Saturday, May 26, 2012

අරගලය

 අපි අරගල කලේ දිනන්නට නෙමේ  නිදාගෙන හිටපු මිනිස්සුන්ව අවධි කරලා, සත්‍යයේ
සඳ රැස් කිරණින් ලෝකය නාවන්නට..  අපිට රැක ගන්න දේකුත් ඉතුරු වෙලා තිබුන් නැ
දිනන්නට දෙයක් තිබුනෙත් නැ .. හිස් වෙලා තිබුණු ජීවිත වලට තිබුනේ අරගලයේ බලාපොරොත්තුව
විතරමයි... එකත් හරියට ක්සිතිජය වගේ ලං වෙන්න ලං  වෙන්න ඇත් වෙනවා . එත් අපි අරගලය අත අරින්න සුදානම් නැ.
අපිට තිබුනේ පාරවල් 2කයි එක්කෝ පරාජයේ නින්දාවත් එක්ක මරණය වැලද ගන් ඕනා නැත්නම් ක්සිතිජය
හමා යන ඕනා  අපි ක්සිතිජය හමා ගියා.............







 අපි ආදරේ කලේ රුධිරයට විතරයි.. අපිට ආදරේ කියන හැගීමට සංවේදී වෙන්න වෙලාවක් තිබුන් නැ
තිබුනේ අරගලය ඉදිරියට අරන් යෑමේ නොසිදෙන පිපාසයක් විතරයි . අපි පනටත් වඩා ආදරේ
කරපු රුධිරයත් එක්ක සෙල්ලම් කරපු කළු යක්ෂයා අපේ රුධිරය එක්ක සෙල්ලම් කලා.
උන් අපේ රුධිරයෙන් ජය පැන් බිව්වා එත් අපි අරගලය අත ඇරියේ නැ ....
සහෝදරත්වයේ නාමයෙන් අපි බැදිලා හිටියේ එක දම් වැලේ පුරුක් වගේ එත් .......................
ජීවිතය සිගමන් යැද්ද එක කාලකන්නියෙක් අපේ ජීවිත උගස් කරලා කියලා දැන ගන්නකොට
උන් අපිව වට කරලා. දම් වැලේ පුරුක් එක දෙන්න බිම වැටෙනකොටත් අපි සටන් කලා.
අකලට මල් පිපුණු  මහා පොලව රතු පාට වෙලා තිබුනා කියලා මන් දැක්කේ එදා තිබුණු මුසල
නියෝන් ආලෝකයෙන් යාන්තමට වගේ.......................
...................................................................................................................................................
කළු පාට බූට් සපත්තු වල පාර පපුව පුරා රිදුම් දුන්නා. ජීප් එක පුරා ගලා ගියා රුධිරය මරණය
තෝරා ගනිං කිව්වට අන්තිම හුස්ම වා තලයට මුසු වෙනකන් අරගලය අත අරින්න එපා කියලා
හර්ද ශාක්ෂිය කැ ගහනවා මට මතක එච්චරයි .........................................






සිහිය එනකොට මං හිටියේ අඩි 2 යි 3 නේ කාමරේක තිබුණු පෝර උරේක. මං දගලන සද්දෙට ආපු
කළු යක්ෂයන් අතේ තිබුණු නියපොතු උගුල්ලනකොට ඇහැට වැටෙන්න  කදුළු තිබුන් නැ
දිග ශාලාවක කෙලවර උන් ජය පැන් බොනවා. උන්ගේ දෙපා මුල වැටිලා හිටියේ අරගලයට පන පොවපු
සහෝදරියක් කියලා මං දැන ගත්තේ අගේ නිතබ ලග තිබුණු අරගලයේ සංකේතයෙන්.................
නැ මට වැරදුනා ඇ දෙපා මුල වැටිලා හිටියේ නැ ඇයට නිරක්තය හැදිලා ගලා ගියා රුධිරයෙන් ....








