Tuesday, July 31, 2012

මට සීතේ නුබ සිබින්නට................



මුළු පරිසරයම මල් වලින් බර වෙලා ඒ සතුටටම කුරුල්ලෝ රංචු පිටින් ගී කියනවා
අහස ගැබම නෙක නෙක රටා මවනවා වසන්තය උදා වුනු හින්දා කියලා ගස් වැල්
සුළගේ තාලෙට මුණු මුණු හඩින් මුමුණනවා .......
මිට කලින් ඔව් ඒ අපි හමුවුණු දවස් වල අපි ඇවිදන් ගිය තණකොළ ඇතිරුණු
මිටියාවත තවමත් එහෙමමයි කාලයේ එත් වෙනසකට තියෙන්නේ අද අපි දෙන්නා
වෙනුවෙන් මම තනියම  තනිකම මකනවා. ඒ  මිටියාවතට දැනුනද කියලා හිතන්න  මං උස්සහ කලේ  නැ.........

ඇත කොනක බැංකුවක ........... අපි දවසක් හිටපු තැනම වසන්තයට සුවදට මත් වෙලා හිටපු
හදවත් වල රාවය මට දැනුන ඔව් මම හිතින් ගොඩක් දුර ගියා ඔව් ඒ අතීතයටම
රාගය එක්ක බැදුණු ඒ හදවත් වලට මේ හදගැස්ම දැනෙන්න  තරම් වටිනාකමක් තිබුන් නැ ..
එදා ඇහුනු ඒ සිනා හඩවල් තාමත් ඇහෙනවා වෙනදා වගේම එත් වෙනසකට තිබුනේ
ඒ ඔයාගෙයි මගේ හඩවල් නොවීම පමණයි .... කාලය කොච්චර දේවල් වෙනස් කරනවද ?
තව ටික දවසකින් මේ මල් ගොමු පරවෙලා වසන්තයත් නිම වේවි එත් අහසේ වලාකුළු  හැමදාමත් පවතිනන්නක්
මෙන් පුංචි කැදලි අහස් මාලිගා තනන සමනල සමනලියන් නම් මිටියාවතේ මල් ගොමු වල පාලු මකාවී

එදා වගේම වසන්තය නිමා වූ දවස් වල කාලයෙන් යටපත් වුනු ඒ අතීතයේ දවසක් වගේම ....
වෙනදා වගේ රෝබෝරෝසිය මල් වල සුවද මගේ සිතුවිලි අතර ඔබ මොබ ගියේ නැ .

උනුන් පරයා කැ ගසන සියොත් නාදයේ තාලය මට අද දැනෙන නැ එත් දවසක මේ මිටියාවතේ
මේ පාරේම ඔව් යලිත් උදා වෙන වසන්තයක තනිකමින් පුරුණු හදවතත්  එක්ක එන්න හිතන්නෙවත් නැ කියලා
මේ අහස්‌ තලය පුරාවටම තියන වලාකුළු දිහා බලන් මං පාර්ථනා කලා... එත් දවසක අයෙම මේ පාරේම
මගේ පුංචි කුමරියත් එන බලාපොරොත්තුවෙන් මම මේ වසන්තයට මම සමු දුන්නා........ එත් අර නැගුනු  හදවත්  වල
රාවය තවමත් මුණු මුණු ගානවා ..........................................................







පෙර දිනේ
 අපි පැතු ඒ පැතුම් 
බොද වෙලා............
 නීම් තෙරේ 
දුටු අපේ සිහිනයේ සෑගවිලා
 දිවී මගේ මා නුබේ 
හමුවුණා මතකයේ
 අපි තැනු මාලිගා
 නුබ පා කලේ ඇයි මෙසේ .......................


 නුබ වගේ සමනලුන්
 මා පැතු හැටි මැවේ
 ඒ හැගුම් පා කලේ 
ඇයි නුබ.............
 සඳ සැගවුණු 
මොහොතේ............
 නුබේ සෙනේ 
පෙර වගේ මගේ
 හදවතේ මතකයේ ....................



 නෙත් නුබේ ලස්සනයි
 මගේ කුමරියේ පෙර වගේ................
 නුබේ පා සගවමින් 
එනවදෝ
 යන්නට පෙර වගේ ආදරෙන් ...............

