Monday, May 21, 2012

කසුවා දුවපන් ......................

A/L  කරන කලේ සිද්ද වුන පොඩි සිද්දියක් තමයි අද මං කියන්න යන්නේ
මේක ඇත්තම  ඇත්ත කතාවක් වගේම සිද්දි වුනු තැන් එහමත් නම් ගම සියල්ලම වෙනස් නොකර තමයි මං මේ කතාව කියන්නේ .

මං A /L කරනකොට හිටියේ මීගමුවේ අදුනන ආපේ නැන්දාකෙනෙක්ගේ ගෙදරක නැවතිලා ඉතින් ඒ
දවස් වල සෙනසුරාදා ඉරිදටවත් ගෙදර ගියේ නැ... සෙනසුරාදා පුස්සැල්ල සර්ගේ  පන්ති ගියා ගම්පහ
ගම්පහ යන්නත් පැය 2 ක් විතර යනවා පාන්දර නැගිටලා 5 ට බස් එකට නගිනවා.. යාලුවෝ සෙට් එකකුත් උන්නා
මටම ගැලපෙන කොහොමහරි මේ සිද්දිය වුනු දවසේ යාලුවෝ සෙට් එකම අවේ නැ .
අන්තිමට මායි තව මගේ කසුන් කියල යාළුවෙකුයි විතරයි. කොහොම හරි පන්ති ගියේ .
එකෙන් මේකෙන් කොහොම හරි  දෙන්නත් එක්ක උදේට කළා  එහෙම පන්තියට සෙට් වුනා..
අපි හැමදාම පන්තියේ අන්තිම හරියට තමයි සෙට් වෙන්නේ... කොහොම හරි එදත් දෙන්නත් එක්ක සෙට් වුනා .. 


ඒ පන්ති ගියේ මාසෙකට පස්සෙද කොහෙද ගෙදර වැඩ කරලත් නැ .... පට්ට කම්මැලියි ...
 හැමදාම පන්ති කට් කරලා එක එක විකාර කරනවා යාලුවෝ  සේට් එකත් එක්ක ඒ ගැන පස්සේ කියන්නම්කො.
පුස්සැල්ල සර් ගේ නීති ටිකක් තදයි  කතා කරන්න බැ නිදාගන්න බැ දැක්කොත් ඉස්සරහට අරගෙන මල මගුලයි
ඉස්සෙල්ලම  බලන්නේ ගෙදර වැඩ එක කරලා තිබුනොත් නම් ටිකක් ශේප් වෙනවා නැත්නම් පට්ටම චාටර් කරනවා.
ඒ දවස් වල අපි ගියේ hall  class  එකකට ළමයි 2500 ක් විතර ඉන්නවා. කොහොමද සැප stage  එකට අරන්
චාටර්  කරනකොට ආයේ ඉතින් ගැනු ළමයෙක්ගේ මුණ වත් බලන් බැ එහෙම වුනොත්.  එදා උගන්වන ඒවා
තේරුනෙත් නැති හින්දා දෙන්නත් එක්කම කියෝ කියෝ තමයි උන්නේ.. කොහොමහරි  අපි 2 න්නවා දැක්කා සර්..

කසුනා ඇදගෙන හිටපු සර්ට් එකේ පට කියල සර් මෙහෙම කිව්වා. "රතු පාට ඇදගෙන ඉන්න එකයි එට එහා පැත්තේ ඉන්න
එකටයි මොකක්ද තියන පරශ්නේ දෙන්නත් එක්කම ඉන්ටවල් එකෙන් පස්සේ එස්සරහට ඇවිත් වාඩිවෙනවා."
කව්රුවත් දැන් නැ ඒ අපි 2 න්නට කිව්වේ කියලා මොකද එක පාට ඇදපු ගොඩක් ය ඉන්නවනේ..
ඉස්සරහ ගිගින් වාඩි  වෙන්නත් බැ බැරි  වෙලාවත් මතක තිබිලා පොත් බැලුවොත් මල කෙලියයි. එදා උදේ දීපු නොට්
එක ලිව්වෙත් නැ. එකෙන් මේකෙන් ඉන්ටවල් එකත් දුන්න දැන්  දෙන්නම රත් වෙලා . ඉන්ටවල් එකේදී  class 
එකෙන් පනිනත් බැ, බැග් අරන් එලියට යන අයව බලන්න සෙට් එකක් දාල තියනවා එහෙම උන්ව ඉස්සරහට
අරන් අම්මලට කතා කරලා පට්ටම චාටර් කරනවා. එහෙම යනවනම් සර්ට කියලා යන් ඕනා. දැන් කරන්නම දෙයක් නැ .


