Monday, June 18, 2012

අනාගතය


මිනිස් චින්තනය නව මගකට යොමු කල ඒ වර්ෂයට නම තැබුණේ ක්සිජය යන තේරුම දෙන

ජපන් ජාතික විද්යක්නයෙකු  වන ඔරින්ටෝ යන ජපන් වදනයි .ඒ 5445 වැනි වසරයි . ගල් යුගය ,

ගොවි යුගය, කර්මාන්ත යුගය, ඉලෙක්ට්‍රොනික යුගය ලෙස විවිද අවධි පසු කරමින් පැමිණි

මානවයා ෆෙරා යුගය ලෙස හැදුන්වුනු යුගයට පැමිණ තවම වසර 50 කට නොඅඩු කාලයකි .

ඇත අතීතයේ චාල්ස් ඩාවීන් කියූ පරිණාමික ක්‍රියා වලිය තව තවත් සනාථ කරමින් මිනිසා දේහ

ප්‍රමාණයෙන් කුඩා සත්වයෙකු බවට පත් වී තිබුණි. එයට හොදම උදාහරණය වුයේ ලොව උසම මිනිසා

අඩි 3 ක අගුටු මිට්ටේකු වීමයි .




ෆෙරා යුගයේ සොයා ගනු ලැබුණු විශිස්ටතම සොයා ගැනීම වන බුද්ධි පරිපත සොයා ගනු ලැබුවේ

ඔරින්ටෝ විසින් මේ අවධිය තුලයි . මේ වන විටත් ඉතා සාර්ථක ලෙස මෙම සොයා ගැනීම

ප්රුතුවීය තුල අත්හදා බලමින් තිබුණි . ඒ හේතුව නිසාම මුළු මහත් ප්රුතුවී තලයම මහා පෙරළියකට

බදුන් වීය.  ලොව අග්‍ර ගනයේ විශ්ව විද්‍යාල ක්‍රම ක්‍රමයෙන් වැසි යමින් තිබුණි.   ඒ වෙනුවට ලොව

පුරා බිහි වූ ශල්‍යාගාර තුල බුද්ධි පරිපත බද්දය සාර්ථකව අත්හදා බැලිනි. එම නිසාම ප්රුතුවී

ඉතිහාසය තුල මෙතෙක් බිහි නොවූ ආකාරයේ විශිෂ්ට කලාකරුවන්, විශාරදයින්, දාර්ශනිකයින් හා විදයක්නයින්ගෙන්

පිරි ඉතිරෙන්නට වීය . සැබවීන්ම මෙකල ප්රුතුවීය ආදී මානවයාට සිත ගත නොහැකි  තරමේ  විශ්මයා ජනක සිදු වීම් වලින්

පිරි ඉතිරෙන්නට වීය.. බුද්ධි පරිපත සම්බන්ද  නිතී කිහිපයක්ද ලෝක පාලන අධිකාරිය විසින් පනවන ලැබිණි ..

එනම් එක් පුද්ගලයෙකුට එක විෂයකට පමණක් අදාල බුද්ධිය පරිපථය තුලට ඇතුළු කීරීමයි .මොලයේ කල කුඩා

ශල්‍ය කර්මයකින් පසුව ඔහු හෝ ඇය විෂය ප්‍රවීනයෙකු වීම වැලක්වීය නොහැකිය.



 අහස් තලයම වැසි තිබුණු  අදුරු වලාවන් නිසා හිරු එලිය ලැබුනේ අල්ප ලෙසයි. ඒයට පිළියම් ලෙස අහසේ සවී

කොට තිබුණු කෘතීම චන්ද්‍රයා මගින් සකල ලෝකයම ආලෝකමත් වීය ඒ හේතුව නිසාම අහසේ කෙදිනකවත්

තරුකාවක් නොතිබිණි.  දීව රාත්‍රී නමැති අතීත සංකල්පයට තිත තබා දැන්  වසර 200 කට වඩා ගෙවී ගොස් හමාරය.



ප්රුතුවී දින හොර යන්ත්‍රයකට පමණක්ම සිමා වීය. කෘතීම සඳ එළියේ වර්ෂ 5445 හී දින ගෙවී ගියේ නොසිතු වේගයකිනි.

ඒ වන විටත් ලෝක ජන ගහනයෙන් 75 % ක් පමණම බුද්ධි පරිපත් ශල්‍ය කර්මයට බදුන් වී තිබුණි.

අලුත් උපදින දරුවන් පවා අග්‍ර ගනයේ විද්යක්නයෙකු වීම සුලබ දසුනක් බවට පත් වීය. බුධියෙන් අග්‍ර තැන්පත්  වූ

ප්රුතුවී වැසියන් සක්වල වැසියන් සමග යුද්ද කොට ලබා ගත ජයග්‍රහණ නිසාම ප්රුතුවීය සතුව වහල් ග්‍රහා  ලෝක කිහිපයකම

පැවතිනි.. ආහාර හා අනිකුත් ප්රුතුවී අවශ්‍යතා එමගීන් සපුරා ගැනිණි..
ක්ස්තිජයේ වසරේ අවසන් කාලය වන වීට බුධි පරිපත බද්ධය සිදු වුවන් අකල් මරණයන්ට පත් වීය. මුළු මහත් ප්රුතුවීයම

භීතියෙන් මුසපත් වීය.  ඒ නිසා ඇතිවූ පීඩනය දර ගත නොහැකී වූ ඔරින්කෝ සිය දිවී නසා ගත්තේ සිය විද්‍යාගාරය තුල

පැවති උග්‍ර විස සහිත රසායනයක ආදරයෙනි. වෛද්‍ය වරුන් කොපමණ උස්සහ කලත් මෙම  මරණ වලට හේතුව නිශ්චිත නොවීනි.

