Saturday, October 6, 2012

මිහිබට කිරුල


මා මිය යැමට අසන්නව සිටිමි  එයට පෙර කෙදිනක හො විශ්වයෙ ඉතිරිව සිටින  මනුශ්ය වර්ගයාගෙන් අයෙකු ,
සිය මුතුන් මිත්තන්ගෙ ලොකය සොයා පැමිනියහොත් ඔවුන්ගෙ දැන ගැනිම පිනිස පෘතුවියෙ අවසාන පුරුක ලෙස මම 
මෙසෙ ඛේත ගත කරමි.............................




අද තරු වර්ශ 5670 වැන්නෙ 167 වැනි දිනයයි.... 
මා ඔබ අදින් වර්ශ ගනණාවක අතිතයට රැගෙන යමි... 
මෙ අදින් වර්ශ 7000000 කට පෙර කාලයයි අනාගත ලොකයක ජිවත් වෙන මනුශ්ය වර්ගයා වෙනුවෙන් පෘතුවිය
තුල මහා වෙනසක් සිදු වෙමින් පැවතිනි.. මෙ වන විට අප වානර අවදියක් ගත කරමින් ඉතාම ප්‍රතමික අව්දියක සිටියෙමු.
පෘතුවි තලය පුරාවටම සිය අනසක පතුරව මින් සිටියෙ ඩයිනොසරයන් නමින් හැදින් වුනු විශල සත්ව විශෙශයකි නමුත් 
අනාගතයෙ අනසක පතුරවන්නට මග බලමින් සිටි වානරයන්ට මග හසර සලසමින් එක පිට එක නැගුනු තරු කඩා වැටිම්
මෙතෙක් කල් මෙහි කිරුල දැරු ඩයිනොසරයන් සමුල ගාතනය කරන්නට විය..  කාලය ක්‍රමක් ක්‍රමයෙන් ගෙවි යන්නට විය
ගසින් බිමට බට වානරයන් සතුව පැවති කුතුහලය ඔහු බොහො දුර රැගෙන එන්නට සමත් විය. මිහි  බට කිරුල
ක්‍රම ක්‍රමයෙන් හොමො සෙපියන් නැමති අපෙ මිතුන් මිත්තන් අතට පත් විය.... එතැන් පටන් ඔහු මෙ මිහි මත කිරුල පමනක්
නොව මුලු සක්වල පුරාම සිය අන සක පතුරවන්නට විය එයට අනගතයෙ නැවත අප සොයා එන නුබලා එයට සක්ශි දරනු
ඇත. ගල් යුගය ගොවි යුගය  පසු කරමින් රජ්යයන් පිහිටුවමින් අප ආ මගෙ විශ්වය තුල ජනා වාස පිහිටුවිම තෙක්
 සවිස්තර විස්තරයක් මෙ අසල ඇති රොබො හිස තුල තැන්පත් කොට ඇත. 


