Thursday, October 25, 2012

ලියන්නන් වාලෙ ....


එලියෙ හොදටම වැස්ස ඒත් ඒ වැස්සත් එක්ක සිහින ලොකයක තනි වෙන්න තරම්
බොඩිම් කාමරෙ පුන්චි වැඩියි කියලා මට හිතුනු පලවෙනි වතාව නම් මෙක නෙමෙ , 
අවසාන වතාවත් මේ නෙමෙ කියලා මම දැනන් හිටියට ඒ ගැන තව තවත් හිතන්නට හිතට ඉඩ දෙන්න 
මම සුදානම් වුනෙ නැ.
ඊය ගත්තු වතුර බොතලෙ තාමත් මෙසෙ උඩ වෙලාවකට එලියෙ තියෙන ටැප් එකෙන් එන වතුර අමුර්තයටත්
වඩා රසයි කියලා දැන ගත්තෙ කවරුවත් උගන්වලා නෙමෙ කාලය විසින් හිතාමතාම හො නොසිතාම එ බව හිත තුලට
කාන්දු කරලා. 


දහසක් හින දකින ඒ හිනම අයෙමත් තැලිලා පොඩි වෙලා යන කොහු මෙට්ටෙ ඇදුම් ගොඩ ගැහිලා තිබුනට
මටත් වඩා (අපිටත් වඩා) ඒ හින කොහු මෙට්ටෙ තුල හැන්ගිලා තියනවා කියලා වචනෙකින් වත් දොඩමලු වෙන්න
 පුලුවන්නම් අපිටම අයෙම ඒ හින මතක් කරලා දෙවි..  හැමදාම කඩෙන් ගෙන බත් එකෙ (නී)රස බඩගින්න නිවා 
දමන්නෙ කටුක වුත් සුන්දරම වුත් බොඩිම් ජිවිතෙ දයාදයක් මෙන්.. ඉදලා හිටිලා මත් වෙන බොතල් කාමරෙ පැත්තකට 
වෙලා කියන කතාව කවරුවත් නොදකින නොසිතන ජිවිත යතාර්තයක්  කියා පානවා කියලා කවරුවත් දන්නේ නැතුව
ඇති එහෙමත් නැත්නම් පිස්සන් කාලකන්නින් විදිහට සරල හැදින් විමක යෙදෙනු ඇත. තමත් අතු ගාපු නැති බත් ඇට
 වලට ආපු කලු කුඹී බිත්ති දිගෙ නගින්නෙ සරදම් කරන්නාක් මෙන්..
හීන පුබුදන්න උදව් දෙන වෙවැල් කැඩුනු පුටුව අපෙ හින පුබුදන්න දෙන ශක්තිය ගැන කියන්න වචන මදිද කියලා 
වෙලාවකට හිතෙනවා..


දුකට සැපට දෙකටම හිනා වෙන්න පුරුදු කරපු සිද්දි දාමයක් එක දම් වැලෙ පුරුක් වගෙ ජිවිතෙත් එක්ක නොබිදෙන 
සම්බන්දයක් ගොඩ නැගුවෙ අනාගතෙ දවසක දුකෙදිත් හිනා වෙල ඉන්න කියලා මට හිතුනෙ නිකමට නෙමෙ.
චිත්‍රපටි දර්ශන වගෙ වෙගයෙන් මරු වෙන හැගිම් ජාලවක් එක්ක ජිවිතෙ දුවන්නත් කාලයම මට රුකුල් දිලා.
දහසකුත් බලපොරොත්තු මැද්දෙ පැතුම් මල් පුදින්නට මෙ දරන වැයමෙ දහසකුත් රස බර සිද්දි මෙහි ගොඩ නැගුනු මිතු දම
වගෙම හිත තුල නොමැකෙන මතකයක් විදිහට දවසක ඉතුරු වෙවි ඉදාටත් මෙ වගෙම වැස්සොත් සිහින ලොකයක 
තනි වෙන්න මෙ මතකය ඉඩ දෙවි එදාට මෙ කාමරෙ සුවද අයෙමත් දැනෙනවා සත්තයි...