ජය පැන් බීපු කළු යක්ෂයන් ඇගේ නිරුවත් සිරුර දිහා බලාගෙන හිටියේ නොසිදෙන ආසාවකින්.
ඇය උන් දිහා බැලුවා එක අසරණ බැල්මක්  නෙමේ , අරගලය පටන් ගන්නකොට තිබුණු එඩිතර බැල්මමයි
ඔව් එක මං දැක්කා...........
කළු යක්ෂයෝ ටික ඇගේ මාන්ශයත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ මං සිතුවිලි වචන කරන්න හැදුවත්
ඒ  වැයම නිශ්චල වුනේ කතා කරන්න වත් ශක්තියක් මං ගාව තිබුන් නැති හින්දා ... කළු යක්ෂයන් අතේ තිබුණු
ගිනි බටය උදුරා ගත් සහෝදරි ඇගේ ලය පසාරු වෙන්නට තබා ගත් වෙඩි පහරින් මිය ගියා..
වෙලුනු ඇස් වලින් කදුළු ගලා ගියේ ඇයි කියලා තේරුම් ගන්න මං උස්සහ කලේ නැ. 
පරිසුද්ද බාවය රැක ගන්නට දිවී දුන් ඇයගේ අවසන් ගමන  ටයර් සැයක මහා පාරේ සිද්ද වෙන බව මං
දැනන් හිටියා..   අපි හෙලපු  රුධිරයෙන් අලුත් ඉතිහාස කතාවක් ලිය වේවි.. අරගලය ඉදිරයටම ගෙන යාවී
ඔව් දිනනතුරුම....  ගලා යන රුධිරයෙන් මගේ අවසන් සුසුමත් වා තලයට මුසු වෙන්න අසන්න බව මට දෙනුනා.................




 (ප . ලි දේසපාලන කතාවක් නොවන බව සලකන්න )







Read more »

Monday, May 21, 2012

කසුවා දුවපන් ......................

A/L  කරන කලේ සිද්ද වුන පොඩි සිද්දියක් තමයි අද මං කියන්න යන්නේ
මේක ඇත්තම  ඇත්ත කතාවක් වගේම සිද්දි වුනු තැන් එහමත් නම් ගම සියල්ලම වෙනස් නොකර තමයි මං මේ කතාව කියන්නේ .

මං A /L කරනකොට හිටියේ මීගමුවේ අදුනන ආපේ නැන්දාකෙනෙක්ගේ ගෙදරක නැවතිලා ඉතින් ඒ
දවස් වල සෙනසුරාදා ඉරිදටවත් ගෙදර ගියේ නැ... සෙනසුරාදා පුස්සැල්ල සර්ගේ  පන්ති ගියා ගම්පහ
ගම්පහ යන්නත් පැය 2 ක් විතර යනවා පාන්දර නැගිටලා 5 ට බස් එකට නගිනවා.. යාලුවෝ සෙට් එකකුත් උන්නා
මටම ගැලපෙන කොහොමහරි මේ සිද්දිය වුනු දවසේ යාලුවෝ සෙට් එකම අවේ නැ .
අන්තිමට මායි තව මගේ කසුන් කියල යාළුවෙකුයි විතරයි. කොහොම හරි පන්ති ගියේ .
එකෙන් මේකෙන් කොහොම හරි  දෙන්නත් එක්ක උදේට කළා  එහෙම පන්තියට සෙට් වුනා..
අපි හැමදාම පන්තියේ අන්තිම හරියට තමයි සෙට් වෙන්නේ... කොහොම හරි එදත් දෙන්නත් එක්ක සෙට් වුනා .. 


ඒ පන්ති ගියේ මාසෙකට පස්සෙද කොහෙද ගෙදර වැඩ කරලත් නැ .... පට්ට කම්මැලියි ...
 හැමදාම පන්ති කට් කරලා එක එක විකාර කරනවා යාලුවෝ  සේට් එකත් එක්ක ඒ ගැන පස්සේ කියන්නම්කො.
පුස්සැල්ල සර් ගේ නීති ටිකක් තදයි  කතා කරන්න බැ නිදාගන්න බැ දැක්කොත් ඉස්සරහට අරගෙන මල මගුලයි
ඉස්සෙල්ලම  බලන්නේ ගෙදර වැඩ එක කරලා තිබුනොත් නම් ටිකක් ශේප් වෙනවා නැත්නම් පට්ටම චාටර් කරනවා.
ඒ දවස් වල අපි ගියේ hall  class  එකකට ළමයි 2500 ක් විතර ඉන්නවා. කොහොමද සැප stage  එකට අරන්
චාටර්  කරනකොට ආයේ ඉතින් ගැනු ළමයෙක්ගේ මුණ වත් බලන් බැ එහෙම වුනොත්.  එදා උගන්වන ඒවා
තේරුනෙත් නැති හින්දා දෙන්නත් එක්කම කියෝ කියෝ තමයි උන්නේ.. කොහොමහරි  අපි 2 න්නවා දැක්කා සර්..

