Tuesday, December 31, 2013

අරෙලිය මල් ගහ



අමාවක පහු වෙලා දෙතුන් දවසකින් උදා වුනු නිසන්සල සද එලිය වෙල් එලිය පුරා දුවන තාලයට සිත ලග නැවතුන
පැතුම් මල් පොදි එකරාශී වුනෙ කොහෙන්දො මගෙ සිත පුරා ඇදී ගිය එහෙමත් නැත්නම් සිතුවම් වුන රන් මැනිකා ගෙ
රුව නිසාවෙන්. වැවි කණ්ඩිය පසු කරමින් හමා ආ සිතල සුලග වෙල් යාය පුරා දුවනකොට ප්‍රෙමයෙන් උදම් වු සිත තව තවත්
හැගිම් බර වුයෙ කරලින් පැසි යන පැසුනු ගොයම් ගස් මෙනි.

රණ් මැනිකා.........................................
පිදිලා දිලෙන බොවිටියා මල් පොහොට්ටු වල සුවද තව තවත් සිත නොයිවිසිලිමත් කලෙ ම මුව මත තිබු මද හස මත අදුරු වලාවකින්
සගවා ගනිමින්.
ගෙවී යන තත්පරයක් තත්පරයක් පාසා ඔබ අන් සතු වෙලා මා සිත තනිවෙදොයි සිත රීදුම් දුන්නෙ දෙනෙත් මත කදුලු බිදු නංවමින්.
පෙර එක දවසක මෙ අරලිය ගහ යට පොරුව තුල මා සතු වෙන්නට රණ් මැනීකෙ පෙරුම් පීරු හැටි කියාපාන්නට මෙන් අරලිය මල්
එක දෙක මා  පාමුල පතිත වුවා.

උක්කු බණ්ඩා...................
සුසුම් වලට වටිනා කමක් නොදෙමින් රන් මැනිකාගෙ විවාහය කරනොලිස් සමග තින්දු කල රණ් මැනිකාගෙ පියා.
තටු කපපු කිරිල්ලියක් සේ තැවෙනා රණ් මැනිකා. සිත තුල තෙරෙපෙනා දහසකුත් ගින්දර සගවා දරා ගත් මසිත.
නුබෙ සද වත මා දසුනින් ඈත් වූ කලී ඔබෙ ලොකය මාගෙ සිතුවිලි මලානික ව පාලු වී අදුර වලාකුලකින් වට වෙලා
ගියේ බක්මහට වහින කලු වලාවන් මෙනී.

සුදු මැණීකෙ..........................

සමගින් ඇතින් ඇසෙන ඈ පා පොදි පොලව සිප ගන්න නාදය මා දෙසවන් පුරා පැතිර ගියේ අකලට පිපුනු එරබදු මල්
පොකුරු මෙනි.
නුබෙ සිතෙ පෙම් සුවද සමගින් අදින් අරබන  නව දිවියකට තිබෙන එකම වස්තුව රණ් මැනිකාගෙ සිනහව බව මට පසක්
වු‍යෙ ඇ දෙනෙත් සමග මා දෙනෙත් මුසු වු විටයි..
සුදු මැනිකා දෙපා මුල වැද වැටුනෙ සැබැම සහොදර බැදිමකින් බැව් දැස මත ගුලි වි හැන්ගි තිබුනු සීතල කදුලු බිංදු සක්ශි කියන්නට
වුවා.
හෙමි හෙමිට ඇද හැලුනු දිය බින්දු අදින් ඇරබෙන නව වසරකට ආසිරි පැතුවෙ රණ් මැනිකා මීට අවෘදු ගනනාවකට කලින්
මා සිත හොරකන් කල මෙ අරලිය ගස යටදිමයි...


සිබින්නට සිතු සුසුම් නුබ ලග
තනිවෙනවා දැනුනා.............
කියන්නට බැරි පැතුම් මුව මත
මුනිවතම රැක්කා........
දරන්නට බැරි කදුලු ලග
තනිවෙන්න සිතුනා...........
පිපෙන්නට ලග සුවද මල
මගෙමයි  හැගුනා...............
හන්තාන සිතුවිලි වහින වැසි ලග
සැබැ වෙනු දුටුවා....

෴෴සචි෴෴

Read more »

Saturday, November 30, 2013

රතු රොස .........


පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනා
ගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනක
හිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.
අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන
අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්‍රිතිය සිත තොල ඔද්දල් කරමින්.
ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙ
ඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.

 

සුදු මුදු මද නල
පවසාවී රහසක්
නුබෙ සුවද සමගින්
මා වටා දැවටී.......................
නීල දෙනයන
නුබ දන යුගල මත
හෙලන බැල්මන්
කියනා සුපෙම් කව................
සෙමින් සැලෙනා
සිනිදු මල් පෙති
සිනිදු නැ
නුබෙ පා යුග තරම්......................
අසා ඉමු අපි
හදෙ ගැහෙනා පෙම් රටා
සිතින් සිතුවිලි සයුරෙ
ඈත දුරකට පියබලා
සිනාසෙමු අපි හෙමින්
මුමුනා පෙම් කතා...........................
පතා ආ ලෙස ඈත බවයෙ
එකතු වී අපි
අපෙ ලොකයෙ තනි වෙලා.................

දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් විය
සිතල නුවරඑලිය  තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්.
පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුව
පෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්‍රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.
ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්‍රිය ගෙවි ගියා.
නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්‍රිය සමගම පරවෙලා ගිහින් තිබුනා...............

 
......................පසුදින පුවත්පත්............

මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................

පසු වදන...
සතය සිදු විමක් ඇසුරෙන්.............




සිහිනයකි ජිවිතෙ..

(මෙකත් බලලම යන්න..)
Read more »

Wednesday, November 27, 2013

සොහොන් කොත්

හද එලියට දිලිසෙන සුදු සොහොන් කොත් යට සැතපෙන මතක සමුදායක විකෘති ජරා ජිරන
වු රූපකායන් කොහෙන්දො ආපු වවුලෙකුගෙ හඩට පොඩ්ඩක් වත් සැලුන් නැ. එහෙමත් නැත්නම් චංචල
වෙන්න තරම් ඉඩක් තිබුන් නැ.
අහස පුරා ඈතට ඔහෙ පවෙලා යන වවුල් තටු ගැහැන රාවය විසිරිලා තියන මනොමය ශරිර වලට දැනුනද කියන්න දන්නෙ නැ.
හෙමි හෙමිට ඇදෙන හං ගොල්ලෙක් ඔලුව ඔබා ගන්න කටුවක් නැති ශොකයට සංතස්තාපයෙන් වගෙ ඉබෙම ඇදිලා ගියා.
අසලින් තියන රේල් පිලි 02ක කවදාවත්ම එකතු නොව්නට කොච්චියකට ගමනාත්තයට යන්න මාර්ගය පෙන්නනවා වගෙම දලුලන සියබලා
ගහෙ කොල අමුතුම රටාවකට සැලුනෙ සුලගෙ තාලය අදුනා ගත්තා වගෙ හැගිමකින්. බල්ලෙකුගෙ උඩු බීරුම් හඩ
පරිසරයෙ තිබු නිහඩ බව බිද හෙලා දැම්මෙ හරියට බලාපොරොත්තු ක්ශනකයකින් බිද වැටෙන කොට ඇතිවෙන වෙදනාව තරම් වෙගයෙන්.
ඇතින් වැටිලා තිබුනු ජංගිය ටිකක් දිරා පත් වෙලා තිබුනත් ලග ලගම තිබුනු ප්‍රිතියෙන් ප්‍රිතිය උදම් වෙලා තිබුනු හැටි පසක් වුනෙ
යක්කුන්ට බය නැති රසස්වාදයක දිරාපත් මතකයක් ලෙසින්. එකවරම මතකයට එන්නෙ නැති ආත්‍රොපොඩාවෙකු ගුලකින් එලියට ආවෙ
උටත් බඩගින්න දැනෙන නිසා වෙන් ඇති. මකුලු දැලක පැටලුනු පුන්චි සතෙක් දගලන්නෙ ජිවිතය ඉල්ලලා කියලා හිතුනත් තව සුලු වෙලාවකින්
උත් මෙ පොලව  යට තියන අජිවි රුප කයන් වගෙ වෙනවා කියලා දැනුනා.


