Tuesday, December 31, 2013

අරෙලිය මල් ගහ



අමාවක පහු වෙලා දෙතුන් දවසකින් උදා වුනු නිසන්සල සද එලිය වෙල් එලිය පුරා දුවන තාලයට සිත ලග නැවතුන
පැතුම් මල් පොදි එකරාශී වුනෙ කොහෙන්දො මගෙ සිත පුරා ඇදී ගිය එහෙමත් නැත්නම් සිතුවම් වුන රන් මැනිකා ගෙ
රුව නිසාවෙන්. වැවි කණ්ඩිය පසු කරමින් හමා ආ සිතල සුලග වෙල් යාය පුරා දුවනකොට ප්‍රෙමයෙන් උදම් වු සිත තව තවත්
හැගිම් බර වුයෙ කරලින් පැසි යන පැසුනු ගොයම් ගස් මෙනි.

රණ් මැනිකා.........................................
පිදිලා දිලෙන බොවිටියා මල් පොහොට්ටු වල සුවද තව තවත් සිත නොයිවිසිලිමත් කලෙ ම මුව මත තිබු මද හස මත අදුරු වලාවකින්
සගවා ගනිමින්.
ගෙවී යන තත්පරයක් තත්පරයක් පාසා ඔබ අන් සතු වෙලා මා සිත තනිවෙදොයි සිත රීදුම් දුන්නෙ දෙනෙත් මත කදුලු බිදු නංවමින්.
පෙර එක දවසක මෙ අරලිය ගහ යට පොරුව තුල මා සතු වෙන්නට රණ් මැනීකෙ පෙරුම් පීරු හැටි කියාපාන්නට මෙන් අරලිය මල්
එක දෙක මා  පාමුල පතිත වුවා.

උක්කු බණ්ඩා...................
සුසුම් වලට වටිනා කමක් නොදෙමින් රන් මැනිකාගෙ විවාහය කරනොලිස් සමග තින්දු කල රණ් මැනිකාගෙ පියා.
තටු කපපු කිරිල්ලියක් සේ තැවෙනා රණ් මැනිකා. සිත තුල තෙරෙපෙනා දහසකුත් ගින්දර සගවා දරා ගත් මසිත.
නුබෙ සද වත මා දසුනින් ඈත් වූ කලී ඔබෙ ලොකය මාගෙ සිතුවිලි මලානික ව පාලු වී අදුර වලාකුලකින් වට වෙලා
ගියේ බක්මහට වහින කලු වලාවන් මෙනී.

සුදු මැණීකෙ..........................

සමගින් ඇතින් ඇසෙන ඈ පා පොදි පොලව සිප ගන්න නාදය මා දෙසවන් පුරා පැතිර ගියේ අකලට පිපුනු එරබදු මල්
පොකුරු මෙනි.
නුබෙ සිතෙ පෙම් සුවද සමගින් අදින් අරබන  නව දිවියකට තිබෙන එකම වස්තුව රණ් මැනිකාගෙ සිනහව බව මට පසක්
වු‍යෙ ඇ දෙනෙත් සමග මා දෙනෙත් මුසු වු විටයි..
සුදු මැනිකා දෙපා මුල වැද වැටුනෙ සැබැම සහොදර බැදිමකින් බැව් දැස මත ගුලි වි හැන්ගි තිබුනු සීතල කදුලු බිංදු සක්ශි කියන්නට
වුවා.
හෙමි හෙමිට ඇද හැලුනු දිය බින්දු අදින් ඇරබෙන නව වසරකට ආසිරි පැතුවෙ රණ් මැනිකා මීට අවෘදු ගනනාවකට කලින්
මා සිත හොරකන් කල මෙ අරලිය ගස යටදිමයි...


සිබින්නට සිතු සුසුම් නුබ ලග
තනිවෙනවා දැනුනා.............
කියන්නට බැරි පැතුම් මුව මත
මුනිවතම රැක්කා........
දරන්නට බැරි කදුලු ලග
තනිවෙන්න සිතුනා...........
පිපෙන්නට ලග සුවද මල
මගෙමයි  හැගුනා...............
හන්තාන සිතුවිලි වහින වැසි ලග
සැබැ වෙනු දුටුවා....

෴෴සචි෴෴

23 comments:

  1. සවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
    කිරි කළ ඉතිර සුබ වේවා නව වසර

    ReplyDelete
  2. ස්තුතියි ... ඔබටත් එසෙම වෙවා....

    ReplyDelete
  3. නිසඳැස ලස්සනයි මල්ලො....
    සුභ නව වසරක් වේවා ඔයාට!

    ReplyDelete
    Replies
    1. ස්ත්තුයි අක්කියෝ ඔයාටත් ....

      Delete
  4. කාලෙකින් ඇවිල්ලා ඇ.... සුභම සුභ 2014ක් වේවා මල්ලියෝ !!! 
    දැක්ක කල් නේද අනේ ;) 

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කි හුග කලෙකින්.... ස්තුතියි....

      Delete
  5. ස්තුතියි නලින් අයියේ........

    ReplyDelete
  6. පස්ට අදහස් දෝරේ ගලා යාමක් නෙව.. ඔසුනවවේ!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයෙමත් එන්න.....

      Delete
  7. සුභම සුභ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයෙට්ත් එන්න ඔබටත් සුබ නව වසරක් වෙවා උමේෂ්...

      Delete
  8. සුභ නව වසරක් වේවා මලයෝ..

    ReplyDelete
  9. අපූරු නිර්මාණයක්. වෙනස් විදියේ එකක්....
    ජය වේවා...!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් :D ස්තුතියි රන්දු..

      Delete
  10. සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත් සුබ පැතුම්...

      Delete
  11. සුභ නව වසරක් :)

    ReplyDelete
  12. සුබ නව වසරක් මල්ලි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරී අක්කේ...........

      Delete
  13. සුභ පතනවා මුලින්ම, වෙනස්ම විදියේ නිර්මනක් මේක නම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයෙමත් එන්න........

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......