Tuesday, January 14, 2014

සත්තකින්ම වෙන් වීමක් නම් නැ

  ඇගේ දැතින් මගේ දැගිලි එකට බැදී ගීය ඒ බැදීමත් එක්ක වැහි බින්දු වල තිබුණු ලෙන්ගතු කම මට තාමත් මතකයි
ඇගේ ලැමට තුරුළු වුනු මගේ  පොත් මිටිය ඔව් සීතලට උණුහුම හොයපු ඒ අතීතයේ දවසත් අද වගේමයි
මහ පොලොව සිප ගත්තු ඒ අනෝරා වැස්ස එදා වගේමයි එත් කාලය ඉගිලිලා ............



බස් එකේ ජනේලයෙන් පෙනුණු බස්  හෝල්ට් එකේ තිබුණු බැංකුව දිහා මට දෑස යොමුවුනේ   සිතා මතා නම් නෙමේ .........
අතීතයේ වගේම පොත් ගොඩකින් ඔලුවට ලැබෙන පීඩනය මොහොතකට හරි නිමා කරන්නට අපි වගේම තවත්
2 න්නෙක්ට ඒ බැංකුව අද නවාතැන් සපයලා... නමුත් කාලයාගේ ඇවෑමෙන් අපි සොයා ගීය ලෝකයත් එක්ක ඒ
හැමදේම අතීත මතකයන් වෙලා අපි අපේ ලෝක වල තනි වෙලා ... එත් ඒ බැංකුව එදා වගේම හෙටත් තව තවත් හදවත් වලට තෝතැන්නක් වේවි ..



සමහර බැදීම් තියනවා ජිවිත කාලෙ පුරාවටම නමක් දෙන්න එහෙමත් නැත්නම් එ බැදිම මොකක්ද කියල තෙරුම් ගන්න බැරි
යාලුකමක් සහොදර කමකට එහා ගියපු බැදිම්.. ජිවිතෙ විවිද කාල වල හිතට දැනෙන තනිකමත් එක්ක ඇති වෙන සමහර බැදිම්
ජිවිත කාලෙ පුරවටම හිතෙ තැංපත් වෙලා තියනවා. සමහර බැදිම් වලට දවසක් දෙකක් එහෙමත් නැත්නම් පැයක් දෙකක් තරමට
කෙටි වුනාට එ පුන්චි මතකය ජිවිතේ පුරාම තැම්පත් වෙලා තියෙන්නෙ ඇයි කියල මම අදටත් දන්නෙ නැ. මතකයෙන්
ලොකු කොටසක් එ පුන්චි පුන්චි මතකයන් ගෙන් වෙන් වෙලා මතක පොත ආපස්සට කියවනකොට හිතට දැනෙන්නෙ දුකක්ද
සතුටක්ද නැ එ හැගිමට වචන නැ.





හුදකලාව අරක් ගත්තු ගොඩක් ඈත දවස් වල ඒ හුදකලාව මකන්නට මෙන් හිත පුරා ගොඩ නැගුනු බැදීම් කාලයත් එක්ක හුදකලව
මගෙන් ඇත් වෙන්න වෙන්න ගොඩ නැගුනු බැදිමුත් ඈත් කරලා ලස්සන මතකයක් විතරක් එකතු වෙලා. කාලයක් තිස්සෙ
ඉස්කොලෙ යනකොට කොච්චර නම් එ වගෙ බැදිම් අපෙ ජිවිත වලට එකතු වෙන් ඇතිද කඩෙ අක්කා, හැමදාම හිනා වෙන අයියා,
වැඩට යන මිනිස්සු හැමදම හම්බෙන කොච්ච්රක් හුරු පුරුදු අයත් එක්ක අපි හිතින් බැදිමක් හදා ගන් ඇතිද? එ බැදිම් දැන් අපෙන්
කොච්ච්රක් නම් දුරස් වෙලාද.................