 තවමත් මෑවේ
 නුබෙ සිනා 
මගෙ දෙසවනේ..................
 මට සීතේ 
නුබ සිබින්නට 
පෙර වගේ.........................
 මගෙ කුමරියෙ
 මගේ අදරේ............
 

ප .ලි {ටික කාලෙකින් බ්ලොග් අවකාශය  පැත්ත එන්න බැරි වුන සමාවෙන්න ඕනි හැමෝගෙම බ්ලොග් පැත්තේ ඉක්මනින්ම එන්නම් ජය වේවා !!!!!!!!!!  }
Read more »

Friday, July 13, 2012

ගන්දබ්බ හදවත



හාත් පස පුරා පවතී අන්දකාරය අතරින් දුටු රීදී රේඛාවක් දිහාවට මාව පාවෙලා
ගියේ හරිම සැහැල්ලුවෙන් , මුළු ශරීරයටම පුදුමාකාර ශිසිලසක්  දැනුනා හදවතේ සිතුවිලි
ගංගාව මොහොතකට නතර වෙලා. චින්තනය යටපත් වෙලා . රක්ත වර්ණ කුහරයක්
තුලට මාව ඇදිල ගියේ නග්න වූ මුළු ගතම නවමු හැගීමකින් පුපුදුවාලමින්.
සිතුවිලි වලට මං පන පොවන්න උස්සහ කලා එත් එක හරියට කාන්තාරයේ සිසිලසක්
සොයනවටත් වඩා අපහසු බව මට හැගුනත් මම උස්සාහය අත ඇරියේ නැ එත් යම්
කිසි ශක්තියක් මගේ සිතුවිලි මෙන්ම ශරීරයත් පාලනය කරන බව මට දැනුනා.
වෙනත් කලා යම් කිසි දෙයක් නොමෙති නිසාවෙන් මම ඒ මායාවට අවනත වුනේ
තවත් බලාපොරොත්තු මා තුල නොතිබුණු නිසාමයි..



කාලය අවකාශය පිලිබදව කිසිදු ගණනය කිරීමක් කලා නොහැකි එකී අන්දකාරය තුල දින සති මාස ගෙවී

ගියත් මම ඒ පිලිබදව අවබෝදයෙන් තොර වුවේ එකී කාලය තුල මට පරිකල්පනය කල නොහැකි වූ නිසාමයි එත් කාලය ගෙවී යන බව සිත අද්දර කොදුරනු ලැබූ මිහිරි හඩකින් මට තුරුම් ගියා එත් ඒ මිහිරි හඩ මගේම
සිතුවිල්ලක්ද  නැතහොත් වෙනයම් ........................
නේත්‍ර මානයට හසුවූ එකම රූපමය දර්ශනය කාල වර්ණය සහ වරින් වර දිදුලපු රිදී වර්ණයයි .
එත් යම් කිසි වූ දිනයක සප්ත වර්න එකමුතුව සැදුනු වායුමය ද්‍රවනයක මා පාවෙන බවක් මට දැනුනා .
ඔව්  කුණාටුවක් මෙන් මා වටේටම නැවතත්  ජීවත් වීමේ ආශාව, දකින්නට මනු ලොව, සිතුවිලි වලට පන ඇවිත්
සප්ත  වර්ණයන්ගෙන් ඉවත් වී මා මනු ලොව අවකාශය  තුලට පාවී ආවා . දැන් මට උවමනා වුනේ මව් කුසක්
දහසකුත් මනුක රුප තුල මට හිමි රුපය සොයන්නට වුනා එත් ඒ රුපය සොයන්නට මෙතරම් කාලයක් ගතවේ යයි මං කිසිවිටක නොසිතුවෙමි .
අවසානයේදී ඒ රුපය ඔව් මට හමු වුනා......................



රන් වන් ශරීරය , නිල්වන් දෙනෙත් , මන්කළු සිනහව , තවත් බොහෝ දේ .. ඒ තමයි මට හිමි මව් කුස .

