Tuesday, July 3, 2012

කොළ කැලි ...

අද කාමරේ හුග කාලෙකට පස්සේ අස් කලා පොත් අතර තිබුණු නිසදෙස් කියලා මං හිතන් ඉන්න මං ලියපු කොළ
කැලි ටිකකුත් අතරින් පතර තිබුණා ඉතින් ඒ ටිකෙන් කිහිපයක් මට බ්ලොග් එකට දාන්න හිතුනා සමහර ඒවා
මුණු පොතට දාලත් ඇති කොමෙන්ට් විදිහට දාලත් ඇති ............ ම්ම්ම්ම්ම් තව දෙයක් මට ගොඩක් ලස්සනට නිසදැස් ලියන්න බැ
ඉතින් මගේ විකාර සිතුවිලි කියවලම  බලන්නකෝ අපරාදේ වෙලාව  කියලා හිතිලා මට එහෙම බනින එපා ඔන්න නොකිව්වා කියන් එපා........

 1.
වරක්
තව
එකම
එක වරක් ............
සිනා සෙන්නට
එක්ව හඩන්නට
ලැබුනොතින්
වරම්............
ලියමු
අපි කවක්
පොඩිම පොඩි
පැලක් ලග
නතර වී
ඉතින් ...........


2 .
සොදුරු සිහිනෙක
තනිව
අඩන සිත......
එකම හුස්මක
දැනෙන
ඒ මල් සුවදට ..........
වැටෙන
කදුලට
පිපෙන
පැතුම් මල් පොදි...........
රකින්නම්
සදාකල්හිම
යලිත් එන
තුරා.............
රැදෙන්නට
නෙත අග
පිපිණු
ඒ සුපෙම් මල් ...........




3.
 නුබේ සුවද පිරුණු
අපේ ආදරේ ............
සමරු පොතක
ලියවී ඇත්තේ ..........
නිල් දෙනතින් කියවුණු
හැම දේ .............
තවමත් මගේ
හදවතේ තියේ ..............
සොදුරු හැගුම් හදේ මවපු
අපේ අතීතේ ...........
එදා ලෙසම අදටත් මගේ
මතකයේ ඇතේ............
තනිව දොඩපු පුංචි පුංචි
රුක් ගොමු අස්සේ .......
මගේ මතක තවමත් දිව
යනවා සේ දැනේ .............
නුබ ඇතක මං ඇතක සිටින
වෙලාවේ ................
ඇයත් එක්ක ඉන්නා විට
නුබ මට සිහි වේ ...............




4.
 සිනා මුවින්

හිතේ රිදුම්

සගවන්නම්.............

බිදුණු සිතින්

තිබු ආදරේ

පැතුම් මතින්

නොසයන්නම් .................

ඇත දුරක

නුබ වෙනුවෙන්

මං ඉන්නම් ......
නුබේ සිනා
දැකලා සිත
සනසන්නම් .............





5.


 මග තොඩදී

හමු

වී

දෙඩු

පෙම් බස්

වියකි ගියා

පිනි දුටු

හිරු සේම .............




6.


 බවයෙන් බවේ

පැතුමන් පතා

අප ආ මගේ

සුසුමන් සලා



ලියු ගී වැල්

අලුත් පිටුවක් පුරා
තනුවක් සේයු අපි
ජීවෙතේ පුරා


ආදරේ පුංචි සිතුවම් මවා
පැතුමක් ලෙසින් ඔබ ඉපදුනා
දෙහදක ආදරේ දෙන්නම් සදා
ඔබ අපේ පුංචි දු කුමරිය නිසා







7.
 (රතු පාට..............)
නුබ ඇන්ද

රතු ගව්ම...............



රතුම රතු

නියගලා මල

පරදවයි ..............

උදා හිරු එළියේ
නුබේ දන යුග
දිලෙන ලස්සන
මගේ හිතෙත් ...
රතු හැගුම්
පුපුදුවයි...............


රතු පාට
දිලෙන ගිනි දැල්ල
පොපිය පොපියා
නටනකොට ............

නුබ සිහි වී
දෙනෙතින් වැටුණු
රතුම රතු
කදුළු බින්දුව ..........
රතු ගාපු
පොලොව මත
පතිත වේ .............


රතු පාට
නුබේ නෙතට
රහසින්...................

 (මේක නම් මං බ්ලොග් එකේ මිට කලින් දාලා තියනවා)




8.


 සයුරු තෙරේ තනි
වෙන්නට
මල්
වැස්සේ .............
 නුබ   එක්ක
උණුසුම්
සුසුමේ
වේලෙන්නට
පිනි
වැටෙනා
රාත්‍රියේ ...........
මද සුළගේ
මුදු
සුවද
අරන් යන්නට
වරම්
දුන්නොත්
කෙදිනක
හෝ
වසන්තයක්
වෙන්නම්
සත්තකින්ම .......
දිවී
තිබෙන
තුරාවටම ............






