පුරං වී ගිය හද සන්තකයේ ලස්සන මල් පිපෙන පුංචිම පුංචි
එත් මහා විසල්ව වැඩෙන වෘක්ෂයක් රෝපනය කරපු ඔයා,
හාදු වැස්සක් හැගීම් සමුදායක පටලලා ,අතු පතර විහිදෙන්නට
විෂල් වෘක්ෂයකට ඉඩ දුන්නු විට, සිත් යය තුලට නුබ දුන්නු
ආදරෙන් අතු පතර විහිදපු ඒ විෂල් වෘක්ෂය මගේ මුළු හදවතටම
දහදියෙන් පෙගෙන මහා දහවලෙත් සිසිල් සුළං වද්දල මල් යායක්
අස්වැස්සුවා............................................
දළුලා වැඩෙන මහා වෘක්ෂයේ මුලයන් හදවත පසාරු කරගෙන
වැඩෙන කොට , ඔබේ ගතම මගේ නග්න කය තුල මිහිදන් කලා නිසාවෙන්ම
පසාරු හදවතට දැනුනු වේදනාව නුබේ මායාවෙන්
යටපත් වුනා...........
මහා ඉඩොරයකට වුවද නොසෙලන පරිදි විෂල් වූ ඒ වෘක්ෂය
මල් පිපි පල දරන්නට කාලය ක්‍රමක් ක්‍රමයෙන් ලගා වුනේ
සාධාතනික ප්‍රේමයක් තුල යලිත් ජීවිතයට පන පොවන්නට
අපි තීරණය කරපු කාලයේමයි ............
ඒ අපේ විවාහය .....................
දින දින ලං වුනු අපේ අහිංසක බලාපොරොත්තුව ,
අපි හීන මවපු ඒ සුන්දර දවස මාස සති දින පහුකරගෙන
ලගවෙනකොට මං හිටියේ කොහේදෝ ඇතක තිබුණු මල් පිපුණු
මිටියාවතක තනි වෙලා ..........
එත් එකපාරටම නුබ හින්දා ආපු ඒ ඉඩෝරයෙන් විෂල් වෘක්ෂයේ
කොළ එකා දෙක බිම වෙටෙන කොටත් බොදවුණු හීනයක් එක්ක ,
මං නුබේ සිත් අහස දිහා බලන් හිටියේ පුංචිම පුංචි හාදුවකින් යලිත්
මල් වැස්සක් පුදීවී කියන හිතුවීල්ලෙන් .................
එත් ඔයා යන්න ගිහින්..
දළුලා වැදුණු වෘක්ෂය කොළ හැලිලා වේලිලා .......
එත් මගේ හදවත පතුලටම කිදා බැහැපු මුල් වලින් දැනෙන
වේදනාව ,,,,,,,,,, නුබේ කය තුලින් සමනය කරපු අතීතයත්
එක්ක රිදුම් දෙනවා ................
තවමත් මං නුබ එනතුරා බලන් ඉන්නවා ,
එත් මිය ගිය ඒ වෘක්ෂයට යලි පන දෙන්න නුබේ හාදු වැස්සට හැකි වෙන එකක් නම් නැ.........................
විරහව මේ තරමටම ?
ReplyDeleteවිරහව තීරණය වෙන්නේ අපි කරන ආදරේ මතයි ..........."D
Deleteහ්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම් සෑහෙන්න දැනුනා....
ReplyDeleteහ්ම්ම්ම්ම් :D
Deleteඇත්ත.........තවමත් මං නුබ එනතුරා බලන් ඉන්නවා.........
ReplyDeleteසදහටම මන් නුබ එන තුරා පාරමී පුරමි ...... ස්තුතියි තරු
Deleteඇයි අනේ එයා ගිහින් තියෙන්නේ...
ReplyDeleteමගේම වැරැද්දෙන් .......... :P
Deleteලස්සන අදහසක්...
ReplyDeleteස්තුතියි මල්ලියෝ
Delete"විරහව තීරණය වෙන්නේ අපි කරන ආදරේ මතයි ..........." ලස්සනයි ඇත්තෙන්ම!!
ReplyDeleteඔව් එක මං අත්දැකීමෙන්ම දන්නවා ස්තුතියි
Deleteවසන්තයට ආරාධනාවක් කිව්ව නිසා ඔන්න මමත් මේ පැත්තට ආවා...
ReplyDeleteපෝස්ට් එක ලස්සනයි..ඒ වගේම හුගක් හිතට දැනුණා..හරිම සංවේදියි....
ආදරෙන් පිලිගන්නවා වසන්තයට ............ ස්තුතියි යාළු
Delete