කසුනා ඇදගෙන හිටපු සර්ට් එකේ පට කියල සර් මෙහෙම කිව්වා. "රතු පාට ඇදගෙන ඉන්න එකයි එට එහා පැත්තේ ඉන්න
එකටයි මොකක්ද තියන පරශ්නේ දෙන්නත් එක්කම ඉන්ටවල් එකෙන් පස්සේ එස්සරහට ඇවිත් වාඩිවෙනවා."
කව්රුවත් දැන් නැ ඒ අපි 2 න්නට කිව්වේ කියලා මොකද එක පාට ඇදපු ගොඩක් ය ඉන්නවනේ..
ඉස්සරහ ගිගින් වාඩි  වෙන්නත් බැ බැරි  වෙලාවත් මතක තිබිලා පොත් බැලුවොත් මල කෙලියයි. එදා උදේ දීපු නොට්
එක ලිව්වෙත් නැ. එකෙන් මේකෙන් ඉන්ටවල් එකත් දුන්න දැන්  දෙන්නම රත් වෙලා . ඉන්ටවල් එකේදී  class 
එකෙන් පනිනත් බැ, බැග් අරන් එලියට යන අයව බලන්න සෙට් එකක් දාල තියනවා එහෙම උන්ව ඉස්සරහට
අරන් අම්මලට කතා කරලා පට්ටම චාටර් කරනවා. එහෙම යනවනම් සර්ට කියලා යන් ඕනා. දැන් කරන්නම දෙයක් නැ .


 මේ උඩ රූපේ ඉන්නේ කසුවයි මායි









ඉන්නත් බැ  class  එකේ අන්තිමට අපි අ තිරනෙකට  ආවා. .......................................
දැන් තමයි කතාවේ හොදම හරිය .........................
ම්ම්ම්ම්



කෙලින්ම බැග් අරගෙන ගියෝත්නේ මට්ටු වෙන්නේ අපි බැග් එක ශේප් එකේ පන්තියේ කෙලවරින් තියලා
එළියෙන් ඇවිත් ගන්න බලාගෙන ශේප් එකේ එලියට ආවා මුකුත් දන් නැ වගේ මං බැග් එකක් කිව්වට පොත් දාන් අවේ
file  එකක (clear bag ) කසුනා නම් බැග් එකක් අරන් ආවා " කසුවා උබ ශේප් එකේ බැග් 2ක ගනින් මං ටැප් එක ගාවට ගිහින් එන්නම්"
මං ටැප් එක ගාවට ගියා කසුවා හිමිට බැග් එක ගන්න එහා  පැත්තට ගියා. මාත් වතුර බිල මුනත් හොදන් ඒ පැත්තට ආවා
එතකොට කසුවා වැඩේ   කරලා මගේ පොත් ටික උගේ අතේ බැග් එක කරේ මං පොත් ටික ගත්තා. මෙන්න එතකොටම
පුස්සෙල්ල සර් ගේ driver  ඇවිත් කසුවගේ අතින් අල්ලා ගත්තා වැඩේ  මාට්ටු.  "තොපි පනින්න නේද හැදුවේ වරෙල්ල යන්න සර් ගාවට"
කියල මු කසුවගේ අතින් අදිනවා.. දන් මට අනගාතේ මැවීල පේනවා, ඉස්සරහට අරන් අපි දෙන්නව හම ගහන හැටි සර් ..
පපුව ඩක් ඩක් ගානවා එළියටත් ඇහුනද මන්දා....... දැන් කසුවට කදුළු පැනලා කසුවා කියනවා අනේ අය්යේ එහෙම කරන්න එපා
අපි අපි අපි මේ කියා කියා ගොත ගහනවා... මු අහන්නෙම නැ අතින් අදිනවා කසුවගේ... එළියේ හිටපු සෙට් එකකුත් වට වෙලා
දෙන අපි දිහා බලාගෙන... "කසුවා දුවපන් " කියපු මම හිටපු දෙතුන් දෙනෙක්   විතර හප්පන් දිව්වා කසුවත් අත ගහල දාල
driver  වත් තල්ලු කරන දුවගෙන ආවා පොරට හිත ගන්නවත් බැරුව ඇති මොකද වුනේ කියලා..
පස්සවත් බැලුවේ නැ 1km  විතර ම දුවගෙන ආවා ගම්පහ town  එකටම.....
කොහොමහරි එදා ඒදන් තව මාසයක් විතර අපි පන්ති ගියේ නැ අහු වෙයි කියලා ......