ප.ලි... ඔන්න අයෙමත් වසන්තය උදා වුනා.. මෙන්න වසන්තය නිමා වුනු හැටි  http://wasanthayata-aradhanawak.blogspot.com/2012/10/blog-post_14.html

20 comments:

  1. හෝප්ස් හරි ඉක්මනට ලොස්ට් වෙනවා

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ඔව් ඒ හැම පාරම අයෙමත් හිනයක් දකින්න එ හිනෙ සැබැ කර ගන්න පඩමකුත් කියලා දෙනවා..

      Delete
  2. මල්ලිගේ වසන්තයනම් මරැ... :)
    මොනවා උනත් මම කැමති මේ වගේ ලිපි කියවන්න. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාරා අක්කෙ.... එ වචන වලට ලොකු හයියක් දෙන්න පුලුවන් මගෙ හිතට...

      Delete
  3. ම්ම්ම්...දැන් මම මේකට මොකද කියන්නේ.. :-|

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් හිතා ගන් බැ නේ සයුරි අක්කෙ.... :D

      Delete
  4. උඹගේ පෝස්ට් සිරාවටම මරු මචන්!! කියවන්න ආසයි.:)
    //තමත් අතු ගාපු නැති බත් ඇට
    වලට ආපු කලු කුඹී බිත්ති දිගෙ නගින්නෙ සරදම් කරන්නාක් මෙන්..//
    මේ වගේ යෙදුම් නියමයි. චිත්ත රූපයක් මැවෙනවා කියවන කොට.
    නියමයි!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචො... එ වචන මට ලොකු හයියක්..... :D

      Delete
  5. අයියෝ..බලාපොරොත්තු.නිකන් ලස්සන සුරංගනා කතාවක් කියෙව්වා වගේ.මරු ඈ.

    ReplyDelete
    Replies
    1. සුරංගනා කතාවටත් වඩා ජිවිත යතාර්තයක් මෙ කතාවෙ ගැබ් වෙලා තියනවා.. ස්තුතියි යාලු

      Delete
  6. නියමයි...මල්ලි...!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කෙ ... :-)

      Delete
  7. ලියන්නන් වාලේ ලිව්වට ලොකු ගැඹුරු අදහසක් ගැබ් වෙලා තියෙනව කියලයි මට හිතෙන්නේ.කොහොම වුනත් ජීවිතේ හැටි ඔහොම තමා.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ස්තුතියි සමනළී අදමයි නේද මේ පැත්තට ආවේ අයෙමත් එන්න වසන්තයට ... :D

      Delete
  8. තාම මේ පැත්තට කියවන්න හරියට එන්න සෙට් උනේ නෑ.. වැඩ අස්සේ එහෙන් මෙහෙන් තමයි..

    ReplyDelete
    Replies
    1. :D වෙලාවක් තියෙන වෙලාවට එන්න ඇවිත් යන්න... ස්තුතියි මෙ පැත්තට ආවට..

      Delete
  9. නියමයි.... මල්ලි ලියාගෙන ගිහින් තිබුණු විදිය අපූරුයි!!!

    ReplyDelete
    Replies
    1. අදමයි නේද අක්කා මෙ පැත්තට ආවෙ අයෙමත් එන්න මාව බලන්න... ස්තුතියි අක්කෙ.. :D

      Delete
  10. මෙච්චර හැකියාවක් තියන ඔබේ අතින් මගේ ගීතය නිර්මාණය නොවූ එක ගැන ඇත්තටම දුකයි මල්ලෝ ..

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න එපා ඒහෙම කිව්වම නම් මටත් දුක හිතුනා :-( අක්කා කියන ඊලග සින්දුව මගෙ අතින් ලියවෙවි...:D

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......