Thursday, June 21, 2012

abraham lincon,s letter to his son teacher

abraham lincon,s letter to his son teacher  කියන ලිපිය මට මේ ලදී දවසක කියවන්න හම්බුනා ඉතින් මට හිතුනා එක සිංහලට පරිවර්තනය
කරන්න ඒ ගත්ත උස්සාහය  අද  මං ඔයාල ඉස්සරහින් තියනවා...... මේ abraham lincon  ගේ පුතා ඉගෙන ගත්තු ගුරුවරයාට එතුමා විසින් යවන ලද ලිපියේ
පරිවර්තනය ඒ වගේම මගේ පළමු පරිවර්තනය අඩු පාඩු තියෙන්න පුළුවන් ඒ හින්ද ..................................

 විසල් ගංගාවක ආරම්භක ජල  උල්පත මෙන් ඔහු ලාමකයි.. ජීවිතය ගැන කිසිත් නොදත් ඔහුට ගංගාවක් වෙන්නට නම්

තවත් බොහෝ දේ ඉගනීමට තියනවා ඒ බව මං දන්නවා . හිරුගේ කිරණින් වැසි යන ලෝකය තුල ඔහු දකින සුන්දර බව

අහිංසක බව නොමෙති බවත් තක්කඩින් මදාවීයන් ලෙස හංවඩු ගහන මිනිස්සු තුල වීරයෙක් ජීවත් වන බවත් ඔහු

දැනගත යුතුයි ඒ වගේම ආත්මාර්ථකාමී නායකයෙකු තුල දෛර්ය සම්පන්න මිනිසෙකු ජීවත් වන බවත් ඔහුට

දැනෙන්නට  හරින්න .......... සැම සතුරෙකු පසු පස සිටින මිතුර හදුනා ගැනීමේ මායාව ඔහුට කා වද්දවන්න...



 මං දන්නවා එක රත් වූ යකඩයකින් රන්වන් අසිපතක් නිමවන්නාක් මෙන් අසීරු බව එකට කාලයක් යාවී .

නමුත් කාලයේ ඇවෑමෙන්  නිමවන රන් අසිපත අරගලයකට මුල පුරීමේ සංකේතයයි.. දහසක් මුතු මැණික් වලට වඩා

දහදියෙන් පෙගුනු කාසියක් ඇති වටිනාකම ඔහුට උගන්වන්න. ජීවීතයේදී ලබා ගන්න ජයග්‍රහණ පසු පස පවතින

පරාජය බවත් පරාජයේ දී අළු දුලි පිස දම නැවතී සිය දහස් ගුණයකින් ශක්ති සම්පන්න වී නැගිටින්නට ඔහුට ශක්තිය දෙන්න.

නමුත් ජයග්‍රහණයේදී උදම් අනන්නට නොව නිහතමානී සතුටක ඇති රසය ඔහුට පෙන්වන්න .. ඉරිසියාව  නමැති සතුරා ගෙන්

ඔහුව සැම විටම ඇත් කරන්න ..

පොත් තුලින් අප දකින ආශ්චර්ය ඔහුට විදින්නට එදා දෙන්න නමුත් , ඔහුට නිහදත්වයේ ඇති ගුප්ත බවත් ,

හිරු කිරණේ දගලන මි මැසි රංචු දිහා බලන්නටත් , අහසේ රග දෙන සියොතුන්ගේ නිදහස විදින්නටත් , නිල පාට මිටියාවතේ පවතින

මල් වල සුවද ලෝකයටා බෙදන සුළග ගැන සිතන්නත් කාලය ලබා දෙන්න ..

බොරුවෙන් ලබන ජයග්‍රහණයට වඩා සත්‍යයේ  සඳ රැස් කිරණින් ලබන පරාජය උතුම් බව ඔහුට දැනෙන්නට  හරින්න

සැම විටම හර්ද ශාක්සිය කෙරෙහි විශ්වාශය තැබීමටත් ඒ විශ්වාසය තුල උඩුගම් බල පිහිනන්නටත් ඔහුට දෛර්ය දෙන්න ...

