Saturday, June 30, 2012

සංසාර පුරුද්දද මේ හමු වීමේ අරුමේ



අයෙමත් ආපස්සට ජීවිතේ දිහා හැරිලා බලනකොට මතක් වෙන හමු වීම් ගොඩක්
තියනවා . පුංචි කලේ ඉදන් එහෙම හම්බවෙලා ලස්සන මතකයක් විතරක් ඉතුරු කරලා
අද වෙනකොට ඇත් වෙලා එහෙමත් නැත්නම් මොකක් හරි හේතුවක් හින්දා ඉන්න තැනක් දන්නේ
නැති කී දෙනෙක් ඉන්නවද ? සමහර වෙලාවට මතකය විතරක්ම ඉතුරු කරලා මේ ලෝකෙන් සමු ගත්තු අය
ඒ අතර නැතුවම නෙමෙයි ....පොඩි කලේ ස්කොලේ  යන කොට  1 වසරේ හිටපු යාලුවෝ, එතනින් ගිහාම
උත්සවයකදී , ට්‍රිප් එකක් යනකොට , අහම්බෙන් හම්බෙන හමුවීම් ඒවා ගොඩක් වෙලාවට පැය 2 කකට
3 කකට දවසකට   සිමා වෙනවා එත් ඒවා ජීවිතේ සොඳුරුතම  මතක විදිහට හදවතේ තැන්පත් වෙලා තියනවා ...........


සැම හමු වීමක් තුලම වෙන් වීමක් තියනවා එක තමයි යථාර්තය. එත් ඒ යථාර්තය පිළිගන්න කව්රුවත් කැමති නැ

එකට හොදම උදාහරණය තමයි 13 න වසරෙන් ස්කොලෙන්  සමු ගන්න එක ඒ වෙලාවේ අපිට හිතෙන නැ
 එක සමු ගැනීමක් වේවි කියල එත් කාලය ටික ටික ගෙවීගෙන යනකොට අන්තිමට ලස්සන මතකයක්
විතරක් හදවත පතුලේ සගවලා ඒ මිතුදම් වලට කොමාවක් තියලා, මං තිතක් නැතුව කොමාවක් කිව්වේ
අයෙමත් මග තොටදී හම්බවෙන දවසකට ඒ මිතු දම් අයෙමත් අලුත් වෙන හින්දා.. එත් එතකොට  කොච්චර නම්
දේවල් වෙනස්  වෙලා තියනවද අදුර ගන්න බැරි තරමට රුපය වෙනස් වෙලා එහෙමත් නැත්නම් කසාද බැදලා.
ඒ වගේ වෙලාවට අතීත මතක එකින් එක හදවත ලග පෙළ ගැහිලා කටින් එලියට පනිනකොට දැනෙන සතුට ......
ගනු ළමයෙක් වුනත් පිරිමි  ළමයෙක් වුනත් තමන්ගේ පරණ අදර කතා මේ හමුවීම් තුල අමතක කරන්න බැරි
සිදුවීම් වෙනවා එහෙමත් නැත්නම් මුලින්ම කැමැත්තක් එහෙමත් නැත්නම් crush  එකක් ඇති වුනු කෙනා
මතක් කරලා බලන්න ඒ වගේ වෙලවට මට සින්දුවක පද වගයක් මතක් වෙනවා

හමු නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති

සොදුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ


ම්ම්ම් ඒ වගේම තමයි කාලාන්තරයක් අපේ ලගින්ම ඉදල හදිසියේම අපිව දාල යන අය හිතට දරා ගන්න
අමාරු වේදනාවක්  ඉතුරු කරලා ඒ අයගේ සුන්දර මතකයන් ඒ අතීතය මතක් වෙන මතක් වෙන වාරයක් පාසා
නෙතට කදුලක් උනන හැටි ... ඒ ගැන නම් මං හොදටම දන්නවා ,,,
හමුවීම් ගැන කතා කර කර ඉන්නකොට තව ලස්සන සින්දුවක් මතක් වුණා බලන්නකෝ ...........


ජීවිතේ ලස්සන මතක ගොඩාරියක් මේ වගේ ලිපියකින් කියන්නට නම් බැ එත් මගේ මතක ගොඩක් එක්ක

මං මේක ලියන මොහොතේ අතරමන් වුණා එතින් තවත් හමුවීම් වෙන් වීම් ගැන ලියන්න නම් බැ ..
මට කල්පනා  ලෝකයක තනි වෙන්න ඕනි .............................




