Saturday, August 18, 2012

~~~~ වැහි බින්දු~~~~

මුළු පරිසරයම වසා ගත් කළු අන්ධකාරය සමගා මුසු වුනු මහා සුලන් රැල්ල ඔරෝලුසුවේ කටු කැරකෙන තාලයත් සමග 
එන මහා වරුසාවක පෙර නිමිති වර්තමානයේ සටහන් කරන්නට වුනා....... සිහිල් සුලන් රැල්ල ගත සිත අලුත් ප්‍රබෝදයකින්  
උතුරා යන්නට වුනා .......... වැහි බිදු එකෙන් එක මහ පොලොව සිප ගත්තේ කාලෙකින් හමු වන පෙම්වතෙකු 
තම පෙම්වතිය මත තබන ප්‍රථම හාදුව වගේ නිකැළැල් බවකින්..... 
වසන්තය නිමා වෙලා ජිවීතය ගෙවී ගිහින් දුර ඇතක මතකයන් ගොඩක් හද තුල තැම්පත් වෙලා අතීතයේ දවසක 
නිල් පාට කොට කලිසමක් එක්ක සුදුම සුදු පාට සර්ට් එකකුත් ඇදගෙන මේ වගේම මහ පොලොව සිප ගන්න 
වැහි බින්දු එක්ක මහ වැස්සේ  නටපු හැටි තාමත් හදවතේ කොනක ඉදන් මැවී මැවී පෙන්නේ අතීතයේ 
එකමත් එක කාලෙක මේ වැහි බින්දු වලට පෙම් කල හින්දා කියලා මම හොදටම දැනන් උන්නා.... 



එත් අයෙ ජීවිතේ  කවදාවත්ම වැහි බින්දු ඒ  තරම් සැහැල්ලුවෙන් විදින්නට හම්බෙවී කියලා ඒ පුංචි හිතට දැනුන් නැ....
ඒ වැහි  බින්දු  බර වැඩි  වුනු හින්දා නෙමේ ඒ තරම් සැහැල්ලුවක් හිතුවිලි වල තිබුණ නැති හින්දා කියලා 
මට අද හිතෙනවා ........
කාලය ............ ලොව ඇති අපුර්වතම වස්තුව ජීවිතයට උපතක් ලබා දෙන කාලය ජීවිතය නැවත ගන්න කාලය ........
.....................................................................................................................................................
පුළුන් රොදක සුසිනිදු බව බරක් නොදැන  මුවීන් පිට වුනු වචන වල තිබුණු සුපෙම්බර බවත් කැටි කොට ගත්තු 
ඇගේ දැතින් මගේ දැගිලි එකට බැදී ගීය ඒ බැදීමත් එක්ක වැහි බින්දු වල තිබුණු ලෙන්ගතු කම මට තාමත් මතකයි 
ඇගේ ලැමට තුරුළු වුනු මගේ  පොත් මිටිය ඔව් සීතලට උණුහුම හොයපු ඒ අතීතයේ දවසත් අද වගේමයි 
මහ පොලොව සිප ගත්තු ඒ අනෝරා වැස්ස එදා වගේමයි එත් කාලය ඉගිලිලා ............
බස් එකේ ජනේලයෙන් පෙනුණු බස්  හෝල්ට් එකේ තිබුණු බැංකුව දිහා මට දෑස යොමුවුනේ   සිතා මතා නම් නෙමේ .........
අතීතයේ වගේම පොත් ගොඩකින් ඔලුවට ලැබෙන පීඩනය මොහොතකට හරි නිමා කරන්නට අපි වගේම තවත් 
2 න්නෙක්ට ඒ බැංකුව අද නවාතැන් සපයලා... නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි සොයා ගීය ලෝකයත් එක්ක 
හැමදේම අතීත මතකයන් වෙලා අපි අපේ ලෝක වල තනි වෙලා ... එත් ඒ බැංකුව එදා වගේම හෙටත් තව තවත් හදවත් වලට තෝතැන්නක් වේවි ..
අයෙම කවදාවත්ම මේ වගේ වරුෂාවක බොලද හැගුම් සිතල සුළගේ පා කරන්නට කාලය ඉඩක් දෙන් නැති බව මං හොදටම දැනන් උන්නා ...
.............



සුළග වේගයෙන් හමා ගියේ හදවතේ සිතුවිලි උපදින වේගයට සරදම් කරන්නට මෙන්. කාලය සුළගේ වේගයෙන් ගෙවිලා ගිහින්
මේ වගේ වැහි  බින්දු එකිනෙක මහ පොලව සිප ගත්තු මගේ කදුළු ඒ වරුශාවේම හිමිට දිය වෙලා වැටුණු 
ඒ අතීතයේ දවස තාමත් මතකයි ... පියාණන්ගේ  නිසල දේහය අවසන් ගමන් ගීය ඒ කාලකන්නි දවසෙත් මේ විදිහටම 
වැහි බින්දු  මහ පොලව සිප ගත්තේ අද  වගේමයි .................... ජීවිතය සොයා දිව ගියත් කොහේ කොතැනක කොහොම හිටියත් 
මේ වැස්ස එක්ක තියන බැදිම හින්දමද කොහෙද ටිකක් නතර වෙලා හදවතේ හඩට ඇහුම්කම් දෙන්න මං පුරුදු වෙලා ...