 මේ උඩ රූපේ ඉන්නේ කසුවයි මායි









ඉන්නත් බැ  class  එකේ අන්තිමට අපි අ තිරනෙකට  ආවා. .......................................
දැන් තමයි කතාවේ හොදම හරිය .........................
ම්ම්ම්ම්



කෙලින්ම බැග් අරගෙන ගියෝත්නේ මට්ටු වෙන්නේ අපි බැග් එක ශේප් එකේ පන්තියේ කෙලවරින් තියලා
එළියෙන් ඇවිත් ගන්න බලාගෙන ශේප් එකේ එලියට ආවා මුකුත් දන් නැ වගේ මං බැග් එකක් කිව්වට පොත් දාන් අවේ
file  එකක (clear bag ) කසුනා නම් බැග් එකක් අරන් ආවා " කසුවා උබ ශේප් එකේ බැග් 2ක ගනින් මං ටැප් එක ගාවට ගිහින් එන්නම්"
මං ටැප් එක ගාවට ගියා කසුවා හිමිට බැග් එක ගන්න එහා  පැත්තට ගියා. මාත් වතුර බිල මුනත් හොදන් ඒ පැත්තට ආවා
එතකොට කසුවා වැඩේ   කරලා මගේ පොත් ටික උගේ අතේ බැග් එක කරේ මං පොත් ටික ගත්තා. මෙන්න එතකොටම
පුස්සෙල්ල සර් ගේ driver  ඇවිත් කසුවගේ අතින් අල්ලා ගත්තා වැඩේ  මාට්ටු.  "තොපි පනින්න නේද හැදුවේ වරෙල්ල යන්න සර් ගාවට"
කියල මු කසුවගේ අතින් අදිනවා.. දන් මට අනගාතේ මැවීල පේනවා, ඉස්සරහට අරන් අපි දෙන්නව හම ගහන හැටි සර් ..
පපුව ඩක් ඩක් ගානවා එළියටත් ඇහුනද මන්දා....... දැන් කසුවට කදුළු පැනලා කසුවා කියනවා අනේ අය්යේ එහෙම කරන්න එපා
අපි අපි අපි මේ කියා කියා ගොත ගහනවා... මු අහන්නෙම නැ අතින් අදිනවා කසුවගේ... එළියේ හිටපු සෙට් එකකුත් වට වෙලා
දෙන අපි දිහා බලාගෙන... "කසුවා දුවපන් " කියපු මම හිටපු දෙතුන් දෙනෙක්   විතර හප්පන් දිව්වා කසුවත් අත ගහල දාල
driver  වත් තල්ලු කරන දුවගෙන ආවා පොරට හිත ගන්නවත් බැරුව ඇති මොකද වුනේ කියලා..
පස්සවත් බැලුවේ නැ 1km  විතර ම දුවගෙන ආවා ගම්පහ town  එකටම.....
කොහොමහරි එදා ඒදන් තව මාසයක් විතර අපි පන්ති ගියේ නැ අහු වෙයි කියලා ......

ඒ කලේ නම් වුනු වැඩ අන්නත්තයි ...........





(මේ ඉන්නේ මගේ යාලුවෝ ටික.......
)

සමනල රෑනක් සේ ඉගිලී  අකුරට ගියා පාසල් කලේ

අයෙත් එනවනම් අපේ දිවියට අසයි ඒ ලස්සන කාලේ........................


පුලුවන්නම් කොමෙන්ටුවකුත් දාල යන්න හොදේ ...

පස්සෙන් පන්නන්න පුළුවන් ඇයො පන්නන්න මට  එක මට තවත් ලියන්න ශක්තියක් .............


