Saturday, June 9, 2012

නිරුවත

රාත්‍රී අන්දකාරය මුළු මහත් නගරයම වෙලා ගන්නා විට හාත් පස පුර පැතිරුණු මුසල නිහඩ බව
ඇගේ සියුමැලි පා තබන තාලයට බිදී ගියේ ඉදහිට ඇසුණු වාහන හඩක් සමගයි .
උදැසන  රොන් සොයා යන බබරෙකු ගේ තීක්ෂණ බව සමග සුරගණන් පරදවන ඒ නිල නුවන් තුලින් දුටු ලෝකයේ පාට විස්තර කල නොහෙකි මුත්
ඒ දෙනෙත් කියා පාවෙ හිස් බවක් . මහා වාලුක කතරක දිය දෝතක් සොයා මිරිගුවක්  පසු පස යන
මුව පැටවෙකුට වගේ විඩාබර  දෙනතක් , එත් ඒ දෙනෙත් දුටුවන් මන ඇද බැද තබා ගත්තේ බාදුර මලට
කෘමින් ඇදෙන්නා සේ  ඒ. දෙනෙත් දෙවගන පරදවන බව නම් කිව යුතුමයි ..


හමා ආ සුළග ඇගේ කේශ කලාපය සමග සෙල්ලම් කරද්දී ඇගේ මුව වස ගත් අව්‍යාජ සිනහව ඇගේ හදවත

තුල පැවති සොම්නස් කියා පෑවේ මුළු හදවතම ලෝකයට නිරුවත් කරමින් ඒ නිරුවත  සැනෙකින් වසන්නට ඇගේ වත වසා සිටි
රස දුන් සමත් වුවා ඒ නිසාමදෝ  නිරුවත් ඇගේ හිත දිහා බලන්න කවරුවත් හිටියේ නැ. වටිනාකමක් තිබුනේ නිරුවත්
ඇගේ රුප ශෝබාවට විතරමයි .

තාරුණ්‍යයේ සිහින අතර තනී වූ තිබී ඇගේ ලැම හුස්ම ගන්න තාලයට උස් පහත් වුනේ සිත තුල උපන් සිහින ඒ තුල
සගවමින්. එත් සිහින වෙනුවට ඇගේ ලැම බබර සිත් කලතන්නට සමත් වුනේ තාරුණ්‍යය අවීයක් වූ නිසා .
කැලතුනු බබර සිත් ගිනි ගෙන දෙවුණු අළු ගොඩක් ගිනි ගත් දේ සගවා තබන්නක් මෙන් සගවා තබන්නට උස්සහ කල
රහස ඒ අළු වගේම ඇගේ හර්ද  ශක්ශියත්  අළු ගොඩක් බවට පත් කලා..
රාගය නමැති තොටිල්ල ඇගේ මුළු මහත් ජීවයම මුදලට යට කලේ ලෝකයේ කුමන හෝ  වරදකින් .


සයනයක් තුල අදත් පාලු මුසල රැයේ  රතු හැගුම් සුළගේ පා කරේ දෙවගන රතු පාටට පෙම් බැන්ද හින්දම නෙමේ

ඒ තුලු තිබුනේ කියා ගන්න බැරි සොම්නසක් . රාගය තුල ඇය සදා අමරණිය හැගුම්  වලට පන පෙව්වේ ආත්මය
උගස් කරපු නය ගෙවා දාන්නට මෙන්.  එත් නුදුරේම දෙවගනක් වුවත් කාලය නමැති විස කුරු සර්පයා
රූ සපුව වෙලා ගත් විට ඇයත් අවලංගු කාසියක් පමණක්ම වේ . සැබවින්ම  නුබ දෙවගනක්මයි ...




නිදන සයනේ

මුනින් තලාවට
යෙහෙන්
වැජබෙන
තිසර තන
යුග
පොවයි මී
විත
රුදුරු දන
හට ...............
රැයේ පුරහද
ගෙනෙයි
අම පැන්
නග්න සිරුරට
එත් .............
සිත නුබේ
වේලි යයි
පුර හදින්
කළුවර ...........





24 comments:

  1. ම්ම්ම්.. වෙනස් විදියෙ ලියවිල්ලක්... තවත් එක ඇත්තක් ගැන...

    ReplyDelete
    Replies
    1. වසන්තයට ගොඩ වැදුණු හිතුවක්කාරිව ආදරයෙන් පිලිගන්නවා ... ස්තුතියි

      Delete
  2. ගැබුරටම හිතුවොත් මේ යතාර්ථය කොච්චර නරකද.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ ගැන හිතන්න බොහෝ දේ ඉතුරු වෙලා තියනවා ......

      Delete
  3. වීදි සරන ළඳුන් ගෙන නේද මේ

    ReplyDelete
    Replies
    1. නැ. විදි සරණ දෙවගනක් ගැන ... ස්තුතියි මාව බලන්න ආවට

      Delete
  4. lama pamanak lowata penena
    Laya nopenena ladune.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ වගේම ආදරෙන් පිලිගන්නවා වසන්තයට .........

      Delete
  5. වෙනස් විදිහට යතාර්ථය....ලස්සනයි...

    ReplyDelete
  6. මම ගොඩක් කැමති මචෝ මේ වචන සෙට් එකට. සුභ පැතුම් !!!

    සෙව්වන්දියෝ ගැන ඉතින් කවර කතාද ?

    ReplyDelete
    Replies
    1. පාට එකතු කරන්න හදන වචන වලට වටිනාකම් දෙනවට ගොඩක් තුති ........:D

      Delete
  7. එකෙත් හැටි නේද, කවිය ලස්සනය් ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුබුදු .....

      Delete
  8. මට නං ආ...............සයි.... :-))))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජටනම් ඉතින් අන්තප්පුරත් ඇතිනේ :P

      Delete
  9. ලස්සනට ලියලා තියෙනවා ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මට ශක්තියක් වුනාට රොබින්

      Delete
  10. ලස්සන කවියක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තාරා...........

      Delete
  11. වෙනස් කෝණයකින් බලලා තියෙන හැඩයි මම මීට කලින් මෙහෙ ආවාදෝ කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ස්තුතියි යාලු.... :D

      Delete
  12. sinhalen liyanna bari una eka gana samma weyan sachiyo....
    adahasa nam mal7.... thathwaya nam duk barai

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......