Wednesday, November 21, 2012

නුපුබුදු තැබිලි මල්


නුපුබුදු තැබිලි මල්
ඇගෙ දන යුගට මන කල්
පැරද සැගවුනු තුල්
කොලපු ඇතුලට පිවිස හැම කල්.......................

කාවයය ගිත මිනිසාගෙ බාවාත්මක හැගිම් අපුර්වතම ආකාරයක ඉදිරිපත් කරන සනනිදන මාද්දයක් ලෙස
ඇත අතිතයෙ සිටම පැවත ආවක් එහි ආරම්බය කවදා කොතනක කොහොම සිදු වුවත් අද වන විට එය ජන සමජය
තුල විශාල වෙනසක් කිරිමට සමත් කම් දක්වනවා කාලයට අනුරුප ලෙස එහි ඇති ගුනාත්මක බවත් වචන රටවත් විවිදාකර
වෙනස් කම් වලට බාජනය වුවා මෙ උත්සහය මා දකින ගිත හ කවි පිලිබදව මගෙ මතය ඔබ හමුවෙ ගෙන එමට දරන
අහින්සක වැයමක්...

ඉහත දැක්වෙන කවිය අතිත නිර්නාමික කවියෙකුගෙ අතින් කියවුවක් සෘංගාරයෙන් රාගය පිලිබදව ලියවි ඇති මෙම
කවිය තුල රාග රසය ඉස්මතු නොවන ආකරයට ලියවි තියනවා. එහි කියවෙන්නෙ
තවමත් පිපිච්චි නැති තැබිලි මල් ඇය නමින් මෙහි අරුත් ගැන්වෙන රුමත් යුවතියකගෙ දන මඩලෙ ඇති රසය එහෙමත්
නැත්නම් ලස්සනට පැරදිලා පිපෙන්නට ලැජ්ජාවෙන් කොලපු ඇතුලට පිවිස සිටින බවයි...

ගිත මව් ගුන ගිත පිය ගුන ගිත දෙශාභිමාන ගිත ආදි කොට ගත් විවිද මතෘකා ඔස්සෙ ලියවි තිබුනත් මම අද බලාපොරොත්තු
වෙන්නෙ සෘංගාරයෙන් රාගය මුල් කර ගත් ගිතයන් ගැන පිලිසදරක යෙදිමටයි...


රාත්‍රියෙ දකින ලදකගෙන් මෙසෙ විමසන තරුනයෙක්

එක අතකින් දෙතන වසා සිටින්නෙ ඇයිද නගො
අඩක් නෙරිය  ඔසවා ගෙන යන්නෙ ඇයිද නගො
හිමියන් නොමැති රැ ගමන් කිමද නගො
අම්බලමෙ නැවති යමුද නගො.....

ඇය නගර ශොබිනියකැයි සිතා අම්බලමෙ නවතින්නට යොජනා කරන තරුනයා හට ඇයගෙන් මෙසෙ පිලිතුරු ලැබෙනවා


එක අතකින් දෙතන වසා බිලිදුගෙ කිරි හින්දා
අඩක් නෙරිය ඔසවා මඩ ගැවෙන හින්දා
රැ යාමෙ බිය නැති ගමන්
හිමියන් පසු පස එන හින්දා......

ඇය එම ආරදනාව ප්‍රතික්ශෙප කරන ආකාරය අපුරුයි නෙද..

දැන් නුතන ගිත දෙසට හැරෙමු

ඔබෙ සුවද පිරුනු පුන්චි කාමරෙ
රතු රොස මලක පෙති හැලි ගියෙ
මට නපුරු වෙනෙ ඇයි දයාවියෙ මෙ කදුලු බින්දු ප්‍රතම ප්‍රෙමයෙ...

සම්පුර්න ගිතයම මෙහි ලිය නොවුනත් මෙහි තෙරුම කෙටියෙන් කියන්නම් අහලා නැත්නම් youtube 
එකෙන් බලන්න මෙහි කියවෙන්නෙ විවාහා දිවියට එලැබ යුවතියකගෙ කන්යා බාවය නැති විම නැමැති සෘංගාරයෙ උච්ච්තම
අවස්තාවට එලැබ ගිය නිදන කාමරයෙදිම පසු කාලින ඇති වු රන්ඩු හා එහි ප්‍රති විපක ගැන..

