Wednesday, October 10, 2012

කොහොමද චන්ඩි වැඩ


පුන්චි කාලෙ මං ටිකක් විතර දගයිලු මගෙ මල්ලියා එ කාලෙ ඉපදිලත් නැ එ හින්දම පව්ලෙ හැමොගෙම
හුරතලෙට තමයි මං හැදිලා තියෙන්නෙ අනිත් එක තමයි පොඩි කොල්ලෙක්ට පව්ලෙ හිටියෙත් මම විතරයි
අක්කලා 2 නෙක් හිටියා අම්මගෙ අක්කගෙ දුවලා එතින් කොල්ලෙක්ට හිටියෙ මං විතරක් හින්දා මට එ හැමොගෙම
ආදරෙත් ගොඩක් හම්බුවෙන්න තරම් මම වාසනාවන්ත වුනා....   අම්මා ස්කොලෙ මිස් කෙනෙක් ගමෙ තිබුනු පොඩි ස්කොලෙක
තාමත් අම්මා උගන්වනවා එහෙ එත් මම බොඩිම් කාමරෙකට වෙලා තාමත් ඉගෙන ගන්නවා වෙලවකට ජිවිතය
මහා පුදුම දෙවල් තමයි මට සමිප කරලා තියෙන්නෙ එ ගැන තව ඉස්සරහට කියන්නම් ලියන්න නම් දෙවල් ගොඩක් තියනවා
ඔක්කොම එක පාර ලියන්නත් බැනෙ...
ඔන්න මම අයෙත් කියන්න ගිය කතාව කියන්නම්කො..
අම්මත් එක්කම හුරතලෙට හැදුනු මට ස්කොලෙ යන්න කල වයස උදා වෙනකොට අම්මා මට තිබුනු අදරෙ හින්දම 1 වසර උගන්වන්න
ගත්තලු එ කාතාව හුග කලෙකට පස්සෙ තමයි මට දැන ගන්න හම්බුනෙ කොහොමෙන් කොහොම හරි ඔන්න අම්මගෙ පන්තියෙම
මම 1 වසර පටන් ගත්තා අනිත් ලමයින්ට හබම්බවෙන්නෙ නැති අවස්තාවක් මට හම්බුනා ඉතින් එ හින්දමද කොහෙද ස්කොලෙ ගියාම
ලොකු අය්යලා අක්කලාගෙන් බෙරිල්ලක් නැ මට මුන් ටික මාව වට කරගෙන එක එක කොලම් කරනවා.
මම එ දවස් වල අකමැතිම අක්කලා ඇවිල්ල කම්මුලයි මුනයි අත ගාන එක තමයි :P