තරු වර්ශ 3678
එ ඔබෙ මුතුන් මිත්තන් පෘතුවියෙන් පිටත් වු වර්ශයයි මෙ වන විට පරම්පර කිහිපයක් පසු වි ඇති බව අද දිනය දෙස බලන 
කල මට අවබොද වෙ. මෙ වන විට අපට වඩා අලොක වර්ශ බිලියනයක් පමන දුරින් වු  YJBK 2877 මත සර්තක ලෙස 
ජනාවස වි ඇති බව මගෙ විශ්වාසයයි.. සමහරක් විට ඔබ විසින් අප අමතනු ලැබුවත් අපගෙන් ප්‍රතිචාරයක් නොමැතිව දින
කාල වකවනු ගෙවි ගිය බව මාගෙ විශ්වාසයයි.. එකල නිල් පැහැයෙන් දිදිලපු පෘතුවිය නුබලා එන කල රත් පැති ගොලයක් 
ලෙස දිස් වනු ඇත මා සතුව ඇති අවසාන මිනිත්තු කිහිපය තුල එයට හෙතු පාදක වු කාරනා කෙටියෙන්
 මෙසෙ ගොනු කරමි. අප විසින් ක්‍රියත්මක කෙරුනු DNA දාම වෙනස් කොට නව ජිවි ප්‍රෙබෙද නිර්මානය කිරිම තුල 
අප විසින් විසාල වු ජයග්‍රහනයන් ලබ ගත්තෙමු එයට හොදම උදාහරනය ඔබලා සමග YJBK 2877 වෙත යවන ලද 
පියාපත් සහිත බල්ලාය. එහි අරුමයක් ඔබ සතු නොවුවත් සැබැවින්ම බල්ලන් සතුව මුල් කාලිනව පියාපත් නොතිබුනි.
කෙසෙ වෙතත් මෙහිදි අප විසින් නිර්මනය කරන ලද ඉතාම දියුනු මොලයක් සහිත උරගයෙකු වන GHH11 
නමින් නම් කරන ලද ජිවින් විශෙශය N2 වායුව ස්වසනය කරන ලද ජිවින් වර්ගයකි. මොවුන් ඉතාමත් කෙටි කාලයක් තුල
මිනිසාට අභියොගයක් වන්නටත්.. මිනිසාගෙ ග්‍රහනයෙන් මිදි ස්වදින ජිවියකු විමට තැත් කිරිමත් නිසා මොවුන් වද කිරිමට
ඔහුගෙ නිර්මාපකයන් වන අප විසින් තිරනය කරන ලදි. නමුත් එ වන විටත් අප ප්‍රමද වි වැඩි වු බව අපට පසක් වුයෙ.
මෙතෙක් පෘතුවිය තුල අනසක පතුරවමින් සිටි අප හට අභියොගයක් වෙමින් ඔවුන් විසින් නිපදවනු ලැබු රසයනික 
අවි ප්‍රහරයන්ය . මෙ ප්‍රහරන් එල්ල වන තුරුම මෙ බව අපෙන් වසන් කරන්නට තරම් බුද්දියක් එම උරගයන් සතුව පැවති බව
අපට රහසක් විය. මෙම ගැටුමෙදි අප වර්ගයාගෙන් අඩකට වඩා මිය යන්නට විය. අවසානයෙදි අප සතු වු නියුක්ලික් ආයුද 
වලින් ප්‍රහරයක් එල්ල කිරිමට සැලසුම් සකස් විය.. එහි ප්‍රතිපලයක් ලෙස ඉදි කෙරුනු ජිවිත ආරක්ශක මැදිරි තුල
අප ලැගුම් ගන්නට විය මෙම ප්‍රහරය මුලු පෘතුවිය තුලම විහිද යැමට තරම් ප්‍රබල බව අප දැන සිටියත් එහි ප්‍රබල තාවය පිලිබද
අදහසක් නිවරදිවම අප තුල නොවිය. ප්‍රහරය එල්ල විය GHH11 සමුල ගාතනය විය. නමුත් එහි ප්‍රබල තාවය ඔක්සිජන් 
වායුව සම්පුර්නයෙන්ම දවා ලන්නට සමත් විය... ජිවිත් අරක්ශක මැදිරි තුල තිබු O2 අවසානය සනිටුහන් විමත් සමග
මිහිමත කිරුල දැරු හොමො සෙපියන් සෙපියන් ගෙ ජිවිත  අහිම වන්නට විය. මෙහි සිටි අවසාන හොමො සෙපියන් මා බව
අසල ඇති පරිගනකය සනාත කරයි.. එහි දත්ත නිවරදි නම් මා තව සුලු වෙලවක් තුල මිය යනු ඇත.........
මෙ සමගම මගෙ අවසාන ප්‍රර්තනව ගොනු කරමි.. මිහිබට කිරුල නැවතත් අප වර්ගයා අතට පත් විම කෙදිනක
හො සිදු වෙවා යන්නයි.......................................................

තරු වර්ශ 98987 
YJBK 2877 සිට පැමිනි නුතන මානවයන් පෘතුවිය තුල ගොඩ බැමට සුදුසු ස්තානයක් නිරික්ශ්නය කරමින් සිටි
එහෙත් මෙ වන විට මිහිබට කිරුල හැඩයෙන් කිබුලෙක්ට සමාන වන තියුනු බුද්දියක් සහිත මිනිසා අභිබවා ගිය
උරගයෙක් සතු වු බව  ඔවුන් නොදත්තෙය......................