ඒ කලේ නම් වුනු වැඩ අන්නත්තයි ...........





(මේ ඉන්නේ මගේ යාලුවෝ ටික.......
)

සමනල රෑනක් සේ ඉගිලී  අකුරට ගියා පාසල් කලේ

අයෙත් එනවනම් අපේ දිවියට අසයි ඒ ලස්සන කාලේ........................


පුලුවන්නම් කොමෙන්ටුවකුත් දාල යන්න හොදේ ...

පස්සෙන් පන්නන්න පුළුවන් ඇයො පන්නන්න මට  එක මට තවත් ලියන්න ශක්තියක් .............


 


Read more »

Saturday, May 19, 2012

නෙතු ගැටුන නිමේෂයේ .....

නෙතු ගැටුන 
නිමේෂයේ .....
තෙමුණු කදුලට
පිපුණු රතු මල්
හැගුම් ..........
පරව යන්නට
මත්තෙන් ...........
දල්වමු
පුංචි ඉටි
දැල්ලක් ............
නෙතු
පාරපු
කදුළු  වියකෙන්නට
සදහටම
පුදින්නට
කහ මල්
පොකුරක් ..........
Read more »

Friday, May 18, 2012

පිනි බින්දු ...........

පිනි බින්දු
වැටිලා
හිරුට හොරෙන්
රැ
පුරාවටම ............  



සඳ එලිය

තරු එක්ක හිනා වුනාලු
රැ පුරාම 
පිනි බින්දු
දැක්කලු ..........

අරලිය ගහේ

මල් පිපිලා
ඒ සඳ
සිසිලට
නෙමේ
උදේ වැටුණු
ඉර
එලියට ................


පිනි  බින්දු හැංගිලා

සඳ
ගිය  හින්දා......

එත් ඉරට

බය හින්දා කියලා
වෙල් යයේ
තිබුණු
උදුපියලිය
පඳුර
මිමුණුවා
මඳ
නලට
ඇහුනලු.......

බෝවිටිය පඳුර

තාලෙට
නටනවා

මිදුම
හැංගුණු සතුටටලු ...........

කඩුපුල් මල්

අඩනවා
කළුවර නැති හින්දා ........
අරලිය මල් පිරිලා
හිනාවෙනවා
අලුත් ඉර එලියට .....

හැමෝටම

එකට හිනා වෙන් බැ
කියපු
නිදි දෙව් දුව
නින්දට වැටුන
අයෙත් රැට
හා
පැන්චා
නිදිකරවන්න .............
















Read more »

Saturday, May 12, 2012

මිහි බට අපි කව්ද ?


දීර්ග පරිණාමික ක්‍රියා වලියක අවසාන පුරුක ලෙස බිහි වූ හෝමෝ sapiens
නම් වූ අපුර්ව සත්වයා මිහි මත පා තබා තවම වසර 50,000 කි . මිනිසා බිහි වීමට
ප්‍රථම සිට ලොව බිහි වූ බැක්ටීරීයා , වෛරස මිනිසා බිහි වන තුරු බලා සිටියේ ඔහුට
වින කිරීමට දෝ සිතෙයි .... නමුත් මිහි මත අනසක පැතිරවීමට උදව් දීමට ඔවුන්ගෙන් කොටසකට
සිදු වීම හරහා ඒ ඔස්සේ සිතීමට බොහෝ දේ ඉතිරි කරයි ...