Read more »

Thursday, June 28, 2012

පියාණෙනි

හුග කාලෙක ඉදන් දාන්නට හිතන් හිටපු නිසදෙසක් තමයි මේ මට මේක දාගන්න ධය්ර්යක්  තිබුන් නැ එත් දැන් එක මට ලැබිලා කියලා මන් හිතනවා මගේ තාත්තා හැම දාම මං ගාව ඉන්නවා කියලා අදටත් මට දැනෙනවා ඔව් දුර ඇතක ඉදන් ...............................................................................................................................................................

දයා කරුනා
පිරී ඉතිරුණු
සිසිලැල් පවන නුබයි .................
මගේ අහසට නිතින් පැයු
හිරු හා සදුද නුබයි ................
බෝ සෙවනේ සේ
දෙව් මැදුරේ සේ
යහගුණ පිරුණු විලයි ................
නුබේ නාමය
මගේ හද ගැබ
සුපිපුණු සුවද මලයි ...............

                                               (අතීත මතක අතරින් .............)
..........................................................
ලිහී ගිලිහුණු
මුදු කුසුම නුබ
යායම සුවද කෙරු ..........
දිවිය පුරාවට
මගේ හද තුල
මන්දස්මිතය දැරූ...............
සසර මතුදා
පෙරුම් පුරන්නම්
වන්නට නුබේ පුත් රු ............
නුබයි තාත්තේ
මගේ හද
තුල  මිහිබට වන් 

දෙවිදු ..............


කොමෙන්ට් බලාපොරොත්තු නොවෙමි .................
Read more »

Saturday, June 23, 2012

ආදරය කදුල සහ බලාපොරාත්තුව



පුරං වී ගිය හද සන්තකයේ ලස්සන මල් පිපෙන පුංචිම පුංචි
එත් මහා විසල්ව වැඩෙන වෘක්ෂයක් රෝපනය කරපු ඔයා,
හාදු වැස්සක් හැගීම් සමුදායක පටලලා ,අතු පතර විහිදෙන්නට
විෂල් වෘක්ෂයකට  ඉඩ දුන්නු විට, සිත් යය තුලට නුබ දුන්නු
ආදරෙන් අතු පතර විහිදපු ඒ විෂල් වෘක්ෂය මගේ මුළු හදවතටම
දහදියෙන් පෙගෙන මහා දහවලෙත් සිසිල් සුළං වද්දල මල් යායක්
අස්වැස්සුවා............................................
දළුලා වැඩෙන මහා වෘක්ෂයේ මුලයන් හදවත පසාරු කරගෙන
වැඩෙන කොට , ඔබේ ගතම මගේ නග්න කය තුල මිහිදන් කලා නිසාවෙන්ම
පසාරු හදවතට දැනුනු වේදනාව නුබේ මායාවෙන්
යටපත් වුනා...........



මහා ඉඩොරයකට වුවද නොසෙලන පරිදි විෂල් වූ ඒ වෘක්ෂය
 මල් පිපි පල දරන්නට කාලය ක්‍රමක් ක්‍රමයෙන් ලගා  වුනේ
සාධාතනික ප්‍රේමයක් තුල යලිත් ජීවිතයට පන පොවන්නට
 අපි තීරණය කරපු කාලයේමයි ............
 ඒ අපේ විවාහය .....................

දින දින ලං වුනු අපේ අහිංසක බලාපොරොත්තුව ,
අපි හීන මවපු ඒ සුන්දර දවස මාස සති දින පහුකරගෙන
ලගවෙනකොට මං හිටියේ  කොහේදෝ ඇතක තිබුණු මල් පිපුණු
මිටියාවතක තනි වෙලා ..........
එත් එකපාරටම නුබ හින්දා ආපු ඒ ඉඩෝරයෙන් විෂල් වෘක්ෂයේ
කොළ එකා දෙක බිම වෙටෙන කොටත් බොදවුණු හීනයක් එක්ක ,
මං නුබේ සිත් අහස දිහා බලන් හිටියේ පුංචිම පුංචි හාදුවකින් යලිත්
මල් වැස්සක් පුදීවී කියන හිතුවීල්ලෙන් .................