උතුම් මිනිසුන් අතර උත්තරීතර වන්නට මෙන්ම මල් පෙත්තක් සමග සිනිදුව ගනුදෙනු කරන්නටත් යකඩයක් සමග රළුව ගනු  දෙනු කරන්නත්

ඔහුට මාර්ගය පෙන්වන්න ..

බලය භාවීතා කොට හදවත් දින ගැනීමට නොහෙකි බවත් සැම හදවතකටම ඇහුම්කම් දෙන්නටත් ඒ සියලු දේ සත්‍යයේ මුනතින් පෙර ගන්නටත්

දුක අතරින් සිනහවකින් මුව සරසා ගන්නටත්... කදුළු තුල පවතින යථාර්තය  දකින්නටත් ඔහුගේ හදවතට කාවද්දවන්න

නරුමයන් සමග ගනු දෙනු කරන ආකාරය මෙන්ම සියුමැලි බව තුල ඇති නොදකින භයානකත්වය ගැන ඔහුට

උගන්වන්න .  බුධිය මුදලට විකිණිය හැකි බවත් හදවත හා අද්‍යත්මය මුදල් කල නොහෙකි වස්තුන් බවත් ඔහුගේ හදවතට

කා වද්දවන්න...

ඇසින් දකින අයුක්තිය අසාධාරණය ඉදිරියේ රන් අසිපත ඔසවන්නට ආත්ම ශක්තියත් ඔහුට ලබා දෙන්න ...

ඔහුට කරුණාවන්ත වෙන්න නමුත් ඔහු අලංකාරයට පළදින අභාරණයක් නොවේ  සත්‍යයේ අසිපත ඔහු තුලින්

විද්‍යමාන වෙන්නට නම් ගින්දර වලින් ඔහු ඔප දැමිය යුතුයි .. පරාජයේදී නැවත නැගිටින්නට හදවත නමැති  සන්නායකය තුල අරෝපනයක් තබන්න .......



ඉර සියතින් ඇල්ලීමට වඩා අමාරු කාර්යක් වුවත් මෙය ඔබට කල හැකි උපරිමය කරන්න එය අනාගත

රන් අසිපතක පෙර මග සටහනක් වේවි ........
















18 comments:

  1. ශ්‍රේෂ්ඨ පියෙක්.. මෙතුමාගේ චරිතයෙන් ගන්න පුලුවන් ආදර්ශ බොහොමයි

    ReplyDelete
    Replies
    1. ඔව් එත් ලෝකේ වටිනා මිනිස්සු වැඩි කල් රැදෙන්නේ නැති එක ගැන නම් දුකයි

      Delete
  2. අවුරුදු හතරක්ම ඕක අපේ පංතියට ලියල ලියල කටපාඩම්.......

    “පොත් තුලින් අප දකින ආශ්චර්ය ඔහුට විදින්නට එදා දෙන්න නමුත් , ඔහුට නිහදත්වයේ ඇති ගුප්ත බවත් ,
    හිරු කිරණේ දගලන මි මැසි රංචු දිහා බලන්නටත් , අහසේ රග දෙන සියොතුන්ගේ නිදහස විදින්නටත් , නිල පාට මිටියාවතේ පවතින
    මල් වල සුවද ලෝකයටා බෙදන සුළග ගැන සිතන්නත් කාලය ලබා දෙන්න ..“

    මං මේටිකට පුදුම ආසයි.........

    ReplyDelete
    Replies
    1. ඔව් නංගියෝ අපිට ඒ දේවල් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා පොතේ තියන දේවල් වලට වඩා.....

