Saturday, June 30, 2012

සංසාර පුරුද්දද මේ හමු වීමේ අරුමේ



අයෙමත් ආපස්සට ජීවිතේ දිහා හැරිලා බලනකොට මතක් වෙන හමු වීම් ගොඩක්
තියනවා . පුංචි කලේ ඉදන් එහෙම හම්බවෙලා ලස්සන මතකයක් විතරක් ඉතුරු කරලා
අද වෙනකොට ඇත් වෙලා එහෙමත් නැත්නම් මොකක් හරි හේතුවක් හින්දා ඉන්න තැනක් දන්නේ
නැති කී දෙනෙක් ඉන්නවද ? සමහර වෙලාවට මතකය විතරක්ම ඉතුරු කරලා මේ ලෝකෙන් සමු ගත්තු අය
ඒ අතර නැතුවම නෙමෙයි ....පොඩි කලේ ස්කොලේ  යන කොට  1 වසරේ හිටපු යාලුවෝ, එතනින් ගිහාම
උත්සවයකදී , ට්‍රිප් එකක් යනකොට , අහම්බෙන් හම්බෙන හමුවීම් ඒවා ගොඩක් වෙලාවට පැය 2 කකට
3 කකට දවසකට   සිමා වෙනවා එත් ඒවා ජීවිතේ සොඳුරුතම  මතක විදිහට හදවතේ තැන්පත් වෙලා තියනවා ...........


සැම හමු වීමක් තුලම වෙන් වීමක් තියනවා එක තමයි යථාර්තය. එත් ඒ යථාර්තය පිළිගන්න කව්රුවත් කැමති නැ

එකට හොදම උදාහරණය තමයි 13 න වසරෙන් ස්කොලෙන්  සමු ගන්න එක ඒ වෙලාවේ අපිට හිතෙන නැ
 එක සමු ගැනීමක් වේවි කියල එත් කාලය ටික ටික ගෙවීගෙන යනකොට අන්තිමට ලස්සන මතකයක්
විතරක් හදවත පතුලේ සගවලා ඒ මිතුදම් වලට කොමාවක් තියලා, මං තිතක් නැතුව කොමාවක් කිව්වේ
අයෙමත් මග තොටදී හම්බවෙන දවසකට ඒ මිතු දම් අයෙමත් අලුත් වෙන හින්දා.. එත් එතකොට  කොච්චර නම්
දේවල් වෙනස්  වෙලා තියනවද අදුර ගන්න බැරි තරමට රුපය වෙනස් වෙලා එහෙමත් නැත්නම් කසාද බැදලා.
ඒ වගේ වෙලාවට අතීත මතක එකින් එක හදවත ලග පෙළ ගැහිලා කටින් එලියට පනිනකොට දැනෙන සතුට ......
ගනු ළමයෙක් වුනත් පිරිමි  ළමයෙක් වුනත් තමන්ගේ පරණ අදර කතා මේ හමුවීම් තුල අමතක කරන්න බැරි
සිදුවීම් වෙනවා එහෙමත් නැත්නම් මුලින්ම කැමැත්තක් එහෙමත් නැත්නම් crush  එකක් ඇති වුනු කෙනා
මතක් කරලා බලන්න ඒ වගේ වෙලවට මට සින්දුවක පද වගයක් මතක් වෙනවා

හමු නොවෙනා බව දැනුනත් වෙන් වීමක් නොමැති

සොදුරු සයුරකි ආදරේ මියුරු රහසකි ආදරේ


ම්ම්ම් ඒ වගේම තමයි කාලාන්තරයක් අපේ ලගින්ම ඉදල හදිසියේම අපිව දාල යන අය හිතට දරා ගන්න
අමාරු වේදනාවක්  ඉතුරු කරලා ඒ අයගේ සුන්දර මතකයන් ඒ අතීතය මතක් වෙන මතක් වෙන වාරයක් පාසා
නෙතට කදුලක් උනන හැටි ... ඒ ගැන නම් මං හොදටම දන්නවා ,,,
හමුවීම් ගැන කතා කර කර ඉන්නකොට තව ලස්සන සින්දුවක් මතක් වුණා බලන්නකෝ ...........


