Wednesday, September 1, 2021

ආයේ ආයේ ආයේමත්

 

ආයේ ආයේ ආයේමත්

මතක ගුලි කර නැගෙන සිතුවම්

මවයි ඔබ රුව 

සොදුරු හැගුමන් පුබුදමින්......... 

නලව නලවා නලවමින් 

ගියේ කොහොදො

ඒදා වැස්සේ 

හිනහෙමින්........ 

සදලු තලයේ 

නැගෙන දුම් රැලි 

මුමුන මුමුනා මුමුනමින්

සොයයි ඔබ යලි එවිදො යැයි

තවත් මීවිත පුරවමින්.......... 

_සචිත් යශොද _


Read more »

Monday, February 25, 2019

නික්ම යනු මැන හිත තුටින්..........


වෙහෙස දිනකට කොමාවක් වී 
නික්ම යනු මැන හිත තුටින්..........

කුබුක් ගහ අද්දර බොරලු පාරේ
හිනහෙන්න යලි සෙනහසින්
නික්ම යනු මැන හිත තුටින්.....
පුර පොය හදට හොදින් දිලෙන 
නිල් සයුර වුවත් මග බලා හිදි පසු
පසින් එන අමවක රැයක්
හිනහෙන්න යලි තබාගෙන ඉඩ
නික්ම යනු මැන හිත තුටින්.......
සොදුරු සවසක නොදුරු දිනයක
සීතල බීර විදුරුවක් නුරාගි ඇස් දෙකක් එක්ක පසුදිනට ඉතිරි වෙන හදුවක 
කැලලක් තියන්නට නම්,
නුබ..
නික්ම යනු මැන හිත තුටින්.......
සචිත් යශොද......

Read more »

Friday, January 11, 2019

.......... වැහි බිංදු ............

.......... වැහි  බිංදු ............

වාළුකා දැන් ඉතින්
හිමි හිමි මුමුනන්න
ගිගුම් දෙන සත්සරට
සා පැටව් හැන්ගෙන්න .............
                   
                   දැවුනු මහ පොලොව 
                   වැහි බින්දු තෙමනකොට
                   ගෙන ගියා දුර ඈත
                   පිපි සිතක අරුමැසිය............

මී පොකුරු කිටි කිටියේ
ගුලි වුනා සකි සෙවනෙ
බොවිටියා මල් පදුරේ
මල් සැලුනා හොර රහසේ...............
                      

                       වැහි බිංදු  වැහි බිංදු  වැහි බිංදු.......     
                      ඉතා රළු තැනිතලා, වල පවා
                      ලා පාට මල් පියලි විසුරුනා............
                      දම් අහස හිනහුනා........... 
                     
      ..............සචිත් යශෝධ............
                     
                      


Read more »