රාගය පිලිබදව අපුර්වතම ආකාරයක රාග හැගිම් ජනිත නොවන ලෙස ලියවි ඇති මෙවැනි ගිතයන් අතරම ලද බොලද ගිත
බොහොමයක් ජනිප්‍රියත්වයට පත් වි තිබෙනවා නමුත් එවැනි ගිතයන් මෙහි දි යොදා ගෙන කිසිවෙකුටත් අපහසුවකට 
ලක් නොකිරිමට මා සිතුවා.....

වික සිත පෙම් පොකුරු පියුම්
නුබෙ පයට පොඩි වි ගියා දෙන්
පති කුලයට අද මට පිටු පා යන
මගෙ සොදුරු ලදුනෙ

මෙකත් ලස්සන තෙරුමක් සහිත ගිතයක් මෙහි තෙරුම ගිතය රස විදින කල වැටහෙවි....

හදෙ කොතනක හො සිටි නුබ
නිදා නොනිදා මෙන්
බලා අවසර................
http://www.youtube.com/watch?v=2ilQoudHSnU

තම පෙම්වතියගෙ මතකයෙන් එක්ක ජිවත් වෙන තරුනයෙකුගෙ හදවතෙ රාවය මෙම ගිතය තුල මොනවට ඔප් 
නැං වි තියනවා

සද කඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දෙදුනු ලැගුම් ගනි
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවි


ස්තිර යැයි සිතා සිටි ප්‍රෙමයෙ අස්තිර බව ගැන කියවෙන මෙම ගිතයත් ඉතමත් හොද තෙරුම්ක් සහිතයි FACEBOOK 
හි මෙම ගිතයෙ සම්පුර්න තෙරුම PAGE  එකක තිබුනු බැවින් එහි තෙරුම ඔබ දන්නවා යැයි සිතමි..

මෙවන් ගිතයන් බොහොමයක් ඇති බැවින් අදට මෙතනින් නවතිමි
අවසාන වසයෙන් මෙවැනි ගිත තුල ඇති සැගවුනු අරුත් බොහොමයක් තියනවා රැල්ලෙන් දුරස් වෙලා නියම ගිතයක
සැබැ අරුත් සොයා යන්නට උස්සහ ගන්න ඔබට ජයෙන් ජය යන ගමන් මෙ ගිතයත් රස විදින්න...


51 comments:

  1. මං හිතන්නේ මේ සමහර තේරුම් ලියපු එකා හීනෙන්වත් හිතන්නැතුව අැති.....මේවට කියන්නේ වැල් බයිලා කියලා..

    ReplyDelete
    Replies
    1. කැමති කෙනෙක්ට කැමති විදිහකට හිතන්න පුලුවන්.....

      Delete
  2. සින්දු ලස්සනයි ...තේරුම් නම් වැල් බයිලා...

    ReplyDelete
    Replies
    1. මෙකටත් කියන්න තියෙන්නෙ කලින් කියපු දෙම තමයි...

      Delete
  3. මල්ලි මෙතන කමෙන්ට් දාන්න පුළුවන් වගේම ඒ කමෙන්ට් දරාගන්නත් පුළුවන්කමක් තියෙන්න ඔනේ. මගේ සචිත් මල්ලිට ඒ හැකියාව තියෙයි කියලා මම හිතනවා. අර උඩ වැල් බයිලා කියලා ගිය ඇනෝ හෙවත් කුඩැල්ලෝ වර්ගයට උත්තර නොදි ඉන්නවනම් වඩා හොදයි. මොකද බල්ලෙක් අපිව හැපුවා කියලා අපිත් බල්ලාව හපන්න යන්නෙ නැති නිසා.