මම අවකාශය තුල පාවෙමින් ඇයට ආදරය කලා එත් තවත් කාලයක් මට ඇයගේ වීමට ඉවසන්න සිදුවුණා
ඒ ගැබ් ගැනීමකට සුදුසු කාලයක් නොවූ නිසා . එකී කාලය තුල මම ඇය අසලම  සිටියා කිසියම් බන්දනයකින් අපි බැදී තුබුණා.
මම ඇය සමග කතා කරන්නට තැත් කලා නමුත් ඒ සියල්ලක්ම දිය මත ඇදී ඉරක් මෙන් මැකී ගියා.
අවසානයේදී මගේ ලෝකයට වසන්තය කැදවමින් සුදුසු කාලය එලබුනා.
අවකාශය තුල පාවෙමින් සිටි මා හට ඒ කුඩා කුටිය තුල සිටීමට මුලින් අපහසු වුවත් ටිකෙන් ටික එයට මා හැඩ ගැසී ඇති බව මට පසක් වුනා ....


යලිත් ජීවිතය දකින්නට ආශාව ඔව් යලි හැබෑ වේවි .. ක්‍රමක්  ක්‍රමයෙන් සෛල මා වටා පැතිරෙමින් මා ඇයගේම කොටසක් බවට පත් වුනා
මම ඒ අදුරු කුටියේ බිත්තිය තුල ගිලි ගොස් එහි සිට වර්දනය වීමට පටන් ගත්ත. තවත් කාලයක් යන වීට මගේ හදවත හිමින් සැලෙනවා.
කාලය තව තවත් ගෙවී ගියා මම දැන් ඒ අදුරු කුටිය තුල ඇත පා සොලවනවා . ඔව් මට දැන් යමක් අහන්නට පුළුවන් මම මගේ අම්මගේ හඩට අහුකම් දුන්නා
මම ආශාවෙන් සිටි ඒ දිනය  ක්‍රමක්  ක්‍රමයෙන් ලගා වෙන බවක් මට දැනුනා.
එත්
මහා විෂල් සබ්දයක් සමග මහා අමුත්තක් සිදු වෙන බව මට තේරුණා පුදුමාකාර වේදනාවකින් මා වේලි ගියා
නිමේෂයකින් .......................................
නැවතත්  මාව අන්දකාරය දෙසට නැ නැ ආයෙම ඒ දේම .................................

පුවතක් = අද උදැසන සිදු වූ රිය අනතුරකින් ගැබිණි  කාන්තාවක් මරුට .......

Read more »

Tuesday, July 10, 2012

මම ආසයි

මට ආසයි ඔයත් එක්ක
පියබන්නට
අහස් ගැබම අරා .............
මට
ආසයි සිනා වෙන්න
සිහින ගොඩක් පුරා ............
අත අල්ලා පියමනින්න
මුදු වැල්ල  පුරා ..............
සිප ගන්නට නුබේ දෙතොල්
හිත සතුටින් තියා.................
කියවන්නට මගේ සිතුම්
නුබේ කනට හොරා............
මුළු දෙනතම පියවන්නට
නුබේ උකුලේ  හොවා.............
ජීවිතයම මම ඉන්නම්
නුබ එනකන් බලා.....................

Read more »

Monday, July 9, 2012

දුටු ගැමුණුගේ කඩුව



සොයන්නට දුටු ගැමුණු ගේ කඩුව
කඩයිදෝ මහා වැලි  සැය
ජාතියේ පෙර පිනට
තවම ඇත රන් වැලි  සැය


තියනවලු දබ රත්තරන්
බුදු පිළිම තුල ඉස්තරම්
පිළිමේ හිමි බුදු වුවත්
කඩාපන් හිස ගමු රත්තරන්



නැත අනේ ඒ රත්තරන්
හිස කඩා සේව් තැන් වලත්
වටින් නැත ඒවා ගොඩක්
හොරුන් හට ඒ තරම්
අපේ උරුමය එය බැවින්
රකිමුදෝ අපි ඒවා ඉතින්


හමුවෙලා වදුලක් නිදන්
හරුවා ලොකු ලිදකුත් එතින්
හමුවුනේ අළු ගොඩක්
හැරුවේ සොහනක් බැවින්


අපිට ඇත හොද ඉතිහාසයක්

අපි වේය එහි දු පුතුන්
වැඩක් නැ එකෙන් තවත්
පටවමුද ගල් කුඩු කරන්
සිහ ගිරි පරුවතයත් ඉතින්


කියයි මහා ලොකු වට තවත්

වේලු අපි කළු සිංහලුන්
රාවනා වේලු අපේ මුත්තෙකුත්
හාරපන් තව තව නිදන් !!!



