Saturday, June 16, 2012

(සිත්)අහස



තනිකරම නිල් පාටින් තියන හිස් අහස ටිකෙන් ටික කළුවර වැටිලා තරු එකා දෙන්නා  හිනැහෙන්න පටන් ගන්නවා වගේ ,
අම්මගේ තුරුලේ ඉදන් අඩියෙන් අඩිය තියලා ඇවිදින්න උස්සහ කරන කලේ ඉදන්ම මං ඒ  තරු එක්ක  කතා..
සම්පුර්ණ වෙලා නොතිබුණු මගේ ශබ්ධ කෝෂයේ අකුරු එකින් ඒක අමුණමින් සිතේ ඇදුනු නෙක පාට
අකුරු කරන්නට හදපු ඒ වැයම ගැන කියන්න දන්නේ ඒ අහසමයි ....


සිතේ ඇදුනු චිත්‍ර වලට පාට පොවලා ලස්සන කරලා අර්ථයක් එකතු කරන්න කියල දුන්නේ අම්මා මට පුංචි කාලෙමයි.
ඒ හින්දමද කොහෙද සිත් අහස පුරාවටම ඇදුනු පන්සල් ඉරි වලට මං පාට පෙව්වේ අමාවක ගෙවිලා ගිහින් අයෙමත්
අහසට පුර හද පායනවා වගේ .....
ඇත කොනක තිබුණු ක්සිතිජය වගේ ලං කර ගන්න බැරි හීන ගොඩක හිත  අතරමන් වෙන කොට ඒ හීන පසු පස්සේ
හමා යන්න ඉගෙන ගත්තෙත් ක්සිතිජය  හමා යන අකුණු සැරක් පෙන්නපු අහසින්මයි .........
ටිකෙන් ටික කාලය ගෙවී ගිහින් හදවත මෝරලා බලාපොරොත්තු මෝදු වෙනකොට  ඒ බලාපොරොත්තු එක්ක
ජීවත් වෙන්න පුරුදු වුනේ නියගයට වැටෙන ඇසිනි වැස්ස ගැන අහස මට පුංචි කාලෙම කියල දුන්නු හින්දා....
හිත් අහස පුරාවටම අනො
රා වැහි වහිනකොට දෙනතට ආපු කදුළු බින්දුව ඒ වර්ෂාවේම හෝදලා දාන්න
මට ඉගැන්නුවේ මගේ තාත්තා....



මහා ශබ්දයක් එක්ක අකුණු සැර පොලව සිප ගන්නකොට ඒ අකුණු සැර අතරින් රිංග රිංග අහසත් එක්ක පොර

බැද්දේ එදා මට ඒ ලැබුණු දෛර්ය හින්දමයි . මහා වර්ෂාවේ සීතලට ගුලි වෙලා සයනයේ සැතපෙන්න
මං ආස කලත් කාලයත් එක්ක පුරුදු වුනු පන්නරය මට ඉඩක්  දෙන්නෙම නැ....
වලාකුළු රොදවල් එකතු වෙලා ලස්සන රට මවන කොට ඒ රට අතර තනි වෙන්න මං ඉගෙන ගත්තේ
තනිකම අත්විදින්න ලබපු හින්දමයි ... අහස මවපු ඒ වල රොදවල් අස්සේ තනිකම පා කරලා දාපු හින්දා අදටත්
මගේ හදවත කොතැනකදීවත් තනි වෙන්නේ නැ කියන විශ්වාසය මට තියනවා...


කාලයත් එක්ක
පැන්සල් ඉරි වලින් ඇදිල පාට ගාන චිත්‍ර වෙනස් වුනාට පුංචි කලේ දැකපු අහස අදත් එහෙමමයි.
ඒ හින්දමයි මං අදටත් වෙලාවක්  තියන
හැම වෙලාවකම අහසත් එක්ක කතා කරන්නේ, එහෙම කතා කරන වෙලාවට
ඇත අහසේ කොනක තාත්තා මං දිහා බලන් මොන මොනවද මුමුණනවා වගේ මට දැනෙනවා ...........
සිත් යායම අයෙත් පරණ පුරුද්දට අහස එක්ක කතා කරනවා

14 comments:

  1. මං මොනවත්ම කියන්නෙ නෑ අයියෝ...:(

    ReplyDelete
    Replies
    1. මුකුත් නොකීවට ආපු එකම මට ගොඩක් වටිනවා

      Delete
  2. කවිකාර අදහස්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කවීකර අදහස් තිබුනට මට කවී ලියන්න බැ...........

      Delete
  3. අහසත් තාමෙග් ජීවිතයට සමාන කරගත්ත නේද? :)

    ReplyDelete
    Replies
    1. මට ගහක් කොලක් මලක් පෙන්නම බැ......... :D ස්තුතියි

      Delete
  4. මමත් අහස,තරු එක්ක කතා කලා හරියට..ගොඩක් පාළු දැනුනහම..අම්මා මතක් උනහම!! හ්ම්ම් ලස්සනයි ප්‍රොෆයිල් පික් එක මිතුර!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හීමාවී........... අහසත් එක්ක කතා කරපු කෙනෙක් විතරමයි දන්නේ ඒ හැගීම ගැන

      Delete
  5. සම්පූරෟණ චිතුයක් ඇදල පෙන්නුවා...ගොඩාක් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ චිත්‍රයට වර්ණ එකතු කලාට

      Delete
  6. මමත් මේ පැත්තට ආවමද කොහෙද?...

    කවි ලියන්න බෑ කිව්වට තිබුණෙ කවිකාර අදහස් ටිකක්...මමත් ප්‍රොෆයිල් පික් එකට හරිම ආසයි ආයෙමත් එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිලිගන්නවා වසන්තයට ස්තුතියි වසන්තයට එකතු වුනාට .......

      Delete
  7. සෑහෙන බරපතල සිතිවිලි ගොන්නක් නොවැ ..

    ReplyDelete
    Replies
    1. නැ යාලු ඒවා හරිම සරලයි ස්තුතියි ......

      Delete

සිතුවිලි වලට පාට දෙන්න හදන මගේ සිතිවිලි ගැන වචනයක් කියල යන පුලුවන්නම් එක මට මහා මෙරක් තරම් ......