Sunday, September 29, 2013

නමක් නැති නිමක් නැති ............

නෙත් කෙවෙනි රතු වෙනකන් කදුලු ආපු ඒ ඇස් දෙක දිහා මං බලන් හිටියෙ හැගිම් විරහිතව.
කදුලුත් එක්ක ගෙවී ගිය ඒ රාත්‍රිය ජිවිතයේ ආශ්වාදනියම රාත්‍රිය වෙයි කියලා මට තෙරුම් ගියෙ ගොඩක් කාලෙකට පස්සෙ.
මං තුරුල් වෙලා හිටියෙ ඒ උනුහුම විදින්න තියන ආසාව හින්දම නෙමෙ එ උනුහුම ආයෙමත් විදින්න ලැබැන් නැ කියලා
දැනුනු හින්දා එත් යටි හිතින් මං හිතුවා අපි වෙන් වෙන එකක් නැ කියලා..

ගෙවුනු රැ අපි ගොඩක් සතුටු වුනා අපි මුලින්ම එකට හිටපු දවසෙ හිටපු හොටෙල් කාමරයෙමයි එදත් අපි එකතු වුනෙ.
අපි එදයින් පස්සෙත්  කිහිප පාරක්ම එකතු වෙලා තිබුනත් මුල්ම දවසයි අන්තිම දවසයි කියන 2ක විතරමයි
මගෙ හිතෙ අදටත් මතකයක් විදිහට තැම්පත් වෙලා තියෙන්නෙ .
ලැජ්ජාවෙන් රතු වෙලා හිටපු මුල් දවසට වඩා කොච්චර පල පුරුදු විදිහට ගෙවි ගිය දවසක්ද………….
පහුවදා පාන්දරම අපි වෙන් වෙන්න සුදානම් වුනා ෆ්ලයිට් එක තිබුනෙ තරුශිට හවස 4ට එයා යන්නෙ කසාද බදින්න යේමනයෙ ඉන්න එයගෙ අම්මයි තාත්තයි ගාවට..
එත් එ ඇයි කියලා මට තෙරුම් ගියෙ හුග කාලෙකට පස්සෙ එ අපෙ එ බැදිමට නමක් දෙන්න පුලුවන් කමක් තිබුන් නැති හින්දා.
අනියම් පෙම්වතිද නැ එහෙම වෙන්න මට තවත් පෙම්වතියක් හිටියෙ නැ එ වෙනකොට
බිරිද වෙන්නෙ කොහොමද කසදය කියන ගිවිසුම අත්සන් නොකර
සහොදරියක්  නැ තමන්ගෙ සහොදරි එක්ක එකට නිදා ගන්න පුලුවන්ද?
එ විදිහට ගත්තොත් මං අදටත් අපෙ සම්බන්දෙට නමක් හොයනවා.
මං ආදරෙ කරන්න ඉගෙන ගත්තෙ තරුශිගෙන්. අපි එදා දවසම අපි මුනගැහුනු  අපෙ මතකයන් රැදුනු තැන් වල ඇවිද්දා පරන මතකය අලුත් කර ගන්න කදුලු හන්ගගෙන හිනා වුනා. තරුශි ෆ්ලයිට එකට නගින්න වෙලාව ලං වෙලා මට දිහා බලලා මෙහෙම කිව්වා
මෙක සංසාර බැදිමක් වෙන් ඇති .මගෙ හිතෙ හැමදාමත් අපෙ මතකය රැදිලා තියෙවි එත්
අපි අයෙමත් සංසාර බැදිම් තියා ගන් නැතුව ඉමු තරුශි අන්තිම වචන ටිකත් කියලා යන්න ගියා එදායින් පස්සෙ අපි අයෙ හම්බුනෙවත් කතා කලෙවත් නැ අඩුම ගානෙ උන්නද මලාද කියලවත් දන් නැ ඒ මතකට ගොඩක් වෙලාවට අදටත් හදවතේ රිදුම් දෙනවා අපිට  අතීතයෙ ඒ බැදිමට නමක් දෙන්න පුලුවන් වුනා නම් ………………………………………………………………………………….
සමහර විට එයා මගෙ සංසාර පාදපරිචාරිකව වෙන් ඇති ……………………………..


 දුර ඈත
නිම්නයට
සිත සිබින
මල් හීන
වසත් කල
ගිම්හානායක......
පොලොව සිප
ගත්තු
පුන්චි වැහි බින්දු
පුපුදලා
නියගලා මල් පොකුරු
නුබ
දුන්නු මතකයට....
කවකටුවෙ
තුඩ මතින්
ඈදි ගිය චාපාව
සිත රැදෙ
හැමකල්ම
අහිම බව දැන දැනම......
෴෴සචි෴෴

 මෙ අපෙ මතකය වෙනුවෙන්.............




නමක් නැති නිමක් නැති ............
මේ සොඳුරු සෙනහසට
සිත් ඉමට වඩින්නට
වරම් දුන්නේ කව්ද.........
සිහිල් සඳ මද නල හමන
රැයක සිහිනෙක රැඳෙන
සුපිවිතුරු හැගුමක්ද........
අතින් අත පටලවා
ලොව්තුරා ආදරෙන්
හිත රැදුනු නුබෙ මතක
හිත පුරා විදින්නට අවසරද..............
පිවිතුරුව හමා ගිය
අරලියා මල් සුවද
තියෙවා හැම කල්ම
එකම සෙවනක රැඳෙන
වරම් හිමි නැති වුවද...............
෴෴෴සචි෴෴෴


මෙ මගෙ සංසාර පාදපරිචරිකාව වෙනුවෙන්.............
Read more »