Wednesday, November 27, 2013

සොහොන් කොත්

හද එලියට දිලිසෙන සුදු සොහොන් කොත් යට සැතපෙන මතක සමුදායක විකෘති ජරා ජිරන
වු රූපකායන් කොහෙන්දො ආපු වවුලෙකුගෙ හඩට පොඩ්ඩක් වත් සැලුන් නැ. එහෙමත් නැත්නම් චංචල
වෙන්න තරම් ඉඩක් තිබුන් නැ.
අහස පුරා ඈතට ඔහෙ පවෙලා යන වවුල් තටු ගැහැන රාවය විසිරිලා තියන මනොමය ශරිර වලට දැනුනද කියන්න දන්නෙ නැ.
හෙමි හෙමිට ඇදෙන හං ගොල්ලෙක් ඔලුව ඔබා ගන්න කටුවක් නැති ශොකයට සංතස්තාපයෙන් වගෙ ඉබෙම ඇදිලා ගියා.
අසලින් තියන රේල් පිලි 02ක කවදාවත්ම එකතු නොව්නට කොච්චියකට ගමනාත්තයට යන්න මාර්ගය පෙන්නනවා වගෙම දලුලන සියබලා
ගහෙ කොල අමුතුම රටාවකට සැලුනෙ සුලගෙ තාලය අදුනා ගත්තා වගෙ හැගිමකින්. බල්ලෙකුගෙ උඩු බීරුම් හඩ
පරිසරයෙ තිබු නිහඩ බව බිද හෙලා දැම්මෙ හරියට බලාපොරොත්තු ක්ශනකයකින් බිද වැටෙන කොට ඇතිවෙන වෙදනාව තරම් වෙගයෙන්.
ඇතින් වැටිලා තිබුනු ජංගිය ටිකක් දිරා පත් වෙලා තිබුනත් ලග ලගම තිබුනු ප්‍රිතියෙන් ප්‍රිතිය උදම් වෙලා තිබුනු හැටි පසක් වුනෙ
යක්කුන්ට බය නැති රසස්වාදයක දිරාපත් මතකයක් ලෙසින්. එකවරම මතකයට එන්නෙ නැති ආත්‍රොපොඩාවෙකු ගුලකින් එලියට ආවෙ
උටත් බඩගින්න දැනෙන නිසා වෙන් ඇති. මකුලු දැලක පැටලුනු පුන්චි සතෙක් දගලන්නෙ ජිවිතය ඉල්ලලා කියලා හිතුනත් තව සුලු වෙලාවකින්
උත් මෙ පොලව  යට තියන අජිවි රුප කයන් වගෙ වෙනවා කියලා දැනුනා.


උත් ඔහොම්මම පාවෙල තව කොහෙ හරි ඉපදෙයි මරැයි හැමදාම වෙනවා වගෙ වුනා වගෙ. විසික් කරලා තිබුනු ගල් අරක්කු බොතලෙ
කියන්නෙත් රුපය දිරනා නාමෙ නොදිරනා වගෙ කතාවක් නැත්නම් කොහොමද එක ගල් අරක්කු බොතලයක් කියලා දැන ගන්නෙ.
සොහොන් කොත් අතර තිබුනු පුන්චි දැරිවියකගෙ රුපය අස්තිරි ජිවිතය තවත් පසක් කලා... එ මුකුත් නොදැන අයෙමත් ආපු සුලගට
ලපටි සියබලා දලු සෙමින් සැලෙනවා....

12 comments:

  1. උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
    මරණයක් කොටා ඇත නළලේ

    කියලා කියනවනේ මල්ලෝ

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත අක්කෙ...

      Delete
  2. ජීවිතේ මකුළු දැලක් වගේ තමා අප්පා.

    ReplyDelete
    Replies
    1. මටත් වෙලාවකට එහෙම හිතෙනවා... :D අයෙමත් ...

      Delete
  3. පෙනෙන-නොපෙනෙන ලොකු-කුඩා හැම කෙනෙක්ට ම නිවන් දකින තුරු කැ‍මැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ ගමන යන්න ම වෙනවා. ඒක වෙනස් කරන්න බෑ කාටවත්.

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත ඔක තෙරෙන් නැති එකනෙ වැඩෙ මටත් ඔක තෙරෙන් නැ.. :P

      Delete
  4. මලයාග් ලිපියක් කියෙව්වේ බොහොම කාලෙකින්

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ලියන්න බැරි වුනා නලීන් අය්යේ :-(

      Delete
  5. ජීවිතයනම් මකුළු දැලකි..

    කාලෙකින් දැක්කේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම් කාලෙකින් ලිව්වෙ අය්යේ.... :D

      Delete
  6. ජීවිතේම මකුළු දැළක්... ඔව්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් අයෙමත් එන්න.. :D

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......