Sunday, October 14, 2012

වසන්තය නිමා වෙලා.....


වසන්තයෙ පිපුනු මල් එක දෙක බිම වැටිලා ගී ගයපු කුරුල්ලො කොහොදො හැන්ගිලා
සිතුවිලි ගගුලම වියැකිලා ඉරි තැලිලා  වසන්තය හිතුවටත් කලින් නිමා වෙලා.
වෙනදා රන්චු පිටින් ඉගිලුනු සමනලුන් හිරු දුටු පිනි බින්දු සේම ඇත ඉගිලිලා..
පෙම්වතුනට සිසිල දුන්නු මහ වෘක්ශයන් කොල සෙරම බිම දාලා නිමා වු වසන්තයට හැමොටම
කලින් සුදානම් වෙලා. අඩන මහා පොලව අහස දිහා බලන්  හුල්ලන සද්දෙට දුවිලි රන්චු පිටින් 
ඉගිල්ලිලා එහෙ මෙහෙ අත දුවනවා වියලි සුලග මහා පොලව සිප ගන්නෙ වෙනදා වගෙ ආදරෙකින් නෙමේ.


සිත් යාය හමා ගිය සුවද පිරුනු සිතුවිලි ගගුල දුක් කදුලු වලින් වියැකිලා ගිහින් කොහෙන්දො ආපු 
කාර්යබහුල බවක් පුදින මල් දිහා බලන් ඉන්නෙ පුන්චි පොහොට්ටුව කාලෙදිම මල් සුවද අරන් නොපිපුනු
සිතුවිල්ලක් සේ මල කටුක මහ පොලොව මත සතපවන්න බලාගෙන..
කටුක වුත් නිරර්තක නොවුත් බලාපොරොත්තු විරහිත වුත් යාතාර්තය නම් වු මහා පොදු සාදකය යලි යලිත් සනාත
කරමින් වසන්තය නිමා වෙලා. වෙනදටත් කලින් ඉඩොරය සතුටු සිතින් නිමා වු වසන්තයෙ භුමිය අත් පත් කරගෙන.
තබන පියවර වලකන්නට පෙර මං බලා සිටි ඇනෙන උල් කටු ජයග්‍රහනයෙ ප්‍රිතිය ඉඩොරය එක්කම 
සිනා වෙනවා..
කිසිවෙකුත් නොදකින නොසිතන මහ පොලව යට ඇති මුල බිජයන් අහසින් වැටෙන අසැනි වැස්ස බලගෙන ඉන්නෙ 
අලුත් මල් පොහොට්ටු පුපුදුවන්න හිතාගෙන. නියගලා මලෙහි වු සුන්දරත්වය අත් විදිමින් සිටි සොදුරු හදවත් වලට
අලුත් නියගලා මල් පොහොට්ටු එකක් දෙකක් නෙමෙ දස දහස් ගුනයක් එකතු කරන්න හිතාගෙන..
රොස මල් ගස් වල කටු විතරක් ඉතුරු වෙලා බලන් ඉන්නෙ රතුම රතු මල් පොහොට්ටුවක් හිමින් සැරෙ අයෙමත්
සුවද බෙදා දෙනකන්..


අහස් කුස මහා පොලව දිහා බලාගෙන මොන මොනවද මුමුනනවා ඒ ඉවසපං පමා වෙලා එන වසන්තය වෙනදටත්
වඩා ලස්සනයි කියන්නාක් මෙන්..
දවසක ඉඩොරය නිමා වෙලා අයෙමත් වසන්තය උදා වෙවි . වසන්තය එනතුරා පෙර මං බලා සිටි සමනලුන්
අයෙමත් රන්චු පිටින් ඇවිත් ගී ගයාවි.. වසන්තයෙ අරාදනාවත් අරගෙන අසැනි වරුශාව මහ පොලොව සිප ගන්නකන්
මහා පොලොව බලන් ඉන්නවා.. සිතුවිලි යටපත් කරන් හිටපු හැම පොදු සාදකයක්ම එ වරුශාවෙ දිය වෙලා 
යාවී.. ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා...
අලුත් මල් සුවදක් අරන් අලුත් දිය දොතක් එක්ක නැවුම් සුලගක වසන්තයෙ පෙර මං සනිටුවහන් වෙවි...


වහින තුරු අසැනි වරුශාව ඉඩොරයට ඉඩ හසර ලබා දෙමින් වසන්තය නිමා වෙනවා..
ඒත් ලගදිම ඉඩොරය නිමා වෙලා වසන්තය උදා වෙනවා සත්තයි...  ගි ගයා නටන්නට සමනලුනට අරාදනාවක්
මල් සුවද එක්ක එවනවා සත්තයි............
ස්තුතියි..................................................................

36 comments:

  1. වසන්තය පමා වෙලා ආවම වැඩියෙන් අගෙයි ලු

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි පමා වු වසන්තයෙ වටිනාකමත් වැඩියි...