එත් ඔයා යන්න ගිහින්..
දළුලා වැදුණු  වෘක්ෂය කොළ හැලිලා වේලිලා .......
එත් මගේ හදවත පතුලටම කිදා බැහැපු මුල් වලින් දැනෙන
වේදනාව ,,,,,,,,,, නුබේ කය තුලින් සමනය කරපු අතීතයත්
එක්ක රිදුම් දෙනවා ................
තවමත් මං නුබ එනතුරා බලන් ඉන්නවා ,
එත් මිය ගිය ඒ වෘක්ෂයට යලි පන දෙන්න නුබේ හාදු වැස්සට හැකි වෙන එකක් නම් නැ.........................



Read more »

Thursday, June 21, 2012

abraham lincon,s letter to his son teacher

abraham lincon,s letter to his son teacher  කියන ලිපිය මට මේ ලදී දවසක කියවන්න හම්බුනා ඉතින් මට හිතුනා එක සිංහලට පරිවර්තනය
කරන්න ඒ ගත්ත උස්සාහය  අද  මං ඔයාල ඉස්සරහින් තියනවා...... මේ abraham lincon  ගේ පුතා ඉගෙන ගත්තු ගුරුවරයාට එතුමා විසින් යවන ලද ලිපියේ
පරිවර්තනය ඒ වගේම මගේ පළමු පරිවර්තනය අඩු පාඩු තියෙන්න පුළුවන් ඒ හින්ද ..................................

 විසල් ගංගාවක ආරම්භක ජල  උල්පත මෙන් ඔහු ලාමකයි.. ජීවිතය ගැන කිසිත් නොදත් ඔහුට ගංගාවක් වෙන්නට නම්

තවත් බොහෝ දේ ඉගනීමට තියනවා ඒ බව මං දන්නවා . හිරුගේ කිරණින් වැසි යන ලෝකය තුල ඔහු දකින සුන්දර බව

අහිංසක බව නොමෙති බවත් තක්කඩින් මදාවීයන් ලෙස හංවඩු ගහන මිනිස්සු තුල වීරයෙක් ජීවත් වන බවත් ඔහු

දැනගත යුතුයි ඒ වගේම ආත්මාර්ථකාමී නායකයෙකු තුල දෛර්ය සම්පන්න මිනිසෙකු ජීවත් වන බවත් ඔහුට

දැනෙන්නට  හරින්න .......... සැම සතුරෙකු පසු පස සිටින මිතුර හදුනා ගැනීමේ මායාව ඔහුට කා වද්දවන්න...



 මං දන්නවා එක රත් වූ යකඩයකින් රන්වන් අසිපතක් නිමවන්නාක් මෙන් අසීරු බව එකට කාලයක් යාවී .

නමුත් කාලයේ ඇවෑමෙන්  නිමවන රන් අසිපත අරගලයකට මුල පුරීමේ සංකේතයයි.. දහසක් මුතු මැණික් වලට වඩා

දහදියෙන් පෙගුනු කාසියක් ඇති වටිනාකම ඔහුට උගන්වන්න. ජීවීතයේදී ලබා ගන්න ජයග්‍රහණ පසු පස පවතින

පරාජය බවත් පරාජයේ දී අළු දුලි පිස දම නැවතී සිය දහස් ගුණයකින් ශක්ති සම්පන්න වී නැගිටින්නට ඔහුට ශක්තිය දෙන්න.

නමුත් ජයග්‍රහණයේදී උදම් අනන්නට නොව නිහතමානී සතුටක ඇති රසය ඔහුට පෙන්වන්න .. ඉරිසියාව  නමැති සතුරා ගෙන්

ඔහුව සැම විටම ඇත් කරන්න ..

පොත් තුලින් අප දකින ආශ්චර්ය ඔහුට විදින්නට එදා දෙන්න නමුත් , ඔහුට නිහදත්වයේ ඇති ගුප්ත බවත් ,

හිරු කිරණේ දගලන මි මැසි රංචු දිහා බලන්නටත් , අහසේ රග දෙන සියොතුන්ගේ නිදහස විදින්නටත් , නිල පාට මිටියාවතේ පවතින

මල් වල සුවද ලෝකයටා බෙදන සුළග ගැන සිතන්නත් කාලය ලබා දෙන්න ..

බොරුවෙන් ලබන ජයග්‍රහණයට වඩා සත්‍යයේ  සඳ රැස් කිරණින් ලබන පරාජය උතුම් බව ඔහුට දැනෙන්නට  හරින්න

සැම විටම හර්ද ශාක්සිය කෙරෙහි විශ්වාශය තැබීමටත් ඒ විශ්වාසය තුල උඩුගම් බල පිහිනන්නටත් ඔහුට දෛර්ය දෙන්න ...