    මේක මල්ලිගේ බ්ලොග් එක. මල්ලිට පුළුවන් මල්ලිට ඔනේ දෙයක් මෙකේ අකුරැ කරන්න වෙන මිනිස්සු අපහසුවට පත් නොවන ඔනෙම දෙයක් ලියන්න. මොකද මිනිස්සු විවිදයි එයාලා ජිවිතේ ගැන සමාජෙ ගැන හරි එකම දෙයක් ගැන විවිද කොණ වලින් දකින්න පුළුවන්. විවිද විදියට දකින එක වරදක් නම් කවදාවත් අලුත් දෙයක් මිනිස්සුනට හිතන්න බැරි වෙයි. විකාරයි.

    _________________

    අද ලිපිය ගැන - මම කැමතිම සිංදු ටිකක්. අදහස් මරැ. සමහර අදහස් අපි හිතන් ඉන්නවට වඩා වෙනස් වෙන්න පුළුවන්.

    _________________

    මම නැවත මෙම ලිපියට කිසිම විටක පිලිතුරැ සපයන්නට බලාපොරොත්තු නොවෙමි ;)

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා කියපු කතාව ඇත්ත කියලා මම පිලිගන්නවා... එකයි මම කිව්වෙ කැමති විදිහකට
      හිතන්න පුලුවන් කියලා :D............

      මෙක මම තවත් එක අත්දැකිමක් කර ගන්නම්...

      ස්තුතියි ම්දාරා අක්කි.................

      Delete
    2. අඹට ඕන දෙයක් උඹ ලියහං බං

      Delete
    3. ඔව් අයියෙ එක එහෙම තමයි ස්තුතියි...

      Delete
  4. වෙනස් විදිහක ලිපියක් ලියන්න ගත්තු උත්සාහය හොඳයි මචන්. මේ ලිපියේ තියන පැරණි සින්දු ටිකත් මං හුඟක් කැමති ඒවා. අජානේය සින්දුවේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් නැද්ද මචන්. ඕඩියෝ හරි වීඩියෝ හරි මොකක් උනත් කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මම හොයලා බලන්නම් හම්බුනොත් ලින්කුව දෙන්නම් නැත්නම් ඉතින් youtube එකෙන්ම බාන්න තමයි වෙන්නෙ... :D ස්තුතියි මචො....

      Delete
    2. හරි මචන්

      Delete
  5. අර්ථවත් ගීත බිහි වෙන්නේ කලාතුරකින් මේ දවස් වල.. අරුත් සුන් ගී අතරේ මේ ගීත මිණි කැට වගේ..ජය වේවා..

    ReplyDelete
  6. මලයා ඔයා හොඳ ඉසව්වකට අත තබා ඇත්තේ. ගීත ගැන කියද්දි ඒ ගීත රඩකයාගේ නමත් දැම්මනම් තමා හොඳ. විකසිත පෙම් ලිව්වෙ නම් අජන්තා රණසිංහ මහතා. සඳකඩ පහණට ගීය ලියපු කෙනා මට දැන් මතකයට එන්නේ නැ. ඒත් ලාංකීය ඉතිහාසයේ පළමු වරට ගීතයක් රචානා කළා වුත්.සංගිතය සැපයුවා වුත් ගායකයාගේ පළමු සිංදුව වුත් නිර්මාණය මෙයයි.ඒ මාතර ආච්චී සිනමා පටයට.
    සමකය වටේ (samakaya wate)වෙනසක් කළා. එන්න රවුමක් දාන්න වෙනස ගැන අදහසකුත් කියලම යන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යෙ.. අයියගෙ දැනුම අපිත් එක්ක බෙදා ගත්තට... මම උස්සහ කරන්නම් රචකයන්ගෙ නම් ඇතුලත් කරන්න...

      Delete
    2. සඳකඩ පහනක ගීතය ලිව්වේ වොලී නානායක්කාර, සංගීතය වික්ටර් රත්නායක,සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතාගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණය.

      Delete
    3. බොහොම වටිනා දැනුවත් කිරිමක් මාත් දැනගෙන හිටියෙ නැ ගිතය ඇහුවා විතරයි..

