Saturday, September 1, 2012

ගණිකාවකගේ ප්‍රේමය

සිතල හැගුමන් 
හදවත පිපිදිලා 
නොපිදුනු සිතුවිලි 
හිමිහිට පිපිදිලා 
සයනයේ රැගුමන් 
යලි යලි සිහිවෙලා 
අහිමිද ප්‍රේමය 
කදුලැලි  වියැකිලා ..............
නැති මුත් දෙන්නට 
බබසර සුරකිලා
දුන්නොත් නුබේ පෙම 
රකිනෙමි පති වූත ..................
පෙර කල පවකට 
කෙලසුනි මගේ ගත  
අහිමිද මට පෙම 
නැතිදෝ  හිමි සඳ ..............
දෙන්නම් කම් සැප 
මට හුරු පරිදිම 
ඉන්නම් නුබ ලග 
දාසිය විලසින..............


දහසක් සිතුවිලි 
හදවත තෙරපුනා
නුබ ලග වැතිරුණු 
රාත්‍රිය සිහි වුනා
රාගය අතරින් බැදී පෙම 
සිහිවෙලා 
රහසින් මගේ හිත 
හිමිහිට වැලපුනා....................
දහසක් මල් ගොමු 
සිහිනෙක සගවලා
අහිමිද ප්‍රේමය 
සදාකල් මා හට ...............

30 comments:

  1. ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ....
    කුහුඹුවෙකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ...

    හොඳ තේමාවක් සහෝ..ලැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ....
    කුහුඹුවෙකුට වරදක් නැති
    වැරදිකාර ළඳුනේ...

    හොඳ තේමාවක් සහෝ..

    ReplyDelete
  2. ගණිකාවෝ යහපත් සමාජයක් තුල ප්‍රතික්ෂේපයි.ඒත් එයාලා ඒ තත්වයට පත්වෙන්න හේතුව මොකක්ද? පව්..එයාලගේ ආදරය

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ ඔයාගේ කතාව නම් සහතික ඇත්ත

      Delete
  3. කියවනකොට මතක් වෙනවා ලඟදි දැක්ක පද ටිකක්,
    නම "අම්බපාලි"

    ගවසා මල් ලියකම්
    හැඩ කලද සිරුර,
    සඳකඩපහනකි
    දූවිලි රැඳෙන.

    එලම තමා.. තව ලියමු

    ReplyDelete
    Replies
    1. ලස්සන පද ටිකක් අයෙමත් එන්න මිතුර වසන්තයට ස්තුතියි

      Delete
  4. අපූරුවට ගලපලා..:)

    ReplyDelete
  5. Replies
    1. ඇත්ත නංගෝ සමාජයේ වැරදි තමයි ඔවා

      Delete
  6. හ්ම්ම්ම්ම්ම්....... සම්මතයෙන් ඔබ්බට ගිය කෙනෙකුට නම් පුළුවන් වෙයි මේ ප්‍රේමය පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනු තැනුත් ඇති නේද අපි නොදන්නවා වුනාට

      Delete
  7. අම්මල තාත්තලා....දේපල ඔක්කොම අතෑරල සෙව්වන්දියක් එක්ක අළුහ් ජීවිතයක් පටන් ගත්ත කෙනෙක්ව මම දන්නව....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙම තමයි ඇත්ත ආදරේ

      Delete
  8. හිරු නැති යාමයේ
    සිතුවිලි තෙරපිලා
    කාසි කොලවලට
    හැගුමන් වහල් වෙලා

    ReplyDelete
    Replies
    1. සමහරක් වෙලාවට හැගිමක් නැතිවත් ඇති සල්ලි වෙනුවෙන්ම වෙන්නත් පුලුවන් ... ස්තුතියි අයෙමත් එන්න....

      Delete
  9. ලස්සන නිර්මාණාත්මක අඩවියකට පිවිසුෙණමි.ෙසායුර ඔබට ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි යාලු අයෙමත් එන්න... :D

      Delete
  10. දුප්පත් කම අසරණ කම වුනු ගැහැණු....පවු...
    ලස්සනයි සහෝ....

    ReplyDelete
  11. සමජයේ එක පැතිකඩක් තමා ඉතින්.. අපි නොදන්නවා වුනාට මොනතරම් මෙහෙම කතා තියෙන්වා ඇතිද මේ අහස යට...

    ලස්සනයි සහෝ!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තෙන්ම තියනවා අයෙමත් එන්න ස්තුතියි

      Delete
  12. කවිය හොදටම දැනුනා.......
    කියාගන්න ඕන දේ කියන්න තේරෙන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. එහෙම අහන කොටත් හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා ස්තුතියි

      Delete
  13. නියම කවියක්!! ජය වේවා.... ම් කියන්න වචන නෑ අප්ප ඇත්තමයි

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......