Tuesday, January 14, 2014

සත්තකින්ම වෙන් වීමක් නම් නැ

  ඇගේ දැතින් මගේ දැගිලි එකට බැදී ගීය ඒ බැදීමත් එක්ක වැහි බින්දු වල තිබුණු ලෙන්ගතු කම මට තාමත් මතකයි
ඇගේ ලැමට තුරුළු වුනු මගේ  පොත් මිටිය ඔව් සීතලට උණුහුම හොයපු ඒ අතීතයේ දවසත් අද වගේමයි
මහ පොලොව සිප ගත්තු ඒ අනෝරා වැස්ස එදා වගේමයි එත් කාලය ඉගිලිලා ............



බස් එකේ ජනේලයෙන් පෙනුණු බස්  හෝල්ට් එකේ තිබුණු බැංකුව දිහා මට දෑස යොමුවුනේ   සිතා මතා නම් නෙමේ .........
අතීතයේ වගේම පොත් ගොඩකින් ඔලුවට ලැබෙන පීඩනය මොහොතකට හරි නිමා කරන්නට අපි වගේම තවත්
2 න්නෙක්ට ඒ බැංකුව අද නවාතැන් සපයලා... නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි සොයා ගීය ලෝකයත් එක්ක ඒ
හැමදේම අතීත මතකයන් වෙලා අපි අපේ ලෝක වල තනි වෙලා ... එත් ඒ බැංකුව එදා වගේම හෙටත් තව තවත් හදවත් වලට තෝතැන්නක් වේවි ..



සමහර බැදීම් තියනවා ජිවිත කාලෙ පුරාවටම නමක් දෙන්න එහෙමත් නැත්නම් එ බැදිම මොකක්ද කියල තෙරුම් ගන්න බැරි
යාලුකමක් සහොදර කමකට එහා ගියපු බැදිම්.. ජිවිතෙ විවිද කාල වල හිතට දැනෙන තනිකමත් එක්ක ඇති වෙන සමහර බැදිම්
ජිවිත කාලෙ පුරවටම හිතෙ තැංපත් වෙලා තියනවා. සමහර බැදිම් වලට දවසක් දෙකක් එහෙමත් නැත්නම් පැයක් දෙකක් තරමට
කෙටි වුනාට එ පුන්චි මතකය ජිවිතේ පුරාම තැම්පත් වෙලා තියෙන්නෙ ඇයි කියල මම අදටත් දන්නෙ නැ. මතකයෙන්
ලොකු කොටසක් එ පුන්චි පුන්චි මතකයන් ගෙන් වෙන් වෙලා මතක පොත ආපස්සට කියවනකොට හිතට දැනෙන්නෙ දුකක්ද
සතුටක්ද නැ එ හැගිමට වචන නැ.





හුදකලාව අරක් ගත්තු ගොඩක් ඈත දවස් වල ඒ හුදකලාව මකන්නට මෙන් හිත පුරා ගොඩ නැගුනු බැදීම් කාලයත් එක්ක හුදකලව
මගෙන් ඇත් වෙන්න වෙන්න ගොඩ නැගුනු බැදිමුත් ඈත් කරලා ලස්සන මතකයක් විතරක් එකතු වෙලා. කාලයක් තිස්සෙ
ඉස්කොලෙ යනකොට කොච්චර නම් එ වගෙ බැදිම් අපෙ ජිවිත වලට එකතු වෙන් ඇතිද කඩෙ අක්කා, හැමදාම හිනා වෙන අයියා,
වැඩට යන මිනිස්සු හැමදම හම්බෙන කොච්ච්රක් හුරු පුරුදු අයත් එක්ක අපි හිතින් බැදිමක් හදා ගන් ඇතිද? එ බැදිම් දැන් අපෙන්
කොච්ච්රක් නම් දුරස් වෙලාද.................

ඈත ගමනක් යනකොට ට්‍රිප් එකක් යනකොට හම්බෙන අය හ්ම්ම්ම් එ අයත් එ මතකයෙ කොටස් කාරයො වෙලා මෙහෙම කියන්න ගියාම
එ වගෙ කොච්චර දෙවල් මතක් වෙනවද......... හැම මතකයක්ම ගොඩක් වටින්නෙ හුදකලාව එක්ක තනිවුනාම කියලා මං හොදටම දන්නෙ
හුදකලවත් මගෙ ජිවිතෙ එක්ක වරින් වර බැදිම් හදා ගන්න හින්දා එ හුදකලාවම ජිවිතෙට ගොඩක් ලොකු පාඩම් කියල දෙනවා කියලා
තෙරුම් යන්නෙ සැහෙන කාලයකට පස්සෙ...
මග තොටදී අහම්බෙන් හම්බෙන පරන පෙම්වතියක් පෙම්වතෙක් එක්ක අතිත දවස් වල වගෙ අයෙමත් බැදිමක් හදා ගන්න බැ එත් එ මතකයන්
කොච්චර ලස්ස්නට හදවත ලග පෙල ගැහෙනවද වයිරයක් නැතුව එ හැම බැදිමකටම සුන්දරත්වයක් දකින්න පුලුවන් කමක් තියනවනම් එ
මතකයන් ජිවිතෙ තව තවත් ලස්සන කරනවා.............
නමක් දෙන්න බැරි නමක් හොයන්නත් නැත් බැදිම් වලට මං හැමදාම ආදරෙ කර කරන්නෙ එවා ජිවිතෙ මතකයන් ගොඩක් ලස්ස්න කරපු හින්දා
කරන හින්දා හරියට හුදකලාවත් එක්ක තියන මගෙ මෙ බැදීම වගෙ ........... හරියට ඈත් එක්ක තිබුනු බැදිම වගෙ එවට කවදාවත්ම
නමක් දෙන්න බැ................................................................. එ හින්දම මං මෙ සින්දුවට ගොඩක් අසා කරනවා

සංසාර පුරුද්දද මෙ හමු විමෙ අරුමෙ
හිමි නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති......................................

{සත්තකින්ම වෙන් වීමක් නම් නැ}
෴෴සචි෴෴




Read more »