 


22 comments:

  1. හික් හික්...හපෝ මේ ළමයි කරන වැඩ අප්පා...අපෝ පුස්සැල්ල සර්ගේ ක්ලාස් මාත් මාස දෙකක් විතර ගියා.හපෝ මට ගෙදර ඇවිත් ඔය ෆිසික්ස් විතරක් කරන්න බැරි නිසා ගෙදර නැවතුනා..:) මේ ළමයිනුත් අවාරෙට අබ හැදෙනවා වගෙනේ පන්ති ගිහින් තියෙන්නේ..ඇති යන්තම් ළමයි 2500 ක් විතර ඉන්න තැන නොන්ඩි නොවී එන්න පුළුවන් උන එක.:)
    ඒ කාලේ කොච්චර සුන්දරද නේද? ආපහු කවද එන්නද ඒ කාලේ..:(

    ReplyDelete
    Replies
    1. ඔව් පස්සේ තමයි කල්පනා වුනේ දුවපු එක කොච්චර හොදද කියලා වෙලවට දිව්වේ ......

      Delete
  2. දුක හිතෙන
    ආදරේ දැනෙන
    තනි ඇහැට ඇඩෙන
    පාසල් කලේ තාම මතක් වෙනවා......... එල මල්ලි එල

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ ඒ කලේ මතක විතරයි දැන් ඉතුරු අන්තිමට ..........

      Delete
  3. හිකිස්...මතක් වෙනවා ඒ කාලෙ කල පිස්සු වැඩ...

    ReplyDelete
    Replies
    1. ඔව් තාමත් මතක් කරලා හිනා වෙනවා යාලුවෝ සෙට් වුනාම

      Delete
  4. අනී අනී මෙයාලනම්.....:)

    ReplyDelete
    Replies
    1. අයි නංගෝ අපි හොදයිනේ අහු වුන් නැනේ .......

      Delete
  5. පට්ට වැඩර්ලා දෙන්නෙක් නේ :D

    ReplyDelete
    Replies
    1. අලුත් යාලුවෙක් ස්තුතියි වසන්තයට එකතු වුනාට

      Delete
  6. පට්ට මචන් මාත් පුස්සගේ ගියේ මාසයය් ..... මොනවා උනත් මට කියන්න තියෙන්නේ ... උඹල එදා දුවපු එක ඉතා හොඳය් කියල ..

    ReplyDelete
    Replies
    1. ඔව් වෙලාවට දිව්වේ නැත්නම් රෙදි ගැලවෙනවා අපි 2 න්නගේ ......

      Delete
  7. ලොල්ස් උබලත් මාර වැඩ තමා කරන්නේ.මගේ යාලුවෙකුත් හිටියා ගෙදරින් යනවා පන්ති යනවා කියලා ඒත් මූ යන පන්තියක් නැහැ පීස්‌ ගෙවන්න දෙන සල්ලි තවත් දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා පිස්සුම කෙලියා.

    ReplyDelete
    Replies
    1. ඒ කලේ නම් මරයි මචෝ යේ යන්න තියනවනම් ...........

      Delete
  8. //මටම ගැලපෙන කොහොමහරි මේ සිද්දිය වුනු දවසේ යාලුවෝ සෙට් එකම අවේ නැ .

    ඔය යාළුවෝ ටික ආවනම් ඔහොම අහුවෙන්නේ නෑ මල්ලී... අනිත් දවසේ මතක තියාගන්න යාළුවෝ නැතිව පන්තිවලට නොයා ඉන්න. අනික මාසේකට එක දවසක් විතර පන්ති යනවනම් එදා විතරක් නොගියා කියලා පාඩුවක් වෙන්නේ නෑනේ...
    :D

    ReplyDelete
    Replies
    1. අපි සෙට් එක තව පන්තියකට ගිය මේකට ගියේ ටිකක් ජොලි කරන්නමයි :P ආයේ ඉතින් යාලුවෝ ඇතුව හෝ නැතුව කවද පන්ති යන්නද අක්කි ........

      Delete
  9. හ්ම්ම් හරිම සුන්දර මතක...:)

    ReplyDelete
    Replies
    1. ඔව් ගොඩක් සුන්දරයි ස්තුතියි වසන්තයට ගොඩ වැදුනට .......

      Delete
  10. ඒ කාලේ ඉතින් මාර ආතල් තමයි. උඹල නොදිව්වා නම් පට්ට චාටරයක් කන්න වෙනවා!

    ReplyDelete
    Replies
    1. අනිවා දුවලා තමයි යන්තම් ජාමෙ බේරා ගත්තෙ දැන් නම් මතක් වෙනකොටත් හිනා...

      Delete
    2. harima chandiyekne aahhhhhhhhhhh!!!

      Delete
    3. ඔව් ඔව් ඇයි නුවනියො ඒක ඔයා අදද දන්නෙ ? :P

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......