Saturday, December 29, 2012
කාලය
කාලය අපිට ජිවිතයේදි ගොඩක් දේවල් හිමි කරනවා වගෙම සමහර දෙවල් ජිවිතයේන් සදහටම අහිමි කරනවා.
සිහිනෙකෙන් වත් නොසිතන කිසි විටකත් බලාපොරොත්තු විරහිත වූත් සිදුවිම් දාමයක් දම් වැලක පුරුක් වගේ එකි
නෙක සම්බන්ද වෙලා කිසි දිනක නොපැතු කඩයිම් කරා රැගෙන යනවා මොහොතකට ආපස්සට හැරිලා බලනකොට
සමහර පුන්චි සිදුවිමක් අපිව කොච්චර නම් ඈතකට වෙනසකට ජිවිතයෙ රැගෙන යන්නට සමත් වෙලා තියනවද.
කාලය විසින් ගොඩ නගන මිතු දම් කාලය විසින්ම සුන්දර මතකයක් සදාතනිකව හදවතේ කොනක තැන්පත් කරලා
නොපෙනෙන ඉමකට ගිහිල්ලා .
"සුලගෙ ලෙලෙනා මල් සේ දගපා
අප පාසැල් ගිය කාලයෙ
යාලුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමෙ"
ලස්සනට ගලා ගෙන යන ගංගාවක් කාලෙකදි වෙලිලා ඉරි තැලිලා යන්නාක් මෙන් ජිවිතය
තුල හමුවෙන යාලුවො ,නැදැයො, නන්නාදුනන, අයත් කාලයෙ තාලයට වෙනස් වෙලා යන්නෙ අපිට එ ගැන හිතන්නවත්
ඉඩක් නොදි. එත් මතකයන් අපෙ හදවත් පතුලටම කිදා බැහැලා තියනවා කියලා අපිට තෙරෙන්නෙ අයෙත් කාලයකට පස්සෙ එ
පරන යාලුවො මග තොටදි අහම්බෙන් උස්සවයකදි, එහෙමත් නැත්නම් ඉස්සර නිතරම ආපු ගියපු තැනකට පරන පුරුද්දට
ගිය වෙලාවක හම්බුනාම එත් එතකොට පරන කතන්දර මතක් කරලා හින වෙනවා දුක් වෙනව ඇරෙන්න අලුත් මතකයක්
නම් එකතු වෙන්නෙම නැති තරම්. රොස මල් වල තියන ලස්සන බලලා හිනා වෙන පුන්චි සිගිත්තන් වගෙ අතිත මතක සුවද
එක්ක හිනා වෙලා වෙන් වෙනවා ඇරෙන්න ජිවිතය අපිට වෙන ඉඩක් දිලාම නැති තරම්.. එ අතර තුර ජිවිත වලින් සදහටම සමු අරන්
කාලයක් අපි ලගින්ම හිටපු අපෙම අය සදාතනික මතකයන් ගොඩක් එක්ක වෙන් වෙලා යන හැටි..
ජිවිතය..............
නොනවැති ගලන ජිවිතය........
කිසිදා හමු නොවන ඉමක් සොයා ඇදෙන අපුරුව..
මතකයන් වගෙම තවත් බොහෝ සිදුවිම් ජිවිතයේ සිද්ද වෙනවා නෙතගට කදුලක් වැටෙන වාරයක් වාරයක් පාසා
හිතට සිය දහස් ගුනයකින් ශක්තියක් අරගෙන ආඅහු නැගිටින්න පුලුවන්නම් කවදා හරි දවසක ආපහු අතිතය දිහාවට
හැරිලා බලනකොට අපිටම තෙරෙවී ඒ වැටුනු කදුලු වලට වටිනාකමක් ලැබිලා කියලා එදාට අපිට කියන්න පුලුවන් අපි
සාර්තකයි කියලා හැමදාම මුවෙ තියන හිනාවකට වඩා කදුලු අතරින් නැගෙන සිනාවකට තියන වටිනාකම මිල කරන්න
බැ....
