Thursday, November 29, 2012

සාරධා පෙම් බැදි දුටු ගැමුනු....



තම පියාණන්ට ස්ත්‍රි පලදනා  යැවිමෙන් උරණ වු පිය රජ තුමාගෙන් බෙරිම සදහා පලා ගිය ගැමුනු ගීලි මලයට පැමින 
වසරකුත් ඉක්ම යැමට ආසන්නව තිබින..  මෙ වන විට දක්ශ ගොවියෙකු හා ගොපල්ලෙකු ලෙස ගම පුරා ප්‍රචලිතව සිටි
ඔහු ට නවාතැන් සැපයු මහා ගමරාලගෙ බාල දියණීය වන රන් මැනිකෙ පිලිබදව බලවත් සෙනෙහසක් රහසෙම
හද තුල මොදු වෙමින් පැවතුනි..  මැති අමාතය වරුන්ගෙ දියනියන් රාජ කුමරියන්ට වඩා මෙ ගැමි කත ගැමුණූ කුමාරයාගෙ 
සිත තුල වැජබෙන්නට විය. 
මෙසෙ ගෙවි යන කාලය තුල කාවන්තිස්ස රජු අනාගතයෙ අරාම්භ විමට නියමිත යුද්ධය සදහා
සෙනා ආයුද හා සැලසුම් සකසන්නටත් අටු කොටු පුරවන්නටත් විය නමුත් තමා දැන් මහලු වුවා වැඩි බැවින් සිය පුතුනුවන්
 සදහා මෙ සියල්ල ඉටු කොට සතුටුන් මිය යැමට කාවන්තිස්ස රජු සුදානම්ව සිටියෙය.. විටින් විට ඔහුට පිඩා ගෙන දුන් කැස්ස
දිනෙන් දින උග්‍ර  වු බැවින් තම ආයු කාලය අවසන් විමට අවසාන බැව් ඔහුට දැනෙමින් පැවතිනි.

එලාර රජු ගෙ චර පුරශ සෙවාව  පැවතුනෙ දිගාභය සෙනවි යටතෙය හෙතෙම සටන් කලාවෙ මෙන්ප උපාය දක්ශයෙක් විය එමෙන්ම 
එළාර වෙනුවෙන් සටන් කිහිපයක්ම මෙහෙයවා ජය ලැබුවෙකි එ නිසාම එළාර රජුගෙ ඇමතින් අතර  ප්‍රබල තැනක් 

කුමරු හට හිමි විය..  දුටු ගැමුණු රජ මාලිගාවෙන් පලා ගිය බැව් දැනගත් ඔහු දුටු ගැමුණු සොයා ගැනිමට රහසෙම
චර පුරුශයන් යොදවන්නට විය.  නමුත් දිගාභය නොදත් එක් කාරනාවක් විය දිගාභය යනු කාවන්තිස්ස රජු ප්‍රතම බිසවගෙ 
පුතෙකු විය එනම් ගැමුණු ගෙ සහොදරයෙකි ඒ හෙතු නිසාම දිගාභයට එරෙහිව නිරන්තර ගතු කිමට සොලි සෙන්පති වරුන් 
නිරන්තරයෙන් කටයුතු කරන්නට විය ඔහුන් දිගාභය කවන්තිස්ස ගෙ පුත්‍රයෙක් වුවාටත් වඩා ඔහු සින්හලයන්ට ලෙන්ගතු 
විම හා රාජ සභාවෙ ඉහල තැනක් හෙබ විම නොරිස්සන්නට විය..  දිගාභය එළාර රජු හා එකතු වුයෙ තම පියානන් තම මව 
අතැර විහර මහා දෙවිය සරණ පාව ගත් බැවින් ඔහු තුල තිබු සිත් තැවුල කරන කොට ගෙනය නමුත් ඔහු තුල පැවති
සිංහල ලෙ තම ජාතියට සිදු වන අසාධාරන කම් වලින් කුපිතව පැවතිනි.. සොලි සෙන්පති වරුන් දිගාභය සාරධා කුමරිය
කෙරෙහි සිතක් පහල කොට ගෙන ඇති බවට මුසා පැවසමින් එළාර ඔහු කෙරෙ මදක් කිපිතව සිටියෙය..
සාරදා යනු එළාරගෙ එකම දියනියයි ඇගෙ මාතෘ භුමිය මියත් මෙ ලක් පොලවයි ඈය සැබවින්ම රුමත් කුමරියක වුවා
මෙන්ම සාධාරන බව අගයන බුදු දහමට ලැදි විනා වායනයෙහි දක්ශ වුවාය... 