උත් ඔහොම්මම පාවෙල තව කොහෙ හරි ඉපදෙයි මරැයි හැමදාම වෙනවා වගෙ වුනා වගෙ. විසික් කරලා තිබුනු ගල් අරක්කු බොතලෙ
කියන්නෙත් රුපය දිරනා නාමෙ නොදිරනා වගෙ කතාවක් නැත්නම් කොහොමද එක ගල් අරක්කු බොතලයක් කියලා දැන ගන්නෙ.
සොහොන් කොත් අතර තිබුනු පුන්චි දැරිවියකගෙ රුපය අස්තිරි ජිවිතය තවත් පසක් කලා... එ මුකුත් නොදැන අයෙමත් ආපු සුලගට
ලපටි සියබලා දලු සෙමින් සැලෙනවා....
Read more »

Sunday, September 29, 2013

නමක් නැති නිමක් නැති ............

නෙත් කෙවෙනි රතු වෙනකන් කදුලු ආපු ඒ ඇස් දෙක දිහා මං බලන් හිටියෙ හැගිම් විරහිතව.
කදුලුත් එක්ක ගෙවී ගිය ඒ රාත්‍රිය ජිවිතයේ ආශ්වාදනියම රාත්‍රිය වෙයි කියලා මට තෙරුම් ගියෙ ගොඩක් කාලෙකට පස්සෙ.
මං තුරුල් වෙලා හිටියෙ ඒ උනුහුම විදින්න තියන ආසාව හින්දම නෙමෙ එ උනුහුම ආයෙමත් විදින්න ලැබැන් නැ කියලා
දැනුනු හින්දා එත් යටි හිතින් මං හිතුවා අපි වෙන් වෙන එකක් නැ කියලා..

ගෙවුනු රැ අපි ගොඩක් සතුටු වුනා අපි මුලින්ම එකට හිටපු දවසෙ හිටපු හොටෙල් කාමරයෙමයි එදත් අපි එකතු වුනෙ.
අපි එදයින් පස්සෙත්  කිහිප පාරක්ම එකතු වෙලා තිබුනත් මුල්ම දවසයි අන්තිම දවසයි කියන 2ක විතරමයි
මගෙ හිතෙ අදටත් මතකයක් විදිහට තැම්පත් වෙලා තියෙන්නෙ .
ලැජ්ජාවෙන් රතු වෙලා හිටපු මුල් දවසට වඩා කොච්චර පල පුරුදු විදිහට ගෙවි ගිය දවසක්ද………….
පහුවදා පාන්දරම අපි වෙන් වෙන්න සුදානම් වුනා ෆ්ලයිට් එක තිබුනෙ තරුශිට හවස 4ට එයා යන්නෙ කසාද බදින්න යේමනයෙ ඉන්න එයගෙ අම්මයි තාත්තයි ගාවට..
එත් එ ඇයි කියලා මට තෙරුම් ගියෙ හුග කාලෙකට පස්සෙ එ අපෙ එ බැදිමට නමක් දෙන්න පුලුවන් කමක් තිබුන් නැති හින්දා.
අනියම් පෙම්වතිද නැ එහෙම වෙන්න මට තවත් පෙම්වතියක් හිටියෙ නැ එ වෙනකොට
බිරිද වෙන්නෙ කොහොමද කසදය කියන ගිවිසුම අත්සන් නොකර
සහොදරියක්  නැ තමන්ගෙ සහොදරි එක්ක එකට නිදා ගන්න පුලුවන්ද?
එ විදිහට ගත්තොත් මං අදටත් අපෙ සම්බන්දෙට නමක් හොයනවා.
මං ආදරෙ කරන්න ඉගෙන ගත්තෙ තරුශිගෙන්. අපි එදා දවසම අපි මුනගැහුනු  අපෙ මතකයන් රැදුනු තැන් වල ඇවිද්දා පරන මතකය අලුත් කර ගන්න කදුලු හන්ගගෙන හිනා වුනා. තරුශි ෆ්ලයිට එකට නගින්න වෙලාව ලං වෙලා මට දිහා බලලා මෙහෙම කිව්වා
මෙක සංසාර බැදිමක් වෙන් ඇති .මගෙ හිතෙ හැමදාමත් අපෙ මතකය රැදිලා තියෙවි එත්
අපි අයෙමත් සංසාර බැදිම් තියා ගන් නැතුව ඉමු තරුශි අන්තිම වචන ටිකත් කියලා යන්න ගියා එදායින් පස්සෙ අපි අයෙ හම්බුනෙවත් කතා කලෙවත් නැ අඩුම ගානෙ උන්නද මලාද කියලවත් දන් නැ ඒ මතකට ගොඩක් වෙලාවට අදටත් හදවතේ රිදුම් දෙනවා අපිට  අතීතයෙ ඒ බැදිමට නමක් දෙන්න පුලුවන් වුනා නම් ………………………………………………………………………………….
සමහර විට එයා මගෙ සංසාර පාදපරිචාරිකව වෙන් ඇති ……………………………..


