Monday, October 1, 2012

ඇගෙ සිනහව.....



මා තව දුරටත් සිත තුල පැවති චින්ත සන්තාපයට මා සිත යටපත් කරන්නට ඉඩ දි බලා සිටියෙමි.
වෙනදා දකින චමත්කරය අද මුහුදු වෙරල තුල මා නොදුටුවෙමි ඒ අද සැබැවින්ම චමත්කරයක් එහි නොවු
නිසාද නැතහොත් එය මා සිතට නොදැනුනු නිසාද යැයි මා නොදත්තෙමි.
මුහුදු රල වෙනදා මෙන් නොනවතින තරගයක යෙදි සිටි නමුත් එහි වෙනසක් ඇත.. වෙනසක් දැනේ.
ඒ අතිතයේ දවස් වල මෙන් මුහුදු රලට ඔච්චම් කරන්නට මට නොසිතේ සබැවින්ම එයට හෙතුව මා නොදනිමී.
නැතහොත් නොදත්තා මෙන් සිටීමට උස්සහ කරමි. ඇත කොනක පියමනින පෙම්වතුන් යුවලක් මුහුදු රලින් ඔවුන්ගෙ
පා දොවනය කර ගනී. මටත් අතිත මතකයන් මුහුදු රල මතින් දොවනය කර සැනසෙන්නට සිතෙ නමුත් එතරම් කරුනික බවක්
සොබා දහම අපිට උරුම කොට නැත. අවසන් වතාවට ඇය හමු වු මෙ ගල් තලාව මත අපි බොහො දෙ කතා කලෙමු. අතිතතය චිත්‍රනය
කොට සිනා වීමූ නමුත් ඇයත් මමත් දෙදෙනාම දැන සිට එහෙත් සගව ගන්නට උස්සහ කල එ අමිහිරි සත්යයට අපි මුහුන දෙමින් සිටින්නෙමු. 
නැත.... මා තනිවම මුහුන දෙමින් සිටිමි. එදින අපි නෙතු තුල කදුලක සෙයාවක් නොතිබුනෙද ? නැතහොත් එය එකිනෙකාට සගවා ගත්තාදැයි
නොදත් මුත් මුවගට නැගුනු සිනහාව තුල විස්තර කල නොහැකි තරමෙ ශොකී හැගිමක් තිබු බව ඈ මෙන්ම මාද දැන සිටියෙමු.
මතකයන් සමග ඉදිරි ජිවිතය ගෙවා දැමිය යුතුව ඇතත් එයට තවමත් මා සුදානම් නැති බව මා දනිමි. මුහුදු වෙරලෙන් ම නික්මුනෙමි
ඇ තව දුරටත් මා අසල නැති මුත් මා සිත තුල ඇගෙ සිනහවෙන් ජිවමාන වනු ඇත...




පසුවදන...... පිලිකා රොගයකින් මිය ගිය තම පෙම්වතිය වෙනුවෙන් තැවෙන පෙම්වෙතෙකු {සැබැ සිදුවිමක් ඇසුරෙන්}


32 comments:

  1. අපි ආදරේ කරන අය හැමදාම අපි ගාව ඉන්නවනම්? ඒත් ඒක කවදාවත් වෙන දෙයක් නෙමෙයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් අපි අක්මැති වුනත් යතාර්තය එක තමයි මගෙ තාත්තා නැති වුනු වෙලෙ මට එක හොදටම දැනුනා...

      Delete
  2. ම්ම්ම්.. සංවේදී සිද්ධියක්...

    ReplyDelete
  3. පසුවදන තමයි. http://dineshumagiliya.blogspot.com/search/label/%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7%20%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
    සමානයි වගේ කියවලා බලන්න ඉඩක් තිබුනොත් :)

    ReplyDelete
    Replies
    1. අනිවා කියවන්නම් ස්තුතියි...

      Delete
  4. :( :( එහෙම තත්වයක් ඇත්තටම උදා උන කෙනෙක්ට කොහොම දැනෙනවා ඇතිද..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ සිතුවිල්ල අපිට තෙරුම් ගන්න අමාරුයි නේද අක්කෙ?...

      Delete
  5. හ්ම්ම්ම් ඔක්කොමත් හරි පසුවදන දැක්කම ගොඩක් දුක හිතුන මල්ලි... පිළිකාවකින් මැරුණු නැන්ද කෙනෙක් හිටිය අපෙත්.... :(

    ReplyDelete
    Replies
    1. ඔව් අනු අක්කෙ... ගොඩක් දුක හිතෙනවා....

