Saturday, April 13, 2013

නිසදැස් 2.

කාලෙකින් බ්ලොග් එකට මුකුත් ලියන්නත් බැරි වුනු හින්දා අලුත් අවුරුදු දා උදේම පරන අවුරුද්දේ ලියපු නිසදැස් ටිකක් දාන්න හිතුවා.....  ඉස්සෙල්ලාම ලැබුවා වු අලුත් අවුරුද්දට සුබ පතනවා..
සතුට සිනහව
පිරි ඉතිරෙන
නිබද
ජය ටැබ සොයා යන්නට
අලුත් ආරෙට
සිතුම් පැලවෙන
වාසනාව දොරේ ගලා යන
නව වසරකට
පතමි ආසරි
෴෴සචි෴෴

**************************************************

1).
සසල දිය
නිසල වන
ගං දැල අභියස............
සුපෙම්
මල් පොකුරු
පිපෙනා
මෙ සීත ගනදුර.........
ඉකිබිදින
සරා සද හංගලා
රීදි පැහැ මෙගය....
ඇය කියු
සරා කව
පාරවයි දෙනයන..............
෴෴සචි෴෴



2).
දුර ඈත
නිම්නයට
සිත සිබින
මල් හීන
වසත් කල
ගිම්හානායක......
පොලොව සිප
ගත්තු
පුන්චි වැහි බින්දු
පුපුදලා
නියගලා මල් පොකුරු
නුබ
දුන්නු මතකයට....
කවකටුවෙ
තුඩ මතින්
ඈදි ගිය චාපාව
සිත රැදෙ
හැමකල්ම
අහිම බව දැන දැනම......
෴෴සචි෴෴


3).
උනුහුමට නෙත අග පිපුනු
සෙනෙහසෙ රතු රොස
පරවෙලා මටත් හොරා
ඔය සිත අහිමි වු දුකට.......
හෙමින් හෙමින් මා නෙතට
සිතලින් ඔප වැටුනු කදුලු
රස මතු වෙලා නුබෙ පහස දනවලා......

෴෴සචි෴෴





4).
නමක් නැති නිමක් නැති ............
මේ සොඳුරු සෙනහසට
සිත් ඉමට වඩින්නට
වරම් දුන්නේ කව්ද.........
සිහිල් සඳ මද නල හමන
රැයක සිහිනෙක රැඳෙන
සුපිවිතුරු හැගුමක්ද........
අතින් අත පටලවා
සොයුරියක ආදරෙන්
හිත රැදුනු නුබෙ මතක
හිත පුරා විදින්නට අවසරද..............
පිවිතුරුව හමා ගිය
අරලියා මල් සුවද
තියෙවා හැම කල්ම
එකම සෙවනක රැඳෙන
වරම් හිමි නැති වුවද...............
෴෴෴සචි෴෴෴


5).
දැස පෙරුමන් පුරා
ආදරේ උල්පතෙ
ජිවිතේ විල්තෙරෙ
සොයමි සෙනහස ඔබෙ..............

සිහින ඇරයුම් පුරා
සිතුවිලි ගගුලක් අරා
දෙන්න සෙනෙහෙ ඔබෙ
ඔබටමයි ආදරේ......

සුපෙම් පැතුමන් පතා
සිතින් මං දුර ගියා
කදුලු විල් තෙරෙ තියා
සොයමි නුබ කොහෙ කියා........

෴සචි෴


6).
සුදු රොස 
ඉකිබිදින
රැ...........
සද හැන්ගිලා
තරු හිනහිලා
සිත පුරා 
පැතිරිලා කලු වළා..........
පියා පත් ඇකිලිලා
කුරුලු ගිතය
නිම වෙලා
සිනා මල් හැන්ගිලා
වසන්තය නිම වෙලා....................
~~~සචි~~~


7).
සැලෙන මද නලට
පොපියනා හද ගැස්ම
හෙමින් හිරු මඩල
සිප ගනී සිත් අහස
අඩ ගසා සදූ නැති රැයට.................
පරව යන සුදු රොස
හිනහෙනා කඩුපුලට
කොදුරාවි ලොව දහම................
සෙමින් මා නෙතට
උනුහුමින් පොපියන
පැමිනිලා කදුලක්
මතකයට නුබ දුන්නු ..........

***සචි***


8).
පාට තවරන්නට
ජිවිතයට .........
අරුත් සොයන්නට
විඩාබර දෙනතට......
විදින්නට හිත පුරා
ආදරෙ .............
කවදාක
මා සතු වෙද....................
හින පුරා මා සෙවු
එ නෙක පාට.......
~~~සචි~~~


9).
මම ...
මග බලාන හිටියා
අරලිය මල් වැටුනු පාර දිගෙ
හිතෙ දුක පිරිලා
වැහි බර අහස වගෙ.......