ඉන්නවලු තිස් තුන් කෝටියක් දේව්න්

රකිනවලු මහා පොළවම බැතින්
වැද පුදන්නට සිරි පතුලත් තුටින්
වැලි  ගසා දෙව්දුට සමන්
යවිදෝ හෙට හොරු නිදන්


බලන්නට ගොස් කටු ගෙට කෙනෙක්

වුනාලු රජ පලදා ඔටුන්
නැටුවේ නාඩගන් මොහු  පැය ගණන්
පෙලෙනවලු ඔහු තද බල රෝවින් !!!!!



කිව්වොතින් ජය සිරි මා මුලත්

ඇත කියා රන් මුතු මැණික්
සොයන්නට ඒ මුතු මැණික්
කපයි රන් බෝධියත් !!!!


රකිමුදෝ දැන් වත් ඉතින්

ඒ අපේ උරුමය බැවීන්
වෙමු අපි හෙළ දු පුතුන්
අල්ලා ඒ ජඩ හොරුන්
රකිමුදෝ අපේ මවුන්....................


ප ලි .   පුර වස්තු විනාශයකදී සොර ගැනීමකදී හෝ ඊට අර අදින්නන් පිලිබදව පහත දුරකථන අංක වලට දැනුම් දී අපේ ජාතික වගකීම ඉටු කරමු.

 පුරාවස්තු විනාශය වැළක්වීමේ ,
විශේෂ ඒකකය = 0117222333
විශේෂ පොලිෂ් ඒකකය = 0112694727
(පැය  24 පුරාවටම )

ස්තුතියි








Read more »

Saturday, July 7, 2012

හුනා,පොත සහ මම



විභාගය ටිකෙන් ටික ලං වෙලා මටත් නොදැනිම, එත් සිත ඇතට දුවනවා හරියට කොහේදෝ
දුර ඇතක තනි වෙලා වගේ. කොහේදෝ හිටපු හුනෙක් චුක් චුක් ගානවා උත් මොන මොනවද මුමුණනවා වගේ .
ඒ සද්දෙට  නම් හිත ටිකක් සලිත වුණා වීතරයි තව මොකක්දෝ කටහඩක් මුණු මුණු ගානවා හිත ඇතුලෙන් .
"මේ පාර exam අමරුලු බන් " මං එක කිව්වේ කව්ද කියලා හිතන්න ගියේ නැ. අවරුදු 13 ක් තිස්සෙම දුවල දුවලා
අදටත් මේ exam  කියන සංකල්පෙන් බේරුමක් නැති හැටි , එත් එකෙන්ලු අපේ අනාගතයේ ශේම භූමියකට
මුල බිජ වපුරන්නේ එහෙම කියන්නේ උගත්තු කියලා කියන කට්ටියක්. එත් එතින් ඉගෙන ගත්තු මිනිස්සු
සර්ව සම්පුර්නද ? ආයෙමත් හිත ඇතුලෙන් ඇහෙන කටහඩ . හ්ම්ම්ම් ............................. යන්තම්  එක අමතක
කරලා අයෙමත් ඇත නොපෙනෙන ක්සිතිජයක් හිතින් මවාගෙන කව්ද හරි exam හින්දාවත් රෝබෝරෝසිය මල් පිපෙන
වසන්තයක් ජීවිතයට උදා වෙයි කියලා හිතල පොතට ඔලුව දැම්මා විතරයි , ගෙදර තියන කච කච යන්තරේ කැ ගහනවා
මෙගා ටෙලි නාට්‍යලු ඒ අස්සෙන් අරක කන්නලු මේක බොන්නලු මේවා මුනේ උලන්නලු  ... එකලු දැන් ෆැෂන්  එක
අනේ අෆොයි ....  ඉස්සර මේ වෙලාවට කැ ගහන බකමුනා අද නම් සද්දේ නැ . උට කැ ගහන්න අමතක වෙලාවත්ද ?
නැත්නම් පව්කාරයෝ !!!!!!!
ඉස්සර  හැම දාම රැට අහස දිහා බලනවා ඒ පුරුද්ද මතක් වෙලා අදත් එලියට බැස්සා එත් එදා වගේ හඳ ලස්සන නැ.
ඇයි දැන් හඳ කැත වෙලාද? නැත්නම් එකේ ලස්සන මට දැන් පෙන්නේ නැද්ද ? පුර පෝයක් වුනත් අමාවක වුනත්
දෙකම  එක වගේ දැන්. අර වෙසක් පෝය වුනත් තවත් එක නිවාඩු දවසක් විතරක් වගේ තමා මට දැන් දැනෙන්නේ .
ආගම ධර්මය එත් කෝ තපස් රකින්න වෙලාවක් හිමාලයට ගිහින් බණක් භාවනාවක් කරගෙන හැම දෙකින්ම ඇත්
වෙලා ඉන්න ඇත්නම් එත් .................................. ප්‍රශ්නයක් ? පොඩි කලේ අහපු සුරඟන කතා වගේ
සුරංගනාවියෝ අහසින් ඇවිත් තපස් රකින තපසුන්ට කෑම දුන්නලු එත් කව්ද දන්නේ දැන් ඒ අය
   ඉන්නවද කියලා කෑම දෙන්න
මහා වනේ කන්නේ මොනාද ? සීතලේ මැරෙන්න වෙයි .. නැ නැ තපස් රකින්න ඕන නැ .
කියවන්න ගත්තු නවකතා පොතේ ඉන්න නිල් ඇස් තියන පුංචි කෙල්ල (ලස්සනයි ) හිනාවෙනවා
ඒ මට කියලයි මට හිතෙන්නේ.
එක මහා සමච්චල් හිනාවක් ...

