හුග කාලෙක ඉදන් දාන්නට හිතන් හිටපු නිසදෙසක් තමයි මේ මට මේක දාගන්න
ධය්ර්යක් තිබුන් නැ එත් දැන් එක මට ලැබිලා කියලා මන් හිතනවා මගේ තාත්තා
හැම දාම මං ගාව ඉන්නවා කියලා අදටත් මට දැනෙනවා ඔව් දුර ඇතක ඉදන්
...............................................................................................................................................................
දයා කරුනා
පිරී ඉතිරුණු
සිසිලැල් පවන නුබයි .................
මගේ අහසට නිතින් පැයු
හිරු හා සදුද නුබයි ................
බෝ සෙවනේ සේ
දෙව් මැදුරේ සේ
යහගුණ පිරුණු විලයි ................
නුබේ නාමය
මගේ හද ගැබ
සුපිපුණු සුවද මලයි ...............
(අතීත මතක අතරින් .............)
..........................................................
ලිහී ගිලිහුණු
මුදු කුසුම නුබ
යායම සුවද කෙරු ..........
දිවිය පුරාවට
මගේ හද තුල
මන්දස්මිතය දැරූ...............
සසර මතුදා
පෙරුම් පුරන්නම්
වන්නට නුබේ පුත් රු ............
නුබයි තාත්තේ
මගේ හද
තුල මිහිබට වන්
දෙවිදු ..............
කොමෙන්ට් බලාපොරොත්තු නොවෙමි .................
තාත්තා හරි තරුණ පාටයි නොවැ. තාත්තාට මොකද වුනේ මිත්‍රයා ?
ReplyDeleteහදිසි අනතුරක්
Deleteහ්ම්ම් :((
ReplyDeleteහ්ම්ම්ම්ම්...
ReplyDeleteමේ මල්ලිගේ තාත්තද? හ්ම්ම්ම්... :(
ReplyDeleteඔව්
Deleteහුග දවසකින් මේ පැත්තේ ආවේ මල්ලියෝ..සමාවෙන්න හොදේ...:(
ReplyDeleteඒත් මේ පද පේලි ටිකට මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැ..
අපේ මුළු ජීවිතේම හිරු සදු ඉතින් දෙමව්පියෝනේ.
ඔයාගේ හදවතේ තියන හැමදේම මේ පද පේලි වලින් ලියන්න උත්සාහ කරලා තියනවා..
දුක් වෙන්න එපා කියන්න බැහැ තමා.. ඒ ත් යාළු ............:( මං දන් නැහැ අනේ කියන්න.. :(
ReplyDeleteජීවිතේ හිමිවීම් වගේම අහිමිවීම් වලටත් මුණ දෙන්න ඕනේ. ඉතින් සචියෝ දුක් වෙන්න එපා කියන්න බෑ හිරුහිමාවී කියනවා වගේ. තාත්ත කොහේ හරි ඉඳන් ඔයා දිහා බලාගෙන ඇති.
ReplyDeleteඅපේ ලෝකේ හිරු සඳු තරු ඔක්කොම අම්මයි තාත්තයි, කොටින්ම මුළු ලෝකෙම එයාල තමයි.
ස්තුතියි යාලු
ReplyDeleteමම දන්නව් මල්ලා උබගේ තාත්තා කොහේ හරි ඉදන් උබ දිහා බලන්න ඉන්නවා....
ReplyDeleteතාත්තා වෙනුවෙන් උබට කරන්න එක දෙයි තියන්නේ
හොදට ඉගෙනගෙන ලොකු මනුස්සක් වෙයන්
උබේ තාත්තා හීන හැබෑ කරපන් මල්ලා......
මං මොනවත් කියන්නෑ අයියෝ.....:‘(
ReplyDeleteමං නං කියන්නේ මේ වගේ දේවල් තවත් කරන්න
ReplyDelete