Tuesday, November 13, 2012

මාත් අම්මා කෙනෙක් (ගණීකාවක් කියයි)


ලයිමෙ තිබු නිවාස අතුරින් තවමත් නියොන් අලොකයක් දැල්වෙමින් පවතින එකම නිවස ඇගෙ නිවස්නයයි.
නිවසක් යන පරිසමාප්ත්‍ර අර්තයෙන් බොහො ඈත් වු ඇගෙ කුටිරය තුල වු එකම එක වා කවුලුව තුලින්
චන්ද්‍රරා ලොකයට නැහැවි තිබු එකම එක  රතු රොස මල දෙස ඇගෙ දෙනෙත් යොමුව තිබෙ.
අඩවන් දෙනෙත් තුල පවතින අලොකය තාරුණ්යයෙ ජව සම්පන්න බව කියාපායි ඈතින් හමා එන
සුලන් රැල්ල රතු රොස මල තාලයට නලවමින් ඇගෙ අකිකරු කෙස් කලඹ සමග පෙම් බදී.
විටින් විට ඇසෙන බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් බිදි ඇයගෙ යන සිතුවිලි මාත්‍රනය මුවින් පිට වන සුසුමකින්
පිටවි යන්නෙ කිසිවෙකුත් නොදකින කිසිවෙකුට නොඇසෙන රහසක් සගවා ගනිමින්ය.

ජිවිතය..............................
ඇයට සරදම් කලෙ යන්තමින් වයස 12 සපිරුනු අවදියෙදිම ඇගෙ මව සදාතනික මතකයක් ඉතිරි කොට
ඇය මෙලොව තනි කරමිනි මවත් සමග ජිවතයෙ ගෙවු ඇය  මෙලොව තනි වුවාය.. එතැන් පටන් අද දක්වා 
ගෙවි ගිය කාලය යලි යලිත් වේගයෙන් සිත තුල චිත්‍රනය වුයෙ දෙනෙත් කදුලින් නහවමිනි.
යන්තාම වයස 12 වන විටම ඇය ජිවිතය ජිවත් කරවිම අරබයා සිය ගත ලයිමෙ පිරිමින් කිහිප දෙනෙකුටම
පුද දි අවසානය.. එතනින් අරැබි ජිවිතය තාරුණ්යයෙ ජවය සමග අත් වැල් බැද ගෙන අංක එකෙ ගණීකාව
බවට උසස්විමක් ඇයට දායද කොට ඇත.. තවමත් කෙලි ලොල් බව පහව නොගිය ඇගෙ තණ මත වැතිරෙන
නග්න කය තුලට සිය ජිවිතය උගස් කරන්නෙ ජිවිතය ජිවත් කරවිම සදහා පවතින එකම විකල්පය බැවිනි.


සෙමින් ඇද වැටෙන වැහි බින්දු රතු රොස මලෙ පෙති දොවනය කොට මහ පොලව සිප ගන්නෙ ලොව සදාතනික දහමක්
යලි යලි ප්‍රතිනිර්මානය කරන්නාක් මෙන් යැයි කවියෙකුට කවි සිතිවිලි පහල වුවත් ඇය එ පිලිබදව අංශු මාත්‍ර වු වත් 
සැලකිලිමත් බවක් නොදක්වමින් නිරුවත් ඇගෙ උදරය සිය අතින් පිරිමදින්නට විය.
කපරාදු නොකල ගෙ බිම ඇගෙ දෙපතුල් සිප ගත්තෙ සෙනහසිනි මහා දන සිටු වරුන් ඇ පාමුල දනින් වැටි 
රාගය ඉල්ලන කල්හි රාගයෙ දෙවගන මෙන් ඇගෙ දන යුග මතින් ඔවුන් බව්තිස්ම කල අතිතයෙ 
තත්පර ගනනකට විනඩි ගණනකට ඔවුන් ඇගෙ බැතිමතින් වු බව ඇගෙ හ්‍රර්දය දනි නමුත් දැන් එ කිසිවකින් පලක් නැත..