එළාර ගෙ ගති පැවතුම් වලින් සහමුලින්ම
වෙනස් ගති පැවතුම් වලින් හෙබි වු ඇය එකල අනුරාධපුරයෙ ඇතුලු පව්ව තුල සිටි රුමත්ම කත බැව් ලංකද්වීපය පුරා
ප්‍රචලිතව පැවතිනි ගම් දනවි සිසාරා ඇගෙ යහපත් කම පිලිබදව කතා බස් ඇති විය සිංහලුන් ගෙ සිත් දිනා ගත් සාරධා 
කුමරිය සොලි කුමරියක් බැව් පිලිගන්නට සිංහලයන්ගෙ සිත් අකමැති විය...

එළාර දිනක් සොලි සෙන්පති දිගජන්තු පැවසු මුසාවකට කිපි දිගාභය කුමරු සිර ගත කරන්නට තිරනය කිරිමත් සමග දිගාභය
පලා ගියෙ සොලින් හා ඔවුනගෙ සැලසුම් මාලිගාව පිලිබදව සියලු තතු සිය හදවත තුල රුවා ගනිමිනි අනාගතයෙ සිදු වන 
යුද්දයෙදි තම සහොදර කුමරු දුටු ගැමුනුට දිගාභය සතු මෙ දැනුම ප්‍රයොජනයක් වෙවි යැයි එළාර මොහොතකටවත් 
නොසිතුවෙය...

සාරධා කුමරියගෙ ප්‍රියතම සෙවිකාව නාලිකා නම් වුවාය හෙතම සිංහල කතක් විය දුටු ගැමුනු කුමරුන් පිලිබදව නිතර සරදා
සමග දොඩමලු විය එ නිසාම දුටු ගැමුණු ගෙ ළමා කලය පිලිබදව සරදා බොහො කරුනු දැන උන්නාය. සැබැවිනම ඇය
නාලිනිගෙන් එවා අසා දැන ගැනිමට අසා කලාය.. රහසෙම ඈ හද තුල ගැමුණු කෙරෙහෙ සෙනහසක් මොදු වෙමින් 
පැවතුණී........................................

(තවත් එකම එක කොටසක් බලා පොරොත්තු වන්න...............)

34 comments:

  1. මේ හැම වචනයක්ම මට නම් අලුත්. කලින් කවදාවත් අහල නොතිබුනු සිද්දි ගොඩක් තියෙනව

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඉතිහසය ගොඩක් රසවත් කතා හංගගෙන ඉන්නවා අපි නොදන්නවා වුනාට..

      Delete
  2. ඉතිරි කොටසත් ලියන්නකෝ..සම්පුර්ණයෙන්ම රසවිඳින්න
    :)

    ReplyDelete
    Replies
    1. ඉක්මනටම ඉතිරියත් ලියන්නම් යාලු...

      Delete
  3. Replies
    1. ඔව් එක නම් ඇත්ත.. ඔන්න මන් සමකය වටෙත් රව්මක් ගිහින් එන ගමන්.. :-)

      Delete
  4. මමත් කලින් දැනගෙන නොසිටි කතාවක්

    ReplyDelete
    Replies
    1. එකෙ පුදුමයක් නැ මල්ලි මෙව හැන්ගුනු කතා....

      Delete
  5. මෙහෙම දෙයක් කවදාවත් දැනගෙන හිටියේ නෑ. මේ ඇත්තම සිද්ධියක්ද සචිත්? ඉතිරි ටිකත් අහන්න ආසයි.

    ReplyDelete
    Replies
    1. මහ රජු ගැමුණු කියන පොතෙ තියන විදිහට සාරධා කුමරිය ගැමුනුට පෙම් බදිනවා එත් අපෙ මහා වංසය නම් එහෙම කතවක් කියන් නැ .. දිගාභය ගැන කියනවනම් දිගාභය දුටු ගැමුනුට විරුද්දව සටන් කරනවා කියලත් එ වගෙම තව තැනක මන් මෙ කියපු කතාවත් සදහන් වෙනවා ... මම නම් පිලිගන්නෙ මම සදහන් කරලා තියන මතය... :D

      Delete
  6. ඉතුරු කොටසත් ඉක්මනට දැම්මොත් හොඳයි සචියෝ...............

    ReplyDelete
    Replies
    1. අනිවා මචො ඉක්මනටම ලියන්නම්........

      Delete
  7. ලියමුකො ඉතිරි ටිකත්...

