Saturday, September 8, 2012
රාත්‍රී රූමතිය
රාත්‍රී අදුරත් සමග ඇග හිරි වට්ටන සිතල සුලන් රැල්ල සිතට එකතු කලේ චකිතයක් ..... පාරේ ඇතින් ඇතට තිබෙන නියෝන් විදුලි ආලෝකයෙන් රුප මවන සෙවනැලි සමුදාය
සිතට චකිතයක් එකතු කලේ රාත්‍රී අදුරත් සමග අතිනත අරගෙන මෙන්. තරමක් නුපුරුදු බවකින් යුතු පරිසරයක් බැවින් පාර පුරා විහිදී තිබු මං සලකුණු හිතේ සනිටුහන් කර ගත්තේ
රැකියාවට පැමිණි පළමු දිනයෙමයි එත් ඒ සියල්ලක්ම රාත්‍රියත් සමග නවමු මුහුණුවරක් ගෙන ඇති බවක් මට දැනුනා තවත් 5km විතර මේ දින කිහිපයේ නවාතැන් සපයන රන් බණ්ඩාගේ ගෙදරට
ඇති බව මට දැනුනු විට ගත සිත වේලි තිබුණු විඩාව දෙතුන් ගුණයකින් වැඩි වූ බව මට දැනුනා..... ඇතින් ඇසුණු බල්ලෙකුගේ උඩු බිරුම් හඩකින් සිතුවිලි ඔස්සේ අතරමන් වී සිටි
මගේ චින්තය යලිත් ප්‍රකුරැති මත් වූ වා. ඉදිරියෙන් පෙනෙන්නට වූ තුන් මං හන්දිය අසල පවතී ප්‍රේත ගොටුවක් දුර තියාම නේත්‍ර දර්සනයට පෙනී ගියේ ඒ අසලම පැවැති නියෝන් ආලෝකයට.
සිතල සුලන් රැල්ලක් වේගයෙන් ආදී ගියේ ප්‍රේත ගොටුවෙන් නික්මෙන පුළුටු සුවද මගේ නාසය වෙත සමීප කරමින්...... මෙතැන් සිට ඉදිරියට ඇදෙන පාරේ ඇති එකම ආලෝකය
ඇත අහසේ කොනක දිලෙන පුරා හද බව සිහිපත් වූ මට යම් කිසි චකිතයක් ඇති වුවත් එය මැඩ ගන්නට මම සිතුවිලි වෙනත් මගකට යොමු කිරීමේ නිරර්ථක උස්සහයක යෙදී සිටියා .
ඇතින් පෙනුණු කාන්තා රුපය මගේ චකිතය යටපත් කරන්නට සමත් වුවා.. ඇය ඉදිරියට ඇවිදන් ගියේ නරි ලලිත්යේ උච්චතම ස්වරයෙන් බව මට හැගුනා. මගේ පා වැලි තලාවේ සනිටුවහන් වන හඩින් බිදී ගිය ඇගේ ගමන සුන්දර හිනාවකින් මගේ නෙත් සිපගත්තා. " අය්යා මෙහෙ කෙනෙක් නෙමේද ?" අපි අතර තිබු මුනිවත ඒ හඩින් බිදී ගියා සැබවින්ම ඇය රූමත් ඇගේ නිරුවත් කය වසා සිටි
සුදු පැහැයට හුරු ගව්ම ඇයගේ සිරුරට කදිමට ගැලපුනා.. "නැ නංගි මම මෙහෙ වන සංරක්ෂණ එකේ වැඩ කරන්නේ " ...............................................
.................................අපි තව තවත් දොඩමලු වුනා .........................................
...........................................
"මම අර ඇත පෙනෙන වංගුව ගාව තියන ගෙදර ඉන්නේ " ඇය ඇගේ නිවසට යන්න ගියා ... මම රන් බණ්ඩාගේ ගෙදරට එන විට රාත්‍රී 1 ද පසු වී ඇති බව ජංගම දුරකතනයේ සදහන් වී තිබුණා.
දින කිහිපයක් ගෙවී ගියා රාත්‍රී හමුවී රූමතිය මගේ මනස තුල විටින් විට සෙවනැලි මවන්නට වුවා. ඇගේ නිවාස දෙස දින කිහිපයක් වැඩ අරි එන විට විපරම් කලත් එහි දකින්න්නට ලැබුනේ ඇගේ මව යෙයි සැලකිය හැකි වයසක අම්මා කෙනෙක් විතරමයි .. ඇගෙන් විමසන්නට නොහෙකි වූ පැනයක් කිහිපයක් මගේ සිතට විටින් විට වද දුන්නා. ඒ රාත්‍රියේ ඇය කොහේ කොහෙද ගියේ ?ඇගේ රැකියාව මොකක්ද ? මෙලෙස මාසයක් පමණ ගෙවී ගියා මට යලි ගමට යාමට මාරුව ලැබී ඇති බව ලැබුණු ලියුම සමග යලිත් නිවසට යාමට ම සුදානම් වුනත් රාත්‍රී රුමතියගේ මතකය මා සිතට වද දුන්නා...
රන් බණ්ඩා ගෙන් මා සිත් තෙරපුණු පැනය මා විමසුවා..
