Saturday, May 26, 2012

අරගලය

 අපි අරගල කලේ දිනන්නට නෙමේ  නිදාගෙන හිටපු මිනිස්සුන්ව අවධි කරලා, සත්‍යයේ
සඳ රැස් කිරණින් ලෝකය නාවන්නට..  අපිට රැක ගන්න දේකුත් ඉතුරු වෙලා තිබුන් නැ
දිනන්නට දෙයක් තිබුනෙත් නැ .. හිස් වෙලා තිබුණු ජීවිත වලට තිබුනේ අරගලයේ බලාපොරොත්තුව
විතරමයි... එකත් හරියට ක්සිතිජය වගේ ලං වෙන්න ලං  වෙන්න ඇත් වෙනවා . එත් අපි අරගලය අත අරින්න සුදානම් නැ.
අපිට තිබුනේ පාරවල් 2කයි එක්කෝ පරාජයේ නින්දාවත් එක්ක මරණය වැලද ගන් ඕනා නැත්නම් ක්සිතිජය
හමා යන ඕනා  අපි ක්සිතිජය හමා ගියා.............







 අපි ආදරේ කලේ රුධිරයට විතරයි.. අපිට ආදරේ කියන හැගීමට සංවේදී වෙන්න වෙලාවක් තිබුන් නැ
තිබුනේ අරගලය ඉදිරියට අරන් යෑමේ නොසිදෙන පිපාසයක් විතරයි . අපි පනටත් වඩා ආදරේ
කරපු රුධිරයත් එක්ක සෙල්ලම් කරපු කළු යක්ෂයා අපේ රුධිරය එක්ක සෙල්ලම් කලා.
උන් අපේ රුධිරයෙන් ජය පැන් බිව්වා එත් අපි අරගලය අත ඇරියේ නැ ....
සහෝදරත්වයේ නාමයෙන් අපි බැදිලා හිටියේ එක දම් වැලේ පුරුක් වගේ එත් .......................
ජීවිතය සිගමන් යැද්ද එක කාලකන්නියෙක් අපේ ජීවිත උගස් කරලා කියලා දැන ගන්නකොට
උන් අපිව වට කරලා. දම් වැලේ පුරුක් එක දෙන්න බිම වැටෙනකොටත් අපි සටන් කලා.
අකලට මල් පිපුණු  මහා පොලව රතු පාට වෙලා තිබුනා කියලා මන් දැක්කේ එදා තිබුණු මුසල
නියෝන් ආලෝකයෙන් යාන්තමට වගේ.......................
...................................................................................................................................................
කළු පාට බූට් සපත්තු වල පාර පපුව පුරා රිදුම් දුන්නා. ජීප් එක පුරා ගලා ගියා රුධිරය මරණය
තෝරා ගනිං කිව්වට අන්තිම හුස්ම වා තලයට මුසු වෙනකන් අරගලය අත අරින්න එපා කියලා
හර්ද ශාක්ෂිය කැ ගහනවා මට මතක එච්චරයි .........................................






සිහිය එනකොට මං හිටියේ අඩි 2 යි 3 නේ කාමරේක තිබුණු පෝර උරේක. මං දගලන සද්දෙට ආපු
කළු යක්ෂයන් අතේ තිබුණු නියපොතු උගුල්ලනකොට ඇහැට වැටෙන්න  කදුළු තිබුන් නැ
දිග ශාලාවක කෙලවර උන් ජය පැන් බොනවා. උන්ගේ දෙපා මුල වැටිලා හිටියේ අරගලයට පන පොවපු
සහෝදරියක් කියලා මං දැන ගත්තේ අගේ නිතබ ලග තිබුණු අරගලයේ සංකේතයෙන්.................
නැ මට වැරදුනා ඇ දෙපා මුල වැටිලා හිටියේ නැ ඇයට නිරක්තය හැදිලා ගලා ගියා රුධිරයෙන් ....