    ReplyDelete
    Replies
    1. අනිවා මචො ඉකමනටම දෙන්නම්

      Delete
  8. මේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න ඕනේ නෑ මචං. "හෙතම සිංහල කතක්" මෙතන පොඩ්ඩක් වැරදිලා. හෙතෙම කියන එක ඇය කියල නේද එන්න ඕනි. උඹ මචං සිංග්ලිෂ් වලින් ද ටයිප් කරන්නේ. මම නම් මෙන්න මෙතනින් ගත්තු සොෆ්ට්වෙයාර් එකෙන් ටයිප් කරන්නේ. http://www.google.com/inputtools/windows/index.html.ලෙෆ්ට් ALT+SHIFT හරි Right CTRL+J හරි ගහල ලැන්ග්වේජ් මාරු කරන්න පුළුවන්.
    මෙතන තව එකක් තියනවා. ඒක නම් කොපි පේස්ට් කරන්න තියන්නේ. http://code.google.com/p/easysinhala/
    මේකේ එන්නේ බ්‍රව්සර් එකෙට ප්ලගින් එකක් විදිහට. ඒක උඩ කිලික් කලාම සිංහල. ආයේ ක්ලික් කලාම ඉංග්‍රීසි.
    උඹ මේ ටයිප් කරන ඒවායේ අකුරු හුඟක් වෙලාවට හරියට ටයිප් වෙලා නෑ. "කෙරෙ, හෙතු" මේවගේ වචන වදින්න ඕනි "කෙරේ, හේතු" ඔහොමනෙ. ඒකයි මං හිතුවේ ටයිප් කරන්න ගන්න සොෆ්ට් එකේ අවුලක් කියල.
    උඹ අමනාප වෙන්න එහෙම එපා මේ ටික කිව්වට. මමත් මහා ලොකුවට දන්නා එකෙක් නෙවෙයි. මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ල නිතරම සපෝට් එක දෙන එකෙක්ගේ අඩුවක් දැක්කොත් කියන එක මගේ යුතුකමක් කියල හිතුනු නිසා කිව්වේ.

    ReplyDelete
    Replies
    1. මම පාවිච්චි කරන්නෙ r-මදුර කියලා එකක් එකෙ පොඩි පොඩි අඩු පාඩු වගයක් තියනවා නම් තමයි මම මෙ 2 ක පාවිච්චි කරලා බලන්නම් බොහොමත්ම ස්තුතියි සහො :D

      Delete
  9. හි හි හොද ආරමභයක් ඉතිරි ටිකත් දැමමනං මොකො ඇ ....:) ඔබට ජය!!

    ReplyDelete
    Replies
    1. සතියක් ඇතුලත ලියන්නම් සහො....

      Delete
  10. මම අහල නොතිබුණු කතාවක්... ඉතිරි කොටසත් ඉක්මනින් දාන්නෝ.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ස්තුතියි ... ඉක්මනටම දානෝ...

      Delete
  11. ඈආආආආ... අපේ ආච්චි මට මෙහෙම කතාවක් කියල දීල නෑනේ :-(
    අලුත් එඩිෂන් එකක් එහෙම නෙවෙයිනේ ???????

    ReplyDelete
    Replies
    1. නැ නැ එහෙම එකක් නෙමෙ..... අලුත් යාලුවෙක් සාධරෙන් පිලිගන්නවා වසන්තයට... :-)

      Delete
  12. එකම එක කොටසත් අපි බලමුකෝ ;)

    ReplyDelete
  13. මෙහෙම සීන් කෝන් එකක් මම දැනන් හිටියේ නෑනේ බං.. අපේ සයුරි ටීචර්වත් මේක ඉගැන්නුවේ නෑනේ අපිට..

    ReplyDelete
    Replies
    1. :D හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  14. එතකොට කාවන්තිස්ස රජතුමා කලින් බැඳපු එක්කෙනෙක්ද? සාරධා කුමරියක් ගැන නම් ඇහුවමයි මේ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් ඔව් අනු අක්කෙ.........

      Delete
  15. හැමවචනේකටම පන පිහිටුවල ලියල තියෙනවා කොල්ලෝ නියමයි ඈ....... කියන්න වචන නැහැ ලස්සනට ලියන් යන්න. අනෙක් කොටසත් ඉක්මනටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ලියන්නම් කිව්වට දැනටම පරක්කු වෙලා ..... ලියන්නම් මහත්හයො 2012 ඉවර වෙන්න කලින් ස්තුතියි.... :D

      Delete
  16. සමහර දේවල් නම් අදමයි ඇහුවේ, ඊළඟ කොටසත් ලියන්නකෝ ඉක්මනටම...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අය්යේ හ්ම්ම්ම් ලියනවො :D

      Delete
  17. මේක ඇත්තම කතාවක්දැයි කියලා හිතෙනවා කවදාවත් අහලා නොතිබුනු කොටස් කියවද්දී..
    ඊලග කොටසත් ඉක්මනට ඒවි නේද....


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ලියන්නම් රතී ස්තුතියි අයෙමත් එන්න :D

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......