ස්වසන වායුව හෙවත් O 2 (ඔක්සිජන්) ආදී පෘතුවිය නම් වූ අග්නි ජාලාව තුල ස්ථාපනය
කරනු වස් නිර්වායු බැක්ටීරියාවන් හට සිදු වුයේ .... අනාගතයේ ප්රුතුවී තලය තුල බිහි වීමට
පෙරුම් පුරමින් සිටි සත්වයන් වෙනුවෙන් දොයි ප්රුතුවී මතක පොත පෙරලන කල
මට සිතුනි ...............
  මහා මුහුදෙන් ගොඩ බිමට බට අපේ මුතුන් මිත්තන් පරම්පරීක අපේ අතීතය සිහි ගන්වන
රහස් DNA  දාමයන් තුල සගවා තබා ඇත ...... තවමත් අපි  මව් කුස තුල වතුරෙන් පිරී ගිය මල්ලක්
(Water bag ) තුල සිටීම අපේ අමතක වූ මුහුදු ජිවීතය ගැන සගවා පවසයි ....

අතීතය  වර්තමානය හා අනාගතය ඔස්සේ රහස් රැගෙන  යන  DNA  දාමය නොතිබෙන්නට අපි මිහි මත කව්ද?
යන වග සදාකාලික රහසක් වනු ඇත ...........



හෝමෝ සේපිඅන්ස් නම් වූ අපි අද මිහී  මත කිරුළු පැලදුවත් අපි තවම ප්රුතුවී මාතාවගේ ලාබාලතම දරුවන් වෙමු
එය එසේ නම් මිහී මත ජිවත් වන අනිකුත් සියලුම සත්වයන් පරීනමිකව අපේ වැඩිමලුන් යන  තිත්ත වූ ඇත්ත
සහ ඔවුන්ට අපිට වැඩ උරුමයක් මිහී මත ඇති බවත් ........ අපි ඔවුන්ගේ අයිතිය උදුරා  ඇති  බවත් පිලි ගැනීමට
සිදු වේ ..........


අද වෙන වීට DNA  දාමයන් වෙනස් කරමින් නව ජීවී ප්‍රබේද බිහී කිරීමට අපි දරන උත්සාහය දීර්ග පරීනාමික
ක්‍රියා වලිය කඩිනම් කිරීමකි එය ස්බාව දර්මයට එපිටින් යාමකි .......

මේ සියල්ල කැටි කොට ගත් වීට අපිට මේ මිහි මත හිමී තැන  ගැන සිතන්නට බොහෝ  දේ තිබේ
සමහර විට අපිට  පෙර මිහී මත කිරුළු පැළදු ඩයිනොසරයන්ට
අත් වූ ඉරණම අපිටද අත් විය හැකිය ......
එසේ නොවුනේ නම් අපි වෙනත් ලෝකයක අලුත් ජිවයාක් පටන් ගෙන තම වර්ගයා විශ්වය පුර බෝ කරනු ඇත
අනාගතය කොයි බටද යන්න තවම නොසිදුනු රහසකි ........ සමහරක් විට අපේ වඳ වීම න්‍යෂ්ටික අවී හරහා
අපි විසින් සිදු කර ගනු ඇත ........
සිතන්නට බොහෝ දේ ඇත නිදහස්ව සිතන්න .....................................................................................................................................



ස්බාව ධර්මයේ  රහස් ඔබ වෙත  ගෙන ඒමේ පළමු වෙඩි  මුරය මෙලෙස සනිටුහන් කරමි .....
ඔබේ අදහසක් සටහන් කර යනවනම් එය ගොඩක් වටී...........
පුලුවනම් මගේ විකාර සිතුවීලි පස්සෙනුත් පන්නන්න  ස්තුතියි ...................
Read more »

Thursday, May 10, 2012

වෙසක් බැලීම


යමුද අය්යා අද වෙසක් බලන්න ...... 
එකෙන්ම මල්ලි වරෙන් යන්න 
කොහෙද බන් මේ දෙන්නත් එක්ක යන්නේ ?
පොඩි රව්මක් දාන්න ආවා.....
අඩෝ මේ  කැලි 3ක් තියනවා ආතල් එකක් ගමුද ?

