Friday, May 18, 2012

පිනි බින්දු ...........

පිනි බින්දු
වැටිලා
හිරුට හොරෙන්
රැ
පුරාවටම ............  



සඳ එලිය

තරු එක්ක හිනා වුනාලු
රැ පුරාම 
පිනි බින්දු
දැක්කලු ..........

අරලිය ගහේ

මල් පිපිලා
ඒ සඳ
සිසිලට
නෙමේ
උදේ වැටුණු
ඉර
එලියට ................


පිනි  බින්දු හැංගිලා

සඳ
ගිය  හින්දා......

එත් ඉරට

බය හින්දා කියලා
වෙල් යයේ
තිබුණු
උදුපියලිය
පඳුර
මිමුණුවා
මඳ
නලට
ඇහුනලු.......

බෝවිටිය පඳුර

තාලෙට
නටනවා

මිදුම
හැංගුණු සතුටටලු ...........

කඩුපුල් මල්

අඩනවා
කළුවර නැති හින්දා ........
අරලිය මල් පිරිලා
හිනාවෙනවා
අලුත් ඉර එලියට .....

හැමෝටම

එකට හිනා වෙන් බැ
කියපු
නිදි දෙව් දුව
නින්දට වැටුන
අයෙත් රැට
හා
පැන්චා
නිදිකරවන්න .............
















13 comments:

  1. හැමදේම එකට සම්බන්ද කරලා...
    ගොඩක්ම ලස්සනයි මල්ලී.
    :)

    ReplyDelete
  2. ඇත්තටම ලස්සනයි අයියෝ......ලස්සන ගැපීමක්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් අග්නි නන්ගටත් ටැංකුයු වේවා :P

      Delete
  3. අගෙයි අගෙයි හරිම අගෙයි

    ReplyDelete
    Replies
    1. අලුත් යාලුවෙක් ස්තුතියි වසන්තයට ගොඩ වැදුනට ............

      Delete
  4. කෙනෙක් සතුටු වෙද්දි ඒ නිසාම තවත් කෙනෙක් දුකින්... හ්ම්ම්... අපූරු අදහසක්.

    ReplyDelete
  5. ම්ම්ම්ම්ම්.....ලස්සන අදහසක්....

    ReplyDelete
  6. හැමෝටම එකට හිනාවෙන්න බෑ .. හැමෝටම හැමදාමත් හිනාවෙන්නත් බෑ..
    නියමයි මචං

    ReplyDelete
  7. ඔව් සහෝ එක ඇත්ත ඒක තමයි අපි දකින්න අකමැති යථාර්තය ..

    ReplyDelete
  8. හරි ලස්සනයි මල්ලියෝ...ඔයාට හොද හැකියාවක් තියනවනේ..දිගටම ලියමු..:)

    ReplyDelete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......