
කෙසෙ වෙතත් මෙහිදි අප විසින් නිර්මනය කරන ලද ඉතාම දියුනු මොලයක් සහිත උරගයෙකු වන GHH11 
නමින් නම් කරන ලද ජිවින් විශෙශය N2 වායුව ස්වසනය කරන ලද ජිවින් වර්ගයකි. මොවුන් ඉතාමත් කෙටි කාලයක් තුල
මිනිසාට අභියොගයක් වන්නටත්.. මිනිසාගෙ ග්‍රහනයෙන් මිදි ස්වදින ජිවියකු විමට තැත් කිරිමත් නිසා මොවුන් වද කිරිමට
ඔහුගෙ නිර්මාපකයන් වන අප විසින් තිරනය කරන ලදි. නමුත් එ වන විටත් අප ප්‍රමද වි වැඩි වු බව අපට පසක් වුයෙ.
මෙතෙක් පෘතුවිය තුල අනසක පතුරවමින් සිටි අප හට අභියොගයක් වෙමින් ඔවුන් විසින් නිපදවනු ලැබු රසයනික 
අවි ප්‍රහරයන්ය . මෙ ප්‍රහරන් එල්ල වන තුරුම මෙ බව අපෙන් වසන් කරන්නට තරම් බුද්දියක් එම උරගයන් සතුව පැවති බව
අපට රහසක් විය. මෙම ගැටුමෙදි අප වර්ගයාගෙන් අඩකට වඩා මිය යන්නට විය. අවසානයෙදි අප සතු වු නියුක්ලික් ආයුද 
වලින් ප්‍රහරයක් එල්ල කිරිමට සැලසුම් සකස් විය.. එහි ප්‍රතිපලයක් ලෙස ඉදි කෙරුනු ජිවිත ආරක්ශක මැදිරි තුල
අප ලැගුම් ගන්නට විය මෙම ප්‍රහරය මුලු පෘතුවිය තුලම විහිද යැමට තරම් ප්‍රබල බව අප දැන සිටියත් එහි ප්‍රබල තාවය පිලිබද
අදහසක් නිවරදිවම අප තුල නොවිය. ප්‍රහරය එල්ල විය GHH11 සමුල ගාතනය විය. නමුත් එහි ප්‍රබල තාවය ඔක්සිජන් 
වායුව සම්පුර්නයෙන්ම දවා ලන්නට සමත් විය... ජිවිත් අරක්ශක මැදිරි තුල තිබු O2 අවසානය සනිටුහන් විමත් සමග
මිහිමත කිරුල දැරු හොමො සෙපියන් සෙපියන් ගෙ ජිවිත  අහිම වන්නට විය. මෙහි සිටි අවසාන හොමො සෙපියන් මා බව
අසල ඇති පරිගනකය සනාත කරයි.. එහි දත්ත නිවරදි නම් මා තව සුලු වෙලවක් තුල මිය යනු ඇත.........
මෙ සමගම මගෙ අවසාන ප්‍රර්තනව ගොනු කරමි.. මිහිබට කිරුල නැවතත් අප වර්ගයා අතට පත් විම කෙදිනක
හො සිදු වෙවා යන්නයි.......................................................

තරු වර්ශ 98987 
YJBK 2877 සිට පැමිනි නුතන මානවයන් පෘතුවිය තුල ගොඩ බැමට සුදුසු ස්තානයක් නිරික්ශ්නය කරමින් සිටි
එහෙත් මෙ වන විට මිහිබට කිරුල හැඩයෙන් කිබුලෙක්ට සමාන වන තියුනු බුද්දියක් සහිත මිනිසා අභිබවා ගිය
උරගයෙක් සතු වු බව  ඔවුන් නොදත්තෙය......................





Read more »

Monday, October 1, 2012

ඇගෙ සිනහව.....



මා තව දුරටත් සිත තුල පැවති චින්ත සන්තාපයට මා සිත යටපත් කරන්නට ඉඩ දි බලා සිටියෙමි.
වෙනදා දකින චමත්කරය අද මුහුදු වෙරල තුල මා නොදුටුවෙමි ඒ අද සැබැවින්ම චමත්කරයක් එහි නොවු
නිසාද නැතහොත් එය මා සිතට නොදැනුනු නිසාද යැයි මා නොදත්තෙමි.
මුහුදු රල වෙනදා මෙන් නොනවතින තරගයක යෙදි සිටි නමුත් එහි වෙනසක් ඇත.. වෙනසක් දැනේ.
ඒ අතිතයේ දවස් වල මෙන් මුහුදු රලට ඔච්චම් කරන්නට මට නොසිතේ සබැවින්ම එයට හෙතුව මා නොදනිමී.
නැතහොත් නොදත්තා මෙන් සිටීමට උස්සහ කරමි. ඇත කොනක පියමනින පෙම්වතුන් යුවලක් මුහුදු රලින් ඔවුන්ගෙ
පා දොවනය කර ගනී. මටත් අතිත මතකයන් මුහුදු රල මතින් දොවනය කර සැනසෙන්නට සිතෙ නමුත් එතරම් කරුනික බවක්
සොබා දහම අපිට උරුම කොට නැත. අවසන් වතාවට ඇය හමු වු මෙ ගල් තලාව මත අපි බොහො දෙ කතා කලෙමු. අතිතතය චිත්‍රනය
කොට සිනා වීමූ නමුත් ඇයත් මමත් දෙදෙනාම දැන සිට එහෙත් සගව ගන්නට උස්සහ කල එ අමිහිරි සත්යයට අපි මුහුන දෙමින් සිටින්නෙමු. 
නැත.... මා තනිවම මුහුන දෙමින් සිටිමි. එදින අපි නෙතු තුල කදුලක සෙයාවක් නොතිබුනෙද ? නැතහොත් එය එකිනෙකාට සගවා ගත්තාදැයි
නොදත් මුත් මුවගට නැගුනු සිනහාව තුල විස්තර කල නොහැකි තරමෙ ශොකී හැගිමක් තිබු බව ඈ මෙන්ම මාද දැන සිටියෙමු.
මතකයන් සමග ඉදිරි ජිවිතය ගෙවා දැමිය යුතුව ඇතත් එයට තවමත් මා සුදානම් නැති බව මා දනිමි. මුහුදු වෙරලෙන් ම නික්මුනෙමි
ඇ තව දුරටත් මා අසල නැති මුත් මා සිත තුල ඇගෙ සිනහවෙන් ජිවමාන වනු ඇත...




පසුවදන...... පිලිකා රොගයකින් මිය ගිය තම පෙම්වතිය වෙනුවෙන් තැවෙන පෙම්වෙතෙකු {සැබැ සිදුවිමක් ඇසුරෙන්}


Read more »