උතුම් මිනිසුන් අතර උත්තරීතර වන්නට මෙන්ම මල් පෙත්තක් සමග සිනිදුව ගනුදෙනු කරන්නටත් යකඩයක් සමග රළුව ගනු  දෙනු කරන්නත්

ඔහුට මාර්ගය පෙන්වන්න ..

බලය භාවීතා කොට හදවත් දින ගැනීමට නොහෙකි බවත් සැම හදවතකටම ඇහුම්කම් දෙන්නටත් ඒ සියලු දේ සත්‍යයේ මුනතින් පෙර ගන්නටත්

දුක අතරින් සිනහවකින් මුව සරසා ගන්නටත්... කදුළු තුල පවතින යථාර්තය  දකින්නටත් ඔහුගේ හදවතට කාවද්දවන්න

නරුමයන් සමග ගනු දෙනු කරන ආකාරය මෙන්ම සියුමැලි බව තුල ඇති නොදකින භයානකත්වය ගැන ඔහුට

උගන්වන්න .  බුධිය මුදලට විකිණිය හැකි බවත් හදවත හා අද්‍යත්මය මුදල් කල නොහෙකි වස්තුන් බවත් ඔහුගේ හදවතට

කා වද්දවන්න...

ඇසින් දකින අයුක්තිය අසාධාරණය ඉදිරියේ රන් අසිපත ඔසවන්නට ආත්ම ශක්තියත් ඔහුට ලබා දෙන්න ...

ඔහුට කරුණාවන්ත වෙන්න නමුත් ඔහු අලංකාරයට පළදින අභාරණයක් නොවේ  සත්‍යයේ අසිපත ඔහු තුලින්

විද්‍යමාන වෙන්නට නම් ගින්දර වලින් ඔහු ඔප දැමිය යුතුයි .. පරාජයේදී නැවත නැගිටින්නට හදවත නමැති  සන්නායකය තුල අරෝපනයක් තබන්න .......



ඉර සියතින් ඇල්ලීමට වඩා අමාරු කාර්යක් වුවත් මෙය ඔබට කල හැකි උපරිමය කරන්න එය අනාගත

රන් අසිපතක පෙර මග සටහනක් වේවි ........
















Read more »

Monday, June 18, 2012

අනාගතය


මිනිස් චින්තනය නව මගකට යොමු කල ඒ වර්ෂයට නම තැබුණේ ක්සිජය යන තේරුම දෙන

ජපන් ජාතික විද්යක්නයෙකු  වන ඔරින්ටෝ යන ජපන් වදනයි .ඒ 5445 වැනි වසරයි . ගල් යුගය ,

ගොවි යුගය, කර්මාන්ත යුගය, ඉලෙක්ට්‍රොනික යුගය ලෙස විවිද අවධි පසු කරමින් පැමිණි

මානවයා ෆෙරා යුගය ලෙස හැදුන්වුනු යුගයට පැමිණ තවම වසර 50 කට නොඅඩු කාලයකි .

ඇත අතීතයේ චාල්ස් ඩාවීන් කියූ පරිණාමික ක්‍රියා වලිය තව තවත් සනාථ කරමින් මිනිසා දේහ

ප්‍රමාණයෙන් කුඩා සත්වයෙකු බවට පත් වී තිබුණි. එයට හොදම උදාහරණය වුයේ ලොව උසම මිනිසා

අඩි 3 ක අගුටු මිට්ටේකු වීමයි .




ෆෙරා යුගයේ සොයා ගනු ලැබුණු විශිස්ටතම සොයා ගැනීම වන බුද්ධි පරිපත සොයා ගනු ලැබුවේ

ඔරින්ටෝ විසින් මේ අවධිය තුලයි . මේ වන විටත් ඉතා සාර්ථක ලෙස මෙම සොයා ගැනීම

ප්රුතුවීය තුල අත්හදා බලමින් තිබුණි . ඒ හේතුව නිසාම මුළු මහත් ප්රුතුවී තලයම මහා පෙරළියකට

බදුන් වීය.  ලොව අග්‍ර ගනයේ විශ්ව විද්‍යාල ක්‍රම ක්‍රමයෙන් වැසි යමින් තිබුණි.   ඒ වෙනුවට ලොව

පුරා බිහි වූ ශල්‍යාගාර තුල බුද්ධි පරිපත බද්දය සාර්ථකව අත්හදා බැලිනි. එම නිසාම ප්රුතුවී