      Delete
  7. හි හි ලස්සන පද පෙලවල් තියෙයි ටිකක් තව හිතුවොත් හොද පද ටිකක් සෙට් කරගන්න පුලුවන් ඔබට ජය !!

    ReplyDelete
    Replies
    1. අදමයි නෙද මෙ පැත්තට ආවෙ අයෙමත් එන්න ස්තුතියි ...

      Delete
  8. අපූරු පැහැදිළි කිරීම් ටිකක්. මුලින්ම ලියපු කවියේ පුදුම ලස්සනක් තියෙන්නේ. අර අනිත් කවි දෙකනම් මම අහල තියෙන්නේ ටිකක් වෙනස් විදියට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කො.. ඔව් සමහර වෙලාවට එහෙම වෙන් පුලුවන් එත් මම හිතන්නෙ අදහස වෙනසක් වෙලා නැතුව ඇති...

      Delete
  9. මමත් කැමතිම සිංදු ටිකක්. කලින් කවිත් නියමයි. හොද ලිපියක්.

    ReplyDelete
  10. හදේ කොතැනක හෝ......සඳකඩ පහන ප්‍රසංගයේ සොඳුරු තම ගීයකි

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යේ එ ගිතයට මාත් ගොඩක් ආසයි....

      Delete
  11. ඔබේ සුවඳ පිරුන පුංචි කාමරේ....!මන් කැමතිම ගීතයක් ...!විචාරය හොඳයි....ජය..!

    ReplyDelete
  12. හ්ම්ම්ම්... මගේ කැමතිම සිංදුව නම් මෙතනින් "සඳකඩපහණක" තමයි... මල්ලිගෙ විචාරයත් අපූරුයි.. අර මඩ ගෑවෙන කතාව කියවෙන කවිය නම් මම අහලා තියෙනවා...:)

    ReplyDelete
    Replies
    1. සින්දුවට ගොඩක් ආසයි අනු අක්කෙ...

      Delete
  13. මම ආසම කරන ගීත වලින් කීපයක්.... දැන් කාලේ මේ වගේ ගීත නිර්මාණය වෙන්නේ හුගක් කලාතුරකින්..... සචිත්ගේ පැහැදිලි කිරීමත් අපුරුයි... අර නලීන් අයියා කියල තියෙන කරුනුත් ඇතුලත් වුනානම් තවත් හොදයි කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් එක නම් අඩු පඩුවක් තමයි එත් නලින් අය්යගෙ ,රාජ් අය්යගෙ හා චන්දනගෙ කොමෙන්ට් වලින් එ අඩුව සපිරුනා කියලා හිතෙනවා ස්තුතියි යාලු..

      Delete
  14. ලස්සන වෙනස් විදියක ලිපියක් මල්ලියා... ගීත ටිකත් මම ගොඩාක් ආසා ගීත ...
    විකසිත පෙම් පොකුරු පියුම්... මම ගොඩාක්ම කැමති ගීතයක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ස්තුතියි අක්කෙ ... එ සින්දුවෙ අර්තයට මාත් හුගක් ආසයි..

      Delete
  15. "නුපුබුදු තැබිලි මල්
    ඇගෙ දන යුගට මන කල්
    පැරද සැගවුනු තුල්
    කොලපු ඇතුලට පිවිස හැම කල් "

    මතකයි මාසෙකට විතර කලින් පෙට්ටි කඩේ ලගදී උබ කීවා.....

    සච්චෝ මං උබට කිව්වානේ ඔය උඩ දාලා තියෙන වගේ ක්මෙන්ට් දාලා මොඩ ආතල් ගන්න මොඩ හරක් ඉන්නවා කියලා ඔවා ගනන් ගන්න එපා බං අර අක්කා කීවා වගේ ඔවට රිප්ලයි නොකර හිටහන්..
    ඵල ඇති රුකට තමයි ලු වැඩිපුර ගල් ගහන්නේ බං

    ReplyDelete
    Replies
    1. පෙට්ටි කඩෙ ලග උබලව අයෙ හම්බෙන්න තියෙන්නෙ තව දවස් කියද එ ගැන නම් දුකයි පෙට්ටි කඩෙ මතකය නම් අමතක වෙන් නැ බං...