 දුර ඈත
නිම්නයට
සිත සිබින
මල් හීන
වසත් කල
ගිම්හානායක......
පොලොව සිප
ගත්තු
පුන්චි වැහි බින්දු
පුපුදලා
නියගලා මල් පොකුරු
නුබ
දුන්නු මතකයට....
කවකටුවෙ
තුඩ මතින්
ඈදි ගිය චාපාව
සිත රැදෙ
හැමකල්ම
අහිම බව දැන දැනම......
෴෴සචි෴෴

 මෙ අපෙ මතකය වෙනුවෙන්.............







මෙ මගෙ සංසාර පාදපරිචරිකාව වෙනුවෙන්.............
Read more »

Friday, August 9, 2013

හිස් වචන

සත්තකින්ම වසන්තය ඇවිල්ලා පුරුදු විදිහටම රුදුරු ගිම්හාන කාලයකට පස්සෙ. කනාටු වෙලා ගිය තනකොල අයෙමත් දලු දමාවි. තනිකම පෙලුනු හදවත අයෙමත් ඔබ සොයා කැ ගහන හැටි.
හැම කවියෙක්ම එකයි කවියෙක්ට ආදරෙ කරපු දගකාර හිතක දොංකාරය. ඔයා අඩන්න එපා දැන් පෙරයමත් පහුකරලා මැදියමත් ගෙවිලා ගිහින් අලුයමට ලගයි. සුසුම් හෙලනවා. සුසුම් වලට වටිනාකමක්. කාලය ගෙවිලා ගිහින් දින සති මාස. ආලොකයේ වේගය.. දැන්  නැගිටින්නකො බබා ඉර මල පිපිලා.
මේ ගිරි දුර්ග  පසු කරමින් හමන සුලග ට සත්තකිනම මම ආසා කලා..


 චික් චික් කොහෙදො හිටපු හුනෙක්.
රතුපාට මැයි මල් පොකුරු. සිතලට ගුලි වෙන්න ගුලිවෙච්ච හිත වගෙම. පොද වැස්සක් වැටෙන කොට දැනෙන හැගිම අනොරා වැහි වහිනකොට නැත්තෙ ඇයි කියලා දන් නැ.  කාමයෙහි රලු පරලු බවක් නැත.
බොද වු කනාමැදිරි එලි. නිදි නැති සඳ කාන්තිය. බලාපොරොත්තු. සෙල්ලක් කාර ජිවිතය. පැබ්ලො ලියු කවි පද. කෙටි ප්‍රෙමයක දිගු මතකය. සති අහ විභාගය නෙත ලග ඇති පොත්. බලාපොරොත්තු. අකලට පිපුනු රොබොරොසියා මල්. ජිවිතය එකාකාරීයි. නැ එහෙම හිතෙනවා. සත්තකිනම වසන්ත්ය ඇවිල්ලලු........
අනෙ මන්දා.....


{පහුගිය කාලෙ මං ගැන හොයලා බලපු හැමොටම ගොඩක් ස්තුතියි. අයෙමත් ලියන්නයි බලාපොරොත්තුව}
Read more »

Saturday, April 13, 2013

නිසදැස් 2.

කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරි වුනු හින්දා අලුත් අවුරුදු දා උදේම පරන අවුරුද්දේ ලියපු නිසදැස් ටිකක් දාන්න හිතුවා.....  ඉස්සෙල්ලාම ලැබුවා වු අලුත් අවුරුද්දට සුබ පතනවා..
සතුට සිනහව
පිරි ඉතිරෙන
නිබද
ජය ටැබ සොයා යන්නට
අලුත් ආරෙට
සිතුම් පැලවෙන
වාසනාව දොරේ ගලා යන
නව වසරකට
පතමි ආසරි
෴෴සචි෴෴

**************************************************

1).
සසල දිය
නිසල වන
ගං දැල අභියස............
සුපෙම්
මල් පොකුරු
පිපෙනා
මෙ සීත ගනදුර.........
ඉකිබිදින
සරා සද හංගලා
රීදි පැහැ මෙගය....
ඇය කියු
සරා කව
පාරවයි දෙනයන..............
෴෴සචි෴෴



2).
දුර ඈත
නිම්නයට
සිත සිබින
මල් හීන
වසත් කල
ගිම්හානායක......
පොලොව සිප
ගත්තු
පුන්චි වැහි බින්දු
පුපුදලා
නියගලා මල් පොකුරු
නුබ
දුන්නු මතකයට....
කවකටුවෙ
තුඩ මතින්
ඈදි ගිය චාපාව
සිත රැදෙ
හැමකල්ම
අහිම බව දැන දැනම......
෴෴සචි෴෴


3).
උනුහුමට නෙත අග පිපුනු
සෙනෙහසෙ රතු රොස
පරවෙලා මටත් හොරා
ඔය සිත අහිමි වු දුකට.......
හෙමින් හෙමින් මා නෙතට
සිතලින් ඔප වැටුනු කදුලු
රස මතු වෙලා නුබෙ පහස දනවලා......

෴෴සචි෴෴





4).
නමක් නැති නිමක් නැති ............
මේ සොඳුරු සෙනහසට
සිත් ඉමට වඩින්නට
වරම් දුන්නේ කව්ද.........
සිහිල් සඳ මද නල හමන
රැයක සිහිනෙක රැඳෙන
සුපිවිතුරු හැගුමක්ද........
අතින් අත පටලවා
සොයුරියක ආදරෙන්
හිත රැදුනු නුබෙ මතක
හිත පුරා විදින්නට අවසරද..............
පිවිතුරුව හමා ගිය
අරලියා මල් සුවද
තියෙවා හැම කල්ම
එකම සෙවනක රැඳෙන
වරම් හිමි නැති වුවද...............
෴෴෴සචි෴෴෴


5).
දැස පෙරුමන් පුරා
ආදරේ උල්පතෙ
ජිවිතේ විල්තෙරෙ
සොයමි සෙනහස ඔබෙ..............

සිහින ඇරයුම් පුරා
සිතුවිලි ගගුලක් අරා
දෙන්න සෙනෙහෙ ඔබෙ
ඔබටමයි ආදරේ......

සුපෙම් පැතුමන් පතා
සිතින් මං දුර ගියා
කදුලු විල් තෙරෙ තියා
සොයමි නුබ කොහෙ කියා........

෴සචි෴


6).
සුදු රොස 
ඉකිබිදින
රැ...........
සද හැන්ගිලා
තරු හිනහිලා
සිත පුරා 
පැතිරිලා කලු වළා..........
පියා පත් ඇකිලිලා
කුරුලු ගිතය
නිම වෙලා
සිනා මල් හැන්ගිලා
වසන්තය නිම වෙලා....................
~~~සචි~~~


7).
සැලෙන මද නලට
පොපියනා හද ගැස්ම
හෙමින් හිරු මඩල
සිප ගනී සිත් අහස
අඩ ගසා සදූ නැති රැයට.................
පරව යන සුදු රොස
හිනහෙනා කඩුපුලට
කොදුරාවි ලොව දහම................
සෙමින් මා නෙතට
උනුහුමින් පොපියන
පැමිනිලා කදුලක්
මතකයට නුබ දුන්නු ..........

***සචි***


8).
පාට තවරන්නට
ජිවිතයට .........
අරුත් සොයන්නට
විඩාබර දෙනතට......
විදින්නට හිත පුරා
ආදරෙ .............
කවදාක
මා සතු වෙද....................
හින පුරා මා සෙවු
එ නෙක පාට.......
~~~සචි~~~


9).
මම ...
මග බලාන හිටියා
අරලිය මල් වැටුනු පාර දිගෙ
හිතෙ දුක පිරිලා
වැහි බර අහස වගෙ.......



ඇය...

නිල්ම නිල් ඇ දෙනෙත
පොඩි වෙලා වෙනදා වගෙ
සිනවක් නම් නැ 
මා සිප ගත් එ මුවගෙ...........

මම...