ස්කොලෙ හිටපු මිස්ලා සර් ලත් මට අදරෙයි එ හින්දම ගුරු කාමරෙටත් මම යනවා එනවා එකට මට තහනමක් තිබුන් නැ.
1 වසරෙ ලමයින්ට ස්කොලෙ 12 ට අරිනවා එත් අම්මත් එක්කම ගෙදර යන්න පුරුදු වෙලා හිටපු මම 2 විතර වෙනකන්ම සෙල්ලම් කරනවා.
මෙ සිද්දිය වුනු දවසත් එහෙම ස්කොලෙ සෙල්ලම් කර කර හිටපු දවසක්. 
ඔන්න එතින් ඔහොම නට නටා ඉන්න වෙලාවක වතුර තිබහක් හැදිලා මම අම්මා ගාවට ගියා අම්මගෙ බොතලෙන් වතුර බොන්න.
මෙ වෙලාවෙම ස්කොලෙ ලොකු සර් (ප්‍රින්සිපල්) අම්මත් එක්ක කතාවක් . ලොකු සර් ගෙ වැඩෙම මාව අහු වුනාම අව්ස්සන එක තමයි.
අම්මා අහුවා මගෙන් ඇයි කියලා මම වතුර බොන්න ආවෙ කිව්වා. මෙන්න දැන් ලොකු සර් මට බනින්න පටන් ගත්තා ලොකු
ළමයි අම්මලා ගාවට ඇවිත්ද වතුර බොන්නෙ අරකද මෙකද කියලා.. මට දැන් කදුලුත් පැනලා අඩන්න ඔන්න මෙන්න එ අස්සෙ
එතන හිටපු අනිත් ගුරුවරුත් මට හිනා වෙනාවා තද කරගෙන හිටපු කදුලු ඔක්කොම අඩාගෙන මම එලියට දැම්මා ඔන්න එතකොට
අම්මා වතුර බොතලෙ මට දුන්නා..  වතුර බොතලෙ ගත්තු මම ලොකු සර් ට වතුර බොතලෙන් ගහගෙන ගහගෙන ගියාලු.
බොහොම අමරුවෙන් තමයි මාව අයින් කරලා තියෙන්න කොහොමද චන්ඩියගෙ වැඩ!!!  ලංකාවෙ ස්කොලෙට ලොකු සර් ට ගහපු
කෙනෙක්ට ඉන්නෙ මම විතරයි :D පස්සෙ ඉතින් දොස් මුරයයි මට එදා රැ තාත්තා අපු ගමන් අම්මා තාත්තටත් සිද්දිය කිව්වා..
මම හොදටම බය වෙලා හිටියෙ දැන් තාත්තා මට ගහයි කියලා නැ තාත්තා මොනාවත් කිව්වෙ නැ. එත් එදා රැම ලොකු සර්ලගෙ ගෙදර 
බුලත් අතකුත් අරන් ගිහින් වදින්න වුනා මට .. එ සර්  දැන් නම් එ ස්කොලෙ නැ එත් තාමත් අපෙ පව්ල්2 කෙ හිතවත් කම තියනවා
ගමනක් බිමනක් ට්‍රිප් එකක් යනකොට ඔක්කොමලා එකාතු වෙලා මෙ සිද්දිය කියලා හිනා වෙනාවා එත්කොට නම් එ කාලෙ චන්ඩියා වුනාට
පොලව පලන් යන්න හිතෙනවා. :-(  කොහොමද චන්ඩි වැඩ :P
මෙ තියෙන්න A/L කාලෙ කරපු දග වැඩක්... click here

36 comments:

  1. අවසාන වශයෙන් ලොකු සර්ට අනිත් ගුරුවරු ඉස්සරහ පොලොව පලාගෙන යන්න හිතෙන්නැත්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් හැබැයි ඊට පස්සෙ නම් කව්දාවත් ලොකු සර් මට විහිලු කලෙ නම් නැ.. :P

      Delete
  2. හයියූ... මෙයා පොඩි කාලේ මර්වින් වැඩනේ කරලා තියෙන්නෙ.. හික්ස්..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිටියට මාත් හොද චන්ඩියෙක් :D

      Delete
    2. Podi ekaage weda nam podi naa :)
      Aparaade bothalen nathuva vathura gahanna thibbe ;)

      Delete
    3. :D එ වෙලාවෙ ඔවා කල්පනාවට ආවෙ නැනෙ.... අපො නැ තාමත් මං පොඩියි :P

      Delete
  3. බොලා මාලක සිල්වා ද? :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් නැ නැ මර්වින්ට නැ කමක් නැ මගෙ.... :D මාලකත් චන්ඩි වැඩ ඉගෙන ගත්තෙ මගෙන් :P

      Delete
  4. ප්‍රින්සිපල් ට පහර දුන් 1 වසරේ පොඩ්ඩා..!! :)
    තවම කඩල නැතුව ඇති වාර්තාව :)

    ReplyDelete
    Replies
    1. :D අනිවා කැඩෙන එකකුත් නැති වෙයි .........

      Delete
  5. මාර චන්ඩියෙක් තමයි.. :D

    ReplyDelete
  6. Replies
    1. තව නියම එව්වා තියනවා පස්සෙ කියන්නම්කො....

      Delete
  7. එල කොල්ලෙක්.... කමොන් සචියා කමෝන්.... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :D ඔන්න රජො මම පොඩි කාලෙම රාජ කීය වැඩ කරපු එකෙක් බැරිද පුරොහිත කමක් වත් දෙන්න?