පසු වදන - අවුරුදක් ගෙවිලා ගිහිලා අලුත් අවුරුද්දක කඩයිමක ඉන්න මොහෙතෙ මට මෙ ටික අකුරු කරන්න හිතුනා
අලුත් විදිහට හිතන්න අලුත් බලාපොරොත්තු ජිවිතයට එකතු කර ගන්න හිතට සිය දහස් ගුනයකින් ශක්තිය අරන්
නැගිටින්න වැරදිම් නිවරදි කරන්න ලැබෙන හොදම අවස්තවක් තමයි මේ මෙ අවුරුද්ද පුරාවටම මාත් එක්ක හිටපු ඔයාලා
හැමොටම ගොඩක් සිතුතියි.. හැමොටම සුබ නව වසරක් වේවා.......
Subscribe to:
Post Comments (Atom)
"මතක අමතක හදවතක මිස පොතක පෑනක පැන්සලක නැත..."
ReplyDeleteකවුදෝ කිව්ව, ඔන්න ඔය කියමන මට මතක් වුනා මේක කියවල....
ඔයාටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා සචිත්!
ස්තුතියි සමනළී ගොඩක් කතාව නම් සහතික ඇත්ත... ඔයටත් වසන්ත්යේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteඇත්තටම කාලය කොයි තරම් දේ කරනවා ද.. කාලය අභිබවා ගමන් කරන්න පුළුවන් නම් අපි නවතින තැන් කොයි තරම් තියෙයිද..
ReplyDeleteඑහෙනම් සුබ නව වසරක් වේවා මිත්රයා!!
හ්ම්ම්ම්ම් ඔව් ඒ සිහිනය නම් එඩත් තිබුනා අදත් තියනවා හෙටත් තියෙවි එ හින්දම වෙන් ඇති කාලය අභිබබා අනගත්යට අතිතයට යන නිර්මාන රැසක් බිහි වුනෙත්.. ස්තුතියි...වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteකාලය හැම දෙයක්ම වෙනස් කරනවා. සමහර දේවල් හොඳ විදියටත් සමහර දේවල් නරක විදියටත්.....
ReplyDeleteසියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක්!
ඔව් එක නම් සහතික ඇත්ත සිතු අක්කේ...වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteසුබ නව වසරක් වේවා....... මචං
ReplyDeleteකාලය නවත්වන්න පුළුවන් නම් කොච්චර හොඳද..
වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා..... ස්තුතියි යසිත් මෙ පැත්තට ගොඩ වුනාට ....
Deleteවර්ථමානයේ කටුක වුව අනාගතයේ දී ඒ කටුක බව අතීතයක් වේවි එදිනට එය මිහිරි මතකයක්.
ReplyDeleteසත්තකින්ම ඔව් නලින් අයියේ.... එ බව නම් අත්දැකිමෙන්ම මම විදලා තියනවා...
Deleteඔබටත් සුබම සුබ නවවසරක් වේවා...
ReplyDeleteවසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteමොනවා කියන්නද?.... 2013ට සුභ පැතුම් !!! :)
ReplyDeleteස්තුතියි අක්කො .... :D වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteමමිත්රස්ය කුතං සුඛම් - මිත්රයන් නැත්තා හට කවර නම් සුවයක්ද... සුභ නව වසරක් වේවා කියලාත් ප්රාර්ථනා කරනවා ඕන්
ReplyDeleteඑ කතාව නම් සහතික ඇත්ත අයියේ.. වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteයාළුවෝ නැත්නම් ලස්සන අතීත මතකයන් කොහෙන්ද.....
ReplyDeleteසුභ පැතුම් මගෙනුත් උදා වන නව වසරට.......!!!
හ්ම්ම්ම් ඔව් අක්කේ එක නම් ඇත්ත....වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteකාලය නේ........කතා නොකරන තරමට හොඳයි අයියෝ.....
ReplyDeleteඔයාටත් සුභම සුභ නව වසරක් වේවා...!!
හ්ම්ම් කාලය ගැන කතා කලත් ඉවරයක් නැ නංගෝ......වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
ReplyDeleteකාලයයි මතකයයි වෙන් කරන්න බැරි තරමට බැදිලා තියෙන්නෙ අය්යේ නේද..