ඉතිහාසය තුල මෙතෙක් බිහි නොවූ ආකාරයේ විශිෂ්ට කලාකරුවන්, විශාරදයින්, දාර්ශනිකයින් හා විදයක්නයින්ගෙන්

පිරි ඉතිරෙන්නට වීය . සැබවීන්ම මෙකල ප්රුතුවීය ආදී මානවයාට සිත ගත නොහැකි  තරමේ  විශ්මයා ජනක සිදු වීම් වලින්

පිරි ඉතිරෙන්නට වීය.. බුද්ධි පරිපත සම්බන්ද  නිතී කිහිපයක්ද ලෝක පාලන අධිකාරිය විසින් පනවන ලැබිණි ..

එනම් එක් පුද්ගලයෙකුට එක විෂයකට පමණක් අදාල බුද්ධිය පරිපථය තුලට ඇතුළු කීරීමයි .මොලයේ කල කුඩා

ශල්‍ය කර්මයකින් පසුව ඔහු හෝ ඇය විෂය ප්‍රවීනයෙකු වීම වැලක්වීය නොහැකිය.



 අහස් තලයම වැසි තිබුණු  අදුරු වලාවන් නිසා හිරු එලිය ලැබුනේ අල්ප ලෙසයි. ඒයට පිළියම් ලෙස අහසේ සවී

කොට තිබුණු කෘතීම චන්ද්‍රයා මගින් සකල ලෝකයම ආලෝකමත් වීය ඒ හේතුව නිසාම අහසේ කෙදිනකවත්

තරුකාවක් නොතිබිණි.  දීව රාත්‍රී නමැති අතීත සංකල්පයට තිත තබා දැන්  වසර 200 කට වඩා ගෙවී ගොස් හමාරය.



ප්රුතුවී දින හොර යන්ත්‍රයකට පමණක්ම සිමා වීය. කෘතීම සඳ එළියේ වර්ෂ 5445 හී දින ගෙවී ගියේ නොසිතු වේගයකිනි.

ඒ වන විටත් ලෝක ජන ගහනයෙන් 75 % ක් පමණම බුද්ධි පරිපත් ශල්‍ය කර්මයට බදුන් වී තිබුණි.

අලුත් උපදින දරුවන් පවා අග්‍ර ගනයේ විද්යක්නයෙකු වීම සුලබ දසුනක් බවට පත් වීය. බුධියෙන් අග්‍ර තැන්පත්  වූ

ප්රුතුවී වැසියන් සක්වල වැසියන් සමග යුද්ද කොට ලබා ගත ජයග්‍රහණ නිසාම ප්රුතුවීය සතුව වහල් ග්‍රහා  ලෝක කිහිපයකම

පැවතිනි.. ආහාර හා අනිකුත් ප්රුතුවී අවශ්‍යතා එමගීන් සපුරා ගැනිණි..
ක්ස්තිජයේ වසරේ අවසන් කාලය වන වීට බුධි පරිපත බද්ධය සිදු වුවන් අකල් මරණයන්ට පත් වීය. මුළු මහත් ප්රුතුවීයම

භීතියෙන් මුසපත් වීය.  ඒ නිසා ඇතිවූ පීඩනය දර ගත නොහැකී වූ ඔරින්කෝ සිය දිවී නසා ගත්තේ සිය විද්‍යාගාරය තුල

පැවති උග්‍ර විස සහිත රසායනයක ආදරයෙනි. වෛද්‍ය වරුන් කොපමණ උස්සහ කලත් මෙම  මරණ වලට හේතුව නිශ්චිත නොවීනි.

කොපමණ උස්සහ කලත් හේතුව පැහැදිලි නොවීනි ලික ජනග්‍රහණයෙන් 50% පමණ දින කිහිපයක් තුල මිය ගියේය.







ඔරින්කොගේ නිවාස පරික්ෂ කල බලධාරීන්ට හමු ලියවීල්ල වසර 3500 ක් පමණ පැරණි බව කාබන් පරීක්ෂාවකින් තහවුරු විය

එය ප්රුතුවී වැසියන් යටත් කර ගැනීමට හැදු නව ග්‍රලෝකයේ පවතින ලෝහ වර්ගයකින් නිම වී තිබිණි.