      Delete
  8. හප්පේ. වැරදි පාරේ හෙම ගියා නම් අද සචියෙක් නෑ හොයාගන්නවත්.මිනිස්සුන්ට ගහලම.
    ,එහෙනම් වැලිකඩ, හරි බෝගම්බර හරි. හෙහ් හෙහ්.

    හොඳ වෙලාවට අම්මගේ තාත්තගේ මගපෙන්වීම ලැබිලා තියනවා. ජය වේවා. අනාගත අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා මචන්.

    ReplyDelete
    Replies
    1. ඔව් හැබෙයි එකත් කියන්න නම් බැ තමයි පොඩි කාලෙ මොකෙක්ද මන්දා හදහන බලපු එකෙකුත් කිව්වලු මු නරකට ගියොත් එකෙ අන්තෙටම යනවා කියලා...
      අම්මගෙ තාත්තගෙ මගෙ පෙන්විම හින්දා මම අද මෙතන ඉන්නෙ කියන එක නම් මම අවන්කව පිලිගන්නවා.... ස්තුතියි මචො සුබ පැතුවට :D

      Delete
  9. Replies
    1. ඔන්න කවුරු හරි මොනා හරි කිව්වොත් මට කියහන්කො...... :P

      Delete
  10. කොල්ල හිතුවට වඩා චන්ඩියෙක් නේ......!! දැන් නම් මට බයක් නෑ. ;)

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මලේ උබ බය වෙන් එපා මෙ අය්යා ඉන්නකන් ..... :D

      Delete
  11. වෙලාවට හොඳ පාරක ආපු සචිත්.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් අලුත් යාලුවෙක් අයෙමත් එන්න මෙ පැත්තෙ.. ඔව් වෙලාවට නැත්නම් අද මෙහෙම බ්ලොග් ලියන්න එකෙක් නැ.. :D

      Delete
  12. හි හි..පිස්සු මල්ලියෙක් :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් තාමත් ටිකක් විතර තියනවා අක්කෙ අපෙ අම්මා තමා කියන්නෙ :P

      Delete
  13. හප්පෙ එසේ මෙසේ චන්ඩියෙක් නෙමෙයිනෙ මෙයත්..පොඩි කාලෙ ඔහොම නම් දැන්???

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තාමත් එහෙම තමයි වැඩෙ කියන්නෙ ලොකු කාලෙ චන්ඩි වැඩ මෙකෙ ලියන්න බැරි එක තමයි රහස් එලි වෙනවනෙ එතකොට /........:D

      Delete
  14. balagena yaddi sachi ayyath chandiyekne.onna mamanam itin owata bayane.......... :P

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් චන්ඩියෙක් තමයි... ම්ම්ම්ම්ම්ම් කමක් නැ මම බය කර ගන්නම්කො නංගිව... :P

      Delete
  15. මගෙ දුවත් ඉස්සර මම උගන්නපු ප්‍රින්සිපල්ට 'සිංහයා සිංහයා' කියලා බනිනවා. ඒ එයා දන්න නරක වචනයක්. ඒ මොකද ප්‍රින්සිපල් මෙයාට 'චූටි පු'තු නොකියා 'චූටි පු‍ටු' කියනවා කියලා තරහට. :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  16. :D පුන්චි කාලෙ ඔහොම තමයි... අලුත් යාලුවෙක් අයෙමත් වසන්තයට එන්න ...

    ReplyDelete
  17. හ්ම්...දඟ වැඩ දෙකම කියෙව්වා ඔන්න..ඉස්කෝලේ කලේ තරම් සුන්දර මතක තව කොහෙද තියෙන්නේ..!!

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත රෙහානි ස්තුතියි මෙ පැත්තට ආවට... සමනල රැනක් සෙ ඉගිලි අකුරට ගිය පාසැල් කාලෙ අයෙත් එනවානම් අපෙ දිවියට ආසයි එ ලස්සන කාලෙ...

      Delete
  18. Replies
    1. ඔව් කොහොමද මගෙ වැඩ :P

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......