කොපමණ උස්සහ කලත් හේතුව පැහැදිලි නොවීනි ලික ජනග්‍රහණයෙන් 50% පමණ දින කිහිපයක් තුල මිය ගියේය.







ඔරින්කොගේ නිවාස පරික්ෂ කල බලධාරීන්ට හමු ලියවීල්ල වසර 3500 ක් පමණ පැරණි බව කාබන් පරීක්ෂාවකින් තහවුරු විය

එය ප්රුතුවී වැසියන් යටත් කර ගැනීමට හැදු නව ග්‍රලෝකයේ පවතින ලෝහ වර්ගයකින් නිම වී තිබිණි.

ඒ ලියවීල්ල පුරන ඉජීප්තු සොහොන් තුලින් හමු වූ අක්සර වලට සමාන අක්ෂර සටහනක් වීය.. ඉතිහාසකරුවන්

මහත් පරික්ෂමයක් දරා නුතන අක්සර වලට හරවන ලද ලිපියේ වුයේ මෙවෙන්නකි.



" නුබලාට දෙන මෙම බුද්ධිය අපේ මිත්‍රත්වයේ සංකේතයකි.  එය නුබල විසින් ප්රුතුවීයේ අභිවුර්දිය සදහා යොදවන තාක්

කල් නුබලා සුරක්ෂිත වේ. යම් දිනක මිත්‍රත්වය පසක ලා ක්‍රියා කරන කල්හී අප විසින් එවන ලබන වෛරසයෙන්

නුබලගේ මුළු මහත් ප්රුතුවීයම විනාස වී යනු ඇත"










(මගේ පළවැනි  ප්‍රබන්දය  තමයි මේ ඔයාලගේ ප්‍රතිචාරයක් මට ශක්තියක්ම වේවි. )






18 comments:

  1. පික්ෂු හැදෙනවා...පට්ට....සුභ පැතුම්......

    ReplyDelete
  2. එල එල... දිගටම ලියන්න... නිර්මාණාත්මකයි...

    ReplyDelete
    Replies
    1. පැමිණීමත් සතුටක් අය්යේ ස්තුතියි

      Delete
  3. ඇත්තටම ලස්සන නිර්මාණයක් අයියෝ.....දගටම ලියන්න සුභ පැතුම්....!

    ReplyDelete
    Replies
    1. අග්නියෝ ස්තුතියි ...........

      Delete
  4. නියමයි සහෝදරයා උණුසුම් සුබ පැතුම්, දිගටම ලියන්න.....

    ReplyDelete
    Replies
    1. දුන්නු දෛර්යට පින් යාලු ....

      Delete
  5. ඇත්තටම නියම තොරතුරු ගොඩක් මචන්. ගත්තු මහන්සියට ගොඩාක් පින්...

    ReplyDelete
  6. ස්තුතියි අය්යේ ඒ වචන ටිකම මට ඇති තව ලියන්න ...........

    ReplyDelete
  7. මට නම් කතාවේ තේරුනේ අනාගතේ වෙන මොකක් හරි දෙයක් කියලා තමා..... කමක් නැහැ තව තවත් විද්‍යා ප්‍රබන්ධ ලියන්න. ලොකු පන්නරයක් ඔබට ලැබේවි

    ReplyDelete
    Replies
    1. ශක්තියක් වුනාට ස්තුතියි .............

      Delete
  8. හොඳ නිර්මාණයක් අය්යේ මෙව්වත් අනාගතේදී වෙන්න බැරි නෑ :ඩ්

    ReplyDelete
    Replies
    1. වෙන්නත් පුළුවන් නේද මල්ලි ? මේ යන විදිහට මොනවයින් මොන වේවිද කවද දන්නෙ?

      Delete
  9. නියමයි සහෝ...
    වසන්තයට ආරාධනාවක් කියන තැන ඉංග්ලීස් වලින් ලියලා තියෙන තැන අකුරක් වැරදියි ඒක හදාගන්න මචෝ..

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනට නිවරදි කරන්නම් ස්තුතියි ........

      Delete
  10. එල කිරි මචන්. උඹත් දැන් විද්‍යා ප්‍රබන්ධ ලියනවා එහෙනම් ගැමියා වගේ. එල එල. මේක මම කියවද්දී හිතුවේ උපුටාගැනීමක් කියල. සුපිරි අදහස් මචන්. සුබ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. මං උපුටා ගැනීම් දාන්නේ නැ මචෝ මගේ අඩවීයේ... මේක මන්ම ලියපු එකක් ස්තුතියි ............

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......