කාලය ඔබ නම් අරුමයකි........... වැස්ස  මේ ඔබෙත් මගෙත් බැදීමේ අවසනය නොව තවත් ඇරබුමක් පමණි
තව තවත් මහ පොලව සිප ගන්නා වැසි බින්දු මෙන්  මගේ සිත සිප ගත්තු මේ වැහි බින්දු තව දහසක් දේ සමග 
මා    එන මග බල සිටින බව මම දනිමි ඉතින් ඔබට මම වර්තමානයේ සමු දෙමි 
අනාගතයේ   දිනක නුදුරේම  යලිත් හමුවෙන බලාපොරොත්තුව ඔබට දෙමි ..........................ජීවිතයේ දේදුන්න පායන තුරාවටම ............

22 comments:

  1. hmm........lassanai ayya.hamadama wagema adath mekath hithata waduna ayya.moko ayya goda dawasak penna hitiye naththe....?

    ReplyDelete
    Replies
    1. පහු ගිය ටිකේ ටිකක් සනීප නැතුවත් හිටියා ලියන්න තරම් හිතේ නිදහසක් තිබුනෙත් නැ නංගි ස්තුතියි .............

      Delete
  2. // දිනක නුදුරේම යලිත් හමුවෙන බලාපොරොත්තුව ඔබට දෙමි.
    …මමත්....

    ReplyDelete
    Replies
    1. මම වගේම ...ස්තුතියි :D

      Delete
  3. 'වැස්ස මේ ඔබෙත් මගෙත් බැදීමේ අවසනය් නොව තවත් ඇරබුමක් පමණි'

    මේ ටික තමා මම කැමතිම ..හරිම ලස්සනට ලියල තියනවා යාලු..:)

    ReplyDelete
  4. Replies
    1. තාම ආදරයක් දැනිල නැ වගේ :P

      Delete
  5. "ලොව ඇති අපුර්වතම වස්තුව ජීවිතයට උපතක් ලබා දෙන කාලය ජීවිතය නැවත ගන්න කාලය"

    සුන්දර වදන් පෙළක්...අපේ ජීවිත වලට වැස්ස හරස් වෙන වෙලාවල් කොයි තරම් නම් තියෙනවද? ඒත් ඒ හැම වෙලාවෙම මං මතක් කරන්නේ වැස්ස ආශිර්වාදයක් කියලා....

    ReplyDelete
    Replies
    1. අලුත් යාලුවෙක් වසන්තයට පිලිගන්නවා සාදරෙන් අයෙමත් එන්න ස්තුතියි යාලු ....

      Delete
  6. Replies
    1. හ්ම්ම්ම් කියල වැඩක් නැ...........

      Delete
  7. හැම අවසානයක් ලඟම ආරම්භයක් බලා හිඳී.. ඒ ආරම්භට පිළිගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ..
    ජය වේවා!!

    ReplyDelete
  8. ස්තුතියි
    ඔව් ඒ කතාව ඇත්ත මන් හරිම ආසයි ඒ ආරම්බය පිළිගන්න :D

    ReplyDelete
  9. //මා එන මග බල සිටින බව මම දනිමි ඉතින් ඔබට මම වර්තමානයේ සමු දෙමි
    අනාගතයේ දිනක නුදුරේම යලිත් හමුවෙන බලාපොරොත්තුව ඔබට දෙමි ..........................ජීවිතයේ දේදුන්න පායන තුරාවටම .........//

    හිත රැදුණු කොටස.. ලස්සනයි ගොඩක්.. අළුත් වැස්සකින් වියලුන වසන්තය දළු ලන්නට සුබ පැතුම්..!!

    ReplyDelete
    Replies
    1. ඔව් මාත් බලන් ඉන්නේ වසන්තය උදා වෙන ඒ වැස්ස එනකන් ස්තුතියි .................

      Delete
  10. පායන්න යයි කියමි ජීවිතයේ දේදුන්න..

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා වසන්තයට ස්තුතියි රෙහානි..............

      Delete
  11. ලස්සනයි මල්ලියා....
    වැස්ස කඳුලු හංගනවා වගේම...
    වචනෙන් කියවෙන් නැති ගොඩාක් දේ කියනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෙ.. වැස්ස මගෙ කදුලු හංගපු එ දවස මට අමතක වෙන්නෙ නැ... එ වැස්ස එදාම මට ජිවිතෙට මුන දෙන හැටුත් ඉගැන්නුවා.......

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......