Friday, April 6, 2012

සමහර වෙලාවට පුංචි කලේ යාලු කම් තියෙන්න පුළුවන් අදටත් මතක තියෙන

පුංචි හීත් වලටත් ආදරේ දැනෙනවා සමහර වෙලාවට පුංචි කලේ යාලු කම් තියෙන්න පුළුවන් අදටත් මතක තියෙන
ඒ යාලු කම් ඒ ආදරේ කාලයත් එක්ක නැතිවෙලා ගිහින් හරියට  උදේ අහසට ආපු හිරු හවසට මුහුද සිප ගන්නවා වගේ
එත් සමහර ඒ සුන්දර කලේ ඒ මතකයන් වලින් අපේ අද දවසට අඩිතාලම වැටුනා කියලා තේරුම් ගන්නකොට ඇත ආකාසේ තියෙන ලංවෙන්න බැරි
තරුවක් වගේ කලට අපෙන් ඇතටම ගිහින් අයේ යන්න බැරි විදිහටම ..
ඒ වගේ පොඩි කලේ මතකයක් වෙනුවෙන් මගේ හිතේ ඇදුනු සංකල්පනාවක් මන් පුංචි වචන කිහිපයකින් ඔයාලට කියන හිතුවා............
(ඒ කව්ද කියලනම් මගෙන් අහන එපා ;පි )








සෙනහසින් සිප ගත්තු
ආදරෙන් ලග උන්නු
කෙලි දොලෙන්   දුව පැනපු
මොහොතකට තරහා වී
යලිත් අත් වැල් පැටලුනු ...........
සමනලුන් පස්සේ
බෝනික්කන් අස්සේ
ලෝකය මත්තේ
සිතුවීලි ඔස්සේ
පිය මැන්න ඒ කලේ ...........
සුන්දරද
අහිංසකද
උදේ පිපුණු
මානෙල් මලක් වගේ .........
එත් ............
අපිට අපි උරුම
පොඩි කලේ විතරක්ද ...........

5 comments:

  1. කාලෙකින් මතක් කරන්න බැරි වෙච්ච මතකයන් ගොඩකින් හිත පිරිලා ගියා මේක කියවලා ඉවර උන ගමන්!

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ ජීවිතේටත් ගොඩක් සමීපයි thnz මචෝ cment එකට

      Delete
  2. (ඒ කව්ද කියලනම් මගෙන් අහන එපා ;පි ) අනේ කියහන්කෝ බං .... :)

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......