Saturday, May 12, 2012

මිහි බට අපි කව්ද ?


දීර්ග පරිණාමික ක්‍රියා වලියක අවසාන පුරුක ලෙස බිහි වූ හෝමෝ sapiens
නම් වූ අපුර්ව සත්වයා මිහි මත පා තබා තවම වසර 50,000 කි . මිනිසා බිහි වීමට
ප්‍රථම සිට ලොව බිහි වූ බැක්ටීරීයා , වෛරස මිනිසා බිහි වන තුරු බලා සිටියේ ඔහුට
වින කිරීමට දෝ සිතෙයි .... නමුත් මිහි මත අනසක පැතිරවීමට උදව් දීමට ඔවුන්ගෙන් කොටසකට
සිදු වීම හරහා ඒ ඔස්සේ සිතීමට බොහෝ දේ ඉතිරි කරයි ...



ස්වසන වායුව හෙවත් O 2 (ඔක්සිජන්) ආදී පෘතුවිය නම් වූ අග්නි ජාලාව තුල ස්ථාපනය
කරනු වස් නිර්වායු බැක්ටීරියාවන් හට සිදු වුයේ .... අනාගතයේ ප්රුතුවී තලය තුල බිහි වීමට
පෙරුම් පුරමින් සිටි සත්වයන් වෙනුවෙන් දොයි ප්රුතුවී මතක පොත පෙරලන කල
මට සිතුනි ...............
  මහා මුහුදෙන් ගොඩ බිමට බට අපේ මුතුන් මිත්තන් පරම්පරීක අපේ අතීතය සිහි ගන්වන
රහස් DNA  දාමයන් තුල සගවා තබා ඇත ...... තවමත් අපි  මව් කුස තුල වතුරෙන් පිරී ගිය මල්ලක්
(Water bag ) තුල සිටීම අපේ අමතක වූ මුහුදු ජිවීතය ගැන සගවා පවසයි ....

අතීතය  වර්තමානය හා අනාගතය ඔස්සේ රහස් රැගෙන  යන  DNA  දාමය නොතිබෙන්නට අපි මිහි මත කව්ද?
යන වග සදාකාලික රහසක් වනු ඇත ...........



හෝමෝ සේපිඅන්ස් නම් වූ අපි අද මිහී  මත කිරුළු පැලදුවත් අපි තවම ප්රුතුවී මාතාවගේ ලාබාලතම දරුවන් වෙමු
එය එසේ නම් මිහී මත ජිවත් වන අනිකුත් සියලුම සත්වයන් පරීනමිකව අපේ වැඩිමලුන් යන  තිත්ත වූ ඇත්ත
සහ ඔවුන්ට අපිට වැඩ උරුමයක් මිහී මත ඇති බවත් ........ අපි ඔවුන්ගේ අයිතිය උදුරා  ඇති  බවත් පිලි ගැනීමට
සිදු වේ ..........


අද වෙන වීට DNA  දාමයන් වෙනස් කරමින් නව ජීවී ප්‍රබේද බිහී කිරීමට අපි දරන උත්සාහය දීර්ග පරීනාමික
ක්‍රියා වලිය කඩිනම් කිරීමකි එය ස්බාව දර්මයට එපිටින් යාමකි .......

මේ සියල්ල කැටි කොට ගත් වීට අපිට මේ මිහි මත හිමී තැන  ගැන සිතන්නට බොහෝ  දේ තිබේ
සමහර විට අපිට  පෙර මිහී මත කිරුළු පැළදු ඩයිනොසරයන්ට
අත් වූ ඉරණම අපිටද අත් විය හැකිය ......
එසේ නොවුනේ නම් අපි වෙනත් ලෝකයක අලුත් ජිවයාක් පටන් ගෙන තම වර්ගයා විශ්වය පුර බෝ කරනු ඇත
අනාගතය කොයි බටද යන්න තවම නොසිදුනු රහසකි ........ සමහරක් විට අපේ වඳ වීම න්‍යෂ්ටික අවී හරහා
අපි විසින් සිදු කර ගනු ඇත ........
සිතන්නට බොහෝ දේ ඇත නිදහස්ව සිතන්න .....................................................................................................................................