9.
 ගිනි ගහන
දහවලේ
ලය සුසුම්
පොදි බැදන් .......
වැටෙන දා
බින්දු
පිස
ගනින්
ලොවට
රහසෙන්...........
කන්නට
එක වේලක්
වත්
තව ටික දොහක්
වත්
ඉන්නට .............


33 comments:

  1. පොත් අස්සෙත් සෑහෙන්න ජාති තිබිලා නොවැ

    ReplyDelete
    Replies
    1. මටත් පුදුම හිතුනා :D

      Delete
  2. අපේ හිතේ පොපියන සිතුවිලි පෑනක් අරන් කොලයක ලස්සනට හිතට වදින්න හැමෝටම ලියන්න බැහැ. එහම ලියන්න try කරත් මෙලෝ රහක් නැහැ. ඒ උනාට උබ ලියන එක මගේ හිතට වදිනවා.......
    මොකද උබ ලියන කලාවට මම කැමති මල්ලා....
    දිගටම ලියපන් අපි බලන් ඉන්නවා.....
    ප.ලි. - උබ මගේ රුමා....... කාමරේ අස් කරපු එක ලොකු දෙයක්.....

    ReplyDelete
    Replies
    1. උබටනම් මොකද මමනේ අස් කලේ ........... ස්තුතියි අය්යා......

      Delete
  3. පදවැලක
    එතී
    ජීවිතය
    ඔබ අකුරු කෙරුවේ..
    හිත රැඳෙන
    පද දිගේ..
    ජීවිතේ
    ගැලපුවේ..
    ලස්සනයි මල්ලියේ..තව තවත් ලියන්න..සොඳුරුය කවිකම් ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ ............ අයෙමත් එන්න

      Delete
  4. නියමයි...
    ලස්සනට ලියලා තියෙනවා...
    ජයවේවා!!!!!!!

    ReplyDelete
  5. අම්මටසිරි උබ ඇස කලාද, ලොකු දෙයක්.. එල එල රූමා හෙට පාටියක් දාමු... හෙහෙහෙ..........

    ReplyDelete
    Replies
    1. එල එල උබේ ගානේ එහෙනම් :D

      Delete
  6. 2,3,7 මම ආසම ඒ ටිකට ..හරිම ලස්සනයි මල්ලා හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෝ එක නෙමේ මට ටියුෂන් දෙනවා නේද? :D

      Delete
  7. ලියන්න බෑ කිව්වට ඔය ලියලා තියෙන්නේ ලස්සනට...

    ReplyDelete
    Replies
    1. ලියන්න උස්සහ කලා සාර්ථකද මන්දා ස්තුතියි

      Delete
  8. පට්ටනේ ඈ.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D ඕකමනේ හැමදාම කියන්නේ රජෝ

      Delete
  9. ලියන්න බැරි කමක්නම් පේන්නේ නෑ මේවා කියෙව්වම, ලස්සනයි ඒ වගේම අමුතුයි

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ස්තුතියි හිතට එන ඒවා ඔහේ අකුරු කරනවා .......

      Delete
  10. mh........kavi tika godak lassanai sachith ayya..

    ReplyDelete
  11. 8වෙනි කවියට ගොඩක් ආසයි............

    ReplyDelete
  12. හ්ම්ම්ම් කවදා හරි නංගිටත් වසන්තයක් වෙන්න පුළුවන් වෙයි කගේ හරි ජීවිතයකට ........

    ReplyDelete
  13. ලස්සනයි ගොඩක් මල්ලි... මුලින්ම කවි කියවන්න ගත්තම මේ ඉලක්කම් මොනාද කියල බැලුවා... බැලින්නම් කවි වැලයි නේ....:)))

    ReplyDelete
  14. ස්තුතියි අනු අක්කෝ ..............

    ReplyDelete
  15. ලියන්න බෑ කිව්වට මේ යස අගේට ලියල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ටැංකුයු යාලු ......

      Delete
  16. නියමය් මචන් ..... ඕව කොච්චර පරනය් ද?

    ReplyDelete
    Replies
    1. ගොඩක් පරණ නැ වැඩිම වුනොත් මාස 6 ක් විතර ස්තුතියි මචෝ

      Delete
  17. ගොඩක් ලස්සනයි... ඇත්තටම ලස්සනයි.... දිගටම මේ බ්ලොග් එක පැත්තට එන්න හිතෙන තරමට සිත් ගත්තලු...

    ____සිහින මදාරා_____

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු ආදරෙන් පිලිගන්නවා දිගටම එන්න එන්න වසන්තයට ...........

      Delete
  18. ම්ම්ම්...ලස්සනයි...

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......