Monday, July 9, 2012

දුටු ගැමුණුගේ කඩුව



සොයන්නට දුටු ගැමුණු ගේ කඩුව
කඩයිදෝ මහා වැලි  සැය
ජාතියේ පෙර පිනට
තවම ඇත රන් වැලි  සැය


තියනවලු දබ රත්තරන්
බුදු පිළිම තුල ඉස්තරම්
පිළිමේ හිමි බුදු වුවත්
කඩාපන් හිස ගමු රත්තරන්



නැත අනේ ඒ රත්තරන්
හිස කඩා සේව් තැන් වලත්
වටින් නැත ඒවා ගොඩක්
හොරුන් හට ඒ තරම්
අපේ උරුමය එය බැවින්
රකිමුදෝ අපි ඒවා ඉතින්


හමුවෙලා වදුලක් නිදන්
හරුවා ලොකු ලිදකුත් එතින්
හමුවුනේ අළු ගොඩක්
හැරුවේ සොහනක් බැවින්


අපිට ඇත හොද ඉතිහාසයක්

අපි වේය එහි දු පුතුන්
වැඩක් නැ එකෙන් තවත්
පටවමුද ගල් කුඩු කරන්
සිහ ගිරි පරුවතයත් ඉතින්


කියයි මහා ලොකු වට තවත්

වේලු අපි කළු සිංහලුන්
රාවනා වේලු අපේ මුත්තෙකුත්
හාරපන් තව තව නිදන් !!!



ඉන්නවලු තිස් තුන් කෝටියක් දේව්න්

රකිනවලු මහා පොළවම බැතින්
වැද පුදන්නට සිරි පතුලත් තුටින්
වැලි  ගසා දෙව්දුට සමන්
යවිදෝ හෙට හොරු නිදන්


බලන්නට ගොස් කටු ගෙට කෙනෙක්

වුනාලු රජ පලදා ඔටුන්
නැටුවේ නාඩගන් මොහු  පැය ගණන්
පෙලෙනවලු ඔහු තද බල රෝවින් !!!!!



කිව්වොතින් ජය සිරි මා මුලත්

ඇත කියා රන් මුතු මැණික්
සොයන්නට ඒ මුතු මැණික්
කපයි රන් බෝධියත් !!!!


රකිමුදෝ දැන් වත් ඉතින්

ඒ අපේ උරුමය බැවීන්
වෙමු අපි හෙළ දු පුතුන්
අල්ලා ඒ ජඩ හොරුන්
රකිමුදෝ අපේ මවුන්....................


ප ලි .   පුර වස්තු විනාශයකදී සොර ගැනීමකදී හෝ ඊට අර අදින්නන් පිලිබදව පහත දුරකථන අංක වලට දැනුම් දී අපේ ජාතික වගකීම ඉටු කරමු.

 පුරාවස්තු විනාශය වැළක්වීමේ ,
විශේෂ ඒකකය = 0117222333
විශේෂ පොලිෂ් ඒකකය = 0112694727
(පැය  24 පුරාවටම )

ස්තුතියි








21 comments:

  1. ලස්සනයි පදවැල් ටික! :)

    ReplyDelete
  2. හ්ම්ම් ස්තුතියි අක්කෝ

    ReplyDelete
  3. තවත් ඉතුරු වෙලා තියනවද? මං හිතුවෙ ඉවර ඇති කියලා

    ReplyDelete
  4. ඉවරයි මචෝ අද ගෙදර ඉදන් එනකොට ලියපු කවී ටිකක් ඒ ...........

    ReplyDelete
  5. හ්ම්ම්..... වැදගත් පණිවුඩයක්

    ReplyDelete
    Replies
    1. ඔව් මේ දවස් වල අහන්න දකින්න හම්බුනු ඒවත් එක්ක තමයි මේ ටික ලිව්වේ ස්තුතියි

      Delete
  6. තියෙන ටිකවත් රැකගමු... පදවැල් ලස්සනයි සහෝදරයා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම ඒ දේ තම අපිට කරන්න ඉතුරු වෙලා තියෙන්නේ දැන් ස්තුතියි ........

      Delete
  7. අනේ අනිච්චං රටකට ගිය කලක්

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් කියල වැඩක් නැ සහෝ

      Delete
  8. නියමයි කවි ටික... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජ ටත් කෙලි වෙයිද මන්දා ඔටුන්නත් දැන් එක එකා දාගන්නවා කටු ගෙට පැනලා පරිස්සමින් රජෝ ස්තුතියි ........

      Delete
  9. කාලෝචිතයි මචං...
    සිරාමට මුං හිතන්නෑනේ මේවයෙන් වෙන අපරාදේ ගැන...

    ReplyDelete
    Replies
    1. ඔව් එක නම් ඇත්ත සහෝ

      Delete
  10. සෑහෙන වටිනවා වගේම ලස්සනට ගලපලා ලියලා තියනවා...

    ReplyDelete
  11. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ බන්

      Delete
  12. කාලීන ගැටලුවක් ගැන හොදට ලියලා තියෙනවා.
    හොද වැඩක් සචිත්!!

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......