එළනේ යකෝ ඕක උරලම යමන් බලන්න වෙසක් 
මොකෝ අය්යා කියන්නේ ........
මලයා දන්නවනේ අදිමු  අදිමු  

මෙහෙ දීපන් මටත්  උගුරක් 
ගහපන් ගහපන් 
කෝ කෝ අනිකත් ගනින් යකෝ ^&%^%$&**%$(#$##^@&*
පට්ට ආතල් බන් 
යමන් යමන් වෙසක් බලන්න 

අන්න යකෝ වෙසක් 
නැ නැ ඔයි ඒ ගෙදරක ලයිට් එකක් 
අප්පට සිරි 
වෙසක් නම් පට්ටයි  ඔයි ......................


Read more »

Wednesday, May 9, 2012

රතු පාට..............

නුබ ඇන්ද
රතු ගව්ම...............

රතුම රතු

නියගලා මල
පරදවයි ..............

උදා හිරු එළියේ
නුබේ දන යුග
දිලෙන ලස්සන
මගේ හිතෙත් ...
රතු හැගුම්
පුපුදුවයි...............


රතු පාට

දිලෙන ගිනි දැල්ල
පොපිය පොපියා
නටනකොට ............

නුබ සිහි වී
දෙනෙතින් වැටුණු
රතුම රතු
කදුළු බින්දුව ..........    
රතු ගාපු
පොලොව මත
පතිත වේ ............. 


රතු පාට

නුබේ නෙතට
රහසින්......................

Read more »

Sunday, May 6, 2012

සඳ නුබ වගේ ...........


සඳ 
  .
  .
  .
  .

නුබ 
  .
  .
  .
  .
වගේ ...........
මහා රැ ,
  පුරා
  .
  .
  .
  .

 දිලේ 
  .
  .
  .
  .
අමාවක
 දිනයි
මුළු 
රෑම,
  .
  .
  .
  .

කළුවරයි ........
  .                                  
  .
  .
  .
තරු එලිය
සැනසුමයි ..........
  .
  .
  .
  .
නුබ
 අයෙමත්,
  .
  .
  .
  .
 දිලේ....
  .
  .
  .
  .
සිත
 සතුටකින්
  .
  .
  .
  .
 පිරේ ..............
  .
  .
  .
  .
තරු
අමාවක
  .
  .
  .
  .
සොයයි .........
Read more »

Saturday, May 5, 2012

ඔවුන්ද අපි මෙන් මිනිසුන්ය ......(Down ' Syndrome )



ඔවුන්ද අපි මෙන් මිනිසුන්ය ......(Down  ' Syndrome )

මට මේ  ලිපිය ලියන්න හිතුනේ මේ ලගදි දවසක කෝච්චියේ එනකොට දැකපු  සිද්දියක්  හින්දා
ඒ සාමාන්‍ය චර්යාවෙන් තරමක් වෙනස් වුනු ගැණු ළමයෙක් මෙන්ම එයට හිනා වුනු කොල්ලෝ රොත්තක්
ඇය මන්ද මානසික දැරීවීයක්...
මට නම් ඇත්තටම හිතුනේ එයා දීහා බලාගෙන හීනා වුනු අර කොල්ලෝ රොත්තට මොංගල් කියල අපි
ඒ ගැන පස්සේ කතා කරමු ......
මුලින්ම බලමු මොකක්ද මේ syndrom  කියන්නේ කියලා
syndrom  වර්ග කිහිපයක් තියනවා ගොඩක් වෙලාවට මේ syndrome  කියන රෝගී තත්වයට හේතු
වෙන්නේ අපේ ජාන වල සිදු වෙන පුංචි  වෙනස් කමක්...


Down  ' syndrome කියන රෝගී තත්වය තමා බහුලවම ඇති වෙන්නේ.
අර මං දැකපු ළමයටත් තිබුනේ මේ රෝගී තත්වය ...
මේක ඇති වෙන්නේ මෙන්න මෙහෙම
අපේ උත්පත්තියේදී මවගෙන් සහ පියාගෙන් ලැබෙන ජාන තියනවා මවගේ ජාන ඩිම්බය තුලත් පියාගේ ජාන
ශුක්‍රනුව තුලත් තැන්පත්  වෙලා මේ 2 එකට එකතු වෙලා තමයි ජීවයක් බිහි වෙන්නේ .