ReplyDeleteඔයාට සුබ නව වසරක් කියල ප්රාර්ථනා කරනවා ඔන්න!
ඔව් නන්ගෝ එක නම් සත්තකින්ම ඇත්ත.....වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteකාලය නේ? එක්කො ඕන නෑ..
ReplyDelete2013 මලයට සුභ වේවා!!!
අයියටත්...වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...
Deleteකාලය, ගොඩක් දේවල් වලට නිහඬවම උත්තර හොයලා දෙනවානෙ... මචං උඹටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
ReplyDeleteහ්ම්ම්ම්ම් ඔව් බං... සුබම සුබ 2013ක් වේවා...
Deleteකාලය මැවු වෙනසක අරුමේ තමයි මල්ලෝ ...ඔයාටත් සුභ නව වසරක් වේවා !
ReplyDelete:D හ්ම්ම්ම් ඔයාටත් සුභ නව වසරක් වේවා !
Deleteඇත්ත තමා.සුබ අලුත් අවුරුද්ධක් වේාවා ඔයාටත්
ReplyDelete.ඔයාටත් සුභ නව වසරක් වේවා ! :D
Deleteහැම අවුරුද්දෙම අපි හැදෙන්න හිතා ගත්තත් හදන්න් බෑ...මේ අවුරුද්දෙවත් හැදෙන්න බලමු...පළවෙනි වතාවට මේ පැත්තේ ආවේ.ආයෙමත් එන්නම්.ඔබට සුබ නව වසරක් වේවා!
ReplyDeleteඑකත් නම් ඇත්ත තමයි ඔන්න අයෙමත් එන්න මෙ පැත්තට... සුබම සුබ නව වසරක් යාලු...
ReplyDeleteසුභ නව වසරක් වේවා!
ReplyDeleteස්තුතියි යාලු අයෙම්ත් එන්න සුරන්ගනා ලොකෙන් බැහැලා මෙ පැත්තට... සුරංගනාවිටත් එසෙම වේවා..
Deleteහ්ම්..............
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් වේවා....!!!
එසෙම වේවා තරුවෝ.... :D
ReplyDeleteදුක සතුට දිවියට දෙමින්
ReplyDeleteගෙවී යන කාලය හොරෙන්
මතක් කළ දවසකි ඉතින්
අලුත් වසරක උදාවෙන්....
This New Year, may you be blessed with hope for better tomorrow, love to fill up your heart, warmth in your hearth, and happy smiles of your family.
ReplyDeleteHappy New Year 2013..!!!!
_____________________________________ >>
සතුට, සිනහව , ආදරය, සාර්ථකත්වය එකට එකතු වුන
වාසනාවන්ත නව වසරක් ....!!!
කෝ මේ සචිත්...??
ReplyDeleteසචිතුත් අතුරුදහන් ද මාත් ගොඩ කාලෙකින් ආවෙ.. මතකද මන්දා
ReplyDeleteපහුඋන කාලයට ආයෙ යන්න තිබ්බ නම් .ඉස්සරහට එන කාලය ඉක්මනට එන්න පුලුවන්නම් .. මට හිතෙන්නෙ එහෙමයි ඒත් කවදාවත් එහෙම වෙන්නෙ නෑ නෙ ඒ නිසා හිතන්න ..කරන්න ගොඩක් දේවල් තියනවා..අලුත් අවුරුද්දෙවත් හිතලා වැඩ කරමු..
පරක්කු වෙලා උනත් සුබ පතනවා
ජයෙන් ජය ලබන සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
ස්තුතියි ටික කලෙකට අතුරු දහන් වුනා :D
Delete"සුලගෙ ලෙලෙනා මල් සේ දගපා
ReplyDeleteඅප පාසැල් ගිය කාලයෙ
යාලුවො අද නැත වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමෙ"
මතකය තරම් සුන්දර දෙයක් නම් තවත් නැ...
Deleteඒක නම් ඇත්ත සවියා..
Deleteඔව් මචන් එක නම් ඇත්ත...
Deleteඅපූරු සටහනක්
ReplyDeleteස්තුතියි අයෙමත් එන්න..........
Delete