ඒ ලියවීල්ල පුරන ඉජීප්තු සොහොන් තුලින් හමු වූ අක්සර වලට සමාන අක්ෂර සටහනක් වීය.. ඉතිහාසකරුවන්

මහත් පරික්ෂමයක් දරා නුතන අක්සර වලට හරවන ලද ලිපියේ වුයේ මෙවෙන්නකි.



" නුබලාට දෙන මෙම බුද්ධිය අපේ මිත්‍රත්වයේ සංකේතයකි.  එය නුබල විසින් ප්රුතුවීයේ අභිවුර්දිය සදහා යොදවන තාක්

කල් නුබලා සුරක්ෂිත වේ. යම් දිනක මිත්‍රත්වය පසක ලා ක්‍රියා කරන කල්හී අප විසින් එවන ලබන වෛරසයෙන්

නුබලගේ මුළු මහත් ප්රුතුවීයම විනාස වී යනු ඇත"










(මගේ පළවැනි  ප්‍රබන්දය  තමයි මේ ඔයාලගේ ප්‍රතිචාරයක් මට ශක්තියක්ම වේවි. )






Read more »

Saturday, June 16, 2012

(සිත්)අහස



තනිකරම නිල් පාටින් තියන හිස් අහස ටිකෙන් ටික කළුවර වැටිලා තරු එකා දෙන්නා  හිනැහෙන්න පටන් ගන්නවා වගේ ,
අම්මගේ තුරුලේ ඉදන් අඩියෙන් අඩිය තියලා ඇවිදින්න උස්සහ කරන කලේ ඉදන්ම මං ඒ  තරු එක්ක  කතා..
සම්පුර්ණ වෙලා නොතිබුණු මගේ ශබ්ධ කෝෂයේ අකුරු එකින් ඒක අමුණමින් සිතේ ඇදුනු නෙක පාට
අකුරු කරන්නට හදපු ඒ වැයම ගැන කියන්න දන්නේ ඒ අහසමයි ....


සිතේ ඇදුනු චිත්‍ර වලට පාට පොවලා ලස්සන කරලා අර්ථයක් එකතු කරන්න කියල දුන්නේ අම්මා මට පුංචි කාලෙමයි.
ඒ හින්දමද කොහෙද සිත් අහස පුරාවටම ඇදුනු පන්සල් ඉරි වලට මං පාට පෙව්වේ අමාවක ගෙවිලා ගිහින් අයෙමත්
අහසට පුර හද පායනවා වගේ .....
ඇත කොනක තිබුණු ක්සිතිජය වගේ ලං කර ගන්න බැරි හීන ගොඩක හිත  අතරමන් වෙන කොට ඒ හීන පසු පස්සේ
හමා යන්න ඉගෙන ගත්තෙත් ක්සිතිජය  හමා යන අකුණු සැරක් පෙන්නපු අහසින්මයි .........
ටිකෙන් ටික කාලය ගෙවී ගිහින් හදවත මෝරලා බලාපොරොත්තු මෝදු වෙනකොට  ඒ බලාපොරොත්තු එක්ක
ජීවත් වෙන්න පුරුදු වුනේ නියගයට වැටෙන ඇසිනි වැස්ස ගැන අහස මට පුංචි කාලෙම කියල දුන්නු හින්දා....
හිත් අහස පුරාවටම අනො
රා වැහි වහිනකොට දෙනතට ආපු කදුළු බින්දුව ඒ වර්ෂාවේම හෝදලා දාන්න
මට ඉගැන්නුවේ මගේ තාත්තා....



මහා ශබ්දයක් එක්ක අකුණු සැර පොලව සිප ගන්නකොට ඒ අකුණු සැර අතරින් රිංග රිංග අහසත් එක්ක පොර

බැද්දේ එදා මට ඒ ලැබුණු දෛර්ය හින්දමයි . මහා වර්ෂාවේ සීතලට ගුලි වෙලා සයනයේ සැතපෙන්න
මං ආස කලත් කාලයත් එක්ක පුරුදු වුනු පන්නරය මට ඉඩක්  දෙන්නෙම නැ....
වලාකුළු රොදවල් එකතු වෙලා ලස්සන රට මවන කොට ඒ රට අතර තනි වෙන්න මං ඉගෙන ගත්තේ
තනිකම අත්විදින්න ලබපු හින්දමයි ... අහස මවපු ඒ වල රොදවල් අස්සේ තනිකම පා කරලා දාපු හින්දා අදටත්
මගේ හදවත කොතැනකදීවත් තනි වෙන්නේ නැ කියන විශ්වාසය මට තියනවා...