ඈත ගමනක් යනකොට ට්‍රිප් එකක් යනකොට හම්බෙන අය හ්ම්ම්ම් එ අයත් එ මතකයෙ කොටස් කාරයො වෙලා මෙහෙම කියන්න ගියාම
එ වගෙ කොච්චර දෙවල් මතක් වෙනවද......... හැම මතකයක්ම ගොඩක් වටින්නෙ හුදකලාව එක්ක තනිවුනාම කියලා මං හොදටම දන්නෙ
හුදකලවත් මගෙ ජිවිතෙ එක්ක වරින් වර බැදිම් හදා ගන්න හින්දා එ හුදකලාවම ජිවිතෙට ගොඩක් ලොකු පාඩම් කියල දෙනවා කියලා
තෙරුම් යන්නෙ සැහෙන කාලයකට පස්සෙ...
මග තොටදී අහම්බෙන් හම්බෙන පරන පෙම්වතියක් පෙම්වතෙක් එක්ක අතිත දවස් වල වගෙ අයෙමත් බැදිමක් හදා ගන්න බැ එත් එ මතකයන්
කොච්චර ලස්ස්නට හදවත ලග පෙල ගැහෙනවද වයිරයක් නැතුව එ හැම බැදිමකටම සුන්දරත්වයක් දකින්න පුලුවන් කමක් තියනවනම් එ
මතකයන් ජිවිතෙ තව තවත් ලස්සන කරනවා.............
නමක් දෙන්න බැරි නමක් හොයන්නත් නැත් බැදිම් වලට මං හැමදාම ආදරෙ කර කරන්නෙ එවා ජිවිතෙ මතකයන් ගොඩක් ලස්ස්න කරපු හින්දා
කරන හින්දා හරියට හුදකලාවත් එක්ක තියන මගෙ මෙ බැදීම වගෙ ........... හරියට ඈත් එක්ක තිබුනු බැදිම වගෙ එවට කවදාවත්ම
නමක් දෙන්න බැ................................................................. එ හින්දම මං මෙ සින්දුවට ගොඩක් අසා කරනවා

සංසාර පුරුද්දද මෙ හමු විමෙ අරුමෙ
හිමි නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති......................................

{සත්තකින්ම වෙන් වීමක් නම් නැ}
෴෴සචි෴෴




Read more »

Tuesday, December 31, 2013

අරෙලිය මල් ගහ



අමාවක පහු වෙලා දෙතුන් දවසකින් උදා වුනු නිසන්සල සද එලිය වෙල් එලිය පුරා දුවන තාලයට සිත ලග නැවතුන
පැතුම් මල් පොදි එකරාශී වුනෙ කොහෙන්දො මගෙ සිත පුරා ඇදී ගිය එහෙමත් නැත්නම් සිතුවම් වුන රන් මැනිකා ගෙ
රුව නිසාවෙන්. වැවි කණ්ඩිය පසු කරමින් හමා ආ සිතල සුලග වෙල් යාය පුරා දුවනකොට ප්‍රෙමයෙන් උදම් වු සිත තව තවත්
හැගිම් බර වුයෙ කරලින් පැසි යන පැසුනු ගොයම් ගස් මෙනි.

රණ් මැනිකා.........................................
පිදිලා දිලෙන බොවිටියා මල් පොහොට්ටු වල සුවද තව තවත් සිත නොයිවිසිලිමත් කලෙ ම මුව මත තිබු මද හස මත අදුරු වලාවකින්
සගවා ගනිමින්.
ගෙවී යන තත්පරයක් තත්පරයක් පාසා ඔබ අන් සතු වෙලා මා සිත තනිවෙදොයි සිත රීදුම් දුන්නෙ දෙනෙත් මත කදුලු බිදු නංවමින්.
පෙර එක දවසක මෙ අරලිය ගහ යට පොරුව තුල මා සතු වෙන්නට රණ් මැනීකෙ පෙරුම් පීරු හැටි කියාපාන්නට මෙන් අරලිය මල්
එක දෙක මා  පාමුල පතිත වුවා.