      Delete
  2. හුටා !!! .......... දිගයි යකෝ ......... වසන්තයට සුභ කිව්ව

    ReplyDelete
  3. හ්ම්ම්ම් ස්තුතියි මිතුර...

    ReplyDelete
  4. අහා..පට්ට සිතුවිලි ටිකක් නේ..වසන්තයට ආරාධනාවක් ම තමයි මේක නම්.. :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එකනෙ එ නමම දැම්මෙ ස්තුතියි .....

      Delete
  5. අහා මලයා..... හා හා //ඒත් ලගදිම ඉඩොරය නිමා වෙලා වසන්තය උදා වෙනවා සත්තයි... ගි ගයා නටන්නට සමනලුනට අරාදනාවක්// මේ ටිකට මම කැමති....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් අක්කො ඒ ටිකට මාත් ආසයි :D

      Delete
  6. වසන්තය ආවමත් එපා වෙනවා බං...
    කමක් නෑ...
    එක්කො ඔන්න ඔහෙ එන්න දීපං..

    ReplyDelete
    Replies
    1. එත් ඉතින් ඉඩොරය ඉවර වෙලා වසන්තය එනවාමයි....... :D

      Delete
  7. 'රජ සිටු මැතිවරු මිලට අරන් වසන්ත සල්පිල්'
    ඒ නිසා වෙන්නැති වසන්තය ප්‍රමාද!:)

    ReplyDelete
    Replies
    1. ඔව් එකත් කියන්න බැ තමයි එත් පමා වෙලා හරි වසන්තය එවිනෙ...

      Delete
    2. නුවන් ගේ කතාව තමයි කතාව..එහෙමත් වෙන්න බැරි නෑ තමයි..:D :D

      Delete
    3. ඔව් ඔව් කියන්න නම් බැ තමයි ........... :-)

      Delete
  8. දිග උනාට මට සිරා මචං
    අද වැස්ස නිසාද මෙව්වා හිතට ආවේ?
    නැත්නම් කලින් ලිව්වා එකක්ද?

    ReplyDelete
    Replies
    1. අද තමයි ලිව්වෙ වැස්ස නිසාද දන් නැ :D ටිකක් තෙමුනා එ හින්දද කොහෙද :P

      Delete
  9. Replies
    1. හ්ම්ම්ම් ස්තුතියි අක්කො....

      Delete
  10. නියම වචන සෙට් ටික ඈ..වසන්තය ප්‍රමාද වන එකටනම් මං කැමති නෑ,

    ReplyDelete
    Replies
    1. නැ නැ පොඩි විවෙකයක් විතරයි අයෙත් ඉක්මනටම වසන්තය උදා වෙනවා...

      Delete
  11. පමාවූ වසන්තය... සුපිරි ඈ... ජය වේවා...

    ReplyDelete
  12. ගුරු ගීතය මතක් වුනා. එකෙත් මේවගේ වාක්‍ය ඛණ්ඩයක් තියනවා. වසන්තය එනවා සත්තයි,

    ReplyDelete
    Replies
    1. ඔව් හැමදාම ඉඩොරය තියෙන් නැ වසන්තය එනවාමයි...

      Delete
  13. ඔයාගේ ලියවිලි ගැනනම් ඉතින් කියන්න දෙයක් නැහැනේ :) ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හිමාවී අක්කො.... :D

      Delete
  14. ලස්සන අදහස් ටිකක්...
    ප්‍රමාද වෙලා හරි වසන්තය එනවනම් ඒක ලොකු දෙයක්නේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් වසන්තය අයෙත් එනවා සත්තයි....

      Delete
  15. වසන්තය ඉක්මනින් ම ඇවිදින් ගොඩාක් කල් තියේවී.... හැබැයි අපේ හිත් ඒ වගේම සුන්දරයි නම්!

    ReplyDelete
    Replies
    1. ඔව් ලහිරි වසන්තය විදින්න නම් ලස්සන හදවතක් තියෙන්න ඔනි.... :D හොඩක් අයට නැත්තෙත් එකමයි...

      Delete
  16. ඇහ් වසන්තයා ඇවිත්ද....මං ඕකා අල්ලගන්න හිටියේ...
    ;)
    ජය වේවා කිව්වා

    ReplyDelete
    Replies
    1. :P..... වසන්තයා යන්න කලින් අල්ල ගන්න වෙයි පුතො...

      Delete
  17. wasanthaya awama apitath kiyannako........hodada. :):)

    ReplyDelete
    Replies
    1. ඔව් නංගියො ඔයාට කියනවාමයි මම :-) .... වසන්තයෙ මල් සුවද සමනලයෙක්ගෙ අතෙ එවන්නම් මම ...

      Delete
  18. මාර හැන්ගීමක් දැනෙන්නේ යාලු ඔයාගේ පොස්ට් කියවද්දී...

    .....ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක් යාලු :D

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......