ජය පැන් බීපු කළු යක්ෂයන් ඇගේ නිරුවත් සිරුර දිහා බලාගෙන හිටියේ නොසිදෙන ආසාවකින්.
ඇය උන් දිහා බැලුවා එක අසරණ බැල්මක්  නෙමේ , අරගලය පටන් ගන්නකොට තිබුණු එඩිතර බැල්මමයි
ඔව් එක මං දැක්කා...........
කළු යක්ෂයෝ ටික ඇගේ මාන්ශයත් එක්ක සෙල්ලම් කරන්න යන්නේ මං සිතුවිලි වචන කරන්න හැදුවත්
ඒ  වැයම නිශ්චල වුනේ කතා කරන්න වත් ශක්තියක් මං ගාව තිබුන් නැති හින්දා ... කළු යක්ෂයන් අතේ තිබුණු
ගිනි බටය උදුරා ගත් සහෝදරි ඇගේ ලය පසාරු වෙන්නට තබා ගත් වෙඩි පහරින් මිය ගියා..
වෙලුනු ඇස් වලින් කදුළු ගලා ගියේ ඇයි කියලා තේරුම් ගන්න මං උස්සහ කලේ නැ. 
පරිසුද්ද බාවය රැක ගන්නට දිවී දුන් ඇයගේ අවසන් ගමන  ටයර් සැයක මහා පාරේ සිද්ද වෙන බව මං
දැනන් හිටියා..   අපි හෙලපු  රුධිරයෙන් අලුත් ඉතිහාස කතාවක් ලිය වේවි.. අරගලය ඉදිරයටම ගෙන යාවී
ඔව් දිනනතුරුම....  ගලා යන රුධිරයෙන් මගේ අවසන් සුසුමත් වා තලයට මුසු වෙන්න අසන්න බව මට දෙනුනා.................




 (ප . ලි දේසපාලන කතාවක් නොවන බව සලකන්න )







16 comments:

  1. ඔය අරගලය හැමදාම සිද්ද වේවි ....ඒත් දිනුමක් නෑ ...හැමදාම අරගලය වෙනුවෙන් එඩිතරයන් දිවි පුදනවා දුර්වලයන් පාලනය අතට අරන් අයෙම අරගලයකට මුල පාදනවා හැමදාම එකම දේ ...මොකද අතීතය උනරාවර්ථනය වෙනවා...........

    ReplyDelete
    Replies
    1. අපිට නොපෙනුනාට එදා දිවී පුදපු අය හදල දුන්නු ලස්සන ලෝකේ තමයි අපි ජීවත් වෙන්න. ඒ වගේම එදා ඇති වුන වගේම හෙටත් අරගල ඇති වේවි යුක්තිය වෙනුවෙන් .

      Delete
  2. අරගලය නම් ඉතින් හැමදාම සිද්ද වෙයි ඒත් ඒක නවත්තන්න තමයි අපි බලන්න ඕනේ.. එඩිතරයන් දිවි පිදුවට ඒවා ගැන කතා කරන්නේ බොහොම ටික දෙනයි.. දන්නෝ දනිති..

    ReplyDelete
    Replies
    1. නැ සහෝ ඒ කතාවට මට එකග වෙන් බැ සමහර දේවල් තියනවා අරගල කරලා ලබා ගන් ඕනා අපිට නිදහස හම්බුනෙත් අරගලයකින් ඒ වගේ .

      Delete
  3. විශිශ්ටයි.....!!!!
    කතාව ලියලා තියෙන ආකාරය අති විශිශ්ටයි.....!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ මාව ධයිර්යමත් කරනවට ..........

      Delete
  4. නියමයි.... නියමා...........යි!!!!

    සුභ වේවා!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා රජා ව මේ අඩවියට ......

      Delete
  5. Replies
    1. ස්තුතියි නංගියා......................

      Delete
  6. සුපිරි කතාවක් මචන් හිතට වදිනවා තිතටම. වචන වල මාර ගැම්මක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ ............. :D

      Delete
  7. කතාව හොදයි. ඒත් ඇයි මෙහෙම එකක් ලීවේ...
    ???

    ReplyDelete
    Replies
    1. අතීත සිද්දි වගයක් කියවන් හම්බුනා එතකොට මට ඔහොම කතාවක් ලියන්න හිතුනා අක්කේ ......

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......