උක්කු බණ්ඩා...................
සුසුම් වලට වටිනා කමක් නොදෙමින් රන් මැනිකාගෙ විවාහය කරනොලිස් සමග තින්දු කල රණ් මැනිකාගෙ පියා.
තටු කපපු කිරිල්ලියක් සේ තැවෙනා රණ් මැනිකා. සිත තුල තෙරෙපෙනා දහසකුත් ගින්දර සගවා දරා ගත් මසිත.
නුබෙ සද වත මා දසුනින් ඈත් වූ කලී ඔබෙ ලොකය මාගෙ සිතුවිලි මලානික ව පාලු වී අදුර වලාකුලකින් වට වෙලා
ගියේ බක්මහට වහින කලු වලාවන් මෙනී.

සුදු මැණීකෙ..........................

සමගින් ඇතින් ඇසෙන ඈ පා පොදි පොලව සිප ගන්න නාදය මා දෙසවන් පුරා පැතිර ගියේ අකලට පිපුනු එරබදු මල්
පොකුරු මෙනි.
නුබෙ සිතෙ පෙම් සුවද සමගින් අදින් අරබන  නව දිවියකට තිබෙන එකම වස්තුව රණ් මැනිකාගෙ සිනහව බව මට පසක්
වු‍යෙ ඇ දෙනෙත් සමග මා දෙනෙත් මුසු වු විටයි..
සුදු මැනිකා දෙපා මුල වැද වැටුනෙ සැබැම සහොදර බැදිමකින් බැව් දැස මත ගුලි වි හැන්ගි තිබුනු සීතල කදුලු බිංදු සක්ශි කියන්නට
වුවා.
හෙමි හෙමිට ඇද හැලුනු දිය බින්දු අදින් ඇරබෙන නව වසරකට ආසිරි පැතුවෙ රණ් මැනිකා මීට අවෘදු ගනනාවකට කලින්
මා සිත හොරකන් කල මෙ අරලිය ගස යටදිමයි...


සිබින්නට සිතු සුසුම් නුබ ලග
තනිවෙනවා දැනුනා.............
කියන්නට බැරි පැතුම් මුව මත
මුනිවතම රැක්කා........
දරන්නට බැරි කදුලු ලග
තනිවෙන්න සිතුනා...........
පිපෙන්නට ලග සුවද මල
මගෙමයි  හැගුනා...............
හන්තාන සිතුවිලි වහින වැසි ලග
සැබැ වෙනු දුටුවා....

෴෴සචි෴෴

Read more »

Saturday, November 30, 2013

රතු රොස .........


පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනා
ගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනක
හිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.
අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන
අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්‍රිතිය සිත තොල ඔද්දල් කරමින්.
ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙ
ඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.

 

සුදු මුදු මද නල
පවසාවී රහසක්
නුබෙ සුවද සමගින්
මා වටා දැවටී.......................
නීල දෙනයන
නුබ දන යුගල මත
හෙලන බැල්මන්
කියනා සුපෙම් කව................
සෙමින් සැලෙනා
සිනිදු මල් පෙති
සිනිදු නැ
නුබෙ පා යුග තරම්......................
අසා ඉමු අපි
හදෙ ගැහෙනා පෙම් රටා
සිතින් සිතුවිලි සයුරෙ
ඈත දුරකට පියබලා
සිනාසෙමු අපි හෙමින්
මුමුනා පෙම් කතා...........................
පතා ආ ලෙස ඈත බවයෙ
එකතු වී අපි
අපෙ ලොකයෙ තනි වෙලා.................

දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් විය
සිතල නුවරඑලිය  තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්.
පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුව
පෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්‍රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.
ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්‍රිය ගෙවි ගියා.
නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්‍රිය සමගම පරවෙලා ගිහින් තිබුනා...............

 
......................පසුදින පුවත්පත්............

මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................

පසු වදන...
සතය සිදු විමක් ඇසුරෙන්.............




සිහිනයකි ජිවිතෙ..

(මෙකත් බලලම යන්න..)
Read more »