Thursday, January 3, 2019

අපි නොදන්න පරසතු මල................

බෝල බෝල
පාට පබලු
එක නුලක
බැද ඇති ලෙස
සිතුම් පැතුම්
දුක දොම්නස
සමව විදින
දේ මනුලොව...................
අනග සරින්
එක බැල්මෙන්
ඇති වන බව
සිතනා දෙය
ඇලට දොලට
ගහට මලට
පවා දැනෙන
මෙ අමුතුම
සත්සර හඩ................    

කිරි සයුරින්
එහා එපිට
අහස් කුසේ
ඈත තරුව
පවා දන්න
අපි නොදන්න
සුවද හමන
පරසතු මල.................
..........සචිත් යශෝධ...........

0 comments:

Post a Comment

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......