Saturday, July 7, 2012

හුනා,පොත සහ මම



විභාගය ටිකෙන් ටික ලං වෙලා මටත් නොදැනිම, එත් සිත ඇතට දුවනවා හරියට කොහේදෝ
දුර ඇතක තනි වෙලා වගේ. කොහේදෝ හිටපු හුනෙක් චුක් චුක් ගානවා උත් මොන මොනවද මුමුණනවා වගේ .
ඒ සද්දෙට  නම් හිත ටිකක් සලිත වුණා වීතරයි තව මොකක්දෝ කටහඩක් මුණු මුණු ගානවා හිත ඇතුලෙන් .
"මේ පාර exam අමරුලු බන් " මං එක කිව්වේ කව්ද කියලා හිතන්න ගියේ නැ. අවරුදු 13 ක් තිස්සෙම දුවල දුවලා
අදටත් මේ exam  කියන සංකල්පෙන් බේරුමක් නැති හැටි , එත් එකෙන්ලු අපේ අනාගතයේ ශේම භූමියකට
මුල බිජ වපුරන්නේ එහෙම කියන්නේ උගත්තු කියලා කියන කට්ටියක්. එත් එතින් ඉගෙන ගත්තු මිනිස්සු
සර්ව සම්පුර්නද ? ආයෙමත් හිත ඇතුලෙන් ඇහෙන කටහඩ . හ්ම්ම්ම් ............................. යන්තම්  එක අමතක
කරලා අයෙමත් ඇත නොපෙනෙන ක්සිතිජයක් හිතින් මවාගෙන කව්ද හරි exam හින්දාවත් රෝබෝරෝසිය මල් පිපෙන
වසන්තයක් ජීවිතයට උදා වෙයි කියලා හිතල පොතට ඔලුව දැම්මා විතරයි , ගෙදර තියන කච කච යන්තරේ කැ ගහනවා
මෙගා ටෙලි නාට්‍යලු ඒ අස්සෙන් අරක කන්නලු මේක බොන්නලු මේවා මුනේ උලන්නලු  ... එකලු දැන් ෆැෂන්  එක
අනේ අෆොයි ....  ඉස්සර මේ වෙලාවට කැ ගහන බකමුනා අද නම් සද්දේ නැ . උට කැ ගහන්න අමතක වෙලාවත්ද ?
නැත්නම් පව්කාරයෝ !!!!!!!
ඉස්සර  හැම දාම රැට අහස දිහා බලනවා ඒ පුරුද්ද මතක් වෙලා අදත් එලියට බැස්සා එත් එදා වගේ හඳ ලස්සන නැ.
ඇයි දැන් හඳ කැත වෙලාද? නැත්නම් එකේ ලස්සන මට දැන් පෙන්නේ නැද්ද ? පුර පෝයක් වුනත් අමාවක වුනත්
දෙකම  එක වගේ දැන්. අර වෙසක් පෝය වුනත් තවත් එක නිවාඩු දවසක් විතරක් වගේ තමා මට දැන් දැනෙන්නේ .
ආගම ධර්මය එත් කෝ තපස් රකින්න වෙලාවක් හිමාලයට ගිහින් බණක් භාවනාවක් කරගෙන හැම දෙකින්ම ඇත්
වෙලා ඉන්න ඇත්නම් එත් .................................. ප්‍රශ්නයක් ? පොඩි කලේ අහපු සුරඟන කතා වගේ
සුරංගනාවියෝ අහසින් ඇවිත් තපස් රකින තපසුන්ට කෑම දුන්නලු එත් කව්ද දන්නේ දැන් ඒ අය
   ඉන්නවද කියලා කෑම දෙන්න
මහා වනේ කන්නේ මොනාද ? සීතලේ මැරෙන්න වෙයි .. නැ නැ තපස් රකින්න ඕන නැ .
කියවන්න ගත්තු නවකතා පොතේ ඉන්න නිල් ඇස් තියන පුංචි කෙල්ල (ලස්සනයි ) හිනාවෙනවා
ඒ මට කියලයි මට හිතෙන්නේ.
එක මහා සමච්චල් හිනාවක් ...