      ස්තුතියි මලියො....

      Delete
    2. මෑතකදී මට හම්බුනු හොදම යාලුවා උබ ඒවගේම මගේ හිතේ ලොකු තැනක උබ ඉන්නවා මචං..උබට වගේම උබව දාලායන්න මට දුකයි මචං...

      Delete
    3. හ්ම්ම්ම්ම් අපිව ආයෙ සැහෙන කාලෙකට හම්බෙන එකක් නැ එත් හම්බෙන දවසට උබටයි මටයි කතා කරන්න ගොඩක් දෙවල් තියෙයි බං පෙට්ටි කඩෙ ලග කතා කරනවට වඩා දෙවල්

      Delete
  16. ජන කවියෙ සමහර තැන් අඩුද මන්දා, මම අහලා තියෙන්නෙ වෙන විදියකට වගේ, කොහොම උණත් අරුතේ වෙනසක් නැහැ. සඳකඩ පහන ගැන කියන කතාවත් අපූරුයි මල්ලී...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලහිරු අය්යෙ... :D ජන කවියෙ නම් අඩු පාඩුවක් තියනවා තමයි මන් හිතන්නෙ එක මෙ විදිහට නිවරදි වෙන්න ඔනා..
      උස්සගෙන නෙරිය අතකින් කිම්ද නගෝ
      වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ
      හිමියකු නැති ගමන් තනි මග කිම්ද නගෝ
      අම්බලමක නැවතී අපි යම්ද නගෝ .....?

      ...................................
      උස්සාගෙන නෙරිය මඩ ගෑවෙන හින්දා
      වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා
      බාල මස්සිනා පස්සෙන් එන හින්දා
      යන්නන් අයියන්ඩි ගම රට දුර හින්දා

      Delete
  17. ඔබේ සුවඳ පිරුණු කියන ගීතය මම ගොඩක් ආසකරන ජීතයක් පොඩි දවස් වල ඉඳන්ම. අපූරු පොස්ටුව.

    ReplyDelete
  18. ශා..කාලෙකට පස්සෙ අපූරු විචාරයක් කියවන්න ලැබුනෙ.. යුග කිහිපයක නිර්මාණ සසඳල තියෙන විදිහ නම් ඇත්තෙන්ම හරි අපූරුයි...හැබැයි මල්ලියේ අකුරුත් හරියට ලිව්වා නම් තමා හොඳ..මේ වගේ හරවත් ලිපියක වටිනාකම වැඩිවෙන්නෙ එතකොට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් අක්කා මට කලිනුත් මෙ අවවාදෙම දුන්නා :D මං එ ගැන සැලිකිලිමත් වෙන්නම් අක්කො ඉදිරියෙදි ස්තුතියි .....

      Delete
  19. අනේ ආදරේ ගැන හැමෝම ලියද්දි පරණ දුක්බර අතීතය මතක් වෙනව නෙව...ඒ හින්දා මම කවි ටික ඇස් අස්සෙන් හොරෙන් බැලුවේ.. නැත්නම් ඒවා ආයෙත් අහන්න හිතෙනවා

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. අදරෙ දුක් බර අතිතය නිමා වෙලා වසන්තයක්ම උදා වෙවා කියලා එක සිතින් පාර්තනා කරනවා!!! ස්තුතියි සහො

      Delete
  20. නුපුබුදු තැබිලි මල්
    ඇගෙ දන යුගට මන කල්

    "දන යුගට" නෙමේනෙ සහෝ "දඟ යුගට" නේද හරි වචනෙ.
    සෘන්ගාරාත්මක ගීතයක් ගැන මමත් විචාරයක් ලියන්න් ඉන්නෙ ලගදිම :)
    නියමෙට ලියල තියෙනව සචිත්:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහො නිවරදි කිරිමට ... :D වසන්තයට ආදරෙන් පිලිගන්නවා....

      Delete
  21. හොඳ ලිපියක්. අලුත් විදියට හිතන්න උත්සහ කරල තියනවා.
    ජය!

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......