Friday, January 11, 2019

.......... වැහි බිංදු ............

.......... වැහි  බිංදු ............

වාළුකා දැන් ඉතින්
හිමි හිමි මුමුනන්න
ගිගුම් දෙන සත්සරට
සා පැටව් හැන්ගෙන්න .............
                   
                   දැවුනු මහ පොලොව 
                   වැහි බින්දු තෙමනකොට
                   ගෙන ගියා දුර ඈත
                   පිපි සිතක අරුමැසිය............

මී පොකුරු කිටි කිටියේ
ගුලි වුනා සකි සෙවනෙ
බොවිටියා මල් පදුරේ
මල් සැලුනා හොර රහසේ...............
                      

                       වැහි බිංදු  වැහි බිංදු  වැහි බිංදු.......     
                      ඉතා රළු තැනිතලා, වල පවා
                      ලා පාට මල් පියලි විසුරුනා............
                      දම් අහස හිනහුනා........... 
                     
      ..............සචිත් යශෝධ............
                     
                      


0 comments:

Post a Comment

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......