Thursday, June 28, 2012

පියාණෙනි

හුග කාලෙක ඉදන් දාන්නට හිතන් හිටපු නිසදෙසක් තමයි මේ මට මේක දාගන්න ධය්ර්යක්  තිබුන් නැ එත් දැන් එක මට ලැබිලා කියලා මන් හිතනවා මගේ තාත්තා හැම දාම මං ගාව ඉන්නවා කියලා අදටත් මට දැනෙනවා ඔව් දුර ඇතක ඉදන් ...............................................................................................................................................................

දයා කරුනා
පිරී ඉතිරුණු
සිසිලැල් පවන නුබයි .................
මගේ අහසට නිතින් පැයු
හිරු හා සදුද නුබයි ................
බෝ සෙවනේ සේ
දෙව් මැදුරේ සේ
යහගුණ පිරුණු විලයි ................
නුබේ නාමය
මගේ හද ගැබ
සුපිපුණු සුවද මලයි ...............

                                               (අතීත මතක අතරින් .............)
..........................................................
ලිහී ගිලිහුණු
මුදු කුසුම නුබ
යායම සුවද කෙරු ..........
දිවිය පුරාවට
මගේ හද තුල
මන්දස්මිතය දැරූ...............
සසර මතුදා
පෙරුම් පුරන්නම්
වන්නට නුබේ පුත් රු ............
නුබයි තාත්තේ
මගේ හද
තුල  මිහිබට වන් 

දෙවිදු ..............


කොමෙන්ට් බලාපොරොත්තු නොවෙමි .................

13 comments:

  1. තාත්තා හරි තරුණ පාටයි නොවැ. තාත්තාට මොකද වුනේ මිත්‍රයා ?

    ReplyDelete
  2. මේ මල්ලිගේ තාත්තද? හ්ම්ම්ම්... :(

    ReplyDelete
  3. හුග දවසකින් මේ පැත්තේ ආවේ මල්ලියෝ..සමාවෙන්න හොදේ...:(
    ඒත් මේ පද පේලි ටිකට මොනවා කියන්නද කියලා මට හිතාගන්න බැ..
    අපේ මුළු ජීවිතේම හිරු සදු ඉතින් දෙමව්පියෝනේ.
    ඔයාගේ හදවතේ තියන හැමදේම මේ පද පේලි වලින් ලියන්න උත්සාහ කරලා තියනවා..

    ReplyDelete
  4. දුක් වෙන්න එපා කියන්න බැහැ තමා.. ඒ ත් යාළු ............:( මං දන් නැහැ අනේ කියන්න.. :(

    ReplyDelete
  5. ජීවිතේ හිමිවීම් වගේම අහිමිවීම් වලටත් මුණ දෙන්න ඕනේ. ඉතින් සචියෝ දුක් වෙන්න එපා කියන්න බෑ හිරුහිමාවී කියනවා වගේ. තාත්ත කොහේ හරි ඉඳන් ඔයා දිහා බලාගෙන ඇති.

    අපේ ලෝකේ හිරු සඳු තරු ඔක්කොම අම්මයි තාත්තයි, කොටින්ම මුළු ලෝකෙම එයාල තමයි.

    ReplyDelete
  6. ස්තුතියි යාලු

    ReplyDelete
  7. මම දන්නව් මල්ලා උබගේ තාත්තා කොහේ හරි ඉදන් උබ දිහා බලන්න ඉන්නවා....
    තාත්තා වෙනුවෙන් උබට කරන්න එක දෙයි තියන්නේ
    හොදට ඉගෙනගෙන ලොකු මනුස්සක් වෙයන්
    උබේ තාත්තා හීන හැබෑ කරපන් මල්ලා......

    ReplyDelete
  8. මං මොනවත් කියන්නෑ අයියෝ.....:‘(

    ReplyDelete
  9. මං නං කියන්නේ මේ වගේ දේවල් තවත් කරන්න

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......