Friday, July 13, 2012

ගන්දබ්බ හදවත



හාත් පස පුරා පවතී අන්දකාරය අතරින් දුටු රීදී රේඛාවක් දිහාවට මාව පාවෙලා
ගියේ හරිම සැහැල්ලුවෙන් , මුළු ශරීරයටම පුදුමාකාර ශිසිලසක්  දැනුනා හදවතේ සිතුවිලි
ගංගාව මොහොතකට නතර වෙලා. චින්තනය යටපත් වෙලා . රක්ත වර්ණ කුහරයක්
තුලට මාව ඇදිල ගියේ නග්න වූ මුළු ගතම නවමු හැගීමකින් පුපුදුවාලමින්.
සිතුවිලි වලට මං පන පොවන්න උස්සහ කලා එත් එක හරියට කාන්තාරයේ සිසිලසක්
සොයනවටත් වඩා අපහසු බව මට හැගුනත් මම උස්සාහය අත ඇරියේ නැ එත් යම්
කිසි ශක්තියක් මගේ සිතුවිලි මෙන්ම ශරීරයත් පාලනය කරන බව මට දැනුනා.
වෙනත් කලා යම් කිසි දෙයක් නොමෙති නිසාවෙන් මම ඒ මායාවට අවනත වුනේ
තවත් බලාපොරොත්තු මා තුල නොතිබුණු නිසාමයි..



කාලය අවකාශය පිලිබදව කිසිදු ගණනය කිරීමක් කලා නොහැකි එකී අන්දකාරය තුල දින සති මාස ගෙවී

ගියත් මම ඒ පිලිබදව අවබෝදයෙන් තොර වුවේ එකී කාලය තුල මට පරිකල්පනය කල නොහැකි වූ නිසාමයි එත් කාලය ගෙවී යන බව සිත අද්දර කොදුරනු ලැබූ මිහිරි හඩකින් මට තුරුම් ගියා එත් ඒ මිහිරි හඩ මගේම
සිතුවිල්ලක්ද  නැතහොත් වෙනයම් ........................
නේත්‍ර මානයට හසුවූ එකම රූපමය දර්ශනය කාල වර්ණය සහ වරින් වර දිදුලපු රිදී වර්ණයයි .
එත් යම් කිසි වූ දිනයක සප්ත වර්න එකමුතුව සැදුනු වායුමය ද්‍රවනයක මා පාවෙන බවක් මට දැනුනා .
ඔව්  කුණාටුවක් මෙන් මා වටේටම නැවතත්  ජීවත් වීමේ ආශාව, දකින්නට මනු ලොව, සිතුවිලි වලට පන ඇවිත්
සප්ත  වර්ණයන්ගෙන් ඉවත් වී මා මනු ලොව අවකාශය  තුලට පාවී ආවා . දැන් මට උවමනා වුනේ මව් කුසක්
දහසකුත් මනුක රුප තුල මට හිමි රුපය සොයන්නට වුනා එත් ඒ රුපය සොයන්නට මෙතරම් කාලයක් ගතවේ යයි මං කිසිවිටක නොසිතුවෙමි .
අවසානයේදී ඒ රුපය ඔව් මට හමු වුනා......................



රන් වන් ශරීරය , නිල්වන් දෙනෙත් , මන්කළු සිනහව , තවත් බොහෝ දේ .. ඒ තමයි මට හිමි මව් කුස .

මම අවකාශය තුල පාවෙමින් ඇයට ආදරය කලා එත් තවත් කාලයක් මට ඇයගේ වීමට ඉවසන්න සිදුවුණා
ඒ ගැබ් ගැනීමකට සුදුසු කාලයක් නොවූ නිසා . එකී කාලය තුල මම ඇය අසලම  සිටියා කිසියම් බන්දනයකින් අපි බැදී තුබුණා.
මම ඇය සමග කතා කරන්නට තැත් කලා නමුත් ඒ සියල්ලක්ම දිය මත ඇදී ඉරක් මෙන් මැකී ගියා.
අවසානයේදී මගේ ලෝකයට වසන්තය කැදවමින් සුදුසු කාලය එලබුනා.
අවකාශය තුල පාවෙමින් සිටි මා හට ඒ කුඩා කුටිය තුල සිටීමට මුලින් අපහසු වුවත් ටිකෙන් ටික එයට මා හැඩ ගැසී ඇති බව මට පසක් වුනා ....


යලිත් ජීවිතය දකින්නට ආශාව ඔව් යලි හැබෑ වේවි .. ක්‍රමක්  ක්‍රමයෙන් සෛල මා වටා පැතිරෙමින් මා ඇයගේම කොටසක් බවට පත් වුනා
මම ඒ අදුරු කුටියේ බිත්තිය තුල ගිලි ගොස් එහි සිට වර්දනය වීමට පටන් ගත්ත. තවත් කාලයක් යන වීට මගේ හදවත හිමින් සැලෙනවා.
කාලය තව තවත් ගෙවී ගියා මම දැන් ඒ අදුරු කුටිය තුල ඇත පා සොලවනවා . ඔව් මට දැන් යමක් අහන්නට පුළුවන් මම මගේ අම්මගේ හඩට අහුකම් දුන්නා
මම ආශාවෙන් සිටි ඒ දිනය  ක්‍රමක්  ක්‍රමයෙන් ලගා වෙන බවක් මට දැනුනා.
එත්
මහා විෂල් සබ්දයක් සමග මහා අමුත්තක් සිදු වෙන බව මට තේරුණා පුදුමාකාර වේදනාවකින් මා වේලි ගියා
නිමේෂයකින් .......................................
නැවතත්  මාව අන්දකාරය දෙසට නැ නැ ආයෙම ඒ දේම .................................

පුවතක් = අද උදැසන සිදු වූ රිය අනතුරකින් ගැබිණි  කාන්තාවක් මරුට .......

10 comments:

  1. දුක හිතෙන සිදුවීමක්!!!

    ReplyDelete
  2. ඔයාගේ ලිවීමේ හැකියාව ඇත්තෙන්ම අගෙයි සහෝ..මම පොඩිම පොඩි දෙයක් කියන්නම්..හොඳයි කියල හිතෙනවනම් කරන්න..අනේ..ඔයාගේ බ්ලොග් එකේ අකුරු කෙලින් කරන්නකෝ..කැමතිනම් විතරක් හ්ම්ම්..ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මගේ වැඩ ඇදෙටමනේ යාලු හ්ම්ම් මන් වෙන ෆොන්ට් එකක් දාන්නම්.......

      Delete
  3. ජිවිතය අරගෙන යළි එන්න හැකි නම්.........
    දිව එන්න මා දෙසට විගසින්............

    ReplyDelete
    Replies
    1. ඒ දේ එහෙම වෙනවනම් මාත් කැමතියි

      Delete
  4. ගන්ධබ්බයෙක්ට හිතුනළු එහෙම...
    නියමයි මචං!!!!!!!

    ReplyDelete
  5. ස්තුතියි මචෝ ::::::::::::

    ReplyDelete
  6. නියමයි මචන්. නියමෙට ලියලා තියනවා. ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ් සාදරයෙන් පිළිගන්වා වසන්තයට

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......