      Delete
  3. ඉතාම ලස්සනට පරිවර්ථනය කරල තියනවා...ඇත්තටම වටිනවා..
    මගේ ලග තියනවා ගාමිණී කුමාර විතාන පරිවර්ථනය කරපු නෙහදුනන ලින්කන් කියන ඒබ්‍රහම් ලින්කන් චරිතාපදානය. ඒකෙත් මේ ලිපිය මේ වගේම තියනවා..හැබැයි ලියලා තියන විදිහ ටිකක් වෙනස්...අකමැත්තක් නෑනෙ මම ඒ පොතේ තියන ලිපියේ පිටපතක් මෙතන දැම්මාට

    "මුල් ගුරුතුමනි, මගේ පුතාට කියාදෙන්න සෑම මනුෂ්‍යෙයකු ම සත්‍යවාදී සහ සර්ව සාධාරණ නොවන බව. නමුත් ඔහුට කියාදෙන්න හැම තක්කඩියෙකු, දුර්ජනයෙකු පාසාම ගුණයහපත් වීරවරයෙකුත් මේ ලෝකේ සිටින බව. ඒ කියන්නේ හැම දෙනාම තක්කඩියන් නොවේ. තක්කඩියන් වගේම, යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්ථකාමී දේශපාලනඥයෙකු වෙනුවට රටේ සුභසිද්ධියට කැපවුණු යහපත් දේශපාලනඥයෙකුත් ඉන්න බව, මගේ පුතාට ඒතතු ගන්වන්න. සෑම සතුරෙකු පාසාම මිතුරෙකු සිටින බව මගේ පුතාට කියා දෙන්න. ඒ වගේම කියා දෙන්න නොමිලේ කාගෙන් හරි ලැබෙන ඩොලර් පහට වඩා, තමාගේ දහඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බව. ඒ බව ඔහුට ඒතතු ගැන්වීමට කලක් ගතවන්නට පුළුවන් බව මා දන්නවා. නමුත් ඒ සත්‍ය ඔහුට උගන්වන්න.
    පරාජය විද දරා ගැනීමටත්, ජයග්‍රහනය නිහතමානීව සතුටින් බුක්ති විදීමටත් මගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂ්‍යාකාරීව ඔහුව යටපත් කරන්නට, ඈත් කරන්නට ක්‍රියා කරන විට ඒවා ගැන කලකිරීමෙන් තොරව සන්සුන්ව සිටිමින්, සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තිය, රහස ගැන ඔහුට උගන්වන්න. තමන්ගේ හයිහත්තිය පෙන්වා මිනිසුන් බියගන්වන්නට එන අය මේ ලොව පරාජය කරවන්නට පහසුම අය බව ඔහුට අවබෝධ කරවන්න.
    මුල් ගුරුතුමනි, ඔබට හැකිනම් ඔහුට පොතපතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොව අහසේ සැරිසරණ කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මීමැස්සන්, නිල්වන් කදු බෑවුමක පිපී වැනෙන වන මල්, කියාපාන සදාතනික රහස ගැන ඔහුට නිවීසැනසිල්ලේ සිතන්නට ඉඩ හරින්න.
    වංචා කිරීම, හොරමැරකම් කිරීමට වඩා පරාජයට මුහුණ දීම ගෞරවාන්විත බවත්, අනෙකුත් අය කුමක් කීවත් තමන්නේ අවංක අදහස් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම ඉතා වටිනා බවත් මුල් ගුරුතුමනි, ඔහුට වටහා දෙන්න. ඒ වාගේම මුල් ගුරුතුමනි, මගේ පුතා පුරුදු පුහුණු කරන්න මෘදු මොලොක් මිනිසුන්ට මෘදු ලෙස සලකන්නටත්, රළු මිනිසුන්ට රළු ලෙස සලකන්නටත්, තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකරණයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම අයුතුකම තේරුම්ගෙන ක්‍රියාකිරීමේ ශක්තිය ඔහුට ලබා දෙන්න. සෑම කෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍ය අනුව කිරා මැන බලා හොද දේ පමණක් ගන්නට ඔහුට හැකියාව ලබාදෙන්න. කදුළු සැලීම ලැජ්ජාවට කරුණක් නොවන බවත් ඔහුට කියා දෙන්න. හැම දෙයකම වැරදිසොයන්නන් ගණන් නොගැනීමටත්, මිහිරි චාටු බස් දොඩන්නන් ගැන පරෙස්සම් වන්නටත් ඔහුට කියාදෙන්න. තමන්ගේ හිතේ ශක්තිය වැඩිම මිලට ඉල්ලන්නන්ට විකිණුවත්, තමන්ගේ හදවත සදහා කිසිවිටකත් මිලක් නො ඉල්ලන්නට ඔහුට උගන්වන්න. බොරු ඝොෂාවල් කරන සෙනග මධ්‍යයේ කන් පියාගෙන ඉන්න ඔහුට ධෛර්යය දෙන්න. නමුත් සත්‍යය යැයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්යවත්ව සටන් කරන්නට ඔහුට උගන්වන්න.
    මුල් ගුරුතුමනි, ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු හුරතල් කරන්නට එපා. වානේ හොදින් තැනිය හැක්කේ හොදින් ගිණියම් වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ජීවිත ගමනේදී තමාට හැඩි දැඩි රශ්මියක් එයින් තේරුම් ගන්නට සලස්වන්න, ඔහු කාටවත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට, දියුණු වීමට ඒ අත්දැකීම ප්‍රාෙයා්ජනවත් වන බව.
    ධෛර්යවත්ව දරාගතයුතු නිර්භිතකමට අවශ්‍ය ඉවසීම ඔහුට තිබිය යුතුය. හැම විටම තමාගැන උදාර උසස් විශ්වාසයක් ඇතිකරගන්නට ඔහුට උගන්වන්න. මුළු මහත් මිනිස් වර්ගයා ගැනම එබදු විස්වාසයක් ඇතිකර ගන්නට පුළුවන් වන්නේ එහෙම කලොත් පමණයි. එහෙත් ඔහුට මේ කියන අධ්‍යාපනය ලබාදීම බැරෑරුම් කාර්යයක් බව මා දන්නවා. ඒ නිසා මුල් ගුරුතුමනි, ඔබට හැකි හැමදෙයක්ම මගේ දරුවා වෙනුවෙන් මේ ආකාරයට කරන්න. එපමණයි, මගේ දරුවා ඒ අයුරු පන්නරය ලබන බව මට විශ්වාසයි... "