 

 " සචි කෑම කනවද? " බැ අම්මේ  මං පස්සේ කන්නම් " ඒ අස්සෙන් මෙසේ උඩ තියන
මගේ ෆෝන් එක වයිබ්රේට් වෙනවා " ado heta match eka gahanna enawa neda uba  මොකක් කියන්නද
අනේ මන්දා එත් එහෙම හිතෙනකොටම රිප්ලයි එක type  වෙලා ඉවරයි ow ban .. දැන් ඉතින් මොන කරන්නද
හෙට දවල් වරුවත් ඉවරයි උඩු හිතින් ගදර ඉදල පාඩම් කරපන් කිව්වට යටි හිතින් යවපු රිප්ලයි එකට කැමතියි කියලා
මට තේරුණා . අයෙමත් අර හුනා චුක් චුක්. ඇතින් බල්ලෙක් උඩු බුරනවා අයෙමත් හිත හදන් පොත දිහා බැලුවා
නොපෙනෙන ක්සිතිජය අල්ලන්න හිතාගෙන ...............................


Read more »

Tuesday, July 3, 2012

කොළ කැලි ...

අද කාමරේ හුග කාලෙකට පස්සේ අස් කලා පොත් අතර තිබුණු නිසදෙස් කියලා මං හිතන් ඉන්න මං ලියපු කොළ
කැලි ටිකකුත් අතරින් පතර තිබුණා ඉතින් ඒ ටිකෙන් කිහිපයක් මට බ්ලොග් එකට දාන්න හිතුනා සමහර ඒවා
මුණු පොතට දාලත් ඇති කොමෙන්ට් විදිහට දාලත් ඇති ............ ම්ම්ම්ම්ම් තව දෙයක් මට ගොඩක් ලස්සනට නිසදැස් ලියන්න බැ
ඉතින් මගේ විකාර සිතුවිලි කියවලම  බලන්නකෝ අපරාදේ වෙලාව  කියලා හිතිලා මට එහෙම බනින එපා ඔන්න නොකිව්වා කියන් එපා........

