Sunday, April 22, 2012

වෙන් වීමක මතකය ..........


රාධිකා මන් දිහා විනාඩි දහයක් විතර බලාගෙන හිටියා මං එයාගේ ඇස් දිහා බලන එකෙන් වැළකෙන්නට  උත්සහ කලා
මොන හේතුවකට මන්දා එයාගේ ඇස් දිහා බලන හෙම තත්පරෙකම මට හිතුනේ ඒවා අයිති මට කියලා.

'අපිට තාමත් යාලුවෝ හැටියට  ඉන්න පුළුවන්නේ  රාධිකා කට හඩ අවධි කලා. ' 'මං හිතන් නැ අපිට ඕන තරම් යාලුවෝ ඉන්නවනේ '
මං පිළිතුරු බැන්දා
'ඕක තමයි මං ඔයාට කැමති නැත්තේ  ඔයා කතා කරන විදිහ ..........' රාධිකා සැරෙන් කිව්වා..
'මං හිතුවේ අද අපි අපේ වැරදි  ගැන කතා කරන්නේ නැ කියලා අද අපි මෙතෙන්ට අවේ වෙන් වෙන්නනේ  එහෙම නැතුව යාලුවෝ වෙන හැටිවත්
මගේ හෙසිරීම් විස්ලේෂණය කරන්නත් නෙමේනේ '

පීසා ගේනකන් එයා සද්ද නැතුව හිටියා ...............

'ඔයාට අමතක වෙන්න ඇති අපි එකට වැඩ  කරන බව ඒ නිසා මේක ටිකක් සංකීර්ණ වෙනවා' රාධිකා මිමිනුවා.. 


"ඒ කියන්නේ" මගේ හඩ
 "අපි දෙන්නට දෙන්නා එක්කෙනාට එක්කෙනා පෙන්නන්න බැරි  වුනොත් එකට වැඩ කරන්න අමාරු වෙනවා ........අපිට විතරක් නෙමෙයි අනික් අයටත්"  රාධිකා කිව්වා
"එතින් මං දැන්  මොකක්ද කරන්න ඕන"
මං කකා හිටපු පීසා එක තල්ලු කරා තව දුරටත්  කන්න ආසාවක් නැ. මට හිතුනා පීසා එක අරන් හෝල් එක කෙලවරට
පියාබන පිරිසියක් වගේ පා කරලා අරින්න...




 

"මං දැන් නැ මොනවා කරන්නද කියලා " එයාගේ කට හඩේ තිබුනේ බිඳුණු ගතියක්
එයා එයාගේ බැග් එක අරන් නැගිට්ටා එකෙන් රැපියල් 100 අරන් මෙසේ උඩට දැම්මා එක එයාගේ පීසා එකේ ගාස්තුව..

" හා එයා ගිය මං තමයි නරකම මිනිහා" මං මටම කියා ගත්තත් එයට එක ඇහුනා
(ඇත්තටම මං එක කිව්වේ එයට ඇහෙන්නම තමයි )

"ඔයාම කියනවනේ ඔයා කිසි දෙකට දක්ෂ නැ කියලා ඒ බොරු ඔයා එක දෙකට හරිම දක්ෂයි "
"මොනාටද?" මං ඇහුවේ අන්තිමේ මොහෙතෙවත් එයා මං ගැන හොදක් කියන්න යනවා කියලා හිතාගෙන..
'ඔයා හරි දක්ෂයි මිනිස්සුන්ගේ හීත් රිදවන්න එක දිගටම තියා ගන්න' ඒ එක්කම මගේ හිටපු පෙම්වතිය 
මට පිටු පලා යන්න ගියා...............


(නැවත  හමුවීම නමින් තවත් කොටසක් බලාපොරොත්තු වෙන්න )

7 comments:

  1. මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලෝකෙත් මේ වගේ දේවල් සිද්ද වෙනවා ...

      Delete
  2. sira reality gathiyak thiyanava. navakatha vage bolada ne

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝදරයා .........

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......