මෙ අහන්න
මගෙ හිත අදරෙ පිරිලා
සිබින්න හදනකොටම
මල් වලට කියන්න එපා
සිබින්න එපා සුවද අරන් යන්න 
කියලා........

ඇය...

පොඩි දෙට කදුල එන
මගෙ ඇස් නුබ ලගම තියන්නම්
මගෙ කදුල එක්ක මගෙ හිතත් එවන්නම්
එත් ......
මම තවත් නුබෙ නොවෙ...

෴෴සචි෴෴


ප.ලි - බ්ලොග් අව්කාශයට ඇවිත්  දැන් අවුරුද්දක් මෙ අවුරුද්ද පුරාවටම වසන්තය එක්ක එකතු වුනු හැමොටම ගොඩක් ස්තුතියි........

Read more »

Saturday, February 16, 2013

වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..


වරදට එරෙහිව අවි ඔසවන්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන්..

පියෙකුගෙ වගකිම සිය පුතුනුවන් හට සිය ගමන යෑමට රතු පලසක් සදා දිම නොව කටු කොහොල් මතින් 
ගිරි දුර්ග පසු කරමින් කදුලු අතරින් සිනහා වී සිය ගමන යෑමට ශක්තිය ලබා දිමයි. මව් කුසින් මෙලොව එලිය ලබනා
සියක් දහසක් පුතුන් විරයන් වන්නා සේම දස දහසක් පුතුන් නිවටයන් වන්නෙත් ලොකයේ පවතින විශම තාවයට 
උදා හරන සැපයිමට වුවත් යම් යම් කාල වකවනු වලදි එකී උදාහරනයන් විසින් ලොකයට දායාද කලා වු 
අමිහිරි මතකයන් ඉතිහාස පිටු පුරා ලියවි තියෙන්නෙ නොමැකෙන කලු පැල්ලම් එකතු කරමින්. 

නමුත් එකී කාල වකවනු 
අවසානයේදි මව් කුසකින් බිහි වන වීරයෙකු අතින් අවසන් වෙන බැව් ඒ ඉතිහසයම අපිට නිහඩ ශාක්සි සපයනවා.
කාලය විසින් වීරයන් ගොඩ නගනවාද නැතහොත් උපතින්ම වීරයන් බිහි වෙනවාද යන පැනයට දිය හැකි හොදම පිලිතුර 
කාලයේ අවස්යඨාවයට මව් කුසින් වීරයන් බිහි වෙන බවයි.
අතීතයේ සිට වර්තමානයත් වර්තමානයේ සිට අනාගතය යා වෙන සිහින් රෙඛාව තුල බිහිවුනු , බිහිවෙන එකී චරිත තුලින් 
ගොඩ නැගුනු ගොඩ නැගෙන ලොකයක බිහි වු , බිහි වන්නා වූත් නිවටයන් විසින් ඔවුන් අපි වෙනුවෙන් ලේ කදුලු 
දහදිය මෙනම විටක ජිවිතයද දායද කොට ගොඩ නැගු වර්තමානය , ගොඩ නගන අනාගතය තුලට විටින් විට එක් කල,
එක් කරන කලු පැල්ලම් ලොකය පවතින තාක් කල් පවතිවි.  නමුත් පැහැදිලිවම කාලයයි මේ රටකට දැයකට හිත ඇති
මිනිසුන්ට හිතන්නට නැත්නම් නැවතත් වීරයෙක් බිහි වන තුරු කල්ප කාලයක් යන තුරා නිවටුන් විසින් අනාගතය තුලට
නොමෙකෙන කලු පැල්ලමක් එකතු කරාවි. සිතන්නට බොහෝ දේ පවති මෙ සිතන්නට කාලයයි...


(හුග කලෙකින් මෙ බ්ලොග් එක පැත්තට ආවෙ එන්න බැරි වෙන්න හෙතු ගොඩක් තිබුනා අයෙමත් දිගටම වසන්තයට අරාදනවක්  ලිය වෙවි එ වගෙම මම ලියපු නැති කාලේ මං ගැන හොයල බලපු හැමොටම දස දහස් වාරයක් ස්තුතියි.. ඒ හින්දමයි අයෙමත් වසන්තයට අසැනි වැස්සක් වැටිලා පන ඇවිත් තියෙන්නෙ)


Read more »