ජීවිතේ ලස්සන මතක ගොඩාරියක් මේ වගේ ලිපියකින් කියන්නට නම් බැ එත් මගේ මතක ගොඩක් එක්ක

මං මේක ලියන මොහොතේ අතරමන් වුණා එතින් තවත් හමුවීම් වෙන් වීම් ගැන ලියන්න නම් බැ ..
මට කල්පනා  ලෝකයක තනි වෙන්න ඕනි .............................




32 comments:

  1. සෑම හමුවීමකටම වෙන් වීමක් තිබුනත් ආදරේදි හමුවීම වෙන්වීමක් වෙයි කියල කවුරුත් හිතන්නේ නෑ... ඒක වෙන්න ඇති ඒ වගේ හමුවීමක් වෙන් උනාම හිතට දැනෙන දුක වැඩි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවට මාත් එකගයි.......... ස්තුතියි මගේ අඩවීයත් දඩයම් කලාට...........

      Delete
  2. ලස්සනායි......................

    ReplyDelete
  3. සෑම හමුවීමක් තුලම වෙන්වීමක් තිබුනත් ඒ සෑම වෙන්වීමක් තුලම නැවත හමුවීමක් තියෙන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යෙන්ම තියනවා ............... යාලු

      Delete
  4. මං නං දන්නෑ ඕං ඕවා... :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. ජීවිත ගමනට එකතුවෙන අය එකතු කරන සතුටට වඩා ඒ අය හැරයද්දි දැනෙන දුක දෙගුණයක් වැඩියි.. ලොව ඇත්තෙ යාම් ඒම්.. ස්වභාවදහමනෙ.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් නන්දු ඒ කතාව 100% ක්ම හරි ලෝක වෙන්වීමක් කියල දෙයක් තියන හින්දයි අපිට හමුවීම් වල සොදුරු මතක ඉතුරු වෙන්නේ ......

      Delete
  6. 'පියේහි විප්පයෝගෝ දුක්ඛෝ' කියන යථාර්තය තේරුම් ගත්තා නම් හිතට දැනෙන දුක බොහෝ සෙයින් අඩුකරගන්න තිබුණා. අපූරු සටහනක් සහෝ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත එත් යථාර්තය හැම තිස්සෙම දුරයි එත් මාත් පුළුවන් තර උස්සහ කරනවා යථාර්තය තේරුම් ගන්න ........

      Delete
  7. අනේ මන්දා...
    හි හි
    ජයවේවා!!!!!

    ReplyDelete
  8. හිමිනොවනාබව දැනුනත්....වෙන්වීමක් නොමැතී............

    ReplyDelete
    Replies
    1. සංසාර පුරුද්දද මේ හමු වීමේ අරුමේ .......

      Delete
  9. ela ela maxxa..................................

    ReplyDelete
  10. මගේ ජිවිතේ නම් හොදම කාලේ කෑම්ප් ට්‍රේනින් ගිය කාලේ.. අනේ මන්දා .. වෙලාවකට හිතෙනවා මුළු ජීවිතේම අමතකම වෙලා ගියානම් හොඳයි කියලා...

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න එපා හිමාවී අක්කේ මතක තම ජීවිතේ ලස්සන කරන්නේ මන් හිතන විදිහට මන් හරිද මන්දා?

      Delete
  11. සංසාර පුරුද්ද මේ .............

    ඔහොම සම්බන්ධකම් එමටයි

    ReplyDelete
  12. සමරු සයුරකී ආදරේ....මම කැමතිම සින්දුවක්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මාත් අසයි සයුරි .......

      Delete
  13. අදමයි ආවේ මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. ඔව් අලුත් යාලුවෙක් අයෙමත් එන්න වසන්තයට ස්තුතියි. කාව්‍යා ලස්සන නමක් ...........

      Delete
  14. හ්ම්....සංසාර පුරුද්දද මේ....

    ReplyDelete
  15. හමුවීමක් වේද යම් තැනක
    වෙන්වීම බැඳී ඇත ඒ සමඟ..
    ඉක්මනින් ගියොතින් නමුත්
    එන්න හැකි වේවි හනිකට...

    වෙන්වීම නැතුව හමුවිමක් ඇති වෙන්නේ නැනේ..හරියට දුක නැතුව සතුට බිහි වෙන්නේ නැ වගේ.. :) ලස්සන ලිපියක්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාවට මාත් එකග වෙනවා ස්තුතියි :D

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......