සාමාන්‍ය මිනිහෙක් තුල මෙලෙස ජාන ගොඩක් එකට සම්බන්ද වුනු මිටි 46 ක් තියනවා
මේවට කියන්නේ වර්ණ දේහ කියලා ...  මේ වර්ණ දේහ වලින් 26 අම්මගෙනුත් ඉතුරු 26 තත්තාගෙනුත් තමයි
අපිට හම්බෙන්නේ ඒ කියන්නේ අපි ලග තියන වර්ණ දේහ වලින් බාගයක් අම්මගේ බාගයක් තාත්තගේ ...
down  '  syndrome තියන කෙනෙකුගේ මේ වර්ණ දේහ  46 ට අමතරව තව එක වර්ණ දේහයක් වැඩි  පුර තියනවා.
46+1 ක් විදිහට එක අපේ උත්පත්තියේදී සිදු වන විකුර්තියක්.. අපිටත් මේ අවදානම තිබුණා අපි උපදිනකොට  එත් අපි දැන් එක පහු
කරලා, අපිට අනාගතයේදී මේ අවදානමට ආයේ මුණ දෙන් වෙනවා ඒ අපේ ළමයෙක් ඉපදෙන්න ඉන්නකොට..
මං එහෙම කියන්නේ මේ රෝගී තත්වය ඇති වීමට නිශ්චිත හේතුවක් නැති හින්දා ...
මේ වගේ යට අපි හිනා වෙන මොහොතක් පස සිතන්න ඔබටත් ඒ වගේ දෙයකට මුණ දීමට  සිදු වීමට
යම් සම්බවීතාවයක් තියන බව එමෙන්ම ඔවුනුත් අපි මෙන්න ලේ රතු පට මනුෂ්‍යන් බවත්
මොහොතක් සිතා බලන්න ඔවුන් 
හිතා මතා මේ රෝගී තත්වයත් එක්ක උපදින් නැ
එක ස්භාව ධර්මයෙන් උරුම වුවක් ... ඉතින් අපි ඔවුන්ටත් මනුෂ්‍යන් ලෙස සැලකීය යුතුයි ...

මට නම් හිතෙන්නේ මෙහෙම ඔවුන්ට හිනා වෙන අයට ඇත්තටම මොංගල් වූ බවය
ඔවුන් මිනිසත් බව ලැබූ තිරිසනුන්ද වීය හැකිය මා ඒ පිලිබදව තවත් යමක් නොකියමී 
මන්ද ඔබටත් සීතීමට සිතක් උපතින් උරුම වූ බැවීනි...  
 පහතින් දැක් වෙන්න down  '  syndrome  මේ රෝගී  තත්වයේ රෝගී ලක්ෂණයන්ය
මේ ඔවුන්ව අදුන ගෙන ඔවුන්ට සම තැන් දීමේ  අරමුණින් කරන්නකි ...
 
1. මොවුන් මන්ද මානසික අය වේ.
2. මෙම රෝග ලක්ෂණය නිසා කායික මානසික හා චර්යා වෙනස් කම් ඇති වේ මානසික වර්දනය හීන වේ ..
3. මොවුන්ගේ මුකය ඇරී පවතී. දිව විශාල  වේ.
4.දීව පිටතට දමා ගෙන  සිටිති .
5.උච්චාරණය  අපැහීදිලිය.
6.හිස කෙස් කෙලින් පවතී
7.මිටිය .
8.
බෙල්ල මහත් වේ
9. කන් පෙති කුඩා වේ..
10. වඳ ස්වබාවයක් පෙන්වයි .

මෙම රෝගී තත්වයන් හේතුවෙන් මොවුන් සමාජයේ කොන් වේ නමුත් මොහොතක් සිත මොවුනුත් අපි මෙන්ම
මේ මිහිතලයේ ජීවත් වීමට සුදුසු කම් ලැබුවන් වෙයි. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් අපිට කල හැකි දේ අපි කරමු
සැබෙවීන්ම  ඔබටත් මටත් එසේ නොකොට මෙලොව බිහිවීමට ස්භාව දර්මය දුන් දායාදයට කල ගුණ සැලකීම එයම වේවි.
උත්තරීතර වූ මානුෂිය බවීන් ඔවුන් අපේම සොහොයුරන් සේ සලකමු...
පහත පින්තුර කොච්චර ඔබට සංවේදී වේවි දැයි බලන්න ........ 