 1.
වරක්
තව
එකම
එක වරක් ............
සිනා සෙන්නට
එක්ව හඩන්නට
ලැබුනොතින්
වරම්............
ලියමු
අපි කවක්
පොඩිම පොඩි
පැලක් ලග
නතර වී
ඉතින් ...........


2 .
සොදුරු සිහිනෙක
තනිව
අඩන සිත......
එකම හුස්මක
දැනෙන
ඒ මල් සුවදට ..........
වැටෙන
කදුලට
පිපෙන
පැතුම් මල් පොදි...........
රකින්නම්
සදාකල්හිම
යලිත් එන
තුරා.............
රැදෙන්නට
නෙත අග
පිපිණු
ඒ සුපෙම් මල් ...........




3.
 නුබේ සුවද පිරුණු
අපේ ආදරේ ............
සමරු පොතක
ලියවී ඇත්තේ ..........
නිල් දෙනතින් කියවුණු
හැම දේ .............
තවමත් මගේ
හදවතේ තියේ ..............
සොදුරු හැගුම් හදේ මවපු
අපේ අතීතේ ...........
එදා ලෙසම අදටත් මගේ
මතකයේ ඇතේ............
තනිව දොඩපු පුංචි පුංචි
රුක් ගොමු අස්සේ .......
මගේ මතක තවමත් දිව
යනවා සේ දැනේ .............
නුබ ඇතක මං ඇතක සිටින
වෙලාවේ ................
ඇයත් එක්ක ඉන්නා විට
නුබ මට සිහි වේ ...............




4.
 සිනා මුවින්

හිතේ රිදුම්

සගවන්නම්.............

බිදුණු සිතින්

තිබු ආදරේ

පැතුම් මතින්

නොසයන්නම් .................

ඇත දුරක

නුබ වෙනුවෙන්

මං ඉන්නම් ......
නුබේ සිනා
දැකලා සිත
සනසන්නම් .............





5.


 මග තොඩදී

හමු

වී

දෙඩු

පෙම් බස්

වියකි ගියා

පිනි දුටු

හිරු සේම .............




6.


 බවයෙන් බවේ

පැතුමන් පතා

අප ආ මගේ

සුසුමන් සලා



ලියු ගී වැල්

අලුත් පිටුවක් පුරා
තනුවක් සේයු අපි
ජීවෙතේ පුරා


ආදරේ පුංචි සිතුවම් මවා
පැතුමක් ලෙසින් ඔබ ඉපදුනා
දෙහදක ආදරේ දෙන්නම් සදා
ඔබ අපේ පුංචි දු කුමරිය නිසා







7.
 (රතු පාට..............)
නුබ ඇන්ද

රතු ගව්ම...............



රතුම රතු

නියගලා මල

පරදවයි ..............

උදා හිරු එළියේ
නුබේ දන යුග
දිලෙන ලස්සන
මගේ හිතෙත් ...
රතු හැගුම්
පුපුදුවයි...............


රතු පාට
දිලෙන ගිනි දැල්ල
පොපිය පොපියා
නටනකොට ............

නුබ සිහි වී
දෙනෙතින් වැටුණු
රතුම රතු
කදුළු බින්දුව ..........
රතු ගාපු
පොලොව මත
පතිත වේ .............


රතු පාට
නුබේ නෙතට
රහසින්...................

 (මේක නම් මං බ්ලොග් එකේ මිට කලින් දාලා තියනවා)




8.


 සයුරු තෙරේ තනි
වෙන්නට
මල්
වැස්සේ .............
 නුබ   එක්ක
උණුසුම්
සුසුමේ
වේලෙන්නට
පිනි
වැටෙනා
රාත්‍රියේ ...........
මද සුළගේ
මුදු
සුවද
අරන් යන්නට
වරම්
දුන්නොත්
කෙදිනක
හෝ
වසන්තයක්
වෙන්නම්
සත්තකින්ම .......
දිවී
තිබෙන
තුරාවටම ............






9.
 ගිනි ගහන
දහවලේ
ලය සුසුම්
පොදි බැදන් .......
වැටෙන දා
බින්දු
පිස
ගනින්
ලොවට
රහසෙන්...........
කන්නට
එක වේලක්
වත්
තව ටික දොහක්
වත්
ඉන්නට .............


Read more »