ස්බාව ධර්මයේ  රහස් ඔබ වෙත  ගෙන ඒමේ පළමු වෙඩි  මුරය මෙලෙස සනිටුහන් කරමි .....
ඔබේ අදහසක් සටහන් කර යනවනම් එය ගොඩක් වටී...........
පුලුවනම් මගේ විකාර සිතුවීලි පස්සෙනුත් පන්නන්න  ස්තුතියි ...................

16 comments:

  1. වැදගත් ලිපියක් මල්ලී...
    තවත් මේ වගේ ලිපි ලියන්න.
    :)
    මිනිසාගේ අවසානය නම් මිනිසා විසින්ම කරගන්නවා කියල නම් හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් නෙත්පානි අක්කේ මාත් එහෙම හිතනවා ........ :D

      Delete
  2. ඔව්... වැදගත් ලිපියක් ඔන්න අපිත් කන් යොමාගෙන ඉන්නවා ඔය රහස් අහන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් මේක රහස් ගුහාවක් මන් ටික ටික කියන්නම්කො......................

      Delete
  3. වැදගත් ලිපියක්...

    ස්වභාව ධර්මය තම ආදිපත්‍යයට ගැනීම මේ වනවිටත් මිනිසා ඕනවටත් වඩා කරල තියනවා... ඒ ක්‍රියාකාරකම් වලට දඩුවම් දැනටමත් විඳිමිනුයි ඉන්නේ..

    මම ලිපි කිහිපයක්ම දැක්ක DNA මගින් නව ජීවීන් නිර්මාණය වගේම වඳවී ගිය ජීවීන් ප්‍රතිනිර්මාණයට පිබුරුපත් සකසන බව...

    මේවා කොහෙන් කෙළවර උනත් අවසාන ප්‍රථිපලය සුභවාදී වෙන එකක් නෑ...

    ඒවා මිනිස්සුන්ට අයිති දේවල් නොවෙ කියලයි මගේනම්පෞද්ගලික මතය

    ReplyDelete
    Replies
    1. මාත් හිතන්නේ එහෙමමයි අපි අනවශ්‍ය විදිහට DNA තාක්ෂනය පාවිච්චි කරනවා එකෙන් ලැබෙන ප්‍රති පල ගොඩක් නරක වේවි ........

      Delete
  4. අනේමන්ද අප්ප....මටනම් මොකුත් හිතාගන්න බෑ....

    ReplyDelete
    Replies
    1. ටිකක් හිතන්නකෝ නංගෝ ........ :D

      Delete
  5. හ්ම්ම්ම්ම්..... වෙලාවකට හිතෙනවා පිස්සු ද කියල.. එත් මේක තමයි ඇත්ත.. වැදගත් ලිපියක් සහෝදරයා, නියමයි......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ ..............

      Delete
  6. ඉදිරි ලිපි එනතුරු බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනින් ඉතිරියත් ලියන්නම් .............
      ඔයා අලුත් යාලුවෙක් ආදරෙන් පිලිගන්නවා වසන්තයට ස්තුතියි මේ පැත්තට ගොඩ වුනාට ..........

      Delete
  7. අවිගත්තෝ අවියෙන්ම නසිති. වැදගත් ලිපි පෙළක ආරම්භය. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ කෝමෙන්ටුවක් තමයි මට ලියන්න ශක්තිය දෙන්නේ ................ ස්තුතියි

      Delete
  8. බ්ලොග් ඒක අලුත් පාට වෙලා නේද..?ලස්සනයි මල්ලියෝ..:)
    ඔය ස්‌භාව ධර්මයට එපිටින් යමින් DNA දාමය වෙනස් කරලා නව ප්‍රවේනික ප්‍රබේදන ඇති කරන එකේ වාසි වගේම අවාසිත් හුගක් තියනවා..ඇත්තටම ඔය කියනවා වගේ දයිනොසොර්ට උන දේ මිනිසාටත් වෙන්න ඉඩ තියේවි අනාගතයේදීම..මම ආසම පැත්තක් මේ ඉක්මනටම ඉතුරු කොටසම ලියමු හොදේ..දිගටම කියවන්න එනෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් අපිට හරියටම අනාගතය ගැන කියන්න බැ... එත් මාත් එහෙම හිතනවා හිරු අක්කේ ...............

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......