Saturday, June 23, 2012

ආදරය කදුල සහ බලාපොරාත්තුව



පුරං වී ගිය හද සන්තකයේ ලස්සන මල් පිපෙන පුංචිම පුංචි
එත් මහා විසල්ව වැඩෙන වෘක්ෂයක් රෝපනය කරපු ඔයා,
හාදු වැස්සක් හැගීම් සමුදායක පටලලා ,අතු පතර විහිදෙන්නට
විෂල් වෘක්ෂයකට  ඉඩ දුන්නු විට, සිත් යය තුලට නුබ දුන්නු
ආදරෙන් අතු පතර විහිදපු ඒ විෂල් වෘක්ෂය මගේ මුළු හදවතටම
දහදියෙන් පෙගෙන මහා දහවලෙත් සිසිල් සුළං වද්දල මල් යායක්
අස්වැස්සුවා............................................
දළුලා වැඩෙන මහා වෘක්ෂයේ මුලයන් හදවත පසාරු කරගෙන
වැඩෙන කොට , ඔබේ ගතම මගේ නග්න කය තුල මිහිදන් කලා නිසාවෙන්ම
පසාරු හදවතට දැනුනු වේදනාව නුබේ මායාවෙන්
යටපත් වුනා...........



මහා ඉඩොරයකට වුවද නොසෙලන පරිදි විෂල් වූ ඒ වෘක්ෂය
 මල් පිපි පල දරන්නට කාලය ක්‍රමක් ක්‍රමයෙන් ලගා  වුනේ
සාධාතනික ප්‍රේමයක් තුල යලිත් ජීවිතයට පන පොවන්නට
 අපි තීරණය කරපු කාලයේමයි ............
 ඒ අපේ විවාහය .....................

දින දින ලං වුනු අපේ අහිංසක බලාපොරොත්තුව ,
අපි හීන මවපු ඒ සුන්දර දවස මාස සති දින පහුකරගෙන
ලගවෙනකොට මං හිටියේ  කොහේදෝ ඇතක තිබුණු මල් පිපුණු
මිටියාවතක තනි වෙලා ..........
එත් එකපාරටම නුබ හින්දා ආපු ඒ ඉඩෝරයෙන් විෂල් වෘක්ෂයේ
කොළ එකා දෙක බිම වෙටෙන කොටත් බොදවුණු හීනයක් එක්ක ,
මං නුබේ සිත් අහස දිහා බලන් හිටියේ පුංචිම පුංචි හාදුවකින් යලිත්
මල් වැස්සක් පුදීවී කියන හිතුවීල්ලෙන් .................


එත් ඔයා යන්න ගිහින්..
දළුලා වැදුණු  වෘක්ෂය කොළ හැලිලා වේලිලා .......
එත් මගේ හදවත පතුලටම කිදා බැහැපු මුල් වලින් දැනෙන
වේදනාව ,,,,,,,,,, නුබේ කය තුලින් සමනය කරපු අතීතයත්
එක්ක රිදුම් දෙනවා ................
තවමත් මං නුබ එනතුරා බලන් ඉන්නවා ,
එත් මිය ගිය ඒ වෘක්ෂයට යලි පන දෙන්න නුබේ හාදු වැස්සට හැකි වෙන එකක් නම් නැ.........................



14 comments:

  1. විරහව මේ තරමටම ?

    ReplyDelete
    Replies
    1. විරහව තීරණය වෙන්නේ අපි කරන ආදරේ මතයි ..........."D

      Delete
  2. හ්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම් සෑහෙන්න දැනුනා....

    ReplyDelete
  3. ඇත්ත.........තවමත් මං නුබ එනතුරා බලන් ඉන්නවා.........

    ReplyDelete
    Replies
    1. සදහටම මන් නුබ එන තුරා පාරමී පුරමි ...... ස්තුතියි තරු

      Delete
  4. ඇයි අනේ එයා ගිහින් තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මගේම වැරැද්දෙන් .......... :P

      Delete
  5. ලස්සන අදහසක්...

    ReplyDelete
  6. "විරහව තීරණය වෙන්නේ අපි කරන ආදරේ මතයි ..........." ලස්සනයි ඇත්තෙන්ම!!

    ReplyDelete
    Replies
    1. ඔව් එක මං අත්දැකීමෙන්ම දන්නවා ස්තුතියි

      Delete
  7. වසන්තයට ආරාධනාවක් කිව්ව නිසා ඔන්න මමත් මේ පැත්තට ආවා...

    පෝස්ට් එක ලස්සනයි..ඒ වගේම හුගක් හිතට දැනුණා..හරිම සංවේදියි....

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා වසන්තයට ............ ස්තුතියි යාළු

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......