කාලයත් එක්ක
පැන්සල් ඉරි වලින් ඇදිල පාට ගාන චිත්‍ර වෙනස් වුනාට පුංචි කලේ දැකපු අහස අදත් එහෙමමයි.
ඒ හින්දමයි මං අදටත් වෙලාවක්  තියන
හැම වෙලාවකම අහසත් එක්ක කතා කරන්නේ, එහෙම කතා කරන වෙලාවට
ඇත අහසේ කොනක තාත්තා මං දිහා බලන් මොන මොනවද මුමුණනවා වගේ මට දැනෙනවා ...........
සිත් යායම අයෙත් පරණ පුරුද්දට අහස එක්ක කතා කරනවා
Read more »

Saturday, June 9, 2012

නිරුවත

රාත්‍රී අන්දකාරය මුළු මහත් නගරයම වෙලා ගන්නා විට හාත් පස පුර පැතිරුණු මුසල නිහඩ බව
ඇගේ සියුමැලි පා තබන තාලයට බිදී ගියේ ඉදහිට ඇසුණු වාහන හඩක් සමගයි .
උදැසන  රොන් සොයා යන බබරෙකු ගේ තීක්ෂණ බව සමග සුරගණන් පරදවන ඒ නිල නුවන් තුලින් දුටු ලෝකයේ පාට විස්තර කල නොහෙකි මුත්
ඒ දෙනෙත් කියා පාවෙ හිස් බවක් . මහා වාලුක කතරක දිය දෝතක් සොයා මිරිගුවක්  පසු පස යන
මුව පැටවෙකුට වගේ විඩාබර  දෙනතක් , එත් ඒ දෙනෙත් දුටුවන් මන ඇද බැද තබා ගත්තේ බාදුර මලට
කෘමින් ඇදෙන්නා සේ  ඒ. දෙනෙත් දෙවගන පරදවන බව නම් කිව යුතුමයි ..


හමා ආ සුළග ඇගේ කේශ කලාපය සමග සෙල්ලම් කරද්දී ඇගේ මුව වස ගත් අව්‍යාජ සිනහව ඇගේ හදවත

තුල පැවති සොම්නස් කියා පෑවේ මුළු හදවතම ලෝකයට නිරුවත් කරමින් ඒ නිරුවත  සැනෙකින් වසන්නට ඇගේ වත වසා සිටි
රස දුන් සමත් වුවා ඒ නිසාමදෝ  නිරුවත් ඇගේ හිත දිහා බලන්න කවරුවත් හිටියේ නැ. වටිනාකමක් තිබුනේ නිරුවත්
ඇගේ රුප ශෝබාවට විතරමයි .

තාරුණ්‍යයේ සිහින අතර තනී වූ තිබී ඇගේ ලැම හුස්ම ගන්න තාලයට උස් පහත් වුනේ සිත තුල උපන් සිහින ඒ තුල
සගවමින්. එත් සිහින වෙනුවට ඇගේ ලැම බබර සිත් කලතන්නට සමත් වුනේ තාරුණ්‍යය අවීයක් වූ නිසා .
කැලතුනු බබර සිත් ගිනි ගෙන දෙවුණු අළු ගොඩක් ගිනි ගත් දේ සගවා තබන්නක් මෙන් සගවා තබන්නට උස්සහ කල
රහස ඒ අළු වගේම ඇගේ හර්ද  ශක්ශියත්  අළු ගොඩක් බවට පත් කලා..
රාගය නමැති තොටිල්ල ඇගේ මුළු මහත් ජීවයම මුදලට යට කලේ ලෝකයේ කුමන හෝ  වරදකින් .


සයනයක් තුල අදත් පාලු මුසල රැයේ  රතු හැගුම් සුළගේ පා කරේ දෙවගන රතු පාටට පෙම් බැන්ද හින්දම නෙමේ

ඒ තුලු තිබුනේ කියා ගන්න බැරි සොම්නසක් . රාගය තුල ඇය සදා අමරණිය හැගුම්  වලට පන පෙව්වේ ආත්මය
උගස් කරපු නය ගෙවා දාන්නට මෙන්.  එත් නුදුරේම දෙවගනක් වුවත් කාලය නමැති විස කුරු සර්පයා
රූ සපුව වෙලා ගත් විට ඇයත් අවලංගු කාසියක් පමණක්ම වේ . සැබවින්ම  නුබ දෙවගනක්මයි ...