"මහත්තයටත් ඒ ලමයව හම්බුනාද ? අපේ ගමේ ගොඩක් අයට ඒ ලමයව හම්බෙලා තියනවා ඒ ළමයාගෙන් කාටවත් කරදරයක් නැ .."
" ඒ කෙල්ලේ මැරුණේ මිට අවුරුදු ගානකට කලින් වැඩ ඇරිලා එනකොට පාරේ තිබුණු වහෙනෙකට හැප්පිලා " මගේ ගත සිත දෙකම පුදුමාකාර අසහනයකින් වේලි ගියා .. මගේ සිත් ගත් රාත්‍රී රූමතිය
මිනිස් දුවක් නොවේද ?
Subscribe to:
Post Comments (Atom)
අහිංසක හොල්මනක්....
ReplyDelete:D හ්ම්ම්ම්ම් ..........
Deleteඅනෙ අම්මෝ මෙන්න හොල්මන්
ReplyDeleteකාව්‍යා අක්ක බය වුනාද ? :P
Deleteලස්සන කථාවක් සහෝ!!! :)
ReplyDeleteසත්‍ය සිදුවීමක් ද??
ඔබට ජයෙන් ජය!!! :)
නැ කල්පිතයක් විතරයි ....... ස්තුතියි අයෙමත් එන්න ..............
Deletebudu ammo....... dan hamathanama holmanne appa........
ReplyDeleteඑහෙම තමයි හොල්මන් පේනකොට එක දිගටලු පෙන්නේ .....................ස්තුතියි අරෙලියා නංගෝ .....:D
Deleteආදරේ හිතෙනවා.. කොහොම උනත් හොල්මනක් තේරුම් ගන්න එක මිනිස්සුන්ව තේරුම් ගන්නවට වඩා ලේසියි...
ReplyDeleteහ්ම්ම් ඔව් සමහරක් විට ඒ ගොල්ලෝ ගාව අපි ලග තියන සංකීර්ණත්වය නැ කියල නම් මාත් හිතනවා ............... ස්තුතියි ........:D
Deleteවෙලාවකට අපිමද මන්දා අහිංසක හොල්මන් නපුරු කරගන්නෙ.. :D
ReplyDeleteලස්සනයි සහෝ.
හ්ම්ම් කාලෙකින් ඇවිත් අයෙමත් එන්න ස්තුතියි නන්දු............. :D
Deleteමම හිතුවේ මෝහිනී කියලා. ඔයවගේ කතා ගොඩක් මම අහලා තියනවා..ඇත්ත කියල පිලිගන්නත් බැහැයි කියල අහක දාන්නත් බැරි කතා..
ReplyDeleteඔව් මාත් අහල තියනවා ........... ඒ අහපු දැකපු එවලින් තමයි එහෙම කතාවක් ලියන්නත් හිතුනේ :D
Deleteඅනේ එහෙම ලවුලි හොම්මං අපිට මීට් වෙන්නෑනේ..
ReplyDeleteහම්බෙයි හම්බෙයි ජීවිතේම හොල්මන් කරන්න කෙල්ලෙක් ආයේ අත අරින්න බැරි වෙන්නම............. :P
Deleteපිස්සු හැදෙනවා....
ReplyDeleteපිස්සු තඩ වෙයි තරුවො බලගෙන :D
Deleteනියමයි..මබ ලියු දේවලින් මම ටිකක් වැඩිපුර කැමතියි මේකට..
ReplyDeleteතව මෙහෙම කතා ලියන්න..:)
අපි ගිහින් එන්නම්..
ජය! :)
ස්තුතියි හිමාවි හැමදාමාත් ඇවිත් මාව දිරිමත් කරනවට.......:D
Deleteසිරාම කතාවක්ද?
ReplyDeleteනැ සහො කල්පිතයක් ස්තිතියි අයෙමත් එන්න
Deleteහපොයි..අපිව ඔහොම බය කරන්න එපා අෆ්ෆා...
ReplyDeleteනියමයි හොඳේ..
:D
හ්ම්ම්ම් ස්තුතියි රෙහානි...... හැමදාම හිනා වුනාමත් හිනාවෙ අගයක් නැනෙ.......:D
Deleteඅපි තොප්පි මහන්න පටන් ගත්තොත් එදා ඉඳන් ඉපදෙන්නෙ ඔලුව නැති එවුන් ලු.... ලස්සන නිර්මාණයක්!
ReplyDeleteසිරා සිරා එක නම් ඇත්ත තමයි ස්තුතියි සහො..............
Deleteමම කැමති ජාතියේ පෝස්ට් එකක්.දිගටම ලියන්න.ජය!!!
ReplyDeleteඅලුත් යලුවෙක් අදරෙන් පිලිගන්නවා වසන්තයට........... අයෙමත් එන්න ස්තුතියි
Deleteදෙයියනේ ඇයි එයා මැරුණෙ!! නියමයි... හරි ආසයි මේ කතාවලට
ReplyDeleteජිවිතෙ අරන් අපි ඉපදෙන කොටම මරනයත් දොතින් අරන් එනවනෙ සහො...........
Deleteස්තුතියි මිතුර... අයෙමත් එන්න ආදරෙන් පිලිගන්නවා වසන්තයට............