Thursday, April 5, 2012

සොඳුර නුබ ගෙනි එලිය පෙවෙ උද හිරු එළියෙන් ................

හඬන පොඩි පුතු නලව ගන්නට
නිදන මට රහසින්
රයේ තුන් යාම නිදි මරා නුබ
නොවිදිනා දුකකින්
කහට පොද ගෙන කුරුළු කුජන
සමග ළඟ හිදිමින්
සිනා පැවත් කියාලයි  තතු 
විඩා බර මුහුණින් .............



ලිහා බත් මුල බුදින මොහොතේ
මිතුරු  කෙල  සමගින
වහා දස අත සුවඳ පිරුනා
නුබේ ගුණ සුවදින්
කම්හලේ දැති  රෝද නෙගු
රළු පරළු හද අතරින්
නුබේ හද ගැසෙන රාවය
මට ඇසෙ රහසින් ...................


අපට  අපමය පිහිට
පිලිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසි
නිබද එවසිමෙන්
පෙටවුනට  සහ මටද අම්ම වුන්
සොඳුර නුබ ගෙනි
එලිය පෙවෙ උද හිරු එළියෙන් ................



2 comments:

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......