නිදන සයනේ

මුනින් තලාවට
යෙහෙන්
වැජබෙන
තිසර තන
යුග
පොවයි මී
විත
රුදුරු දන
හට ...............
රැයේ පුරහද
ගෙනෙයි
අම පැන්
නග්න සිරුරට
එත් .............
සිත නුබේ
වේලි යයි
පුර හදින්
කළුවර ...........





Read more »

Saturday, June 2, 2012

වසන්තයට මං හැමදාමත් ආදරෙයි ................


සංසාරේ පුරාවටම ආත්මීය කදුළු නිරුවත් කරලා අපි හොයපු යථාර්තය මිරිගුවක් වගේ
සිසිලක් නැති වාලුකා කතරේ ඇතින් ඇතට ගියේ අහසින් පොලවට වැටෙන දිය දෝතක්
නමැති හුදු බලාපොරොත්තුව විතරක් අපේ හිත් වල ඉතුරු කරලා කියලා තේරුම් ගියේ
පාසල් යන කලේ නොතේරුණු බහු බුත ටිකක් හදවතම වෙලා ගන්නකොට ........

ජීවිතය ගැන කිසිත් නොදැන අතරමන්  වුනු හීන ගොඩක් අතරේ ,
රෝබෝරෝසියා  මල් පොකුරක් වගේ වගේ හිනැහෙමින් සුළගේ තාලයට නටපු
ජීවිතේ නැවුම්ම පරිච්චේදයක මුළු ජීවිතේටම අඩි තාලම වැටුනා කියලා  තේරුම් ගත්තේ ,
රෝබෝරෝසියා  මල් වසන්තය නිම වෙලා එක දෙන්නා බිම වැටෙන  කොට ...
එතකොට වසන්තය නිමා වෙලා..  උදේ වැටුණු පිනි  බින්දුවක සිසිල අපේ හිත් වලින් ඇත්
වුනේ ලෝකය හරි වේගෙන් දුවන හින්දා.. වසන්තය නිමා වුනේ හරියට අවරුදු 13 ක්
මොහොතකින් ගෙවී ගියා වගේ ..........






හිස් කඩදාසි කොලයක පන්සල් ඉරි ඇදල මකලා පාට පොවලා සිත්තරෙක්ගේ තෙලි

තුඩින් නිමා වුනු සුන්දර චිත්‍රයක් වගේ ජීවෙතේ ට පාට එකතු වුනු කලින් කියපු මල් පිපුණු
වසන්තයේදී  . ඒ එකතු වුනු පාට වලින් අනෝරා වැහි හිත් අහසට වහිනකොට බය නොවී
ඉස්සරහට යන්න ශක්තිය ලැබේවී කියලා එදා මල් වැස්සේ නටනකොට හිතුන් නැ....
හැල්මේ දුවන ලෝකය අතරල  පුරුදු සුන්දර සිහින අතර අතරමන් වෙලා ඉන්න හිතෙන හැම පාරම
උඩුගම් බලා පිනන්ට ගිහින් හති වැටිලා ඉව්රකට  වෙලා සුසුම් සලන් වෙයි කියලා කොහෙන්ද අපු කඩ හඩක්
මුණු මුණු ගානවා එත් පුළුවන් හැම වෙලේම ඒ හීන වල අතරමන් වෙන්න මන් පුරුදු වෙලා ....


හුලග අරන් ආපු වසන්තයේ සුවද එදා වගේ තාමත් මතක් වෙන්නේ ඒ සුළගේ ආපු සුවද

හිත පතුලටම ගිහින් තැන්පත් වුනු හින්දා . ඒ හින්දමද කොහෙද හදවත තනි වෙන වාරයක් වාරයක් පාසා
වසර 13 ක් පුර ලගින් හිටපු කට හඩවල් මහා ගොඩාරියක් එකින් එක  කනට කොදුරලා යනවා  වගේ දැනෙන්නේ.
වසන්තය නිමා වෙලා රෝබෝරෝසිය මල් එකින් එක බිම වැටුනට ඒ  මල් අයෙ පුදිලා වසන්තය උදා වෙයි කියලා
හැමදාම හිතෙන්නේ යථාර්තය නිරුවත් කරන්න හිතෙන හින්දම නෙමේ  ඒ රෝබෝරෝසිය  මල් පොකුර සදාතනික
මතකයක් වගේ හිත තුල තැම්පත් වෙලා තියන  හින්දා ...
වසන්තයට මං හැමදාමත් ආදරෙයි ................
Read more »