Saturday, June 2, 2012

වසන්තයට මං හැමදාමත් ආදරෙයි ................


සංසාරේ පුරාවටම ආත්මීය කදුළු නිරුවත් කරලා අපි හොයපු යථාර්තය මිරිගුවක් වගේ
සිසිලක් නැති වාලුකා කතරේ ඇතින් ඇතට ගියේ අහසින් පොලවට වැටෙන දිය දෝතක්
නමැති හුදු බලාපොරොත්තුව විතරක් අපේ හිත් වල ඉතුරු කරලා කියලා තේරුම් ගියේ
පාසල් යන කලේ නොතේරුණු බහු බුත ටිකක් හදවතම වෙලා ගන්නකොට ........

ජීවිතය ගැන කිසිත් නොදැන අතරමන්  වුනු හීන ගොඩක් අතරේ ,
රෝබෝරෝසියා  මල් පොකුරක් වගේ වගේ හිනැහෙමින් සුළගේ තාලයට නටපු
ජීවිතේ නැවුම්ම පරිච්චේදයක මුළු ජීවිතේටම අඩි තාලම වැටුනා කියලා  තේරුම් ගත්තේ ,
රෝබෝරෝසියා  මල් වසන්තය නිම වෙලා එක දෙන්නා බිම වැටෙන  කොට ...
එතකොට වසන්තය නිමා වෙලා..  උදේ වැටුණු පිනි  බින්දුවක සිසිල අපේ හිත් වලින් ඇත්
වුනේ ලෝකය හරි වේගෙන් දුවන හින්දා.. වසන්තය නිමා වුනේ හරියට අවරුදු 13 ක්
මොහොතකින් ගෙවී ගියා වගේ ..........






හිස් කඩදාසි කොලයක පන්සල් ඉරි ඇදල මකලා පාට පොවලා සිත්තරෙක්ගේ තෙලි

තුඩින් නිමා වුනු සුන්දර චිත්‍රයක් වගේ ජීවෙතේ ට පාට එකතු වුනු කලින් කියපු මල් පිපුණු
වසන්තයේදී  . ඒ එකතු වුනු පාට වලින් අනෝරා වැහි හිත් අහසට වහිනකොට බය නොවී
ඉස්සරහට යන්න ශක්තිය ලැබේවී කියලා එදා මල් වැස්සේ නටනකොට හිතුන් නැ....
හැල්මේ දුවන ලෝකය අතරල  පුරුදු සුන්දර සිහින අතර අතරමන් වෙලා ඉන්න හිතෙන හැම පාරම
උඩුගම් බලා පිනන්ට ගිහින් හති වැටිලා ඉව්රකට  වෙලා සුසුම් සලන් වෙයි කියලා කොහෙන්ද අපු කඩ හඩක්
මුණු මුණු ගානවා එත් පුළුවන් හැම වෙලේම ඒ හීන වල අතරමන් වෙන්න මන් පුරුදු වෙලා ....


හුලග අරන් ආපු වසන්තයේ සුවද එදා වගේ තාමත් මතක් වෙන්නේ ඒ සුළගේ ආපු සුවද

හිත පතුලටම ගිහින් තැන්පත් වුනු හින්දා . ඒ හින්දමද කොහෙද හදවත තනි වෙන වාරයක් වාරයක් පාසා
වසර 13 ක් පුර ලගින් හිටපු කට හඩවල් මහා ගොඩාරියක් එකින් එක  කනට කොදුරලා යනවා  වගේ දැනෙන්නේ.
වසන්තය නිමා වෙලා රෝබෝරෝසිය මල් එකින් එක බිම වැටුනට ඒ  මල් අයෙ පුදිලා වසන්තය උදා වෙයි කියලා
හැමදාම හිතෙන්නේ යථාර්තය නිරුවත් කරන්න හිතෙන හින්දම නෙමේ  ඒ රෝබෝරෝසිය  මල් පොකුර සදාතනික
මතකයක් වගේ හිත තුල තැම්පත් වෙලා තියන  හින්දා ...
වසන්තයට මං හැමදාමත් ආදරෙයි ................

15 comments:

  1. මාත් ආසයි වසන්තයට

    ReplyDelete
    Replies
    1. වසන්තයට මං හැමදාමත් ආදරෙයි ................

      Delete
  2. හරි ලස්සන වසන්තයක්.....:)

    ReplyDelete
  3. මට 'නිලන්ත සත්සර සමරජීව' මතක උනා..ඔහු ගේ ලියන විදියට හුරු කමක් මම මේකෙන් දැක්කා...කොහොම හරි බ්ලොග් අවකාශයේ මෙහෙම ලියන කෙනෙක් හමුවීම සතුටක්! ඉඩ ලැබුන හැම විටෙකම එන්නම්! ජය වේවා!

    ReplyDelete
    Replies
    1. වචන වලට මහා පුදුම ශක්තියක් තියනවා ඉතින් මව දෛර්යමත් කරාට ගොඩක් ස්තුතියි සහෝදරයා, ඒ වගේම ආදරෙන් පිලිගන්නවා වසන්තයට ............

      Delete
  4. ඇඩෙනවා...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. රෝබෝරෝසිය මල්.... ඒ මොනාද අයියේ? සිතුවිල්ල නම් හරි ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. වසන්තයට පිපිලා වසන්තය ඉවර වෙනකොට නැති වෙන ලස්සන මලක් ....... ස්තුතියි නංගියා......

      Delete
  6. ජීවිතේ කවදාවත් නැවත උදා නොවන වසන්තයට මමත් තවමත් ආදරෙයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ මතකය හැමදාම හදවතේ තියෙනවා මගෙත් ..... මේ පැත්තට අවට ස්තුතියි ....

      Delete
  7. මං නම් තාම වසන්තයේ අවසාන අවුරුදු දෙක ගත කරනවා
    ලියවිල්ල ලස්සනය් !

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලියා ඒ කලේ තමයි ලස්සනම කලේ වසන්තය ඉවර වෙන්න ලං වෙලා මල් පුදින කාලේ ....

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......