ඇගෙ කුස තුල ජිවයක් පවති පියෙක් නැති අවජාතක ජිවයක් නමුත් මිනිසත් බවෙ උත්තරිතර බව පසක් කොටමින් ජිවිතයට 
ජිවිතය දෙන්නට ඇය තිරනය කල රත්‍රිය ගෙවි යමින් පවති... වෙශාවක් බඩුවක් ගනිකාවක් ලෙසින් හන්වඩු ගැහුනු ඇගෙ 
ජිවිතය තුල පවතින තිරසාට වු මිනිසත් බව හදුනන හදවතක් සෙවිම මිරිගුවක් පසුපස යන්නක් බැව් ඇ දැනන් උන්නාය
ඇගෙ මුව මත සිනා රැල්ලක සෙයා සනිටුවහන් වි තිබෙනු නියොන් ආලොකයට පෙනෙ එ ඇය ආදරයක් නොලබා
මව් පදවිය ලැබිමෙ කදුලු සිනාවක සෙයාය..  අගමක් නොදත් ඇය ජිවිතයක වටිනා කම කටවත් නොදකින ඇගෙ
කාමරය තුල උපරිම ලන්සුවට තබමින් මව් පදවියට සුදානම් විය.. කොහෙන්දො හමා ආ සුලන් රැල්ල රතු රොස මල
සුනු විසුනු කොට මහ පොලව මත වැටුනු බැව් ඇ නොදත්තාය.....



සිතල හැගුමන් 
හදවත පිපිදිලා 
නොපිදුනු සිතුවිලි 
හිමිහිට පිපිදිලා 
සයනයේ රැගුමන් 
යලි යලි සිහිවෙලා 
අහිමිද ප්‍රේමය 
කදුලැලි  වියැකිලා ..............
නැති මුත් දෙන්නට 
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම 
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට 
කෙලසුනි මගේ ගත  
අහිමිද මට පෙම 
නැතිදෝ  හිමි සඳ ..............
දෙන්නම් කම් සැප 
මට හුරු පරිදිම 
ඉන්නම් නුබ ලග 
දාසිය විලසින..............


දහසක් සිතුවිලි 
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු 
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම 
සිහිවෙලා 
රහසින් මගේ හිත 
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු 
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය 
සදාකල් මා හට ...............
නුබෙ මතකය
සිතෙ රදවා
ඉපදුනි 
මා පුතු
පියෙක් නැතුවම..............

34 comments:

  1. සුපිරිම තමා මලයා

    ReplyDelete
    Replies
    1. :D
      ස්තුතියි නලින් අය්යෙ..

      Delete
  2. මේක කියවනකොට කාලෙකට කලින් මම මගේ බ්ලොග් පිටුවට ලියපු කවියක් මතක් වුනා

    විඳින්නට පහසක්
    නුඹේ සිරුරේ රසයෙන්
    ගෙනෙයි නම් මිහිරක්
    මොණර කොලයේ බරකින්

    නුඹේ පපුවට හෙමිහින්
    කන තියාගෙන අහපන්
    නුඹේ ජිවයේ සුවදින්
    මත් වුනේ දැයි කවුරුත්.

    කාසි කොලයට හැකිනම්
    නුඹව මිලදි ගන්නට දැන්
    නුඹේ පපවේ හුසමෙන්
    තවත් නැහැවෙයි දිවියක්


    ලොවට නෙපෙනෙන රහසක්
    අපිට නොඇසෙන හඩකින්
    කියන්නට හැකිනම්
    නුඹත් රැජිනකි එහෙනම්...

    ReplyDelete
    Replies
    1. ලොවට නෙපෙනෙන රහසක්
      අපිට නොඇසෙන හඩකින්
      කියන්නට හැකිනම්
      නුඹත් රැජිනකි එහෙනම්...
      ඒ ටික නම් ගොඩක් ලස්සනයි අක්කෙ ස්තුතියි... නුබත් රැජිනකි එහෙනම්.....