Down  syndrome රෝගී  කුඩා දැරියක් ඉහතින්  දැක් වෙයි බලන්න ඇගේ සිනහව කොච්චර නම් ලස්සනද ?





 අලුත උපන් තම දරුවා
Down  syndrome  රෝගයෙන් පෙළුනත් දෙමාපියන්ට තම දරුවා මහා මෙරක් වටි. ඔබටත් මෙවන් දෙයක්  වුනොත් මොහොතක් සිතන්නා ඔබටත් ඒ හැගීම දැනේවී ...



තම රෝගී  දරුවා සමග සෙල්ලම් කරන ආදරණිය අම්මා..


තවත් මෙවෙනි syndrome  රෝගයන් ලෙස නපුන්ෂකතාවය සහ අගුටු ගැනුතාවය දැක් වීය හැකිය
(TURNER  ' S  syndrome )
ඉතින් අපිට මොවුන්ගේ අනාගතය වෙනුවෙන් යමක් කල හැකී නම් එය මහා මෙරක් වටි.
පින් පිරේවි මහා මෙරක්...  දන ගැන දෙයක් තියනවනම් කොමෙන්ටුවකින්  අහන්න
අහන්න දෙයක් නැති වුනත් කොමෙන්ටුවක් දාලා යන්න මොකද එකෙන් මට තවත් ලියන්නට ශක්තිය ලැබෙන බැවීන්.
පුළුවන් කට්ටිය මගේ පස්සෙනුත් පන්නන්න
 මගේ අඩවීයට ගොඩ වැදුනට බොහොම  ස්තුතියි ...

ප . ලි  http://wasanthayata-aradhanawak.blogspot.com/2012/05/blog-post.html කලින් ලිපියට උපකාර කල සියල්ලන්ටම මේ තුති මල් මිට පුදමී....



 
Read more »

Wednesday, May 2, 2012

අවීහින්සක ඉල්ලීමක්

එළබෙන වෙසගේ  ඔබටත් ඇයට උපකාරයක් කරන්න පුළුවන් නම්
සිව් දරු මවක් වන තිලකා නිෂමාලි පෙරේරා  වන ඇයත් ඔබ අප මෙන් සාමාන්‍ය දිවී පෙවතකට හිමි කම්
කියනු ලැබුවා .....


නමුත් ඇයගේ  මොලයේ සිදු වූ
මාරාන්තික ගෙඩියක්  හේතු කොට ගෙන ඇයගේ සිහින සතුට සියල්ලක්ම සැනකින්
සීදී බිදී ගියේ නොසිතු වීරූ අයුරීන්
 
හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ කාර්යාල කාර්ය සහයක   තනතුරක් හොබවන ඇයගේ ස්වාමී පුරුෂයාට ශල්‍ය කර්මය සදහා වියදම් වන
ලක්ෂ 18 ක් වැනි  මුදලක්  සොයා ගැනීමට නොහෙකි වීම නිසා ඔබගේ උපකාරය
පතන්නේ සිත් පිත් ඇති මිනිසත් බව අදුනන ඔබගෙන් ලැබන උපකාරය සිය පව්ලට නැවතත් ආලෝකය ලැබේවී යන
අහිංසක බලාපොරොත්තුව පෙර දැරී කර ගෙනයි ......
ඔබට එකී පමණින් උපකාරයක කල හැකී  නම් මෙන්න
ලංකා බැංකුවේ ... මාදම්පේ ශකාවේ බැංකුවේ ගිණුම් අංකය = Account no:73029086
දුරකථන අංකය =:0775211690
ඒ සමගම පහතින් වෛද්‍ය වාර්තාව ඔබට දිස් වෙවී 


P .M  සුදත් ගීතික
NO  02 ගල්වලහේන ,
පනිරෙන්ඩාව,
තමයි  එයාලගේ ලිපිනය ..........




ඔබ සැමට තෙරුවන් සරණයි ...........
Read more »