24 comments:

  1. මේක දිගට ලියන කතාවක් ද..අවසන් කරලා තියන විදිහට එහෙමයි හිතුනේ.. එල ඈ.. මටත් නිකමට වගේ හිතිලා තිබුණු දෙයක් තමයි අපි o2 ආශ්වාස කලාට වෙනත් ලොවක වෙනත් වායුවක් ශ්වසනය කරන ජීවීන් ඉන්න බැරිද කියන එක..
    ඔබේ නිර්මාණ වෙනස්ම විදිහකට ලියවෙන්නේ..අපුරුයි..!!

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්නෙ නැ මිතුර... හිතන්න දෙයක් තියෙන්න ඔනි හින්දයි එ විදිහට ඉවර කරෙ..
      ස්තුතියි අයෙමත් එන්න..... ඔව් වෙනත් ලොකයක ඉන්න බැරි කමකුත් නැ,,,

      Delete
  2. බොහොම අලංකාරයි යාළුවා.ඔබට ජය වේවා !

    ReplyDelete
  3. මේක විශ්වයේ අවසාන හෝමෝ සේපියන්ගේ දිනපොත ද??එහෙමත් දවසක් වේවිද මන්ද??

    ReplyDelete
    Replies
    1. සමහරක් විට මට නම් හිතෙන්නෙ මෙක මිටත් වඩා දරුනු විදිහට වෙවි කියලා...

      Delete
  4. රසවත් නිර්මාණාත්මක කතාවක්. ඒ එක්කම භාෂා භාවිතය ගැනත් පොඩ්ඩක් හිතුවානම් හොදයි. සුබ පැතුම් යාළුවා. ජය...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මිතුර... ඔව් එ ගැන තව හිතන්නම්...:D

      Delete
  5. මානව සංහතියේ අවසානය වගේ නේද? හිතාගන්නත් බෑ! අපූරුයි! Spelling mistakes ගැනත් පොඩ්ඩක් බලන්න, එතකොට තවත් සාර්ථකයි මලේ!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඔව් මෙ වගෙ අවසානයක් වෙන්නත් පුලුවන්... ඔව් 2 න් නෙක් එකම දෙ එ කියන්නෙ එක මගෙ අඩු පාඩුවක් ඉදිරියෙදි Spelling ගැන මිට වඩා හිතන්නම් ස්තුතියි අය්යෙ...

      Delete
  6. වෙනස්ම නිර්මාණයක්!
    කවදාහරි මේ වගේ දේකට මුහුණ දෙන්න වේවි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සිතු.... ඔව් මටත් එහෙම හිතුනා.... සමහරක් විට මීටත් වඩා දරුනු විදිහට...

      Delete
  7. අමුතුම පැත්තකට අපිව අරගන ගියා වගේ දැනෙනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඔන්න සමකයට වසන්තය අරගෙන අවා මන් //////ස්තුතියි......

      Delete
  8. ඇත්තටම ඔබ දක්ෂයින් අතරේ දක්ෂයෙක් මල්ලෝ..
    ඔබේ ශයිලිය දකින්න තියනවා ගොඩක් අඩුයි..
    මම ගොඩක් කැමතියි ඔයා ලියන ඒවාට..
    ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කො...... :-)

      Delete
  9. බොහොම හොඳ කථාවක්. සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. අලුත් යාලුවෙක් ස්තුතියි අයෙමත් එන්න....

      Delete
  10. ඉතාම ලස්සන නිර්මාණයක්. මට ආතර් ශ්‍රී ක්ලාක්ගේ පොත් සෙට් එක මතක් වුණා.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහො..... හිතට ගොඩක් දැනුනා කොමෙන්ටුව... :D

      Delete
  11. onna mamath kiyewwa hode ayye.......lassanai kathawa.ayeth ennamko me paththe......

    ReplyDelete
    Replies
    1. අනිවා එන්න නන්ගො.... ස්තුතියි ඔයටත් මොකො අද මෙ පැත්තට එන්න පරක්කු වුනෙ ?

      Delete
  12. කාලෙකින් දැක්ක හිතට වදින කතාවක් ඔයාගේ අදහස් ගොඩක් හොඳය්,තවත් දිගටම ලියන්න ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු අයෙම්ත් එන්න..... වසන්තය තවත් රසවත් වෙලා තියෙවි,...

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......