Saturday, May 5, 2012

ඔවුන්ද අපි මෙන් මිනිසුන්ය ......(Down ' Syndrome )



ඔවුන්ද අපි මෙන් මිනිසුන්ය ......(Down  ' Syndrome )

මට මේ  ලිපිය ලියන්න හිතුනේ මේ ලගදි දවසක කෝච්චියේ එනකොට දැකපු  සිද්දියක්  හින්දා
ඒ සාමාන්‍ය චර්යාවෙන් තරමක් වෙනස් වුනු ගැණු ළමයෙක් මෙන්ම එයට හිනා වුනු කොල්ලෝ රොත්තක්
ඇය මන්ද මානසික දැරීවීයක්...
මට නම් ඇත්තටම හිතුනේ එයා දීහා බලාගෙන හීනා වුනු අර කොල්ලෝ රොත්තට මොංගල් කියල අපි
ඒ ගැන පස්සේ කතා කරමු ......
මුලින්ම බලමු මොකක්ද මේ syndrom  කියන්නේ කියලා
syndrom  වර්ග කිහිපයක් තියනවා ගොඩක් වෙලාවට මේ syndrome  කියන රෝගී තත්වයට හේතු
වෙන්නේ අපේ ජාන වල සිදු වෙන පුංචි  වෙනස් කමක්...


Down  ' syndrome කියන රෝගී තත්වය තමා බහුලවම ඇති වෙන්නේ.
අර මං දැකපු ළමයටත් තිබුනේ මේ රෝගී තත්වය ...
මේක ඇති වෙන්නේ මෙන්න මෙහෙම
අපේ උත්පත්තියේදී මවගෙන් සහ පියාගෙන් ලැබෙන ජාන තියනවා මවගේ ජාන ඩිම්බය තුලත් පියාගේ ජාන
ශුක්‍රනුව තුලත් තැන්පත්  වෙලා මේ 2 එකට එකතු වෙලා තමයි ජීවයක් බිහි වෙන්නේ .

සාමාන්‍ය මිනිහෙක් තුල මෙලෙස ජාන ගොඩක් එකට සම්බන්ද වුනු මිටි 46 ක් තියනවා
මේවට කියන්නේ වර්ණ දේහ කියලා ...  මේ වර්ණ දේහ වලින් 26 අම්මගෙනුත් ඉතුරු 26 තත්තාගෙනුත් තමයි
අපිට හම්බෙන්නේ ඒ කියන්නේ අපි ලග තියන වර්ණ දේහ වලින් බාගයක් අම්මගේ බාගයක් තාත්තගේ ...
down  '  syndrome තියන කෙනෙකුගේ මේ වර්ණ දේහ  46 ට අමතරව තව එක වර්ණ දේහයක් වැඩි  පුර තියනවා.
46+1 ක් විදිහට එක අපේ උත්පත්තියේදී සිදු වන විකුර්තියක්.. අපිටත් මේ අවදානම තිබුණා අපි උපදිනකොට  එත් අපි දැන් එක පහු
කරලා, අපිට අනාගතයේදී මේ අවදානමට ආයේ මුණ දෙන් වෙනවා ඒ අපේ ළමයෙක් ඉපදෙන්න ඉන්නකොට..
මං එහෙම කියන්නේ මේ රෝගී තත්වය ඇති වීමට නිශ්චිත හේතුවක් නැති හින්දා ...
මේ වගේ යට අපි හිනා වෙන මොහොතක් පස සිතන්න ඔබටත් ඒ වගේ දෙයකට මුණ දීමට  සිදු වීමට
යම් සම්බවීතාවයක් තියන බව එමෙන්ම ඔවුනුත් අපි මෙන්න ලේ රතු පට මනුෂ්‍යන් බවත්
මොහොතක් සිතා බලන්න ඔවුන් 
හිතා මතා මේ රෝගී තත්වයත් එක්ක උපදින් නැ
එක ස්භාව ධර්මයෙන් උරුම වුවක් ... ඉතින් අපි ඔවුන්ටත් මනුෂ්‍යන් ලෙස සැලකීය යුතුයි ...

මට නම් හිතෙන්නේ මෙහෙම ඔවුන්ට හිනා වෙන අයට ඇත්තටම මොංගල් වූ බවය
ඔවුන් මිනිසත් බව ලැබූ තිරිසනුන්ද වීය හැකිය මා ඒ පිලිබදව තවත් යමක් නොකියමී 
මන්ද ඔබටත් සීතීමට සිතක් උපතින් උරුම වූ බැවීනි...  
 පහතින් දැක් වෙන්න down  '  syndrome  මේ රෝගී  තත්වයේ රෝගී ලක්ෂණයන්ය
මේ ඔවුන්ව අදුන ගෙන ඔවුන්ට සම තැන් දීමේ  අරමුණින් කරන්නකි ...
 
1. මොවුන් මන්ද මානසික අය වේ.
2. මෙම රෝග ලක්ෂණය නිසා කායික මානසික හා චර්යා වෙනස් කම් ඇති වේ මානසික වර්දනය හීන වේ ..
3. මොවුන්ගේ මුකය ඇරී පවතී. දිව විශාල  වේ.
4.දීව පිටතට දමා ගෙන  සිටිති .
5.උච්චාරණය  අපැහීදිලිය.
6.හිස කෙස් කෙලින් පවතී
7.මිටිය .
8.
බෙල්ල මහත් වේ
9. කන් පෙති කුඩා වේ..
10. වඳ ස්වබාවයක් පෙන්වයි .

