Saturday, November 30, 2013

රතු රොස .........


පසෙකින් තිබුන රතු රොස මල් පොච්චියෙ එකම එක රතු මලක් පිපිලා තියෙන්නෙ ප්‍රර්තනා
ගොන්නක අරම්භය සටහන් කල හිමිදිරියට සුබ පතන්නට මෙනි. දහසකුත් හැගුම් මල් පොදි විකසිත වු දිනක
හිරු කුමරු සිය නැවුම් රැස් දාරා එකිනෙකා තුරුල්ව සිටි ඔවුන් වෙත යොමු කලෙ ආශීර්වාද කරන්නාක් මෙන්.
අවදි වු ඇගෙ කොන්ඩය දෙකලවා සිප ගත්තේ සෙනෙහසින්. හෙමිහිට ඇසුනු වතුර බිදු හඩ ඇගෙ ගත සිප ගෙන පොලවට වැටෙන
අයුරු ඔහු සිත තුල පිලිරැව් දුන්නෙ මිල කල නොහැකි වස්තුවක් තම සතු විමේ අවිහින්සක ප්‍රිතිය සිත තොල ඔද්දල් කරමින්.
ලැමද තෙක් වසා සිටි දනහිසින් මදක් කෙටි වු පොරවනය ඈගෙ පිරිපුන් දෙහ ස්බාවය කදිමට ඔප් නංවන්නට සමත් යැයි හැගුනෙ
ඔහුගෙ දැස් මත වු අනුරාගී බැල්මෙන්.

 

සුදු මුදු මද නල
පවසාවී රහසක්
නුබෙ සුවද සමගින්
මා වටා දැවටී.......................
නීල දෙනයන
නුබ දන යුගල මත
හෙලන බැල්මන්
කියනා සුපෙම් කව................
සෙමින් සැලෙනා
සිනිදු මල් පෙති
සිනිදු නැ
නුබෙ පා යුග තරම්......................
අසා ඉමු අපි
හදෙ ගැහෙනා පෙම් රටා
සිතින් සිතුවිලි සයුරෙ
ඈත දුරකට පියබලා
සිනාසෙමු අපි හෙමින්
මුමුනා පෙම් කතා...........................
පතා ආ ලෙස ඈත බවයෙ
එකතු වී අපි
අපෙ ලොකයෙ තනි වෙලා.................

දෙතුන් වතාවක් එකෙනෙකා තුරුල් වු ඔවුන් දවස පුරාම අදරයේ සොදුරු මායිම් හෙමින් පිරිමදින්නට සමත් විය
සිතල නුවරඑලිය  තවත් ඔවුන් එකිනෙකට තුරුල් කරන්නට වුයේ උපරිම රසයක් සොයා යැමට තව තවත් රුකුල් දෙමින්.
පසෙකින් දැල්වෙමින් තිබු පොරනුවෙන් දිස් වෙන ඔවුන්ගෙ රුව තව තවත් ඇයගෙ ලමද තුල හිස හොවාගෙන සිටි ඔහුගෙ රුව
පෙන්වුයෙ විටින් විටයි... හිරු කුමරු අවරට යමින් සද කුමරිය නැගෙනා මනරම් රාත්‍රිය හෙමිහිට උදා වෙමින් පැවතුනා.
ඇතින් ඇසුනු බස්සෙකුගෙ හඩ බල්ලෙකුගෙ උඩු බිරුම් හඩින් මැකි ගියා හෙමින් හෙමින් රාත්‍රිය ගෙවි ගියා.
නැවුම් සුවද විහිදු රතු රොස මලත් එ රත්‍රිය සමගම පරවෙලා ගිහින් තිබුනා...............

 
......................පසුදින පුවත්පත්............

මදුසමය ගත කල තරුන යුවල කාබන් මොනොක්සයිඩ් විස විමකින් මරුට......................

පසු වදන...
සතය සිදු විමක් ඇසුරෙන්.............




සිහිනයකි ජිවිතෙ..

(මෙකත් බලලම යන්න..)

12 comments:

  1. බාබකිව් උදුනේ කතාවද මේ

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ එක තමා මං මුලාශ්‍රය කර ගත්තේ.........

      Delete
  2. අපරාදේ, ජිවිතේ පටන් ගත්ත ගමන්ම කෙලවර වෙලා

    ReplyDelete
  3. අපාරාදේ ජීවිතේ..

    ReplyDelete
  4. ජීවිතේ හැටි....

    ReplyDelete
    Replies
    1. ජිවිතේ කියන්නෙ ඔකටම තමයි නොහිතන දෙවල්මයි සිද්ද වෙන්නේ....

      Delete
  5. ම්.. ම්.. ම්... පුදුම තරම් ලස්සනට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනු අයෙමත් මෙ පැත්තට එන්න....

      Delete
  6. ජීවිතයේ අනියත බව..

    මොකද්ද ඒ කතාව...බලන්න ලින්ක් එකක් දෙන්න තියේනම්...?

    ReplyDelete
    Replies
    1. එක මීට අව්රුද්දකට විතර කලින් වුනු සිද්දියක් මාත් පත්තරෙන් කියෙව්වේ... ලින්ක් එකක් හම්බුනොත් අනිවා දෙන්නම් ...............

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......