ඇය...

නිල්ම නිල් ඇ දෙනෙත
පොඩි වෙලා වෙනදා වගෙ
සිනවක් නම් නැ 
මා සිප ගත් එ මුවගෙ...........

මම...

මෙ අහන්න
මගෙ හිත අදරෙ පිරිලා
සිබින්න හදනකොටම
මල් වලට කියන්න එපා
සිබින්න එපා සුවද අරන් යන්න 
කියලා........

ඇය...

පොඩි දෙට කදුල එන
මගෙ ඇස් නුබ ලගම තියන්නම්
මගෙ කදුල එක්ක මගෙ හිතත් එවන්නම්
එත් ......
මම තවත් නුබෙ නොවෙ...

෴෴සචි෴෴


ප.ලි - බ්ලොග් අව්කාශයට ඇවිත්  දැන් අවුරුද්දක් මෙ අවුරුද්ද පුරාවටම වසන්තය එක්ක එකතු වුනු හැමොටම ගොඩක් ස්තුතියි........

30 comments:

  1. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්.වැඩි වැඩියෙන් කවි ලියැවේවා.හීන පුරා සෙවූ නෙක පාට හමු වේවා...සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා... ආයෙමත් මෙ පැත්තට එන්න....

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා සචිත්..!

    ReplyDelete
  3. ස්තුතියි නලීන් අයියේ.....

    ReplyDelete
  4. ඔබටත් පවුලේ සැමටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසෙම වෙවා... අයෙමත් එන්න...

      Delete
  5. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද වාසනාවන්ත නිරෝගිමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.... අයෙමත් මේ පැත්තට එන්න...

      Delete
  6. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෑම් අයියේ.... එසෙම වෙවා...:D

      Delete
  7. උදා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත නිදුක් නිරෝගී වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචො.... එසේම වේවා..

      Delete
  8. ලස්සන කවි ටිකක්. මාත් කවිවලට ආසයි. ඉන්ගිරිසි කවි ලියන්න උත්සාහ කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි ඔන්න ඒ පැත්තට මාත් ගොඩ වුනා අයෙමත් එන්න....

      Delete
  9. එසේම වේවා

    කාලෙකට පස්සේ නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ කාලෙකින් ස්තුතියි....

      Delete
  10. සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  11. මල්ලි ගොඩක් කාලෙකට පස්සේ නේද? මල්ලිටත් පවුලේ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  12. ආහ්..මේ කාලෙකට පස්සෙ ඇවිත් තියෙන්නෙ ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    නිසදැස් ටිකනම් මාර ලස්සනයි .

    ReplyDelete
  13. දැස පෙරුමන් පුරා
    ආදරේ උල්පතෙ
    ජිවිතේ විල්තෙරෙ
    සොයමි සෙනහස ඔබෙ........

    මාර ලස්සනයි සචිත් අයියේ ...,,

    ReplyDelete
  14. Thanks for one's marvelous posting! I seriously enjoyed reading it, you will be a great author. I will always bookmark your blog and may come back later in life. I want to encourage you to ultimately continue your great posts, have a nice morning!

    Also visit my web blog; fotografos

    ReplyDelete
  15. Wonderful blog you have here but I was wanting to know if you knew of any forums that cover the same topics talked about in this article?
    I'd really like to be a part of online community where I can get feed-back from other knowledgeable people that share the same interest. If you have any recommendations, please let me know. Thanks a lot!

    Also visit my blog :: galaxy s4

    ReplyDelete
  16. When someone writes an post he/she keeps the image
    of a user in his/her brain that how a user can know it. So that's why this post is outstdanding. Thanks!

    Also visit my web-site buying instagram followers

    ReplyDelete
  17. අඩෝ මචං උඹට මොකෝ වුණේ.....

    ReplyDelete
    Replies
    1. ඔන්න අයෙමත් ආවා මම... :D

      Delete
  18. හෑ............කෝ මගෙ කොමෙන්ටුව ස්පෑම් වෙලාද? ආයෙත් ලියන්න ආපු එක ගැන සතුටුයි මල්ලෝ

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......