    ඔන්න ඔකයි ඒ පරිවර්ථනය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරුවෝ එක ගොඩක් වටිනවා ...........

      Delete
  4. හරිම වටිනා අදහස් ටිකක්...ගුරුවරයෙකුගෙන් ළමයෙක්ට ලැබෙන්න ඕන දේ පියෙක් කියපු හොඳම විදිහ...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම හිතනවා සයුරි .......

      Delete
  5. කලින් දැනගෙන හිටියත් කියවල තිබ්බේ නෑ
    වැදගත් ලිපියක් අය්යේ..

    ReplyDelete
  6. ඇත්ත, ජීවිතේට වැදගත් ලිපියක්.....................

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් වටිනා අදහස් ටිකක්

      Delete
  7. මම අදමද මන්දා ආවේ ආයෙත් එන්නං ,ඔන්න බ්ලොග් රෝලටත් දැම්මා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වසන්තයට ගොඩ වැදුනට ........ අයෙමත් එන්න මාව බලන්න ..........

      Delete
  8. අද කාලේ නම් කියන්නේ ඉස්සර වෙලාම විභාග ටික පාස් කරලා දෙන්න මොන කරන්නත් කලින් කියලයි. ආදර්ශමත් පියෙකුගෙ අදහසක්...

    ReplyDelete
  9. ස්තුතියි ලහිරු වසන්තයට ආදරෙන් පිලිගන්නවා ...............
    ඇත්තටම ළමයෙක්ට දෙන්න ඕන නියම අධ්‍යාපනය ගැන මේ ලිපියේ අපුරුවට කියවෙලා තියනවා ............

    ReplyDelete
  10. වැදගත් ලිපියක් සචිත් අයියේ.. ඔන්න අපිත් කියෙව්වා.. :)

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......