 

 " සචි කෑම කනවද? " බැ අම්මේ  මං පස්සේ කන්නම් " ඒ අස්සෙන් මෙසේ උඩ තියන
මගේ ෆෝන් එක වයිබ්රේට් වෙනවා " ado heta match eka gahanna enawa neda uba  මොකක් කියන්නද
අනේ මන්දා එත් එහෙම හිතෙනකොටම රිප්ලයි එක type  වෙලා ඉවරයි ow ban .. දැන් ඉතින් මොන කරන්නද
හෙට දවල් වරුවත් ඉවරයි උඩු හිතින් ගදර ඉදල පාඩම් කරපන් කිව්වට යටි හිතින් යවපු රිප්ලයි එකට කැමතියි කියලා
මට තේරුණා . අයෙමත් අර හුනා චුක් චුක්. ඇතින් බල්ලෙක් උඩු බුරනවා අයෙමත් හිත හදන් පොත දිහා බැලුවා
නොපෙනෙන ක්සිතිජය අල්ලන්න හිතාගෙන ...............................


27 comments:

  1. ජීවිතයට වැට බඳින විභාගේ.. අමාරුවෙන් හරි පාස් කොරගත්ත කියමුකො.. එතකොට අර කිව්ව වගේ ක්ෂේම භූමියක්ම වෙයිද

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නේ එක exam මත රැදෙන්නේ නැ එක අපි සිතිවිලි වලින් වගා කරන්න ඕනා..............

      Delete
  2. විභාගේ අභාගේ කර නොගන්න

    ReplyDelete
  3. කොල්ලෙක් ඒ කාලෙට මැච් එකක් ගහන්න කතා කරනවා කියන තරම් සන්තෝස හිතෙන දෙයක් තවත් නැහැ..

    ReplyDelete
    Replies
    1. එක නම් සහතික ඇත්ත යාලු ස්තුතියි වසන්තයට එකතු වුනාට ..........

      Delete
    2. අම්මෝ දැනුත් එහෙම තමයි ඉතින්!!

      Delete
    3. ඔව් ඔව් ඒ ගැන නම් කියල වැඩක් නැ ඔලුවට මාර නිදහසක් එක නම් ...........

      Delete
  4. හැබැයි exam එක ගොඩ දාගන්නවා කියන්නෙ කෙලින් ම නහය අල්ලනවා වගේ තමයි ඔල්Uව වටේ අතදාලා අල්ලනවට වඩා. ගොඩක් දේවල් ගොඩදාගන්න පුළුවන් ඒකෙන්!!!

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත ලෝකේ යන විදිහට එක ඒ තැනට පත් වෙලා හරි පත් කරලා හරි !!!!!

      Delete
  5. ඉගනගත්තොත් ඇත්තටම අපේ ජිවිතේ තියන වටිනාකම තවත් වැඩි වෙනවා සහෝ..පාඩම් කරන්න කොහොමහරි හිතට ෆිට් එක අරන්!

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෝ කොහොම හරි මේකෙන් ගොඩ යන් එපැයි.............

      Delete
  6. අමුතු රටාවක්... ලස්සනයි. :)

    ReplyDelete
  7. අන්තිම දවස් ටිකනේ සචිත් අය්යේ බැහැලම ගේම දීල විබාගේ එලටම ලියන්න.
    සුබපතනවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් මල්ලි විභාගේ ලං වෙනකොට තමා පොතක් අල්ලන්න හිතෙන්නේ :D

      Delete
  8. බය වෙන්න දෙයක් නෑ වැඩේ ගොඩ.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එහෙම වුනොත් නම් හොදයි රජෝ

      Delete
  9. kohoma hari nemei hodata padam karala exam eka goda daganna one sachith ayya........hadawatinma suba pathanawa oyata.

    ReplyDelete
    Replies
    1. අනිවා නංගෝ ෆුල් ට්‍රයි එක දාන්නම් ස්තුතියි නංගිට

      Delete
  10. විභාගයට හොදින් මුහුණ දීමට මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කාව්‍ය අක්කේ ................

      Delete
  11. අම්මෝ විබාග නම් මතක් කරන්න එපා ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නැ එත් මොකක් කරන්නද සහෝ ......

      Delete
  12. විභාගද...මතක් කරන්න එපා ඔය මලදානේ..

    ReplyDelete
  13. විභාගේ......අපේ අභාගේ......ඔකෙත් පොඩි ආතල් එකක් තියෙනව

    ReplyDelete
  14. අනිවා රාජ් අය්යේ

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......