      Delete
  3. නියමයි ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනෙශ් අය්යෙ...

      Delete
  4. Replies
    1. :( එක තිත්ත යතාර්තයක් දුක් වෙලත් වැඩක් නැ...

      Delete
  5. ලියන විදියටනම් මම මාරම ආසයි. කතාවත් ගති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාර අක්කියො...... :D

      Delete
  6. තවත් එක සමාජ යථාර්තයක්..! වචන හැසිරවීම සුපිරියි මචන්.. දැනෙන්න ලියල තියනවා.!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචො....... :D

      Delete
  7. නියමයි අයියේ !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලො :D

      Delete
  8. පට්ට මචං මේක ලිව්වේ උඹමද?

    ReplyDelete
  9. සාර්ථකයි...

    මවක් ලෙස දරුවා රැක ගැනීමත් වැදගත්.. !

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම් අය්යෙ එක තමයි මව් සෙනහස කියාන්නෙ....

      Delete
  10. සාමාන්‍යයෙන් මගේ හිතයන්නේ පොස්ට් එකේ කවියෙන් ලියන කොටසට... අදනම් එකේ අනිත් පැත්ත උනා... උබේ රචානා ශෛලිය හිතට දැනුනා බං.. යොදාගත්ත උපමා නියමටේ ගැලපුනා ..
    සරල සාමාන්‍ය කතාවක් උනත් මම මේකට කැමතියි.. රචානා විලාසල හින්දා

    ReplyDelete
    Replies
    1. එහෙනම් මං සාර්තකයි කියලා හිතට ලොකු සතුටක් දැනෙනවා මී ගොඩයා අය්යෙ ස්තුතියි..

      Delete
  11. ලිවීමේ රටාව.. ගොඩක් ලස්සනයි මල්ලියෝ... මැනිය නොහැකි සංවේදී කතාවක්..!

    ReplyDelete
  12. ස්තුතියි අක්කියො :D

    ReplyDelete
  13. මැක්සා මචන්....මේ ලියන විදිහට ගොඩක් කැමතියි..මගේ ප්‍රියතම රටාවක් තමයි මේ. .. යටම කවිය තියන තැන Background එක හරි Font colour එක හරි මාරු කළා නම් හරි.. කවිය හරියට පෙන්නේ නෑ...මම මේ කවිය කලින් උඹේම පොස්ට් එකකද කොහෙද දැකලා තියනවා වෙන්න පුළුවන් නේද සචියා.?

    ReplyDelete
    Replies
    1. ඔව් මචො මෙක මන් කලින් පොස්ට් එකක දාලා තිබුනා යටින් අලුතින් පද පෙලි 2 ක් එකතු කලා.. //නුබෙ මතකය
      සිතෙ රදවා
      ඉපදුනි
      මා පුතු
      පියෙක් නැතුවම..............//\
      අනිත් ටික කලින් ලියපු එකක්මයි ... ස්තුතියි මචො...... :D ම්ම්ම් ඔන්න එහෙනම් පාට මරු කරා...

      Delete
  14. පට්ට කතාව හැබැයි සිරා.

    ReplyDelete
  15. ඉතාමත් සංවේදී කතාවක් සචිත්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මහත්තයො

      Delete
  16. ගණිකාවක් වුණත් එයත් අම්ම කෙනෙක්....

    ReplyDelete
    Replies
    1. ඔව් අනු අක්කෙ එක නම් ඇත්ත කාලෙකින් නෙ මෙ පැත්තට ආවෙ

      Delete
  17. අටමා අයියගේ බ්ලොග් එකේ දැක්කට පස්සේ දැකපු ලස්සනම වචන භාවිතය ඔයාගෙන් සචිත් අයියේ......

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......