මෙම රෝගී තත්වයන් හේතුවෙන් මොවුන් සමාජයේ කොන් වේ නමුත් මොහොතක් සිත මොවුනුත් අපි මෙන්ම
මේ මිහිතලයේ ජීවත් වීමට සුදුසු කම් ලැබුවන් වෙයි. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් අපිට කල හැකි දේ අපි කරමු
සැබෙවීන්ම  ඔබටත් මටත් එසේ නොකොට මෙලොව බිහිවීමට ස්භාව දර්මය දුන් දායාදයට කල ගුණ සැලකීම එයම වේවි.
උත්තරීතර වූ මානුෂිය බවීන් ඔවුන් අපේම සොහොයුරන් සේ සලකමු...
පහත පින්තුර කොච්චර ඔබට සංවේදී වේවි දැයි බලන්න ........ 




Down  syndrome රෝගී  කුඩා දැරියක් ඉහතින්  දැක් වෙයි බලන්න ඇගේ සිනහව කොච්චර නම් ලස්සනද ?





 අලුත උපන් තම දරුවා
Down  syndrome  රෝගයෙන් පෙළුනත් දෙමාපියන්ට තම දරුවා මහා මෙරක් වටි. ඔබටත් මෙවන් දෙයක්  වුනොත් මොහොතක් සිතන්නා ඔබටත් ඒ හැගීම දැනේවී ...



තම රෝගී  දරුවා සමග සෙල්ලම් කරන ආදරණිය අම්මා..


තවත් මෙවෙනි syndrome  රෝගයන් ලෙස නපුන්ෂකතාවය සහ අගුටු ගැනුතාවය දැක් වීය හැකිය
(TURNER  ' S  syndrome )
ඉතින් අපිට මොවුන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කල හැකී නම් එය මහා මෙරක් වටි.
පින් පිරේවි මහා මෙරක්...  දන ගැන දෙයක් තියනවනම් කොමෙන්ටුවකින්  අහන්න
අහන්න දෙයක් නැති වුනත් කොමෙන්ටුවක් දාලා යන්න මොකද එකෙන් මට තවත් ලියන්නට ශක්තිය ලැබෙන බැවීන්.
පුළුවන් කට්ටිය මගේ පස්සෙනුත් පන්නන්න
 මගේ අඩවීයට ගොඩ වැදුනට බොහොම  ස්තුතියි ...

ප . ලි  http://wasanthayata-aradhanawak.blogspot.com/2012/05/blog-post.html කලින් ලිපියට උපකාර කල සියල්ලන්ටම මේ තුති මල් මිට පුදමී....



 

12 comments:

  1. ado me api nan hina une na harida.. uba thamai kata aragena balan hitiye... :p bt api e gana danne nane... apita e gana kiya dunnata bohoma thnx.............

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ..... ආදරෙන් පිලිගන්නවා වසන්තයට ...

      Delete
  2. ඇත්තම ඇත්ත...ඔවුනුත් මිනිසුන්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නංගියා..........
      එක ඇත්ත අපේම මිනිස්සු ඒ අයව පහත් කරන එක තමයි දුක ....

      Delete
  3. ඒක ඇත්ත. මේ අයත් අපි වගේම අය. හිනාවෙන එකනම් වැරදී.
    :)
    මේ අය වෙනුවෙන් මේ විදියට පෝස්ට් එකක් දැමීමත් මං හිතන්නේ ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ ගොඩක් මගේ චින්තනයත් මේ විදිහට වෙනස් කරපු තිස්ස සර්ව මතක් වුනා .......

      Delete
  4. welcome සහෝදරයා... ඒ වගේ මිනිස්සුන්ට අපි පුළුවන් තරම් උදව් කරන්න ඕනේ.... නැතුව හිනා වෙන එක නෙමෙඉ කරන්න ඕනේ....

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට කල හැකි දේ අපි එකතු වෙලා කරමු සහෝ .........

      Delete
  5. එහෙම හිනාවෙන මිනිස්සු ගැනයි අපි අනුකම්පා කරන්න ඕනෙ. මොකද එක වර්ණදේහයක් වැඩි වෙලා නොතිබුනාට මනසින් තිරිසන් ගති පෙන්නන නිසා...

    ඔන්න මමත් අද ඉඳන් පස්සෙන් පන්නනවා.. :)

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ඇත්ත ... ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙන් පිලිගන්නවා ඔයාවත් වසන්තයට .......

      Delete
  6. මට තියෙන ගැටළුවක් තමා මේ ළමයි හැමෝම එකම වගේ. ඒකට හේතුව මොකක්ද ?

    ReplyDelete
    Replies
    1. එකට හේතුව තමයි රෝග ලක්ෂණයන් එක සමාන වීම..... උදාහරණයක් විදිහට දිව එලියට දැමීම ඒ හැමෝම එහෙමයි ..
      ජාන ක්‍රියාකාරිත්වය බොහෝ දුරට එක සමානයි @

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......