      Delete
  6. ප්‍රේමතී ජායතී සෝකෝ මචං!!!!!!!

    ReplyDelete
    Replies
    1. එකගයි තරියො...........

      Delete
  7. ඇත්තම සිද්ධියක්ද??:-/
    දැන් කාලේ ආදරේ කියන්නෙත් විහිළුවක්නේ!එහෙම එකේ ඔහොම අය හරි අඩුයි!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව් ඇත්ත.... කලාතුරකින් හම්බෙන ආදරයක්....

      Delete
  8. හ්ම්ම්..මෙහෙම සිද්ධි අහන්නත් දුකයි

    ReplyDelete
    Replies
    1. අවාසනාවට අහන්න වුනා ............

      Delete
  9. අඩෝ...ඇඩෙනවා බං

    සිරාවටම පව් ඈ :(

    ReplyDelete
    Replies
    1. ඔව් රජතුමනි එක නම් ඇත්ත... :-(

      Delete
  10. ආදරය ලොව තනන්නා සේම විටෙක විනාශයද ඇති කරවයි. පරිස්සමින් කටයුතු කළ යුතුයි
    http://samakayawate.blogspot.com

    ReplyDelete
    Replies
    1. කල්පනා කාරී විම නුවනට හුරුයි එත් මෙ වගෙ වෙලවක කරන්න දෙයක් නැ නෙද සහො?

      Delete
  11. ඔය කියන මානසිකත්වය මට හිතාගන්න පුළුවන් සචියෝ. ජීවිතේ කෙනෙකුට දරන්නම අමාරු ඒත් දරාගත යුතු දේවල් වලි කීපයකින් එකක් තමයි ඕක

    ReplyDelete
    Replies
    1. ඇත්ත මට නම් තාමත් එ මානසිකත්වය ගැන හිතන්න අමාරුයි.... එත් ඉතින් ජිවිතය කියන්නෙත් ඔකමනෙ....

      Delete
  12. //ඇ තව දුරටත් මා අසල නැති මුත් මා සිත තුල ඇගෙ සිනහවෙන් ජිවමාන වනු ඇත...//

    ආදරය හැමදාම ඒ හිනාවන් ජීවත් කරාවි..
    සංවේදී සිදුවීමක් මල්ලි.. :(

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෙ.... ඇත්තටම මටත් ගොඩක් දුක හිතුනා....

      Delete
  13. Replies
    1. ස්තුතියි යාලු අයෙමත් එන්න.... :D

      Delete
  14. හරිම සංවේදී සිදුවීමක්..

    ගොඩක් දුක හිතුනා.. ආදරේ සෙල්ලමක් කරගෙන තියන මේ කාලේ මේ වගේ දේවල් හරිම අඩුයි!

    ReplyDelete
  15. ඔව් ඇත්තටම හිතට ගොඩාක් දැනුනා..... මටත්... ආදරෙ සෙල්ලමක් කරගෙන ඉන්න අය අතර මෙ වගෙ අය හින්දා තමයි ආදරෙ උත්තරිතර බව රැදිලා තියෙන්නෙ....

    ReplyDelete
  16. අම්මට සිරි පිස්සු ඈ.අපි ආදරේ කරන මිනිස්සු අපිව දාල ගියාම එන දුක දරාගන්න බෑ,ඊටත් වඩා අමාරු අකලට ජිවිතෙන්ම සමුඅරන් යන එක :/

    ReplyDelete
    Replies
    1. ඔව් සහො එ දෙ මට තදින්ම තාත්තා නැති වුනු වෙලෙ දැනුනා.... අවාසනවට මෙ වගෙ දෙවලුත් ලොකෙ වෙනවා...

      Delete
  17. මල්ලි ලිපිය මම විදවමින් වින්දා

    මේ උඹ වසන්තයට ආරාධනා කෙරුවේ

    සැමන් සම්බෝලයි තැටි පානුයි ගෙනල්ලද

    වසන්තයා තැටි පාං එක්ක සැමන් සම්බෝල කන්ඩ පෙරේතයා,

    ආවෝතින් අනිවා දෙන්ඩ වෙනවා

    ReplyDelete
  18. හ්ම්ම්ම් වෙලාවෙ හැටියට සැම්න් සම්බොල තැටි පාං කන්නත් ඔනි...
    අද ලිපියෙ නම් වසන්තය හැංගිලා තමයි ඉලග එකෙන් වසන්තය කැන්දන් එන්නම්.... පමා වෙලා ආපු වසන්තය වැඩි පුර ලස්සනයි කියනවනෙ...

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......