Monday, February 25, 2019

නික්ම යනු මැන හිත තුටින්..........


වෙහෙස දිනකට කොමාවක් වී 
නික්ම යනු මැන හිත තුටින්..........

කුබුක් ගහ අද්දර බොරලු පාරේ
හිනහෙන්න යලි සෙනහසින්
නික්ම යනු මැන හිත තුටින්.....
පුර පොය හදට හොදින් දිලෙන 
නිල් සයුර වුවත් මග බලා හිදි පසු
පසින් එන අමවක රැයක්
හිනහෙන්න යලි තබාගෙන ඉඩ
නික්ම යනු මැන හිත තුටින්.......
සොදුරු සවසක නොදුරු දිනයක
සීතල බීර විදුරුවක් නුරාගි ඇස් දෙකක් එක්ක පසුදිනට ඉතිරි වෙන හදුවක 
කැලලක් තියන්නට නම්,
නුබ..
නික්ම යනු මැන හිත තුටින්.......
සචිත් යශොද......

0 comments:

Post a Comment

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......

Pages (71)1234 Next